
(නිමල් ජයරත්න)
සවු කොළ ඇතුළු වෙසක් සැරසිලිවල මිල ඉහළ යෑමත් සමග අවට පරිසරයෙන් සොයාගත් පොල් කොල, කෙසෙල් කොල, ඉරටු, පොල් හනසු සහ මටලු උපයෝගී කරගෙන දිඹුලාගල මගුල්දමන ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානය දහම් පාසල් දරුවන් සහ ගම්මානයෙ පාසල් සිසුන් එම විහාරස්ථානයේදී වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබේ.
මගුල්දමන ශ්‍රී සුමංගලාරාමාධිපති බක්මීදෙනියේ දේවරක්ඛිතාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, දහම්පාසල් ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම යටතේ මෙම වෙසක් සැරසිලි කූඩු ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.
වෙසක් සැරසිලි, සහ කැරකෙන කූඩු, ඇතුළු වෙසක් කූඩු 50කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය කර තිබුණු අතර එම සියලු නිර්මාණ කිරීමට, වෙළඳසැල්වලින් කිසිදු ද්‍රව්‍යයක් ගෙන නොමැති අතර කෙසෙල් කොල, පඬරැල්, ගොක්කොල, පොල් අතු, ඉරටු, විවිධ මල් වර්ග, ඇතුළු අවට පරිසරයෙන් ඉතා පහසුවෙන් සොයා ගැනීමටට හැකි අමුද්‍රව්‍ය, මෙම නිර්මාණය කිරිමට යොදා ගැනීම විශේෂත්වයක් වන අතර ඊට මෙම පාසල් සහ දහම් පාසල් සිසුන් විශාල වෙහෙසක් දරා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශවත් සහ හරිම ලස්සන වැඩක්.
ලස්සන නිර්මාණ . ළමයින් සහ වැඩිහිටි සියලුදෙනා අගයන්න ඕන.
විශිෂ්ටයි දරැවනේ. සෑම කලු වළාවකම රිදී රේඛාවක් ඇති සේ ආර්ථික අවපාතය හේතුවෙන් හෝ මෙවැනි පරිසර හිතකාමී දේට අපට හුරැ වෙන්න පුලුවන් නම් අනාගතය වෙනුවෙන් කළ හැකි මහගු ආයෝජනයක්.
හරිම දක්ෂයි හරිම ලස්සනයි
සතුටුදායක පුවතක්...අඩුම තරමේ වෙසක් උත්සවයවත් දේශිය දේවල් වලින් සමරමු. මින් ඉදිරියට වෙසක් සැරසිලි සඳහා දේශිය අමුද්‍රව්‍යම පමණක් භාවීතා කරමු. බලන්න නිර්මණවලින් දේශියත්වය විදහා පාන අන්දම....
වෙනස හඳුනාගන්න.