(සුජිත් හේවාජුලිගේ)
තමා දේපළ උපයා ගත්ත ආකාරය ගැන හෙළි කිරීමට සූදානම් බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
තමා වත්කම් බැරකම් ප්‍රකාශ දුන්නේ එ් හැකියාව තියෙන නිසා බව කී අමාත්‍යවරයා ජනතාවගේ මුදල් හොරා කෑවේ වෙන කවුරැත් නොව පෝලිමට හිරේ යන කට්ටිය බවද සඳහන් කළේය.
අවුරුදු විසි ගාණක් තිස්සේ තමා හරි හම්බ කරගත් දේවල් අැති බවත් ඇත්ත කිව්වට අද සමහරු බියවී සිටින බවත් සමරසිංහ මහතා පැවසීය.
තමා අයත් වන්නේ තඹුත්තේගම සිටින පරණම පවුලට බවත් තඹුත්තේගම තියෙන තමාගේ ඉඩම් දෙක පමණක් මිලියන 225ක් වටින බවත් ඔහු කීය
තමා විශ්ව විද්‍යාලයට යන්න කලිනුත් මෙහි ටියුෂන් කළ බවත් තමා සදහන් කළේ තමාගේ ඉඩම්වල වෙළඳපොළ වටිනාකම බවත් හෙතෙම සඳහන් කළේය.
තඹුත්තේගම නගරයේ වෙළඳ වටිනාකම අද කවුරුත් දන්නා බව පැවසූ වසන්ත සමරසිංහ මහතා අප හැමදාම ඇත්ත ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.
“මෙම වත්කම් අල්ලස් කොමිසමට අපිම දීපුවා” යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සල්ලි හොයපු විදිය කියන්න වසන්ත ලෑස්තියි