කොස්ගම සාලාව හමුදා කඳවුරට මීටර 300 ක් පමණ ඈතින් පිහිටි වෙල්යායක ගෙවතු ද යකුන් නැටුම් පිටියක් බවට පත්වී ඇත. ගම කෙළවර කන්ද පාමුල කුඹුරේ තැන තැන උණ්ඩ වැදීමෙන් හැරී ගිය වළවල්වල වතුර පීරි ඇත.
උණ්ඩයක් වැදී කුඹුරේ දැවන්ත ගවයෙක් වැටී මැරි සිටියි. කුඹුර කෙළවර ගෙදරක පදිංචි ආර්.ඒ.ගුණවර්ධන මහතා පැවසුවේ පීපිරිමත් සමඟ තමනට ඉවත් වන ලෙස හමුදාව දැනුම් දුන්න ද ඉන්පසු වු හානි බැලීමට පොලිසිය හෝ හමුදාවේ කිසිවකු නොපැමිණි බවයි.
‘මගේ ගේ ඉවරයි.වහළ කැඩිලා. බිත්ති කැඩිලා. වහලට වැටුණු අණ්ඩ පොළොව කඩා ගෙන ඇතුළතට ගිහිල්ලා මේ පැත්තේ ගෙවල්වලට හොරු පැනලා. බඩු අතගාගෙන ගිහිල්ලා. මේවා බලන්න කවුරුත් නැහැ. ඒ පැත්තෙන් ඉවත්වන ලෙස හමුදාව කියා තිබෙනවා.
ගෙවලවල අඹුදරුවන් දැන් වෙනත් තැන්වලයි ඉන්නේ. අපේ ගේ බලා ගන්න මං ඉන්නවා. හැම ගෙයක්ම බලා ගන්න කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් හොරුන්ගෙන් අපේ ගෙවල් බේරගන්න බෑ.
කොස්ගම සුළු ව්‍යාපාරිකයකු වන සුනිල් නිශාන්ත පිපිරිමත් සමඟ ඔහුගේ බිරිය හා දරු තිදෙනා සමඟ දෙපයේ පිහිට පැතු බව ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවය කීවේය. අද (06) ඔහු සිය ගෙය බැලීමට ආවේය. එය සුන්බුන් ගොඩක් බව දුටුවේය.
‘මගේ ගෙදර වහලට මෝටාර් බෝම්බයක් වැදිලා.දරු තුන් දෙනා නිදා සිටි කාමරයේ බිත්තියේ බිම වැටිලා’. කඳවුරේ ගිනිගත් මල්ටිබැරල්, රොකට්,කාල තුවක්කු උණ්ඩ හා රොකට් මගින් යවන බෝම්බ හා මෝටාර් බෝම්බ වැටුණු තැන්වලින් පුහුකර දැමීමට අද පොලිස් විශේෂ බළකායේ කමාන්ඩෝ භටයෝ යොදවණු ලැබුහ. ඒඑෆ්පී ජායාරූප ශිල්පියකු දුටුවේ පිපිරි නොගිය බෝම්බ හතරක්වත් ඔවුන් සොයාගත් බවයි. ඉන් එක් බෝම්බයක් අත්හැර දැමු නිවසක ගෙවත්තට වැටී තිබිණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු ඒඑෆ්පී පුවත් සේවයට පැවසුවේ වෝහාරක වෛද්‍ය විශේෂඥයන් එම පෙදෙස් පරික්ෂා කළ බවයි. ‘දැන් අපි පිපිරි නොගිය බෝම්බ මහ පාරෙන් ඉවත් කරනවා.’ අධික දුමාරය නිසා හුස්ම ගැනීමේ අපහසුවට පත්වු හා තුවාල ලැබු 50 දෙනෙක් පමණ රෝහල් ගත කරනු ලැබ සිටිති. ඉරිදා (05) පස්වරු 5.45 ට පටන් ගෙන සඳුදා සවස් වනතුරුත් පැවැති මෙම ගින්නට හේතුව මෙතෙක් හඳුනා ගෙන නැත.
රජයේ ප්‍රකාශක ඇමැති සේනාරත්න පැවසුවේ සිද්ධිය සමාලෝචනය කිරිමට ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වෙන බවයි. මෙය හමුදා කාරණයක් එය අනතුරක් ද කඩාකප්පල්කාරි ක්‍රියාවක් ද යන්න ඔවුන් සොයා බැලීය යුතුය.පිපිරි ගිය අවි ගබඩාවට ඈතින් පිහිටි ‘ස්වර්ණ ජයන්ති’ නිවාස යෝජනා ක්‍රමයේ ගෙවල් කැඩී බීඳි ගොසිනි. දිර්ඝකාලීනව ආබාධිත වු සෙබළු ද වැන්දඹුවන් ද එම ගෙවල්වල ජිවත් වෙති. එහි ගෙවල් ගණන 180 කි. වැන්දඹුවක වන එම්.ජි.රෝහිණි පැවසුවේ කඳවුර පිපිරෙද්දී කැළණි ගඟෙන් එගොඩ වු බවයි.
ආබාධිත වුවෝ ගෙවල් 67 ක ද වැන්දඹූවෝ ගෙවල් 43 ක ද ජිවත් වුහ. ස්වර්ණ ජයන්ති ගම අද පාළු වී ගොසිනි.උණ්ඩ කෑලි කඳවුරේත් ගෙවල් වලත් විසිරි ඇත. අපේ ගමේ ගෙවල් වැඩි හරියක් විනාස වෙලා.ගමේ පදිංචි කරුවකු වු වසන්ත ප්‍රනාන්දු (45) පැවසුවේ ගම කළු දුමාරයෙන් වැසී යද්දී ගෙය අතහැර දිවු බවයි. ‘අද උදේ මම ගෙදරට ආවා. මුළු පළාතම අළු වලින් වැහිලා. මට මේ ගෙදර ආයිත් ඉන්න බැරි වෙයි.’ ඔහු දිග සුසමක් හෙළුවේය. තෙසතියකදී කොළඹ ආසන්නයේ පදිංචිකරුවනට දෙවැනි වරටත් තම ගේ දොර හැර යෑමට සිදු වුයේ ඉරිදාය. පසුගිය මාසයේ කැලණි ගඟ රුදුරු ලෙස පිටාර ගැලීමෙන් දෙලක්ෂයක් පමණ වැසියෝ ගේ දොර අතහැර ගියහ.සාලාව හමුදා සංකීර්ණය පිහිටියේ ද කැළණි ගඟ ආසන්නයේය. තේ,රබර් හා පොල් වගා කළ සාලාව වත්තේ එදා තුනී ලෑලි කම්හලකි. අදහමුදා කැඳවුරකි. එය හමුදාවේ රොකට් බර අවි හා උණ්ඩ ගබඩාවක් ලෙස පාවිච්චි කරයි. කොළඹ සිට දුර කිලෝමීටර 36 කි. නිතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා පැවසුවේ අවි ගබඩා දෙකකට කඩිනමින් ගිනි ඇවිලි ඇති බවයි. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ හමුදා කඳවුරක සිදුවු විශාලතම පිපිරිමයි.2009 ජුනියේ දීවවුනියාවේ යුද අවි ගබඩාවක් පිපිරි සෙබළු කිහිප දෙනෙක් තුවාල ලැබුහ.
ඡායාරූප - ඒඑෆ්පී
ඡායාරූප - කෞශල්‍ය සමින්ද
වීඩියෝ - නුවන් සංජය









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දෙවියනේ මෙහෙම දේවල් වෙන්නේ..! කොස්ගම ප්‍රදේශයේ ඉන්නේ කොච්චර අවිහිංසක ජනතාවක්ද.. මේ අහිංසකයන්ට උපරිම අයුරින් උපකාර කිරීමට, පිහිට වීමට අදාළ අංශවලට හැකි වේවා. එවන් උපකාර ඔවුනට පිරිනැමිය යුත්තේ පිනට නොවෙයි. එවන් උදව් උපකාර ලබාගැනීමේ අයිතියක් ඔවුනට තිබෙන නිසයි. (ර)
රට නිදහස් කරගත් රණවිරුවන්ට අවලංගු කාසි වගේ සළකනකොට දෙවියොත් කෝප වෙනවා. ලොකු නියඟයක් තිබුනා, ඊළඟට ගංවතුර ආවා. දැන් බෝම්බත් පිපිරෙනවා. මෙහෙම ගියොත් හැම තැනම අායෙත් බෝම්බ පිපිරෙන කාලේ වැඩි අෑතක නෙමෙයි. (නි)
මේක උතුරේ ත්‍රස්තවාදයේ අලුතෙන් එන ගිනි පුපුරක්ද දන්නේ නැහැනේ. මෙවැනි දේ අවතක්සේරු කරන්න එපා (නි)
දැන් ඉතින් මේ කට්ටියත් ඉස්සෙල්ලා හිටපු කට්ටිය වගේ, පරණ අයට බැණ බැණ ඉඳීවි. ඕකනේ ලංකාවේ දේශපාලනයේ හැටි (නි)
අපේ මුදල් ඇමතිතුමාට නම් මේක බඩුමිල උස්සන්න හොඳ නිදහසට කාරණයක් වේවි (නි)
දකිනකොටත් පපුව හෝස් ගාලා යනවා (නි)
මම ඉතා ආදරයෙන් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ කරදරයෙන් අසරණ වුණු ජනතාවගේ නිවාස සකස්කර දීමට අරමුදල් පිහිටුවා එයට මෙම මන්ත්‍රී පර්ම්ටි පරිතාග කරන ලෙසට. ඒක අද හැම මන්ත්‍රී කෙනෙකුගේම ජාතික යුතුකමක් ලෙසත් මම දකිනවා. (නි)
ගරු ජනාධිපතිතුමනි, මන්ත්‍රී වාහන පර්මිට් අහෝසි කර එම මුදලින් මෙම අසරණ ජනතාවට සහනාධාර ලබාදීමට කටයුතු කරන්න. ඒ වගේම බඩු මිලත් පොඩ්ඩක් අඩු කරන්න. (නි)
දේව කෝපද, ත්‍රස්තවාදයේ අලුතෙන් එන ගිනි පුපුරක්ද දන්නේ නැහැ. කොහොම වුණත් මේක ගැන තදින් පරීක්ෂණ කරලා හොයාබලන්න ඕනෑ. නැත්තම් සාධාරණ සැකයක් ඇතිවෙනවා (නි)
මේක බොහොම සංවේදී කාරණාවක්. ගං වතුරින් සහ නාය යාම් වැනි විපත් වලින් හරියට තවම හරියට ගොඩ වෙන්ට බැරිවෙලා ඉන්න මොහොතක මේ සිදුවූ විනාශයත් බොහොම බරපතලයි. ජිවිත හානිවීම් එකයි. ඒකත් කණගාටුවට කරුණක්. දේපොළ නැතිවීම සහ සොරගැනීම් වැනි කරුණු අපව තව තවත් දුකට සහ සමාජයේ සමහර කොටස් ගැන කලකිරීමකට පත්කරනවා. (බ)
අසරණ මහජනතාව මහා ආපදාවකට පත්වී ඇති අවස්ථාවක රටේ දේශපාලන නායකයින් ටයි ඇඳගෙන ඇවිත් ඒවා නරබන හැටියෙන් ඔවුන් ඒවා ගැන කොතරම් සංවේදී දපෙනේ . (ම)
එකදිගටම ආව කරදර වලින් මේ ආණ්ඩුවට අඩුවක් නැහැ .(ම)
ගංවතුර නායයාම් අවි ගබඩා පිපිරීම් වසර 2500 ක් බුදුදහම පවතින රටක්?????????????????????????????(ම)
කුමන්ත්‍රණකාරී වැඩක්ද දන්නේ නෑ (බ)
උතුරේත් මෙහෙමලු වුණේ (ම)