කොස්ගම සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පූර්ණ හානි සිදුවූ නිවාස වෙනුවෙන් තක්සේරු කළ මුදල්වලින් රුපියල් මිලියන 33ක් හමුදා වියදම් ලෙස කපාගෙන ඇතැයි සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව චෝදනා කරයි.
අර්ධ හානි සිදුවූ නිවාස හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන බව පැවසුවද ඒ සඳහා මේ ආකාරයට මුදල් අය කරන බවක් මුලදී නොපැවසූ බව අවධාරණය කළ එම එකමුතුවේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ එලෙස මුදල් කපා ගැනීම අසාධාරණ බවය.
මේ සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසූවේ යුද හමුදාව සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ මුදල් පිළිබඳ වාර්තාවක් රජයට ඉදිරිපත් කර ඇති බවත් එම ප්‍රතිසංස්කරණ සඳහා හමුදාවෙන් යම් මුදලක් වැයවූයේ නම් එම මුදල නැවතත් හමුදාවට ප්‍රතිපූර්ණය කිරීම රජයේ කාර්යයක් වන බවත්ය.
කොළඹ දිසාපති සුනිල් කන්නන්ගර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හමුදාවට වැයවූ මුදල් ප්‍රමාණය අඩු කරගෙන තක්සේරු මුදල් නිවැසියන්ට ලබාදෙන ලෙසට ලැබුණු කැබිනට් මණ්ඩල තීරණය අනුව කටයුතු කරන බවය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
‘සාලාවේ වන්දියෙන් කොටසක් කපාගෙන‘
රනිල් වික්‍රම Wednesday, 14 September 2016 01:36 PM
අන්තිමට ගෙදරට බිලක් එවයිද දන්නේ නෑ, ආණ්ඩුවට මෙච්චරක් අය විය යුතුයි කියල! (අ)
අප්පුහාමි Wednesday, 14 September 2016 02:36 PM
මේ මිනුස්සුන්ට කොච්චර දුන්නත් මදි (අ)
දහම් Wednesday, 14 September 2016 02:50 PM
මහා අපරාධයක් නොවැ මේ කරලා තියෙන්නේ. (අ)
ජයතු Wednesday, 14 September 2016 07:45 PM
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න කතාව මතක්වුණා (නි)
කමනි Wednesday, 14 September 2016 10:41 AM
ආදරේ පෙන්නන කොට අපි දැනගත්තා (බ)