කොස්ගම සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පූර්ණ හානි සිදුවූ නිවාස වෙනුවෙන් තක්සේරු කළ මුදල්වලින් රුපියල් මිලියන 33ක් හමුදා වියදම් ලෙස කපාගෙන ඇතැයි සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව චෝදනා කරයි.
අර්ධ හානි සිදුවූ නිවාස හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන බව පැවසුවද ඒ සඳහා මේ ආකාරයට මුදල් අය කරන බවක් මුලදී නොපැවසූ බව අවධාරණය කළ එම එකමුතුවේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ එලෙස මුදල් කපා ගැනීම අසාධාරණ බවය.
මේ සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසූවේ යුද හමුදාව සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ මුදල් පිළිබඳ වාර්තාවක් රජයට ඉදිරිපත් කර ඇති බවත් එම ප්‍රතිසංස්කරණ සඳහා හමුදාවෙන් යම් මුදලක් වැයවූයේ නම් එම මුදල නැවතත් හමුදාවට ප්‍රතිපූර්ණය කිරීම රජයේ කාර්යයක් වන බවත්ය.
කොළඹ දිසාපති සුනිල් කන්නන්ගර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හමුදාවට වැයවූ මුදල් ප්‍රමාණය අඩු කරගෙන තක්සේරු මුදල් නිවැසියන්ට ලබාදෙන ලෙසට ලැබුණු කැබිනට් මණ්ඩල තීරණය අනුව කටයුතු කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට ගෙදරට බිලක් එවයිද දන්නේ නෑ, ආණ්ඩුවට මෙච්චරක් අය විය යුතුයි කියල! (අ)
මේ මිනුස්සුන්ට කොච්චර දුන්නත් මදි (අ)
මහා අපරාධයක් නොවැ මේ කරලා තියෙන්නේ. (අ)
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න කතාව මතක්වුණා (නි)
ආදරේ පෙන්නන කොට අපි දැනගත්තා (බ)