IMG-LOGO

සාලාව ගින්නෙන් හමුදා සාමාජිකයෙක් මරුට

කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් තුවාල ලැබූ දෙදෙනකු මහනුවර  සහ හෝමාගම රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මිය ගිය බව කියන හමුදා සාමාජිකයකුගේ සිරුරක් හෝමාගම රෝහලේ තැන්පත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා කියයි.

කොස්ගම සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම නිසා අවට ප්‍රදේශවල ජනතාවට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීමට ඉඩ ඇති බැවින් එම ප්‍රදේශවලින් ඉවත් වී සිටින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කළේය. ජල මූලාශ්‍රවලට විස ද්‍රව්‍ය එකතුවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි ද ඉදිරියේදී විස එකතු වූ ජලය වර්ෂාව සමඟ ලැබිය හැකි බැවින් ජලය පරිහරණය කිරීමේදී සැලකිලිමත් වන්නැයි ද හැකිතාක් පිරිසුදු පානීය ජලය ලබාගැනීමට උත්සාහ කරන ලෙසත් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසා සිටියේය. හැකි සෑම විටම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සෞඛ්‍ය පිළිබඳ තොරතුරක් අවශ්‍ය නම් 011 3071073 අංකයෙන් ලබාගන්නා ලෙස ඔහු කීවේය.

 සාලාව ගින්න නිවීමට ආරක්ෂක අංශවලට එම ස්ථානයට ඇතුළු වීමට ලැබුණේ ගින්නෙන් පැය හතර හමාකරකට පමණ පසුය.

ඒ වන විට ද කඳවුරේ ගින්න පැවැති බවත්, මුළු පෙදෙසද කළු දුමාරයෙන් වැසී තිබු බවත් කියති.

මෙම දුම වැදීමෙන් හුස්ම ගැනීමේ අපහසුව ඇතිවීම සමනය කර ගැනීම සඳහා තෙත රෙද්දකින් මුහුණ ආවරණය කර ගන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.

හිටි ගමන් ගෙවල් අතහැර ගිය අයගේ නිවාස ආරක්ෂාවට හමුදා පාමුර සංචාර යොදවා ඇත.

හමුදා කඳවුරේ කොපමණ සෙබළුන් සිටියේද යන්න ගැන කිසිම තොරතුරක් ලබා ගත නොහැකි විය.



අදහස් (0)

සාලාව ගින්නෙන් හමුදා සාමාජිකයෙක් මරුට

ඉරූෂාන් Monday, 06 June 2016 02:13 AM

වෙනත් කිසිම කෙනෙකුට ජීවිත හානියක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තුවාල ලැබූ අයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

බන්දුල Monday, 06 June 2016 03:50 AM

වුණේ ලොකු විනාශයක්. එ්ත් අනේ කිසිම අයකුට කරදරයක් සිදුනොවේවා! (නි)

:       0       0

නිශාන්ත Monday, 06 June 2016 04:21 AM

හමුදා නිලධාරීන් හට අසාධාරණකම් සිදුවෙන විට මෙවැනි දේවල් සිදුවිය හැකි යැයි සිතෙනවා (නි)

:       0       0

ශාන සෞදි Monday, 06 June 2016 10:36 AM

වෙනත් කිසිම කෙනෙකුට ජීවිත හානියක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තුවාල ලැබූ අයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර මිය ගිය අපේ රණවිරුවන්ට නිවන්සුව ප්‍රර්ථනා කරනවා. (ර)

:       0       0

ඈන් Monday, 06 June 2016 04:59 AM

දෙවියනේ ඇයි මේ වගේ දේවල් අපේ රටටම වෙන්නෙ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 79 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 302 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site