IMG-LOGO

සාලාවේ ගින්නත් සමග තැතිගත් අවට වැසියෝ සිද්ධිය විස්තර කරති

සාලාව යුද හමුදා කඳවුරේ ගින්න ඇතිවීමත් සමග ඉරිදා (5) රාත්‍රියේ අවට පදිංචිකරුවෝ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව සිටියහ.

තම නිවෙස් හැරදා ජීවිතය බේරා ගැනීමට ඔවුහු ඉවත්ව ගිය බව පැවසූහ. පූගොඩ ප්‍රදේශයටත් එහි බලපෑම් ඇතිවී තිබිණි.

පූගොඩ හා නවගමුවේ පිරිස් සිය අත්දැකීම් ලංකාදීපයට විස්තර කළහ.

පූගොඩ වැසියෙක් -

‘අපට ගල් බෝර දාන ශබ්දයක් වගේ ඇහුණා. ටීවී එකේ කියද්දියි අපි දැනගත්තේ හමුදා කඳවුරේ ගින්නක් කියලා. හවස 7 විතර වෙනකොට වහලෙට මොනවාද වැටෙන ශබ්දයක් ඇසුණා. අපි බයට එළියට ගියේ නෑ. මුළු අහසම රතු වෙලා තිබුණා. පොළොව දෙදරුම් කෑවා. අපි පණ බයේ ඉන්නකොට හමුදාවෙන් අපට ඉවත්වෙන්න කියලා දැනුම් දීලා තිබුණා. අපි අල්ලපු ගෙවල්වල අයත් එක්ක වෑන් එකක නැගලා පුළුවන් තරම් ඈතට ගියා. පිපිරුම් ශබ්දය නෑසෙන තෙක්ම ගියා‘

පූගොඩ තරුණියක් -

‘අපේ ගේ ගාවට මිසයිල කෑල්ලක් වගේ එකක් වැටුණා. අපේ මල්ලිගේ අතට වැටිලා එයාගේ අතත් තුවාල වුණා. අපේ ගෙදර බිත්ති හෙල්ලෙනවා වගේ දැනුණා. අපි ගොඩක් බය වෙලා හිටියේ. හැමෝටම දුරකථන ඇමතුම් දුන්නා. අපි ඉක්මනින්ම ගෙවල් දොරවල් ගැන බලාපොරොත්තු අතහැරලා ඈතට ගියා‘

සාලාව යුද හමුදා කඳවුරේ ඇතිවූ ගින්න හොඳින් දර්ශනය වූ නවගමුව උස් බිමක පදිංචිකරුවෙක් වන වී සෝමසිරි මහතා -

‘සවස 6ට පමණ මල් වෙඩි ගහනවා වගේ ශබ්දයක් ඇසුණා. ඒ එක්කම හංවැල්ල පැත්තෙන් ලොකු එළියක් අහසට විහිදුණා. මොකක්ද කියලා තේරුම් ගන්න බැරිවුණා. අහසම ආලෝකමත් වුණා. දුමකුත් ඉහළට ගියා. අපේ ගෙදර ඉඳන් කෑම්ප් එක තිබෙන්නේ කිලෝමීටර් 10ක විතර දුරින්. ඒ දුරටත් හොඳින් මේ පිපිරීම පෙනුණා‘

නවගමුව පත්තිනි දේවාලයේ අසල සුළු වෙළෙන්දෙක් වන රෝහිත ගුණවර්ධන මහතා -

‘සාලාව කඳවුරේ ගින්න හටගෙන සුළු වේලාවකින් වාහනවලින් විශාල පිරිසක් පූජා භූමියට ආවා. හයදාහක විතර සෙනගත් ආවා. සමහරු ඇඳිවත පිටින් දරුවන් අරන් ඇවිත් හිටියා. ඒ සියලු දෙනා පන්සලේ ධර්ම ශාලාවේ හා පූජා භූමියේ තිබෙන ශාලාවල නවාතැන් ගත්තා ඒ අයට අවශ්‍ය කෑම බීම පත්තිනි දේවාලය අසල සිටින වෙළඳුන් ලබාදුන්නා.

පන්සලේ හාමුදුරුවෝත් උදව් කළා. සමහරු රාත්‍රියේ ගෙවල්වලට ආපසු ගියා. කොටසක් උදේ ගියා‘

 

DSC_2095 DSC_2114 DSC_2119 DSC_2150[1]

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

සාලාවේ ගින්නත් සමග තැතිගත් අවට වැසියෝ සිද්ධිය විස්තර කරති

සතිෂ් Tuesday, 07 June 2016 12:57 AM

ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නේ. බඩු මිලවත් අඩු කරලා සහනයක් දෙන්න (නි)

:       0       0

අසෝකා Monday, 06 June 2016 10:26 AM

විපතකදී ලාබ ප්‍රයෝජන නොබලා මෙලෙස උදව් උපකාර කල සියලු දෙනාටම මගේ ප්‍රණාමය! (ර)

:       0       0

කලණි Tuesday, 07 June 2016 03:19 AM

මේවා ප්‍රදර්ශනයට අතින් ඇල්ලීමෙන් වළකිනමෙන්, ජනතාව දැනුවත් කරන්න.(ම)

:       0       0

විපුල Monday, 06 June 2016 12:16 PM

මේවගේ විපත් වලට රක්ෂණය කර තිබෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔක්කොම කලින් තිබුන විදිහට හදල දෙයි. (ර)

:       0       0

අරවින්ද Monday, 06 June 2016 12:27 PM

අපි දැන්වත් එකිනෙකාට මෛත්‍රී කරමු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 238 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site