කොස්ගම සාලාව කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශයේ ගොවීන්ගේ කුඹුරු අක්කර 245ක් යුද හමුදාව ට්රැක්ටර 10කින් සී සෑවේය.
මහ කන්නයේ ගොවීන්ගේ කුඹුරු සකස් කරදෙන ලෙසට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුව යුද හමුදා බටහිර සේනා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා කණ්ඩායමක් මෙම බිම් සකස්කර දීමට හමුදා සෙබළු 50 දෙනෙක් යොදවා ඇත.
(ඡායාරූප - යුද හමුදා මාධ්‍ය අංශය)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටේම ඇති වගානොකරන කුඹුරු පවරාගෙන හමුදාව යොදවා අස්වැද්දිය යුතුය (නි)
අපේ අහවල් මහත්තයා දැන් පාර්ලිමේන්තුවෙනෙ. ඔතන හිටියා නම් හමුදාවේ මහත්වරුන්ට කියාවි ඔය පහත් වැඩ නොකර ඉන්න කියලා (නි)
හපෝ එපා, එපා, කීවනේ, මතකද? රණවිරුවනට අපහස කරනවා ඔවුන්ව වගා වැඩට යෙදවුවාම කියලා. ඉතින් දැන් මේ මොකද? (ර)
වැඩේ නම් හොඳයි ... බැලුවම නම් ට්‍රැක්ටර් ටික අලුත් ම කිරි කිරි එව්වා වගේ,,,, මෙව්වා වල වියදම් කවර් වෙන්නේ මහජනතාවගේ බදු මුදලින් ම නම් ඉතින් ඒ ටොපියත් අපිට තමයි... මොකෙක් හරි ඔය අලුත් ට්‍රැක්ටර් ගෙනල්ල කොමිස් ගහල ඇති... (බ)
සාලාවේ හාන්න කුඹුරු ඉතුරුවෙලා තියෙනවා හාන්න හමුදාව ඉන්නවා. මීරියබැද්දේ, අරනායක කුඹුරුත් පොලොව යට, මිනිස්සුත් පොලොව යට, ඉතිරි මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිනවා. (ර)
හොද වැඩක් (බ)
විපක්ෂ නායක තුමා හමුදාව වගා කටයුතු කරනවට අකමැති නේද ...(බ)
අපේ වීර හමුදාවට සැමදා ආචාරය! (නි)
මේක හදිසි ආපදා තත්ත්වයක් නිසා කරවන දෙයක්. හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලනවා වගේ ට්‍රැක්ටරේ තෝම්බුව මෙතනට වැදගත් නෑ. (බ)
මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි (නි)
හමුදාවෙන් තමයි හැමදාම මිනිසුන්ට උදව් කළේ, මිනිසුන් බේරාගත්තේ ,එහෙම නැතුව පම්පෝරි ගහන දෙපාර්තමේන්තු වලින් නම් නොවෙයි.
ඔය හිරේ විලංගුවල නිකන් කකා බිබී ඉන්න අයව මේ වැඩවලට යෙදෙව්වොත් හොඳ නැද්ද? මේ රටේ සංවර්ධන කටයුතුවලට හමුදාවෙන් ලැබෙන දායකත්වය ශ්‍රී ලාංකික අපි අගය කළයුතුය. (නි)
සාලාව පිපිරීමෙන් පස්සේ තවත් උණ්ඩ මේ වෙල්යායේ තියෙන්න පුළුවන්. ඒ පිළිබඳව හිතලා තමා මේ වැඩේ කරන්නේ. හැමදේම දේශපාලන ඇසින් බලන්න එපා. (නි)
අපරාදේ කියන්ට බැහැ හදිසි, ආපදා හෝ බැරෑරුම් අවස්ථාවලදී හැම කෙනෙකුගේම පිහිටට එන්නේ හමුදාවම (ත්‍රිවිධ) තමයි. (ර)
මරබියෙන් බේරාගත් රණවිරුවෝ දැන් අපිට බත සපයන දෙවියන් වෙලා. අපේ රටේ කරන්න බැහැ කියලා වැඩක් නැහැ, හිත ඇත්නම් ඕනෑදෙයක් කළහැකියි. රට දැන් තියන තත්වයට පත්කළේ මේ දේශපාලුවෝ (නි)
නිර්ෂාඩ් ප්‍රීනා, හරියටම හරි. කොයි දේ වුණත් බැරෑරුම් අවස්ථාවලදී පිහිටට ඉන්නේ අන්තිමට හමුදාව තමා (නි)