සාලාව යුද හමුදා කඳවුර වැනි ස්ථානයක මේ ආකාරයේ ආරක්ෂාව බිඳ වැටීමක් සිදුවීම ගැන තමා මවිත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
යුද්ධය කාලයේ මෙවන් දෙයක් සිදුවුණා නම් යුද්ධය තාවකාලිකව නතර කිරීමට සිදුවනු ඇති බවත් හිටපු ජනපතිවරයා කියයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්වේ.
‘කොස්ගම සාලාව කඳවුරේ පිහිටි යුද හමුදා මධ්‍යම අවි ගබඩාව පුපුරා විනාශ වී යාමෙන් මුළු රටම කම්පනයට පත් වී සිටි. මේ සිදුවීමෙන් මිය ගිය හමුදා සාමාජිකයා වෙනුවෙන් මගේ ශෝකය ප්‍රකාශ කරන අතර තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. මේ සිද්ධියෙන් යුද හමුදාවේ මෙන්ම සිවිල් වැසියන්ගෙත් දේපල වලට සිදු වූ හානිය අති විශාලය. එවක ආණ්ඩුව 1990 ගණන් වල මෙම ස්ථානයේ මධ්‍යම අවි ගබඩාව පිහිටවනු ලැබුවේ ජනාකීර්ණ ප්‍රදේශයක පුපරණ ද්‍රව්‍ය විශාල තොග රැස්කිරීමට විරුද්ධව එම පළාත නියෝජනය කළ දිනේෂ් ගුණවර්ධන හා බන්දුල ගුණවර්ධන වැනි මන්ත්‍රීවරුන් නැගූ විරෝධතාවයද නොතකාය. යුද්ධය පැවති සමයේ මේ අවි ගබඩාවේ ආරක්‍ෂාව උපරිම මට්ටමෙන් තහවුරු කිරිමට අපි පියවර ගත් අතර 2009 න් පසු මෙම ස්ථානයේ අවි හා උණ්ඩ ක්‍රමානුකූලව ඉවත් කර ගැනීම ආරම්භ විය.
මට දැනගන්නට ඇති පරිදි එහි තිබූ බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය වලින් වැඩි කොටසක් තාවකාලිකව වේයන්ගොඩටත්, පුහුණු කටයුතු වල භාවිතා කිරීමට දියලතාව හා මාඳුරුඔය වැනි කඳවුරු වලටත් ගෙන ගොස් තිබුණි. ඉතිරි උණ්ඩ තොග ගෙන යාමට මගේ කාලයේ දී ඔයාමඩුව, රඹෑව වැනි ප්‍රදේශවල නිත්‍ය අවි ගබඩා තැනීමට සියල්ල සූදානම් කර තිබුණි. නමුත් අපේ පාලන කාලයෙන් පසු මේ ගැන කිසිදු පියවරක් ගෙන නැත. මෙවැනි අවි ගබඩා වලට දිවා රෑ ආරක්‍ෂාව සපයා තිබෙනවා පමණක් නොව දවසට දෙවරක් වත් පරීක්‍ෂණයටත් ලක් කරනු ලැබේ. කල් ඉකුත් වූ උණ්ඩ වෙනත් ස්ථානයකට ගෙන ගොස් විනාශ කරනු ලැබේ. විදුලි කාන්දුවක් වැනි ආපදාවක් සිදු වුවත් එයින් වන හානිය අවම කිරීමට විධිවිධාන ඇත. මේ සියල්ල බිඳ වැටුනේ කෙසේදැයි බලධාරීන් විමසා බැලිය යුතුය. ගින්න ඇතිවූයේ කෙසේදැයි අපි තාම නිෂ්චිතව දන්නේ නැති වුණත්, ආරක්‍ෂක හමුදාවන්වල ජීව ගුණය හා ආත්ම ශක්තිය පිරිහී තිබෙන අවස්ථාවක අධීක්‍ෂණය, නායකත්වය, අවධානය හා සුපරික්‍ෂාකාරී බව පිරිහෙනවාය යන්න, පොදු ප්‍රකාශයක් හැටියට වලංගු වේ. මගේ පාලන සමයේ මුල් මාස කීපයේදී ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට යුද හමුදාපතිවරයෙකුට ඔහුගේම මූලස්ථානය තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදීන්ට හැකි විය.
එවැනි ප්‍රහාරයක් කිරීමට ත්‍රස්තවාදීන්ට හැකිවීමට ආසන්න හේතුව ඒ අවස්ථාවේ යුද හමුදා මූලස්ථානයේ ආරක්‍ෂක විධිවිධාන වල තිබුණු අඩුපාඩු වුණත්, එම තත්වයට පාදක වූ මූලික හේතුව 2002-2006 සටන් විරාම ගිවිසුමෙන් ආරක්‍ෂක හමුදා සාමාජිකයන් තුළ ඇතිකර තිබු පරාජිත, අසරණ වූ මානසිකත්වයයි. පසුගිය වසරේ ජනවාරියේ සිට ඇති වූ සිද්ධීන් ගණනාවක් නිසා, අද වනවිට 2002-2006 සටන් විරාම සමයේදී වත් අත් නොදුටු තරමට ආරක්‍ෂක හමුදාවන්වල ජීව ගුණයත්, ආත්ම ශක්තියත් පහල වැටී ඇති බව ප්‍රත්‍යක්‍ෂ කරුණකි‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිතට විරුද්ධව සුදු හුණු ගෑමේ ප්‍රතිවිපාක තව ගෙවනවා (නි)
සමහරු මෙහි දාලා තිබෙන මෝඩ අදහස් දැක්කහම මට කණගාටුයි. මහින්ද මහත්තයා සුනාමි වලින් විනාස වුණ රට හැදුවා, යුද්ධය ඉවරකළා, රට සංවර්ධනය කළා. දැන් තරම් බදු/ බඩු මිල ඉහළගියේ නැහැනේ. දැන් වෙනස සැපද? මාසික පඩියෙන් ජීවිතය ගැටගහගන්න අමාරු තත්වයක් දැන් තියෙන්නේ. (නි)
මේවට කියන්න දෙයක් නැහැ... දුක් විඳින්නේ දුප්පත් අසරණ ජනතාව. (ර)
අවුරුදු 10යක් තිස්සේ ආණ්ඩුව කල කාලයේ ඔය කදවුර අයින් නොකළේ ඇයි? (ර)
සුපුරුදු පරිදි බොර දියේ මාළු බාමින් සිටිනවා.(හේ)
හිස් මොළ තිබෙත්දිත් මේ වග නොතකන්නේ... ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්නේ... රටට ඉතිහාසගත මෙහෙයක් කළ මේ වගේ උතුමන්ට අවමන් නොකරනු මැන! (නි)
මවිත වෙන ඒවා විතරක් නෙමේ මේ ආණ්ඩුව නීතිය හරියට වෙන්න ඉඩ දෙනවා නම් භය වෙන දේවලුත් අනාගතේ බලාගන්න පුලුවන් (හේ)
පැරදුනේ මං නැති වුනේ මං උඹලට නම් මොකද ඉතින් (බ)
ඔබගේ කාලේ හමුදා කඳවුරු 3ක් ඔය වගේම විනාශවුණා නේද? ඒවා අමතකද? එතකොට ඒ දේවල් වල වගකීම ඔබතුමා බාර ගත්තාද? බලය නැති වුණාම ඔය වගේ විකාර කියන්න එපා. අපි ඔබට ගරු කරන්නේ යුද්ධයට දේශපාලන නායකත්වය දුන් නිසා. ඒ දේවල් නැතිකරගන්න එපා. (නි)
මෙතුමා කරපු දේවලින් දාහෙන් එකක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? (ර)
මහින්ද මහත්තයෝ,දැන් මෙවන් ආඩපාලි කතාවලින් වැඩක් නෑ.ඔබ යුද්දේ අවසන්වූ පසුත් අවුරුදු පහක් බලයේ හිටියනේ. එතකොට කරන්න බැරිවුණ දේවල් දැන් කියලා වැඩක් නෑනේ.(බ)
අනේ මහත්තයෝ මේ වෙච්ච දෙයින් දේශපාලන වාසි ගන්න හදන්න එපා. මේ රටේ යුද්ධය නැති කරපු ජනාධිපති වරයා හැටියට අපි ඔබ තුමාට කවදත් ගරු කරනවා. නමුත් ඔබතුමාගේ පාලනයේ දුර්වල කම නිසයි ඔබ තුමා පරාද වුනේ. මෛත්‍රී මහත්තයා හොද නැත්නම් ඊලග විකල්පය ආයෙත් ඔබතුමා නම් නෙවෙයි. වෙන කෙනකුට අවස්ථාව දීලා තමන්ගේ තත්වය ආරක්ෂා කරගෙන ඉන්න. (බ)
මේ ගැන නම් කතාකරලත් ඵලක් නැහැ (නි)
මවිත වෙන්න දෙයක් නෑ.(හේ)
මෙතුමා මේක කියලා තියෙන්නේ හරියට මේකට කොටි ගහලා කියලා හිතාගෙන වගේනේ (නි)
මවිත වෙන්න. දෙයක් නැහැ. බලයේ. ඉන්නකොට කැලෑවල මාලිගා. හැදුව මිලියන ගණන් යට කරමින් මේ ආණ්ඩුව ඇවිත්. ටික. කාලයයි. මේ අවි ගබඩා මෙතනින් අයින් කරන්න තිබුනේ ඔබ තුමාගේ. කාලයේ කට්ටිය බයවෙලා වගේ මේදවස්වල ඉන්නේ මහජනතාව වෙනුවෙන් හිරේ යනවා. කිව්වට. ,ජනතාවට තමයි කඩේ ගියාට. හිරේ යන්න වෙලා තියෙන්නේ (හේ)
මහින්ද මහත්තයා ඔබතුමා මේ සිදුවිමෙන් දේශපාලන වාසි ගන්න එපා, ආරක්‍ෂක හමුදාවන්වල ජීව ගුණය හා ආත්ම ශක්තිය ගැන ඔවුන් සහ ජනතාව උසිගැන්වෙන ප්‍රකාශ කරන්න එපා.මෙය ආරක්ෂාව බිඳ වැටීමක් කියා නිගමනය කළ නොහැකියි. (බ)
මේක ඔයාගේ කණ්ඩායමේ වැඩක්ද? (බ)
විජේපාල, ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනා.(බ)
මේ වගේ දේශපාලනඥයෝ සිටිනකම් ලංකාවට හරි යයි ද? බලන්නෙම අනිත් පැත්ත, දැන් ඔතන හමුදාවට අමතරව වෙන කවුරුහරි හිටියද දන්නේ නෑ, (බ)
මෙන්න කතා අහනවනම් දැන් දුක හිතිලා ,ඒ කාලෙ කරන්න බැරි වුනේ මොකද දන්නේ නැහැ (බ)
අායෙත් එන්න. ඇවිත් මුල සිටම හදන්න. අපේ උත්තමාචාරය ඔබ වෙනුවෙන්. (හේ)
මෙතුමාගේ කාලයේදී මේක අයින් කරන්න බැරි වුනේ ඇයි? (හේ)
ඔබ තුමාට අහන්න තියන්නේ " ඔබට දැන් සතුටිද දැන් කියලා ?" මට සමාවන්න ඔබතුමාට කතිරේ නොගහපු වරදට !(හේ)
දේශපාලන කෝන්තර හිතේ තියාගන ඔබ තුමාට කවුරු මොන විදියට පහර ගැහුවත් බහුතරය ජනතාව ඔබ තුමාට ගරු කරනවා.ඔබ තුමා නොහිටියානම් අපි මරුන තැන් වල මහා රූස්ස ගස් පැලවෙලා. මිනිසුන් වෙනුවෙන් කළ යුතු මහා යුතුකම කළා. පොඩි හිදැස් වසා දමන්න නොහැකි වුවත්, ඔබ තුමාගෙන් වුන යහපත නිසා පරම් පරා ගානකට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි.අපි සතුන් නොව,මිනිසුන් වශයෙන් ජීවත් වෙමු.(හේ)
සාලාව සිද්ධිය මෙතුමලා බලයේ සිටියත් වෙන්නේ නැද්ද? (නි)
පිපිරීමට හේතුව තවමත් හොයාගෙන නැහැ. ආරක්ෂාව බිඳ වැටුන එක ගැන කතා කරන්නේ කොහොමද?. අනික ආයුධ ගබඩා කොහෙද තියෙන්නේ කියන එක පවා කියලා තියෙනවා, ඒක රටේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ඔය විදිහට ප්‍රකාශ නිකුත් කලාම.(හේ)
මහින්ද මහත්තයා කියන දේ ඇත්ත.(හේ)
විජේපාල, ඔබ සමහ මුළුමනින්ම එකඟයි. (හේ)
දැන් ඕවා කියලා වැඩක් තිබෙනවද? (නි)
අනේ මහත්තයෝ, ඒ කලේ වෙච්ච දේවල් ගැනයි, කරපු දේවල් ගැනයි මිනිස්සු මවිත වෙනවා.ඒ නිසානේ අද ඔහොම වෙලා තියෙන්නේ. (හේ)
ජාතික ආරක්ෂාවට නිසි තැන දෙන්නේ කවදාද? (නි)
දේශපාලන වාසි වෙනුවෙන් ආරක්ෂක රහස් හෙළි කිරීම හොඳ දෙයක් නොවෙයි .(හේ)
ඔබතුමා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)
මෙතුමා මවිත වෙනකොට අපේ මවිතය දෙගුණ තෙගුණ වෙනවා. අපි මවිත වුනේ මේ කඳවුරේ අවි ගබඩාව විනාශ වෙන්න තරම් තිබුන ආරක්ෂාවේ හිඩැස ගැන. නමුත් මේකතා අහද්දී මෙතුමා ගැන පුදුම හිතෙනවා. ඇත්තටම අනුකම්පාවක් දැනෙන්නේ. (හේ)
එතකොට වවුනියා කදවුර දින 3 ක් ගිනිගත්තෙ ඔබගේ කාලයෙදී ඒ කාගේ වරදින්ද අසරණ මිනුසුන්ගේ වේදනාව,අසරණකම තම අරමුණු සඳහා නොයොදා ගන්න (බ)
අර මත්තේගොඩ කඳවුරේ පිපුරුවේ කාගේ කාලේද ?අපේ හාමුදුරුවනේ දිනේෂ් ගුණවර්ධන හා බන්දුල ගුණවර්ධන වැනි මන්ත්‍රීවරුන් නැගූ විරෝධතාවයද නොතකා සිටියේ කොයි කාලේද? (බ)
දැන් ඒ දේ අල්ලගෙන තමන්ට වාසි ගන්න හදනවා.(හේ)
නිකම් බොරු බයිලා එපා මහත්තයෝ, ජනතාව ගැන හිතුවනම් ඔහේගේ කාලේ ඕක ඔතනින් අයින් කරන්න තිබුනනේ, දැන් කියනවා කරන්නලු හිටියේ, (හේ)
කතාවේ ඇත්තක් තියෙනවා. (හේ)
අනාගත දරු පරම්පරා 100 ක් ණය කාරයෝ කරලා. කොටි ප්‍රකෝටි ගණනක් වියදම් කරලා හදපු මත්තල ගුවන් තොටුපොල ගැන මවිත වෙන්නේ නැද්ද?(හේ)
දැන් ඉතින් කියන්න කතා ගොඩයි.(හේ)
මේක මෙතන දමන්න ඉඩ දුන්නේ කවුද? හරියට කැකිල්ලේ නඩු තීන්දු වගේනේ. (හේ)
ප්‍රේම නෝනේ, හැම ආණ්ඩුවේම ඉන්නෙ හොරු තමා. ඒ නිසා වෙන දේ ගැන හොයන්නේ නැහැ. ඒ වෙලාවේ තව හොරකමක් දෙකක් කර ගන්නවා (බ)
නම බුද්ධි වුනාට මොලේ නම් පොඩ්ඩක් වෙනස් නේද? අවුරුදු 10 න් කියක් යුද්ද කළාද? මේ වගේ අවි ගබඩා අපේ ගෙදරක් අස් කරනවා වගේ සුළු දෙයක්ද? දැන් නැද්ද මේවා කරන විදිහ. මොනවා කරන්නද මේ අන්තර්ජාලය තියෙන එකේ පොඩ්ඩක් දැනුම වැඩි කර ගන්න කියවලා (බ)
ණයකාරයෝ කෝකත් එකම තමා දැන් නම් ණය ගන්නේ රජයේ සේවකයන්ට වැඩි කළ පඩි ගෙවන්න පරම්පරා 200 කින් වත් ඕක පියවන්න බැහැ ඒ මදිවට මහින්දගේ ණය බරත් අපිටම ඔක්කොම ගන්න ණය ගෙවන්නේ ජනතාව බව නොදන්නා නිසාම අපි නැවත නැවත එම අයට ඡන්දය දෙනවා (බ)
අපේ රටේ තවදුරටත් පක්ෂ දේශපාලනය කරන අය ඉන්න බව පෙනෙනවා ඔහොම යන් ඒ පාටට වඩා මේ පාට හොඳය මේ පාටට වඩා අර පාට හොඳය අර පාටට වඩා මේ පාර ඒ පාට හොඳය සිහලුන් මන් මුලා වී ඇත (බ)
ලංකාවේ සිටින ලෝකයේ සිටින දරුණුම කම්බා හොරු ටික ලෝකයේ විසිරි තිබෙන බැංකු වල රුපියල් කෝටි ප්‍රකෝටි වලින් පුරවලා කියලා මවිත වෙන්නේ නැද්ද? (නි)