කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ ආයුධ ගබඩාව මේ වසර අවසන් වන විට එම ස්ථානයෙන් ඉවත්කිරීමට සැලසුම් කර තිබූ බවත්, බොහෝ ආයුධ ඉන් ඉවත්කර තිබූ බැවින් ගිනිගැනීම සිදු වූ අවස්ථාවේ එහි තිබුණේ සියයට 10ක පමණ ආයුධ ප‍්‍රමාණයක් බවත් බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය.
එහි ගබඩා කර තිබූ අවි පතරොම් සියල්ල විද්‍යනුකූලව නියමිත ප‍්‍රමිතියකට අනුව පොළව මතුපිට හා භූගතව ගබඩා කර තිබූ බවද පැවසීය.
මෙහි තිබූ ආයුධ ප‍්‍රමාණාත්මක වශයෙන් දන්නා නමුත් ඒවායේ වටිනාකම කාලයෙන් කාලයට වෙනස් වන නිසා විනාශ වූ ආයුධවල වටිනාකමද තවමත් ප‍්‍රකාශ කළ නොහැකි බව බටහිර ආඥාපතිවරයා කීවේය.
මෙම ගින්නෙන් හා පිපිරීම්වලින් කොස්ගම, ශාලාව යුද හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වුවත් එහි කිසිවකුත් මිය නොගිය බව කී මේජර් ජෙනරාල්වරයා ඒ අසල ඇති ආබාධිත රණවිරුවන් ජීවත්වන රණවිරු ගම්මාන දෙකෙහි කිසිවකුටත් හානියක් සිදුව නැතැයි ද කීය.
මිය ගිය හමුදා සෙබළා ද තුවාල ලබා සිට රෝහල්ගත කර සිටියදී මිය ගිය බව මේජර් ජෙනරාල්වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කඳවුර ඉවත්කිරීමේ කටයුතු පහසුවෙන්ම කරන්න පුලුවන්නේ (නි)
ආ... එහෙනම් ඉතින් අපි වැඩිය කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
තිබුණු අවි ගණන, ඒවා ගබඩා කරන ආකාරය සියල්ල හමුදා රහස්. අපි පරීක්ෂණ වාර්තාව එනතුරු ඉඳිමු. (නි)
ඔය තියෙන්නේ. එහෙනම් කමක් නැහැ මහත්තයෝ. පොඩි වෙඩි බෙහෙත් ටිකකුයි පතොරම් සීයක් විතරක් වගෙයි විනාශවෙලා ඇත්තේ (නි)
රෝහල්ගත කර සිටියදී මියගියා වුණත් මූලික හේතුව මේ ගින්නනේ! (නි)
වෙන හානිය දැනගෙන වෙන්න ඇති අයින් කරන්න ඇත්තේ. අනේ ඕවා කියන්න කොන්ඩේ බැඳපු චීනුන්ට..(බ)
මෙතන අදහස් දාන අයට ආරක්ෂක අමාත්‍යංශයේ තියෙන හැමදෙයක්ම දැනගන්න ඕනෑ වෙලානේ. යන්නකෝ ගිහින් හමුදාවට බැඳිලා, රටේ ආරක්ෂාවට වගකියන කෙනෙක් වෙන්න. (නි)
සිත නිවෙන කතා (ම)
මේජර් මහත්තයත් ඒ පාර පෙත්තප්පු කෙනෙක් වෙලාද..(බ)
එහෙනම් කොයිතරම් හොඳද, අපි දැන ගෙන හිටියේ නැහැ මේක සැලසුම් කරලා කළ එකක් බව..(බ)
තිබුන ප්‍රමාණයෙන් සියයට 10 කින් මෙච්චර හානියක් වුනා නම් අනිත් හරිය තිබුනා නම් කොහොම හිටීවිද? ඒවා ගබඩා කරලා තියෙන්නේ කොළඹද? පහු ගිය කාලේ මිලේනියම් සිටිඑකේ මෙහෙයුම් ස්ථානය ගැන ත් එහි අවදානම් බව ගැනත් කතාව ඇදුනම එක කට්ටියක් බොහොම දෝශාරෝපනය කෙරුව, ආරක්ෂක රහස් එලිකොරනව කියල! කන්ඩ ඕන වුනාම කබරගොයත් තලගොයා කර ගන්න පිරිසක් ඉන්නවා. (බ)
ඒක නම් හොඳ වැඩක්. මොකද කල් ඇතුව දැනගත්තා වගෙයිනේ හරියට. ඔය විදිහට හැම දෙයක්ම කරන්න පුලුවන්නම් අපට හුඟක් ජීවිත හානි , අලාබහානි වලින් වළකින්න පුළුවන් (නි)
සමහරුන්ට අලුත් ආයුධ ගබඩාව තිබෙන තැන දැන ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා වගේ. (ර)
අනේ රොනී, මිලේනියම් සිටි එකේ අවි ගබඩාවක් තිබුනද. එතන තිබුනේ බුද්ධි අංශේ රහස් නවාතැනක්. (ර)
රොනී, මිලේනියම් සිටි සිද්ධිය මෙයට හාත්පසින්ම වෙනස්. (ර)