IMG-LOGO

සාලාව එකම සුන්බුන් ගොඩක්

කොස්ගම සාලාව හමුදා කඳවුරේ ගින්නෙන් පසු ඉතිරි වී ඇත්තේ වතුර ටැංකිය පමණි. එම කඳවුරේ ගින්නට හසුවූ කොටසක් එකම සුන්බුන් ගොඩක් ලෙස දැකිය හැකි විය.

 

neth_201666 neth_2016662 neth_2016663 neth_2016664

කඳවුර එදා

Untitled-1201666old Untitled-2201666old

(ඡායාරූප - නෙත් එෆ්එම් අනුග්‍රහයෙනි)

197644-01-02 197645-01-02 197648-01-02 197651-01-02 198090-01-02 198091-01-02 198092-01-02 198094-01-02 198095-01-02 198760-01-02

ඡායාරූප - ඉෂාර කොඩිකාර (ඒඑෆ්පී)

13315721_1147196541999387_1035122484676530621_n 13330876_618025288352762_8605308306917238111_n 13332872_618025361686088_564833018097953581_n 13335726_1147184785333896_7774879798610180150_n 13346516_618025778352713_1245641743420850292_n 13406801_618025338352757_182271424992455106_n 13406880_618025075019450_4365052568693835850_n

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

DSC_2868ss66 DSC_3890ss66 IMG_1725ss66

ඡායාරූප - ශාන්ත රත්නායක

_DSC0101js66 _DSC0983js66

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

වීඩියෝ - කෞශල්‍ය සමින්ද



අදහස් (0)

සාලාව එකම සුන්බුන් ගොඩක්

සොපි Monday, 06 June 2016 05:40 PM

මෙතරම් විනාශයක් සිදුවුවත් හතරවෙනි පින්තුරේ දේදුන්නක් පායලා තියෙන්නේ මොන කරදර ආවත් නොසැලී ඉදිරියටම යමු කියන බලාපොරොත්තුව ඇති කරන්නද .....? (ර)

:       0       0

නන්ද Monday, 06 June 2016 05:53 PM

මෑතකදී අසන්න ලැබුණු අතිශය දුක්මුසු පුවතක් මේ. අර උත්සවයටයි, මේ සැනකෙලියටයි, කිය කිය, නාස්තිකරන මුදල් මෙවන් විපතකට පත් මිනිසුන් වෙනුවෙන් වැය කොට, ඔවුනට පිහිට වීමට නැණනෙත් විවර වේවා. (ර)

:       0       0

සම්පත් Monday, 06 June 2016 08:40 AM

උණ්ඩ ගබඩාව පුපුරලා මෙහෙම නම් පරමාණු බෝම්බය වැටුනහම හිරෝෂිමාව කොහොම තියෙන්න ඇද්ද? (නි)

:       0       0

ශාන සෞදි Monday, 06 June 2016 07:28 PM

මෙවැනි සිදුවීමක් සිදුවන්න ගීනි ගැනීමක්ම ඇතිවිය යුතු නැහැ. මෙම ගොඩනැගිල්ලේ උෂ්ණත්වය නියමිත පරිදි පාලනය නොකළොත් අධි තාපය නිසා මෙම උණ්ඩ පිපිරීමට ඉඩ තියනවා. එම පිපිරීම මඟින් ඇතිවන ගිනි ගැනීම නිසා මෙවන් විශාල සිදුවීමක් ඇතිවන්නට පුළුවන්. එම නිසා මෙවන් ගොඩනැගිලි වල උෂ්ණත්වය මනින හා නියමිත උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය ඉහළ ගිය විට ඒ බව මෙහෙයුම් කාර්යාලයට දන්වන සිග්නල් ක්‍රම උපාංග සවි කරනවා. ඒ අතර දුම් මාපක හා උෂ්ණත්ව මාපක සවිකිරීම කරනවා. නවතම උපාංගයක් ලෙස කැමරා පවා සවි කරනවා. මේ සියලු උපාංග වලින් මෙහෙයුම් කාර්යාලට විපත් ගැන දැනුම් දෙනවා. මේවා තිබුනද නැද්ද යන්න මා නොදන්නා අතර තිබුනේ නම් ක්‍රියා නොකළේ ඇයිදැයි ප්‍රශ්නයක් ඇතිවනවා (නි)

:       0       0

ගුණේ Monday, 06 June 2016 07:36 PM

ජීවත්වීමට අත්‍යාවශ්‍ය අවිආයුධ නෙමෙයි, ඒවා අපට ඉතිරිකර දෙන්නේ විනාශයක්ම පමණයි. (නි)

:       0       0

බෙන්තර මහේෂ් Monday, 06 June 2016 09:08 AM

මේක උතුරේ කඳවුරක වුණා නම් ජාතිවාදී පිරිස් රංචු පිටින් කුණු අවුස්සන්න එකතුවෙයි (නි)

:       0       0

වික්‍රම Monday, 06 June 2016 09:11 AM

අපේ රටේ මෙවැනි දේවල් ඉබේම වෙන එකනේ පුදුමේ! (නි)

:       0       0

වෙල්ගම Monday, 06 June 2016 09:12 AM

හරිම අපරාධයක් මේක නම් (නි)

:       0       0

සුසන්ත Monday, 06 June 2016 09:26 AM

අපමණ වෙනසේ අගය දැන්නම් දැනේ අපට! (නි)

:       0       0

ප්‍රබෝද Monday, 06 June 2016 10:22 PM

අපි ශානට කියමු ඔය කියන පෙණ විශාල වශයෙන් නිපදවන්න කියලා. උපදෙස් දෙන්න ලේසියි, කරන්න ගියාම තමා තේරෙන්නේ. (නි)

:       0       0

විජිත Monday, 06 June 2016 09:49 AM

කොහොමද ගින්න හටගෙන තියෙන්නේ.? (ර)

:       0       0

නඩීම් Monday, 06 June 2016 10:36 PM

ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමෙන් යමක් හොයාගන්න පුලුවන්වේවි නේද? (නි)

:       0       0

නදී Monday, 06 June 2016 10:43 PM

මේක රටේ ශාපය. ජනතාවට තේරෙන පොඩි දේවල් අපේ ලොක්කන්ට නොපෙනෙන එක ගැන අපිට කණගාටුයි. මේ වගේ තැනක මේක දමන්න පළමුව හිතන්න තිබුනා. ඇමෙරිකානු බිලියන 4 පමණ වටිනා ආයුධ තිබුනා කියලා දැන් කියනවා. රට යන අත ඉතා කණගාටුයි. මිනිසුන්ගේ කැඩුණු ගෙවල් හදලා දුන්විට ප්‍රශ්නය විසඳුනා කියලා හිතුවොත් එ්ක වැරදියි. කෝ රටේ ආරක්ෂාවට ආයුධ? (නි)

:       0       0

සත්‍යපාල Monday, 06 June 2016 09:55 AM

දැන් අහන්න ලැබෙන්නේ විනාශයන් විතරයි. (ර)

:       0       0

හේමන්ත Tuesday, 07 June 2016 12:03 AM

ජනතාව ගොඩක් පීඩාවට පත්වෙලා ඉන්නේ. අඩු ගානේ කන බොන දේවල් වලවත් බඩු මිල අඩු කරන්න (නි)

:       0       0

මංගල Tuesday, 07 June 2016 12:21 AM

යහපාලනයේ වෙනසද මේ? (නි)

:       0       0

වසන්ත Tuesday, 07 June 2016 11:27 AM

මේ දවස් වල උෂ්ණත්වය වැඩියි කියන්න බෑ. එහෙනම් පුපුරන්න තිබ්බේ පහු ගියපු කාලයේ. අනික විදුලි කාන්දුවක් වෙන්නත් බෑ . මොකද අවි ගබඩාවක් කියන්නේ සෙල්ලම් ගෙවල් නෙමේ. මෙතන ඇත්තටම වෙච්ච දේ මට නම් හිතෙන්නේ රහසිගත දෙයක් වෙන්න ඇති. එත් ඇත්තම හිත ගන්න බෑ..(හේ)

:       0       0

සරත් Tuesday, 07 June 2016 01:41 AM

අනේ අනාවැකි කියන විශාරදයින්ට මේක කියන්න බැරිවුණාද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 07 June 2016 01:39 AM

හිටපු ඒකාධිපතියගෙන් රට නිදහස් කරගන්නකොට අපි මොනතරම් සතුටු වුණාද? ජනතාව ඉදිරියේ හතරඅතේ දිවුරලා දුන් පොරොන්දු ඉෂ්ට කරන්න ඕනෑ. ලෝකයේ දරුණුම ගනයේ කම්බා හොරු ඉදිරියේ නිවට, නියාලු, බියගුළු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ගමන් අසරණ මිනිසුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන නැති වෙන්නම බදු ගහනවා. සොබාදහමින් ගහනකොට වැටෙන්නම ගහනවා. (නි)

:       0       0

ශාන සෞදි Monday, 06 June 2016 10:34 AM

මට හිතෙන විදිහට මේ ගොල්ල ඒ ගොඩනැගිල්ලේ නඩත්තු වැඩක් සදහා වෙල්ඩින් වැඩක් කරන්න ඇති. එකෙන් විසිඋන ගිනියම් වූ බොරයක් මේ ගින්න ආරම්භය වෙන්න පුළුවන්. වහා ගිනි ඇවිලෙන සුළු ද්‍රවය ඇති මෙවන් ගොඩනැගිල්ලක රසායනික ද්‍රව්‍ය යොදා ගින්න පාලනය කිරීමේ ක්‍රමයක් ගිනි නිවීම සදහා භාවිතා කරන පෙන වර්ගක් සහිත ගිනි නිවීමේ ක්‍රියාවලියක් සවි නොකර තිබීම පුදුමයට කරුණක් ගිනිගත් විට කෙනෙකුට ලංවිය නොහැකි ද්‍රව්‍ය ගබඩා කරන ගොඩනැගිලි සදහා මේ ගිනි නිවීමේ ක්‍රමය බහුලව භාවිතා කරනවා. (ර)

:       0       0

රන්ජිත් Tuesday, 07 June 2016 02:05 AM

සියල්ල අනිත්‍ය බව ඔප්පු කරනවා. (නි)

:       0       0

දොන් Monday, 06 June 2016 10:49 AM

දේශයේ මුර දේවතාවන්ගෙන් මෙහෙම වැරැද්දක් වුණා නම් කව්ද මේවට වගකියන්නේ? ජනතාව තමයි මේකටත් ගෙවන්න ඕනෑ. (නි)

:       0       0

සොහාන් Tuesday, 07 June 2016 02:19 AM

බඩු මිල පහත හෙළිය යුතු බවට පණිවිඩය සොබාදහම මඟින් ආයෙත් දී තිබෙනවා. ඒ වගේම මන්ත්‍රී පර්මිට් අහෝසි කිරීමත් වැදගත්. (නි)

:       0       0

දම්මි Tuesday, 07 June 2016 02:21 AM

කවදා මේ දේවල් නැවත යථා තත්ත්වයට පත්කළ හැකිවේද? (නි)

:       0       0

බණ්ඩා Monday, 06 June 2016 11:05 AM

තවත් මෙතන අවි ගබඩා, කදවුරු එපා... වටේටම මිනිස්සු ඉස්සරහින් හයිලෙවල් පාර. (ර)

:       0       0

ෂෙල්ටන් Tuesday, 07 June 2016 02:45 AM

දෙවියනි, මේ දේව ශාපයක්ද? රාජා භවතු ධම්මිකෝ........ (නි)

:       0       0

කපිල Tuesday, 07 June 2016 03:33 AM

පොල්ගැහුවේ දුප්පත් අපිට වදින්නද? (ම)

:       0       0

ගජදීර Monday, 06 June 2016 11:50 AM

ශාන සවුදි බෝම්බ පුපුරනකොට රසායනික ද්‍රව්‍ය දාලා නිවන්න බැරි බවදන්නේ නැද්ද.? (ර)

:       0       0

පරාක්‍රම Monday, 06 June 2016 12:24 PM

කොහොම උනත් යුධ ගබඩා තියන්න සුදුසු තැන් තියනවා ඒ බව නොදන්නා කම පුදුමයි, හරියට කුණු වගේ, කදු ගහනවා. (ර)

:       0       0

ශාන සෞදි Monday, 06 June 2016 12:28 PM

ගජදීර, බෝම්බ පුපුරන්නේ එකට අවශ්‍ය තාපය ලැබුණු විට ඒ සදහා එම ගොඩනැගිල්ල විශාල වශයෙන් රත් වීමට අවශ්‍යයි එම රත් වීමට ගොඩනැගිල්ල තුල ගින්නක් ඇතිවිය යුතුයි බෝම්බයක් ලගට ගිනි පුලුගුවක් වැටුණු සැනින් එය පුපුරන්නේ නැ මේ ක්‍රමය මගින් ගින්න ඇති වීම පාලනය කරනවා මේ සදහා භාවිතා කරන සිහින් වායු පරිපත සහිත පද්ධතියේ එක නලයක් හෝ සිදුරු වීමෙන් ෂණිකව පෙණ ඉසින යන්තරය ක්‍රියාත්මක වී එම ගොඩනැගිල්ල සම්පුර්නයෙන්ම පෙණ වලින් තෙමා දමනු ලබයි එම පෙණ තැවරුණු කිසිම දෙයක් යලි ගිනි නොගනී ගොඩනැගිල්ලේ ඇති සියලුම තැන මෙමගින් වැසීයන නිසා ගිනි ගැනීම ඉබේම නවතී. (ර)

:       0       0

ශාන සෞදි Monday, 06 June 2016 12:29 PM

ගජදීර, මෙම පෙණ වර්ගය රසායනික ද්‍රව්‍යක් නොවේ රසායනික ද්‍රව්‍ය හෝ තෙල් වර්ග නැතිනම් වහා ගිනි ඇවිලෙන ද්‍රව්‍ය වලට ගිනි ඇවිලීම පාලනය කරන ද්‍රව්‍යක්. (ර)

:       0       0

රුවන් Monday, 06 June 2016 12:44 PM

මේ වගේ ගබඩා ජන ශුන්‍ය ප්‍රදේශ වල ඉදි කල යුතුය. (ර)

:       0       0

පුෂ්ප Monday, 06 June 2016 12:54 PM

මොන තරම් විනාශයක්ද? මිනිසුන්ට වූ හානිය මුදල් වලින් මනින්නේ කොහොමද? මේ එක පතොරමක් කී දාහක්ද? සමහර ඒවා ලක්ෂ ගණන්. අපි මොනතරම් දුප්පත් රටක්ද? අපිට පුලුවන්ද බදු ගහලා අායෙත් මේවා ගෙන්න? මෙවැනි පුපුරන ද්‍රව්‍ය තිබෙන තැනක නියමිත නීති අනුගමනය කළේ නැද්ද? වහාම අනෙක් ස්ථාන වලත් ආරක්ෂාව පිළිබඳ විගණනයක් කරන්න. (නි)

:       0       0

අසේල Tuesday, 07 June 2016 08:35 AM

දැන්වත් තේරෙනවද යුද්දයේ තරම . උතුරේ මොන වගේ තියෙන්න ඇතිද කියල හිතා ගන්න පුළුවන් නේද?. (බ)

:       0       0

අංගොඩ ලාල් Monday, 06 June 2016 01:12 PM

ශාන සෞදි තමන්ගේ නොදන්නාකම තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. මෙතන ගබඩා කරලා තිබුනේ වෙඩි උණ්ඩ, මෝටාර් බෝම්බ, කාල තුවක්කු උණ්ඩ, මල්ටි බැරල්, රොකට් වලින් යවන බෝම්බ වගේ දේවල්. මේවගේ දේවල් පුපුරනකොට රසායනික ද්‍රව්‍ය හෝ පෙණ වර්ග දාලා නිවන්න පුලුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මෙවැනි ගින්නකදී කළයුතු දේ තමයි අපේ හමුදාව කළේ. ඒ තමයි විනාශය අවම කිරීමට අවට ඉන්න ජනතාව ඉවත් කිරීම. සෞදියේ ආයුධ ගබඩාවක් බාරවද ඔබ ඉන්නේ? (නි)

:       0       0

අනුර Tuesday, 07 June 2016 04:41 AM

යහපාලනයට ජන්දේ දීපු අය සලිත වෙලා එක එක සිතුවිලි පහල වෙනවා උතුරේ වුණත් දකුණේ වුනත් විනාශ වුණේ අපේ දේපල හමුදාවේ ශක්තිය දේසපාලනය අවශ්‍ය නැහැ එකතු වෙලා කඳවුර නැවත ගොඩ නගමු (ම)

:       0       0

අනුර Tuesday, 07 June 2016 04:43 AM

වැට් බදු ගැහුවේ දුප්පත් අපිට වදින්නද? (ම)

:       0       0

ධම්ම Monday, 06 June 2016 02:32 PM

තුනීලෑලි සංස්ථාවට සුදුසු පරිසරය අවි ගබඩාවකට සුදුසු වන්නේ කොහොමද? (බ)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Monday, 06 June 2016 03:44 PM

ඡායාරූප වලට ලංකාදීපයට ස්තුතියි (නි)

:       0       0

අනුර Monday, 06 June 2016 03:42 PM

දැන් මෙතන අවි ගබඩාවක් නැහැ. ලස්සන පරිසරය මුළුමනින්ම විනාශ වී ඇත. කඳවුර නැවත ගොඩ නැඟීමට අපි අත දෙමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 79 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 302 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site