කොස්ගම සාලාව හමුදා කඳවුරේ ගින්නෙන් පසු ඉතිරි වී ඇත්තේ වතුර ටැංකිය පමණි. එම කඳවුරේ ගින්නට හසුවූ කොටසක් එකම සුන්බුන් ගොඩක් ලෙස දැකිය හැකි විය.
කඳවුර එදා
(ඡායාරූප - නෙත් එෆ්එම් අනුග්‍රහයෙනි)
ඡායාරූප - ඉෂාර කොඩිකාර (ඒඑෆ්පී)
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - ශාන්ත රත්නායක
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - කෞශල්‍ය සමින්ද




























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් විනාශයක් සිදුවුවත් හතරවෙනි පින්තුරේ දේදුන්නක් පායලා තියෙන්නේ මොන කරදර ආවත් නොසැලී ඉදිරියටම යමු කියන බලාපොරොත්තුව ඇති කරන්නද .....? (ර)
මෑතකදී අසන්න ලැබුණු අතිශය දුක්මුසු පුවතක් මේ. අර උත්සවයටයි, මේ සැනකෙලියටයි, කිය කිය, නාස්තිකරන මුදල් මෙවන් විපතකට පත් මිනිසුන් වෙනුවෙන් වැය කොට, ඔවුනට පිහිට වීමට නැණනෙත් විවර වේවා. (ර)
උණ්ඩ ගබඩාව පුපුරලා මෙහෙම නම් පරමාණු බෝම්බය වැටුනහම හිරෝෂිමාව කොහොම තියෙන්න ඇද්ද? (නි)
මෙවැනි සිදුවීමක් සිදුවන්න ගීනි ගැනීමක්ම ඇතිවිය යුතු නැහැ. මෙම ගොඩනැගිල්ලේ උෂ්ණත්වය නියමිත පරිදි පාලනය නොකළොත් අධි තාපය නිසා මෙම උණ්ඩ පිපිරීමට ඉඩ තියනවා. එම පිපිරීම මඟින් ඇතිවන ගිනි ගැනීම නිසා මෙවන් විශාල සිදුවීමක් ඇතිවන්නට පුළුවන්. එම නිසා මෙවන් ගොඩනැගිලි වල උෂ්ණත්වය මනින හා නියමිත උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය ඉහළ ගිය විට ඒ බව මෙහෙයුම් කාර්යාලයට දන්වන සිග්නල් ක්‍රම උපාංග සවි කරනවා. ඒ අතර දුම් මාපක හා උෂ්ණත්ව මාපක සවිකිරීම කරනවා. නවතම උපාංගයක් ලෙස කැමරා පවා සවි කරනවා. මේ සියලු උපාංග වලින් මෙහෙයුම් කාර්යාලට විපත් ගැන දැනුම් දෙනවා. මේවා තිබුනද නැද්ද යන්න මා නොදන්නා අතර තිබුනේ නම් ක්‍රියා නොකළේ ඇයිදැයි ප්‍රශ්නයක් ඇතිවනවා (නි)
ජීවත්වීමට අත්‍යාවශ්‍ය අවිආයුධ නෙමෙයි, ඒවා අපට ඉතිරිකර දෙන්නේ විනාශයක්ම පමණයි. (නි)
මේක උතුරේ කඳවුරක වුණා නම් ජාතිවාදී පිරිස් රංචු පිටින් කුණු අවුස්සන්න එකතුවෙයි (නි)
අපේ රටේ මෙවැනි දේවල් ඉබේම වෙන එකනේ පුදුමේ! (නි)
හරිම අපරාධයක් මේක නම් (නි)
අපමණ වෙනසේ අගය දැන්නම් දැනේ අපට! (නි)
අපි ශානට කියමු ඔය කියන පෙණ විශාල වශයෙන් නිපදවන්න කියලා. උපදෙස් දෙන්න ලේසියි, කරන්න ගියාම තමා තේරෙන්නේ. (නි)
කොහොමද ගින්න හටගෙන තියෙන්නේ.? (ර)
ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමෙන් යමක් හොයාගන්න පුලුවන්වේවි නේද? (නි)
මේක රටේ ශාපය. ජනතාවට තේරෙන පොඩි දේවල් අපේ ලොක්කන්ට නොපෙනෙන එක ගැන අපිට කණගාටුයි. මේ වගේ තැනක මේක දමන්න පළමුව හිතන්න තිබුනා. ඇමෙරිකානු බිලියන 4 පමණ වටිනා ආයුධ තිබුනා කියලා දැන් කියනවා. රට යන අත ඉතා කණගාටුයි. මිනිසුන්ගේ කැඩුණු ගෙවල් හදලා දුන්විට ප්‍රශ්නය විසඳුනා කියලා හිතුවොත් එ්ක වැරදියි. කෝ රටේ ආරක්ෂාවට ආයුධ? (නි)
දැන් අහන්න ලැබෙන්නේ විනාශයන් විතරයි. (ර)
ජනතාව ගොඩක් පීඩාවට පත්වෙලා ඉන්නේ. අඩු ගානේ කන බොන දේවල් වලවත් බඩු මිල අඩු කරන්න (නි)
යහපාලනයේ වෙනසද මේ? (නි)
මේ දවස් වල උෂ්ණත්වය වැඩියි කියන්න බෑ. එහෙනම් පුපුරන්න තිබ්බේ පහු ගියපු කාලයේ. අනික විදුලි කාන්දුවක් වෙන්නත් බෑ . මොකද අවි ගබඩාවක් කියන්නේ සෙල්ලම් ගෙවල් නෙමේ. මෙතන ඇත්තටම වෙච්ච දේ මට නම් හිතෙන්නේ රහසිගත දෙයක් වෙන්න ඇති. එත් ඇත්තම හිත ගන්න බෑ..(හේ)
අනේ අනාවැකි කියන විශාරදයින්ට මේක කියන්න බැරිවුණාද? (නි)
හිටපු ඒකාධිපතියගෙන් රට නිදහස් කරගන්නකොට අපි මොනතරම් සතුටු වුණාද? ජනතාව ඉදිරියේ හතරඅතේ දිවුරලා දුන් පොරොන්දු ඉෂ්ට කරන්න ඕනෑ. ලෝකයේ දරුණුම ගනයේ කම්බා හොරු ඉදිරියේ නිවට, නියාලු, බියගුළු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ගමන් අසරණ මිනිසුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන නැති වෙන්නම බදු ගහනවා. සොබාදහමින් ගහනකොට වැටෙන්නම ගහනවා. (නි)
මට හිතෙන විදිහට මේ ගොල්ල ඒ ගොඩනැගිල්ලේ නඩත්තු වැඩක් සදහා වෙල්ඩින් වැඩක් කරන්න ඇති. එකෙන් විසිඋන ගිනියම් වූ බොරයක් මේ ගින්න ආරම්භය වෙන්න පුළුවන්. වහා ගිනි ඇවිලෙන සුළු ද්‍රවය ඇති මෙවන් ගොඩනැගිල්ලක රසායනික ද්‍රව්‍ය යොදා ගින්න පාලනය කිරීමේ ක්‍රමයක් ගිනි නිවීම සදහා භාවිතා කරන පෙන වර්ගක් සහිත ගිනි නිවීමේ ක්‍රියාවලියක් සවි නොකර තිබීම පුදුමයට කරුණක් ගිනිගත් විට කෙනෙකුට ලංවිය නොහැකි ද්‍රව්‍ය ගබඩා කරන ගොඩනැගිලි සදහා මේ ගිනි නිවීමේ ක්‍රමය බහුලව භාවිතා කරනවා. (ර)
සියල්ල අනිත්‍ය බව ඔප්පු කරනවා. (නි)
දේශයේ මුර දේවතාවන්ගෙන් මෙහෙම වැරැද්දක් වුණා නම් කව්ද මේවට වගකියන්නේ? ජනතාව තමයි මේකටත් ගෙවන්න ඕනෑ. (නි)
බඩු මිල පහත හෙළිය යුතු බවට පණිවිඩය සොබාදහම මඟින් ආයෙත් දී තිබෙනවා. ඒ වගේම මන්ත්‍රී පර්මිට් අහෝසි කිරීමත් වැදගත්. (නි)
කවදා මේ දේවල් නැවත යථා තත්ත්වයට පත්කළ හැකිවේද? (නි)
තවත් මෙතන අවි ගබඩා, කදවුරු එපා... වටේටම මිනිස්සු ඉස්සරහින් හයිලෙවල් පාර. (ර)
දෙවියනි, මේ දේව ශාපයක්ද? රාජා භවතු ධම්මිකෝ........ (නි)
පොල්ගැහුවේ දුප්පත් අපිට වදින්නද? (ම)
ශාන සවුදි බෝම්බ පුපුරනකොට රසායනික ද්‍රව්‍ය දාලා නිවන්න බැරි බවදන්නේ නැද්ද.? (ර)
කොහොම උනත් යුධ ගබඩා තියන්න සුදුසු තැන් තියනවා ඒ බව නොදන්නා කම පුදුමයි, හරියට කුණු වගේ, කදු ගහනවා. (ර)
ගජදීර, බෝම්බ පුපුරන්නේ එකට අවශ්‍ය තාපය ලැබුණු විට ඒ සදහා එම ගොඩනැගිල්ල විශාල වශයෙන් රත් වීමට අවශ්‍යයි එම රත් වීමට ගොඩනැගිල්ල තුල ගින්නක් ඇතිවිය යුතුයි බෝම්බයක් ලගට ගිනි පුලුගුවක් වැටුණු සැනින් එය පුපුරන්නේ නැ මේ ක්‍රමය මගින් ගින්න ඇති වීම පාලනය කරනවා මේ සදහා භාවිතා කරන සිහින් වායු පරිපත සහිත පද්ධතියේ එක නලයක් හෝ සිදුරු වීමෙන් ෂණිකව පෙණ ඉසින යන්තරය ක්‍රියාත්මක වී එම ගොඩනැගිල්ල සම්පුර්නයෙන්ම පෙණ වලින් තෙමා දමනු ලබයි එම පෙණ තැවරුණු කිසිම දෙයක් යලි ගිනි නොගනී ගොඩනැගිල්ලේ ඇති සියලුම තැන මෙමගින් වැසීයන නිසා ගිනි ගැනීම ඉබේම නවතී. (ර)
ගජදීර, මෙම පෙණ වර්ගය රසායනික ද්‍රව්‍යක් නොවේ රසායනික ද්‍රව්‍ය හෝ තෙල් වර්ග නැතිනම් වහා ගිනි ඇවිලෙන ද්‍රව්‍ය වලට ගිනි ඇවිලීම පාලනය කරන ද්‍රව්‍යක්. (ර)
මේ වගේ ගබඩා ජන ශුන්‍ය ප්‍රදේශ වල ඉදි කල යුතුය. (ර)
මොන තරම් විනාශයක්ද? මිනිසුන්ට වූ හානිය මුදල් වලින් මනින්නේ කොහොමද? මේ එක පතොරමක් කී දාහක්ද? සමහර ඒවා ලක්ෂ ගණන්. අපි මොනතරම් දුප්පත් රටක්ද? අපිට පුලුවන්ද බදු ගහලා අායෙත් මේවා ගෙන්න? මෙවැනි පුපුරන ද්‍රව්‍ය තිබෙන තැනක නියමිත නීති අනුගමනය කළේ නැද්ද? වහාම අනෙක් ස්ථාන වලත් ආරක්ෂාව පිළිබඳ විගණනයක් කරන්න. (නි)
දැන්වත් තේරෙනවද යුද්දයේ තරම . උතුරේ මොන වගේ තියෙන්න ඇතිද කියල හිතා ගන්න පුළුවන් නේද?. (බ)
ශාන සෞදි තමන්ගේ නොදන්නාකම තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. මෙතන ගබඩා කරලා තිබුනේ වෙඩි උණ්ඩ, මෝටාර් බෝම්බ, කාල තුවක්කු උණ්ඩ, මල්ටි බැරල්, රොකට් වලින් යවන බෝම්බ වගේ දේවල්. මේවගේ දේවල් පුපුරනකොට රසායනික ද්‍රව්‍ය හෝ පෙණ වර්ග දාලා නිවන්න පුලුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මෙවැනි ගින්නකදී කළයුතු දේ තමයි අපේ හමුදාව කළේ. ඒ තමයි විනාශය අවම කිරීමට අවට ඉන්න ජනතාව ඉවත් කිරීම. සෞදියේ ආයුධ ගබඩාවක් බාරවද ඔබ ඉන්නේ? (නි)
යහපාලනයට ජන්දේ දීපු අය සලිත වෙලා එක එක සිතුවිලි පහල වෙනවා උතුරේ වුණත් දකුණේ වුනත් විනාශ වුණේ අපේ දේපල හමුදාවේ ශක්තිය දේසපාලනය අවශ්‍ය නැහැ එකතු වෙලා කඳවුර නැවත ගොඩ නගමු (ම)
වැට් බදු ගැහුවේ දුප්පත් අපිට වදින්නද? (ම)
තුනීලෑලි සංස්ථාවට සුදුසු පරිසරය අවි ගබඩාවකට සුදුසු වන්නේ කොහොමද? (බ)
ඡායාරූප වලට ලංකාදීපයට ස්තුතියි (නි)
දැන් මෙතන අවි ගබඩාවක් නැහැ. ලස්සන පරිසරය මුළුමනින්ම විනාශ වී ඇත. කඳවුර නැවත ගොඩ නැඟීමට අපි අත දෙමු (නි)