හෝමාගම අවන්හලක පඩිපෙළක් නැඟ කෑම මිලට ගැනීමට ගිය කතකගේ යටි කය වීඩීයෝ ගත කළ බව කියන එහි සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු අද හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
කෑම ඇණැවුම් කරද්දී ගවුමේ යම්කිසි දෙයක් ඇතිල්ලෙන බව දැනගත් දෙදරු මවක වන සහකාර ඖෂධවේදිනිය එය ජංගම දුරකතනයක් බවත්, එතැන පහත් වී සිටි පුද්ගලයකු එය අල්ලාගෙන සිටි බවත් දුටුවාය. ඇගේ කෑ ගැසීම අසා අසළ පාරේ සිටි පොලිසිය එහි පැමිණි බවත් පොලිසිය කියයි.
එම ජංගම දුරකතනය පිරික්සූ පොලිසිය කියනුයේ ඇගේ යටි කය වීඩියෝ ගත කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
80 දශකයේ අපි ඇන්දේ මිනි ගවුම්. මෙහෙම ලෙඩ්ඩු හිටියේ නැහැ.විනය තියෙන්නේ ගවුම් ඇතුලේ නෙවේ රොෂාන් වගේ අයගේ ආධ්‍යාත්මය පිරිසිදු කර ගන්න.. (ස)
පිරිමින්ටම වැරදි කියන්නත් බැහැ. අපේ ගැහැණු අදින්නේ පිරිමි මුලා කරන්න බලාගෙනනේ (නි)
අපේ කෙල්ලෝ කොට ඇඳුම් ඇඳීම ගැන මගේ අකමැත්තක් නැත. නමුත්, පෞද්ගලිකව මට නම් ලස්සන අපේ කෙල්ලෝ සාරිය, ඔසරිය ඇන්දමයි. ඒ මගේ රුචිකත්වය. එකම කාන්තාව කොට ගවුම සහ සාරිය ඇඳගෙන යනවිට මම සුපරික්ෂාකාරිව අධ්‍යනය කර ඇත්තෙමි. ගවුමට නොපෙනන අමුතු ලස්සනක් මට නම් සාරියේ සහ ඔසරියේ ඇත. කුමාරිහාමි මා සමඟ එකඟ වෙතැයි සිතමි. (ස)
එක පැත්තකින් වරදියි තමා. ඒත් ගෑණු ඔහොම ඇදන් යනවට හොඳ වැඩේ. දැන් කාලෙ ගෑණු ඇඳන් යන ඒව දැකකහම ගෑණුන්ට තමයි අසහනය තියෙන්නෙ. ගෑණු හරියට අදිනවා නම් පිරිමි ඕවා විඞියෝ කරන්නෑනෙ. පිරිමින්ට අසහනය හැදෙන්නෙත් නෑනෙ. (ස)
අර ගෑනු කෙනා කොටට නැතුව හරියට ඇඳගෙන ගියා නම් අරූ ඇයි ඒක වීඩියෝ කරන්නේ (ස)
චන්දි, ඒක තමයි මම මුලින්මත් ලිවුවේ, කාන්තාවන්ට කැමති ලෙස අඳින්න නිදහස තිබිය යුතුය කියා. හේතුව සැබවින්ම සමහර අයට ඔසරිය ලස්සනයි. තව කෙනෙකුට සාරිය හෝ කොට ගවුම ලස්සනයි. පවුල් වල යමක් අපි ළඟ තිබේ නම් ඒවා ඇඳුමෙන් මැනිය නොහැක. ඒවා තිබෙන තැන්වල තිබේවි. (නි)
මගේ සහෝදරිය කොහෙවත් ගෑණු වගේ අසංවරව අඳින්නෙ නැහැ! ඒක නිසා ඇයට එහමෙ වෙන්නෙ නෑ..........! (ස)
වෙන රටවල ගැහැණු අය බොහොම කොටට ඇදගෙන යනවා. රාත්‍රියේ වුණත් යනවා. ලංකාවේ තමයි මේ වගේ අසහනකාරයෝ ඉන්නේ. පිහිනුම් තටාකයට ගියාමත් ගැහැණු පිරිමි දෙගොල්ලම හොදට පිහිනලා නානවා. ඒත් කාටවත් කරදරයක් නැහැ. ලංකාවේ ත්‍රීවිල් පාක් එකකින් ගැහැනියෙකුට තනියම යන්න බැහැ. මොනවා හරි කියනවා. ගැහැණු අයත් කරබාගෙන යනවා. බස් කොන්දොස්තරලාත් ඒ වගේ හිතාමතාම ගෑනු අයගේ ඇගට තෙරපෙනවා. බැලුවාම ලංකාවේ පිරිමි දෙකෙන් පංගුවක්ම අසහනකාරයෝ. ඒ වුණාට අපි කියන්නේ මේක බෞද්ධ රට කියලා. (නි)
අමිෂා කියන කෙනාගේ හැදියාව කතාවෙන්ම පෙනෙනවා. (නි)
අර ඡායාරූප ගත් සේවකයත් ඒ ඖෂධවේදිනිය ගැන වරදවා තේරුම් අරගෙන තියෙන්නේ එයත් ඒ වගේ දේවල් වලට කැමැත්තෙන් මෙහි අදහස් දමා තිබෙන විදියේ ගැහැණු කෙනෙක් වගේ කියලයි. (නි)
වීඩියෝ කළ එකත් වැරදියි. කොටට ඇදපු එකත් වැරදියි (නි)
ලක්මිණි වෙදමුල්ල-මිලානෝ, නම් කාටවත් නිරුවත් පින්තුර දෙන්ට අදහසක් නැති උනත් කවුරු හරි හොරෙන් ගත්තත් අකමැත්තකුත් නැති පාටයි. එහෙනම් ඉතින් කොටට ඇන්දට ප්‍රශ්නයක් ඇත්තේම නැත. (ස)
රකිත්, මම ඔබ සමඟ එකඟ වෙමි. යම් තාක් දුරුකට ඔබත් මගේ සැමියාගේ ජාතියේ කෙනෙක්. සාරියට වඩා ඔසරියට තමා මම කැමති. හැබැයි ඔසරියට සිරුරේ හැඩය හොඳින් පෙනෙනවා. ලැම, පසුපස, උදරය නෙරා ඇති ප්‍රමාණය එහෙම. නමුත් සාරියට සිරුරේ හැඩය පෙනෙනවා අඩුයි, පොට ලිහිල්ව ඇති නිසා. මෙතන අදහස් ලියු බොහෝ දෙනෙකුට මීටර් නොවූ දෙයක් කියන්නම්. කොට හෝ දිග ගවුම්, සාය, සාරි විතරක් නොව අබායාව ඇන්දත්, පිරිමි සරම ඇන්දත් ඔහොම වීඩියෝ කල හැකිය. කලිසමක් ඇන්දොත් විතරයි බේරෙන්න පුළුවන්. අපි කලිසමට උඩින් සාරි ඔසරි ඇඳලා "රෙද්ද අස්සේ නෝනලා" වෙන්නයි වෙලා තියෙන්නේ. (ස)
තමන්ගෙම අක්කගෙ නංගිගෙ වුණත් මේ මානසික ලෙඩ්ඩු වීඩියෝ නොකර ඉදිවිද? පුංචි පැංචියෙක් දැක්කත් එච්චරයි. අනික පඩිපෙළක් නගිද්දි කොහොම ඇදගෙන හිටියත් යටිකයේ කොටසක් හරි පේනවා. එහෙම දැක්කා නම් නියම මනුස්සයෙක් වගේ එතනින් අයින් නොවී ඒක වීඩියෝ කරන්නේ තිරිසන්කමටයි. ඒක නිවැරදියි කියනවා නම් එහෙම කියන කෙනා ඊටත් වඩා අන්තයි (නි)
මේ කාන්තාව ගැන නරක විදියට හිතපු හැමෝම නැවත ප්‍රවෘත්තිය කියවා බලන්න. පඩි පෙළක පහල සිටයි මේ මෝඩයා පස්සෙන් ගිහින් තියෙන්නේ.මේ මිනිස්සු නිකන් හරි යුරෝපා රටකට ආවොත් මොනවා කරයිද? මුහුද අයිනේ ඉන්න කාන්තාවක් දැක්කොත් මොනවා වෙයිද? මේවා මානසික රෝග.අපි මේ වගේ අයට අනුකම්පා කරලා නිරෝගී කල යුතුයි. දඩුවම් කලට වැඩක් නෑ. (ස)
ඔක්කොම පත්තිනි අම්මලා ටික එළියට බැහැලා (නි)
ඔය දෙන්නම මෙතනදි වැරදියි. කාන්තාවන් සංවරව අදින්න පුරුදු වෙන්න ඕනෑ. මෙයා කොටට ඇදගෙන ගිය නිසානෙ එයාට ඒක වීඩියෝ කරන්න ආවේගයක් ආවෙ. දැන් සමාජය පිරිහිලා. හැමෝම තම හැලීම් පාලනය කරගත්තොත් හොදයි (නි)
ලංකාවේ පිරිමින්ගේ මනස මේ තරම්ම දුර්වලද? මේ තරම් බාල වැඩ කරන මිනිස්සු වෙන කිසිම රටක නැහැ (නි)
අපේ මෙතන අදහස් දක්වන සමහරුන්ට වෙන වැඩක් නැද්ද? (නි)
ගැහැණු අය කොටට අදිනවට හොද වැඩේ. මගේ නම් අදහස හරියට සංවරව ඇදුම් අදින්න දැනගන්න මීට පස්සෙවත් (නි)
රකිත්, ඔබට ස්තුතියි.ගැහැණිය සෙල්ලම් බඩුවක් කියා හිතන පිරිමින්ට ඔබ හොද උත්තරයක් දීලා තිබෙනවා. ඇත්තටම ඔයා හරි හොද කෙනෙක් රකිත් මල්ලියෝ! (නි)
සොයුර සෙනරත්,දැන් මෙතන මේ අදහස් දාන අය කියන්නේ එයාලා හරි සුදනෝ කියලනේ. අර ඉස්සත් ඔහොම කතාවක් කියලා තිබුනා නේද? අපි ඉතින් මෝඩයි, ඉගෙනගෙන නැහැ.පවුල් අවුල්. එයාලගේ සියල්ල හොදයි. (නි)
අපේ සමාජයේ බොහෝ දෙනෙක් පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට ගරු කරන්න ඉගෙනගෙන නැහැ. ගැහැනියක් උනත් මිනිහෙක් උනත් තමන් පළමුවෙන් මිනිසෙක් ලෙස අනික් මිනිසෙකුට ගරු කරන්න, පුද්ගලිකත්වයට හානි වෙන පරිදි නොහැසිරෙන්න හික්මීමක් ලැබිය යුතුයි. (දිල්)
කවින්දි ඔබ ඇත්තටම කාන්තාවක්ද? අදහස් පල කර ඇති පිරිමි හා කාන්තාවන් සැම දෙනාම තමන්ගේ මතය අනුව අදහස් පල කර තිබෙනවා. ඒ හැම අදහසකටම අප ගරු කල යුතුයි. නමුත් ඔබගේ අදහස නම් මාතෘකාවෙන් බොහෝ එපිටට ගොස් අමුතු අදහසක් පල කර තිබෙනවා. සැබෑ පිරිමි කාන්තාවන්ට ගරු කරනවා. කාන්තාවනුත් පිරිමින්ට ගරු කරනවා. ඔබ ඔතරම් කාන්තාවන්ගේ නුගුණ පමණක්ම දුටුවේ ඇයි? පිරිමි නොවන නපුංසකයින් නම් කාන්තාවන් ගැන ලොකු වෛරයකින් සිටින බව නම් අපි හොඳින් දන්නවා. අර අසහන කාරයා කල අමන ක්‍රියාව ඔබ අනුමත කරනවද? (ස)
මෙතන අදහස් දක්වා ඇති සමහර පිරිමි කියන විදිහට, කොටට ඇන්දහම පිරිමි කුලප්පු වෙනවා නම්, ඔය නාන ඇඳුම් අඳින පිහිනුම් තරඟයකදි එයාලට මොනවා වෙයිද දන්නෙ නැහැ.ඒ පිරිමි බබාලා පවූ... (නි)
රොෂාන්, මේ ලංකාව බුදුන්ගේ රට නේද ? රොෂාන් කියන කතාව හරි. අපේ ලංකාව තුල දැන් කාන්තාවන්ගේ ලැජ්ජාව බල්ලට ගිහිල්ලා. පිරිමින්ගේ ඉවසීම දරාගැනීම යන සියලු ගති පිරිහිලා. දැන් ලංකාවට බුදුසරණයි! (නි)
සංවරකම හා විනය ගැහැනියකට ආභරණයක් බව අමතක නොකළ යුතුයි.රටේ පිරිමි අපින් හදන්න බැහැනේ.බෝධිසත්වයන් අතර වනචාරියොත් ඉන්නවා කියන එක අපි අවබෝධ කරගන්න ඕනි.. (ස)
සමහරු මෙතන අදහස් දක්වලා තිබෙන්නේ මේ ගැහැණු කෙනා වරදක් කරලා වගේ. ඒ වගේම හැම ගැහැනියක්ම ෆර්දාවකින් සැරසිය යුතුයි කියලා නොකිය කියනවා වගේ (නි)
පහුගිය දවස්වල මේ වගේ සිද්ධියකදී රත්නපුර පැත්තේ නඩුකාරතුමෙක් නියෝග කර තිබුනා පොලිසියට එම සිද්ධිය වෙන අවස්ථාවේදී කාන්තාව ඇදපැළද සිටි ආකාරය පිළිබද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට.ඒත් හෙදියක්. (නි)
කොටට අඳින්නේ නරක සිත් ඇති ගැහැණු කියලයි මම නම් හිතන්නේ. එතකොට මුහුණ නෙමෙයිනේ බලන්නේ (නි)
පද්මිණී කිව්වා වගේ 80 දශකයේ මේ වගේ කොට ගවුම් ඇන්දා.ඒ කාලෙත් මේ වගේ අසහනකාරයෝ හිටියාද? වුවමනාව තිබෙන මිනිස්සු ගැහැනු දිගට ඇදගෙන ගියත් නාන වෙලාවල් වලදී ඇදුම් මාරුකරන විටදී හරි වීඩියෝ කරාවි (නි)
ලංකාවේ කව්රුත් රහත් වෙලා නැහැනේ. මෙතන අදහස් දක්වන අය නිකන් මරා ගන්න එපා. ලෝකය සමබර වීම සදහා මේ හැම ජාතියේම මානසික මට්ටම් වල මිනිස්සු ඉන්න ඕනෑ. (නි)
ලංකාව කියන්නේ සෞදි අරාබියාව නෙමෙයි කියන එක තේරෙන්නේ නැති අයත් ඉන්නවා මෙතන. රොෂාන් හරියට මහදැනමුත්තෙක් වගේ. (නි)
තමන් හට කියා පුද්ගලිකව කාන්තාවක් හිමි කර ගැනීමට නොහැකි යම්කිසි ශාරීරික දුබලතාවයකින් පෙළෙන්නන් කාන්තාවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පටි දෙස බලා තෘප්තිමත් වන මානසිකත්වයකින් පෙළෙන්නන් බව මම අසා ඇත්තෙමි. කාන්තාවන්ගේ මෝස්‌තර ඇඳුම් වලට නීති දැමීමට පිරිමින් හට අයිතියක් නැත. ඒවා සමහර ආගම් වල නම් දකින්නට ලැබේ. (නි)
සම්පත් ප්‍රේමරත්න, කලබල වෙන්න එපා. අමිෂා කාවින්දි නියම විදියට එයාගෙම ගතිගුණයි ,ක්‍රියා කලාපයයි කියලා තිබෙනවා. ඒකයි එයා අත්දැකීමෙන් කියනවා කියන්නේ. (නි)
ගැහැණු කොටට අදින එක නෙමෙයි හේතුව. මොහුගේ නැහැදිචිචකම. (නි)
රොෂාන්ලා වගේ අය ලංකාවේ හැමතැනම (නි)
ඒ වීඩියෝ එක ෂෙයාර් කරන්න බැරිද ලංකාදීප ... මේ ගැටළු ගොඩකට ඒ වීඩියෝ එකේ විසදුම තියනවා.(දිල්)
එම කාන්තාව දිග ඇඳුමක් ඇඳ සිටියා නම් ඔය දේ සිදුවෙන්නැහැ, මොකද එම පුද්ගලයට පින්තූර ගන්න ඉඩ ප්‍රස්තාවක් ලැබෙන්නැහැ දිග ඇඳුමක් ඇඳ සිටියා නම්.එහෙනම් ෂුවර් එකටම කොට ඇඳුමක් තමයි අඳින්න ඇත්තෙ.එහෙම උනොත් එම කාන්තාවගේ තමයි වැරදිකාරි. කෙනෙක් වැරදි කරනවට වඩා වැරදිකරන්න පොළඹවන කෙනා තමයි ලොකුම වැරදි කාරයා... (ස)
කුමාරිහාමි ..!! මම ඔබේ අදහසට ගරු කරමි..!! සම හරක් පිරිමි කරන ඕනෑම වරදකට ගැහැණියට වරද පටවා උන් නිර්දෝෂ වෙති මට මතකයි මෙහි පළවූ ප්‍රවෘත්තියකට මා සමඟ වාද කරගත් පිරිසක් අන්තිමට මටද නරක පද කීවා ඒ අතර ගැහැණුන්ද සිටියා..!! මෙම රටවල් වල සමර් එකට (රස්නේ කාලයට)ගැහැණු අදින විදියට මොන තරම් පිරිමින්ට ඔය කියන විදියට අසංවර හැගීම් එන්න ඕනද ..? නමුත් මොවුන් ගැහැණියට ඉතාමත් ගරු කරන හෙයින් මෙවැනි අධම ගති සිදු නොවෙති. නමුත් මේ චින්තක වගේ පිරිමින් ටිකක් හෝ මගේ රටේ සිටින එක ගැහැනියක් වුන මා සතුටු වෙමි. (ස)
අමීෂා කාවින්දි වැල්වටාරම් කියවනවා. ඕවා ගැන කවුරුත් දන්නවා. (නි)
මෙකට අදහස් දාලා තිබෙන ගෑනු ඔක්කොම බබ්බු වගෙයි. හරියට ඇදුමක් අදින්න දන්නේ නැති අය පිරිමින්ගේ සංවරකම ගැන කතා කරනවා (නි)
ඇදපු ඇදුමේ නෙමෙයි වැරැද්ද තිබෙන්නේ. කරපු ක්‍රියාවේයි. සමහර ඇදුම් මාරුකරන තැන්වලත් මෙහෙම විඩියෝ තිබෙනවා (නි)
රොෂාන්, සුජීව වාගේ මානසිකත්වය තියෙන අය තමයි ලංකාවේ බොහොමයක් ඉන්නේ. මුස්ලිම් ගැහැණු කෙනෙක් මුළු ඇඟම වහගෙන යනකොටත් බනින්නේ මේ වගේ අය. සංවර වීම ගැහැණු පිරිමි දෙකටම අදාළ දෙයක්. එහෙත් කොටට අඳින එක අද ලෝකයේ ඕනෑ තරම්. මෙතැනදී පිරිමියා සංවරවීමක් ගැන කීප දෙනයි කතා කරන්නේ. මුස්ලිම් ලෝකයේත් පිරිමියා සංවර නැහැ සිංහල ලෝකයේත් පිරිමියා සංවර නැහැ. සංවර කරන්න ඕනෑත් පිරිමින්වයි. (නි)
මේ වැරැද්ද කළේ සුද්දා. නිදිමරාගෙන කුසට අහරක් වෙලාවට නැතුව බුද්ධිමතුන් බිහිකළ තාක්ෂණය වනචාරීන් අතට දුන්විට වෙන විපත්තිය මෙයයි (නි)
හොඳ වැඩේ අසහනකාරයන්ට (නි)
මේක තමා දියුණුව කියන්නේ (නි)
කොල්ලා කරලා තියෙන්නේ නම් කැත වැඩක්. නමුත් දෙදරු මවක් හරි හැටි ඇදුමක් ඇදගෙන හිටියා නම් ඔය වගේ වැඩක් වෙන්නේ නැහැ කියලා තමා මට හිතෙන්නේ. (නි)
සමහර ගැහැණු අය මෝඩකමට අඩුවෙන් ඇන්දට, පිරිමි අපි ඇයි ඒවට අහුවෙලා අපිත් මෝඩයෝ වෙන්නේ? අපිට අපි ගැන විස්වාසයක් තියෙන්න ඕන. (ස)
මෙහෙම වීිඩයෝ කළ පිරිමියා සම්පුර්ණ වැරදියි තමයි. ඒත් අද කාලේ සමහර ගැහැණු අඳින විදිය නම් අන්තිම නරකයි. කාන්තාවන් හිතන්නේ මෙහෙම ඇන්දහම හරිම ලස්සනයි කියලා. මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ එතකොටයි. සමහර කාන්තාවන් වුවමනාවෙන්ම තමයි ශරීරාංග පෙන්නන්න මෙහෙම අඳින්නේ. (නි)
කෝ ඒ වීඩියෝ එක නැද්ද ..(අ)
අපිත් දැකලා තියනවනෙ ඔය කෝලම්. ශාන්ත දාන්ත තීන්ත කූඩු. හරියට සංවරව ඇදුම ඇන්දා නම් දණහිසවත් පෙනෙන්නේ නැහැ නේද? සමහරවිට අර මනුස්සයා අහිංසකයෙක් වෙන්න ඇති දැන් සල්ලාලයෙක් කියා හංවඩු ගැහුවට. (නි)
චින්තක, මමත් ඔයා කියන දේ අනුමත කරනවා. ජපානය වගේ රටක් ගත්තොත් ගැහැණු අදින්නෙම කොටට. ඒත් පිරිමියෙක් ඇහැක් ඇරලා බලන්නේ නැහැ. ලංකාවේ ඒ අනිත් පැත්ත. (නි)
මේක පුදුම වැඩක්නේ...! පිරිමියා මොන වැරැද්ද කළත් එයා සුදනා.මේ ප්‍රවෘත්තියේ කොතනද දාලා තියෙන්නේ මෙයා කොට ගවුමක් ඇදගෙන හිටියා කියලා? (නි)
කොටට අදින ගැහැණුන්ට හොද වැඩේ (නි)
ගැහැනුන්ට සංවර වෙන්න කියන පිරිමි තමන් ගැහැනියකට ගරු කරනවද කියලා කල්පනා කළොත් නරකද? අපේ රටේ ගැහැණු සංවර කරන්න හදන පිරිමි තමන්ගේ හැසිරීම ගැන කල්පනා කරන්නේ නැහැ. ගැහැණියෙක් මොන දේ ඇඳගෙන හිටියත්, කිසිත් ඇඳගෙන නොහිටියත් නියම පිරිමිකම තමන්ගේ ප්‍රතිපත්ති වල සිටීමයි. තමන් පාලනය කරගත නොහැකි දුර්වලයින්ට පිරිමි කියනවා නම්, මම පිරිමියෙක් වීම පිළිබඳව අතිශයින්ම කණගාටු වෙනවා. නියම පිරිමි ගැහැණියකගේ ඇඳුමක් නිසා නොව මොනම දේකටවත් තමන්ගේ ගෞරවය නැතිකරගන්න කෙනෙක් නොවේ. (නි)
මේක කට්ටියටම හොඳ මාතෘකාවක් වෙලා. සාමාන්‍යයෙන් මොන රටක වුනත් කොටට අඳින්න කැමති වගේම, දිගට අඳින්න කැමති අයත් ඉන්නවා. කොටට ඇඳීමෙන් ඒ අය බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ඇඟ වැඩිපුර පෙන්වා අන් අයගේ ආකර්ෂණය ලබා ගැනීමයි. මෙහිදී වෙලා තියෙන්නෙත් එහෙම දුටු දෙයින් කුල්මත් වූ පුද්ගලයෙකු තමන් දුටු දේ අන්කෙනෙකුට පෙන්වීමේ ආශාව හෝ තමන්ටම එය නැවත බලා තෘප්තියක් ලැබීමේ මානසික අසහනයක් නිසා වීඩියෝ කර ගැනීමට උත්සාහ කිරීමයි.(නදී)
මම කිවුවේ හොඳ ලස්සන තැන් වීඩියෝ කරන්න කියලා. (නි).
ලංකාවේ ඉන්න පිරිමින් දැන් නම් හැසිරෙන්නේ හරිම නින්දිත ආකාරයෙන්.කියන්නත් ලැජ්ජයි මේ අපේ රටේද කියලා. (නි)
කෙල්ලෝ කොට ගවුම් අදිනවාට මගේ නම් අකමැත්තක් නැහැ (නි)
දැන් මේ පෙත්තා, නංගි කෙනෙක්ද? මල්ලි කෙනෙක්ද? අයියෝ!! තමන්ට කියලා නමක් තියෙනවා නම් , ඒ නමින් අදහස් දාන්නකෝ පෙත්තා පුතේ (නි)
කෑ ගසමින්ම මුගේ දත් කැඩෙන්න මුණට පහරක් දුන්නා නම්. (ස)
චින්තක, ඔබ නියම පිරිමියෙකි. ඔබට මගේ හෘදයාංගම ස්තුතිය සමග තුති මල් මිටක්..!! මට මතක් උනේ මේ ගීතයයි. "වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..,ඒ දේවතාවුන් , දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන් " සියලුම පිරිමින් නුඹ වගේ සිතනවා නම් අහෝ ගැහැණිය කොතරම් වාසනාවන්තද? (නි)
දිල්, තමන් කැමති ඇඳුම් බිරියට අන්දවා ගෙන යන්න සැමියන්ට ඉඩතිබිය යුතුයි. ඒ ඇඳුම් නිසා කරදර වුනොත් බේරගන්නත් සැමියා වග බලා ගත යිතුයි. මගේ සැමියා නම් මට අඳින්න දෙන්නේ ඔසරිය විතරයි. එහෙම නොවුනා කියා අනිත් කතුන්ගේ සැමියන්ගේ කොන්දක් නෑ කියන්නේ කොහොමද? (ස)
රූපවතී අක්කට හොට් පෑන්ට් කියන වර්ගයේ ඇඳුමක් මට නව සීලන්තෙන් එවන්න පුළුවන්. ඉන අඟල් කීයද කියා එවන්න.(නදී)
මහතුනි, මුලින්ම ඔබලාගේ ඇස සහ මනස සංවර කර ගන්න. එවිට ඔබ අවට දිස්වෙන ලෝකයත් සංවරව පෙනේවි! සමහරෙකුට හිතෙනවා ඇති ලංකාවේ කාන්තාවන්ටත් අරාබි "බුර්කා" ඇඳුම අන්දවන්න. කාන්තාවන් සමාජයේ ගෝනි බිල්ලන් ලෙස සිටිය යුතු යැයි ද සිතෙනවාත් ඇති. මෙවැනි සිතිවිලි පහළ වන්නේත්, තමුන්ගේ මනස හරිහැටි පාලනය කර ගත නොහැකි අසහනකාරයින්ටම තමයි. (නි)
ඔව් දිල්ෂාන්, ඒක ඇත්ත (නි)
තරහ ගියාම පෙත්තෝ හූරනවා. (නදී)
සාරියක් ඇදගෙන යන, විනීත ඇදුමක් අදින අයට කවදාවත් මෙහෙම වෙලා තිබෙනවා කියලා අහලවත් තියනවද? ඒ වගේම මේ කොල්ලත් වැරදියි වගේම අම්මත් වැරදියි (නි)
80 දශකයේ මිනි ගවුම් අඳින්න ඇති. ඒ කාලෙ මෙහෙම දේවල් වෙන්න කැමරා දුරකතන තිබුනෙ නැහැ. අනික එහෙම දෙයක් වුණත් මේ වගේ පෙන්නන්න ලොකු මාධ්‍ය පහසුකම් තිබුනෙත් නැහැ (නි)
ඔයාලා කියන්නේ අපට ගවුමට විදුලි පංකා සවිකරලා ඉබ්බෝ දාලා යන්න කියලද? අනික මේ රස්නය කොහොම ඉවසන්නද? දෙයියෝ සාක්කි! (නි)
අනේ අප්පේ අපේ සංස්කෘතිය සදාචාරය ! (නි)
කුමාරිහාමී සාරිය ඇන්දම ලස්සන බව අද දැන ගත්තේ...පෙත්ත නංගි නම් මිනි ගවුමටමයි කවදත් හොඳ හැඩ රුව ඇත්තේ... .(නදී)
වඳුරන්ට දැලිපිහි.-රිලවුන්ට ඉනිමන්.(දිල්)
ගෑණු මොනවා කලත් හරි, අපි මොනවා කලත් වැරදි. දෙවියන් වහන්සේට වැරදිලාද අපිට වැරදිලාද ? (ස)
රණරාළ .... ඔයා කියන පෙම්වතිය ගැන කියන චින්තකයි අනිත් අදහස් දාල තියෙන චින්තකයි එක්කෙනෙක් නෙවේ. පටලව ගන්න එපා.(නදී)
මම ඉන්නේ බටහිර සංස්කෘතියක් ඇති රටක් වන ඕස්ට්‍රේලියා වල. මේ රටවල ගැහැණියක් නිරුවතින් ගියත් අත තියන්න තහනම්. නමුත් ගැහැණියට පොලිසියේ නඩු දානවා. මෙහි වසන අවුරුදු 60 ලාංකික මහත්තයෙකුත් ඔය වැඩේ කරලා දඩයකුත් කාලා හිරේ ගියා (නි)
චින්තක,ඔයාට ගොඩක් ස්තුතියි, ඔයාගේ මනසේ විෂ්කම්භය කොච්චරද කියලා පෙන්නුවට (නි)
ලංකාවේ මිනිස්සු හරිම පාරම්පරිකයි .(නදී)
ඉතින් පොඩ්ඩක් වීඩියෝ කළහම මොකද වෙන්නේ? (නි)
රොෂාන්, මම ලංකාවේ හිටියා නම් වක් පිහියක් අරගෙන එනවා මහා දවාලේ ඔයාව හොයාගෙන (නි)
මට තේරෙන විදිහට මේ අදහස් දාපු ගොඩක් අය මේ දේවල් කරනවා වගේ.මොකද ඒ කට්ටිය මේකේ වැරැද්ද දාන්නේ කාන්තාවට. (නි)
මෙතන ඉන්න සමහර පිරිමි අර නොහොබිනා වැඩේ හරි කියලයි අනුමත කරන්නේ. මේ අයත් ඒ වගේම තමයි (නි)
අනේ නැහැ තිවංක ඔයාලට වැරදිලත් නැහැ , දෙවියන්ට වැරදිලත් නැහැ. අපි මේ ගැහැණු වෙලා ඉපදුන එකයි වැරැද්ද වෙලා තියෙන්නේ (පිරිමි ඉතින් නාල ගෙට ආවාම පිරිසිදුයි කියනවනේ ) අනේ ඉතින් ගැහැණු අපිට...., සම්මා සම්බුදු සරණයි...!!! (ස)
ඔව් සෙනරත් , ඔබ හරි , අනෙක තමයි අර කීමක් තියෙන්නේ ''හිර ගැනීමයි - රෙදි ගැනීමයි තමන් මතේ ''කියල' කව්රු මොනවා ඇන්දත් අපේ මොකෝ (දිල්)
අර කොල්ලටත් මොලේ අමාරුවක් තියෙන්න ඇති නේද, නැත්නම් නම් ඕක වීඩියෝ කර කර බලන්න තරම් සුන්දර තැනක් නෙමෙයි නේද? (නදී)
පුදුම ජාතියේ මානසික රෝගීන් දැන් ලංකාවෙ ඉන්නෙ.මේ මිනිහව මානසික රෝහලකට රැගෙන යන්න. (ස)
අයියෝ! මේ කවදාහරි ජරාවට ගිහින් කුණුවෙලා යන ශරීරේ... පොඩ්ඩක් බැලුවම මොකද? (නි)
අපේ රටේ සමහර කොන්දක් නැති පිරිමි තමන්ගේ බිරියට විපරිත ඇදුම් අන්දවාගෙන ඉස්සර කරගෙන යනවා. සමහර අම්මලාත් එහෙමයි. එක්කෝ ගැහැණු දැනගන්න ඕනෑ. නැත්නම් ගෙදර මිනිහා බිරියට දෙකක් දීලා හරි කියලා දෙන්න ඕනෑ. (නි)
මට කියන්න තියෙන්න මහා නරක කෙනෙක් කියලා තමයි (නි)
මේවට වග කියන්න ඕනෑ ගැහැණු (නි)
ගැහැනියෙකුට තමුන්ට පහසු ඇඳුමක් ඇඳගෙන යන්නවත් නැති හැටි? (නි)
කාන්තාවන්ට ඕනෑ ම ඇදුමක් ඇදගෙන ගියාට වරදක් මා දකින්නේ නැහැ. ඒත් කාන්තාව ඇඳුමෙන් සංවර විය යුතු ස්ථාන ඇත. මග තොටේදී කාර්යාලයේදී ,පන්සලදීත්. ඒ විකාර දැක්කහම තරුණ කොල්ලන්ගේ සිහිය විකල් වෙනවා ,සීලය දැහැන් බිඳෙනවා.හැම උපාසකයෙක්ම හොර ඇහෙන් බලන එක නවත් වන්න පුළුවන් කමක් නැහැ. එම තරුණයාට තම සිත පාලනය කරගන්න බැරි වෙන්න ඇති.(නදී)
දිගට ඇඳලා ,මුහුණ වහගෙන ගියා නම් ඒ අය හොඳ හොඳ හැංඟිමුත්තන් කරාවි. පිරිමි අය ඕක ඇඳගෙන කාන්තා වැසිකිළි වලත් රිංගයි.ගැහැණුන්ට ඕනෑම වැඩක් හැංගිලා කරන්න පුළුවන්.කාටවත් හඳුනාගන්න ක්‍රමයක් නොමැති නිසා ඉබ්බා දියේ දැම්මා වගේ (නි)
චින්තක,වරද වරදමයි. ලෝකයා හදන්න අපිට බැහැ. අපේ හැදුණහම ඉවරයිනේ. ඔය ලොකු කතා දාන ගොඩක් අය ගැන අපි හොදට දන්නවා.ඔබට ජය ශ්‍රී! (නි)
ඒ කොල්ලගෙත් වැරැද්දක් තියෙනවා.දරුවන් සිටින මවක් දැනගන්නත් ඕන තමන්ගෙ දරුවන්ට ආදර්ශයක් වෙන්න. දැන් සමහර ගෑණු නම් අන්තිමයි.මෙතන ඒ කොල්ලත් වැරදියි.ඒ ගෑණු කෙනත් වැරදියි.අඳින එක ටිකක් දිගට ඇන්ඳ නම් මොකද වෙන්නෙ... (ස)
ගෑණු කොටට ඇඳගෙන යනවට හොඳ වැඩේ. ඒ කොල්ලා කරල තියෙන්නේ ඔය විදියට විඩියෝ කරපු එකේ වරදක් නැහැ. ගෑණු ඔයිට වඩා සංවර වෙන්න ඕන හොඳ වැඩේ. ඔය ගෑණිට මිට පස්සේ හරියට ඇඳගෙන යයිනේ. (ස)
කෙසේ නමුත් කාන්තාවන් නිරුවත් කිරීමට දරන වෑයම පිළිබඳ සතුටු වෙමි මන්ද යත්, එයින් මා නිරුවත් නොවන නිසාත් හා නැවත මෙසේ ප්‍රයත්න යොදා රූගත කිරිමට අවැසි නොවන නිසාත්ය. කණගාටුව නම් හදවතේ ලැගුම් ගන්නා සොඳුරු පින්වත් සොයුරියක්, මිතුරියක්, මවක්, දියණියක් විමට කිසිවෙකු නොවීමයි... (නදී)
අපේ මිනිසුන්ගේ මානසික අසහනය මේ වගේ සිද්දි වලින් පේන්නේ. ගැහැණු කෙනෙක්ගේ කකුල් 2ක් දැක්ක පලියට මනස ඇවිස්සෙනවා කියන්නේ ඒ මිනිහා ඉන්නේ මානසික අසහනයකින්. චින්තක එක්ක මමත් එකගයි.(නදී)
ජාති ජාතිවත් මාව මේ වගේ රටක ඉපදෙන්න එපා (නි)
ප්‍රතිචාර බැලුවම පෙනෙන්නේ ලංකාවේ හුඟක් පිරිමි අය කැමතියි වගේ අරාබි ඇඳුම ගැහැණු අදිනවානම්. (නදී)
චින්තක ඔබ නම් නියම පිරිමියෙක් තමයි. කොමෙන්ට් එකට තැන්ක්ස්.(නදී)
හත් දෙයියනේ මේ මිනිස්සු කතා කරන්නේ නෝනගේ ගවුම මැනලා බැලුවා වගේනේ !! රෙද්ද අස්සට කැමරා දාන එක හොඳයි, රෙද්ද කොට උන එක තමා වැරැද්ද.!! (ස)
ඔය වගෙ පිරිමි නිසා පිරිමිකම අැති අයටත් අද කැත නමක් තමා අැතිවෙලා තියෙන්නෙ. අනික අැදුම් අදින ගැහැනු උදවිය විනීතව අදින්න දැනගන්නත් ඕනෑ. (නි)
සජී...ලිදේ ඉන්න ගෙම්බෝ වගේ කතා කරන්න එපා. අරාබි රටවල්වල කොපමණ කාම අපරාධ වෙනවද? (අ)
රොෂාන්,ඔයා එයාගේ ගවුමේ තරම දැක්කා වගේනේ කතා කරන්නේ. දිගට ඇද හිටි ඔයාගෙම සහෝදරියකට එහෙම වුණා නම්, ඔයා එයාටද බනින්නේ? (නි)
චින්තක, ඔයා මොන කාලෙද පෙම්වතියව විවාහ කරගන්න ඉන්නේ? දැනගන්න අහන්නේ, මටත් ගෙයක් ගන්න බලන්න... (නි)
ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය, අනේ ඔයා කොහොමද දන්නෙ අපේ ගෙදර රන්ඩුව ගැන? එදා මම අයින් කරලා ඇන් තිබ්බ කොට ඇඳුම් අඩු ගානකට හරි විකුණලා දෙන්න හැකිද? මෙතන අදහස් දමන කොටට අඳින නෝනලට? ඔයා අර කුමාරිහාමිල ගැන අර වෙබ් අඩවිය ලියන නව කතාව ලියලා ඉවර කරන්නකෝ... (ස)
ලංකාවේ මානසික ලෙඩ්ඩු මේ වගේ පිරිලා ඉන්නෙ.ප්‍රසිද්ධියෙත් මේ වගේ දේවල් වෙනවා නම් ,නොදැනුවත්ව තව කොච්චර ඇද්ද? හොද දඩුවමක් දෙන්න ඕනෑ (නි)
චන්දි, දිගට ඇඳගෙන හිටියනම් මෙයා යටිකය වීඩීයෝ කලේ කොහොමද.. ? (නදී)
චින්තක හරි, කවුරුත් අඳින පලඳින විදිහට ඇඟිල්ල දික් කරන එක සාධාරණ නෑ.කොටට නෙවෙයි අතේ වැලමිටින් පහල, කකුලෙ විලුඹ ගාවට ඇඳලා ගිමය්ත මේ සමාජෙ ඉන්න 90% පිරිමි බලන්නෙ හැසිරෙන්නෙ නග්නව ඉන්නව වගේ.කාන්තාවන් හොඳයි කියලා මං කියන්නෙ නැහැ.ඒත් කාන්තාවන් පාරෙ බැහැලා ඕන වෙලාවක, ඕන තැනක යන්න ඉඩ ප්‍රස්තාව තියෙන්න ඕන.මට නම් මෙවැනි පිරිමි නියම පිරිමි ලෙස පේන්නෑ. සත්තුන්ට අන්තයි. (ස)
මෙම සේවකයාගේ නොමනා ක්‍රියාව අනුමත නොකරමි. නමුත්, පුරුෂයකු විසින් ස්ත්‍රියකගේ රුව ඇගයීම වරදක් යැයි මම නොසිතමි. අනාධිමත් කාලයක සිට කාන්තාවගේ රුව ඇගයීම සිදුවී ඇත. නැත්නම්, "ඉඟ සුඟ ගත හැක මිටින", "රන් හසුන් මෙනි" වැනි කාව්‍ය ඇගයීම් බිහි වන්නේ නැත. (ස)
රොෂාන් ඔයා හරියටම හරි.... (ස)
රොෂාන් .,! හොද වැඩේ ඔය ගෑණිට...? ඔයාගේ සහෝදරියක් උනානම් මේ කාන්තාව ''ඒත් '' මෙහෙම කියනවද...? (ස)
මේවට නීතියෙන් විතරක් විසදුම් හොයන්න් බැහැ. සිංගප්පුරුවේ මැලේසියාවේ තායිලන්තේ චිනේ ගැහැණු ළමයි අදින්නේ ගොඩක්ම කොටට. ඒත් කව්රුවත් බලන්නේ නැහැ. ඒත් ලංකාවේ ආර්තකය අනුව පිරිමි ළමයින්ට නියම වයසේදී විවාහ වෙන්න බැහැ. ඉතින් තාක්ෂනය අතට ආවම බලනවා.(නදී)
ගවුම කොට උනත් දිග උනත් බලු වැඩ කරන්න ගියාට හොඳ වැඩේ.මේ වගේ එවුන්ව තියන්න වටින්නේ නැහැ. (ස)
සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම්....(අ)
රොෂාන්..ගැණු ජාතිය විතරද සංවර වෙන්න ඕනේ ?පිරිමින්ට ඕනේ දෙයක් කළ හැකිද?මතක තියා ගන්න ඇඳුම නෙමෙයි වැරැද්ද නැහැදිච්චකම.ඔයත් මේ වර්ගයේම වෙන්න ඇති. (ස)
අපේ රටේ මව්වරු තමන්ගේ පිරිමි දරුවන්ට කාන්තාවන්ට ගරු කරන හැටි, කාන්තාවක් දෙස බලන හැටි, කාන්තා නිදහස අගය කරන හැටි මෙන්ම සම්බන්ධතා ඇතිකරගෙන පවත්වාගෙන යන හැටි කියලා දෙනවා නම් අපේ පිරිමි මේ තරම් අනාචාරශීලී වන්නේ නැහැ. තමන්ගේ මව, සොයුරිය, පෙම්වතිය, බිරිඳ, දියණිය ආරක්ෂා කරන්න හදන බොහෝ පිරිමි වෙනත් කාන්තාවක් දිහා බලන්නේ ලිංගික භාණ්ඩයක් ලෙසටයි. මව්වරු මේ තත්වය තමන්ගේ පිරිමි දරුවන්ට කියා දිය යුතුයි. අනිත් පැත්තෙන් පියවරු තමන්ගේ පිරිමි දරුවාගේ චරිත ශක්තිය වර්ධනය කළයුතුයි. ගැහැණියකගේ ශරීරාංගයක් දැකපු පමණින් කුලප්පු වෙන පිරිමියෙකුට දරන්න පුළුවන් වගකීම මොකක්ද? මේ සංවාදයට එකතුවෙන යම් උගත්කමක් ඇති පිරිමිත් ඔය විදියට හිතනවා නම් හන්දි ගානේ ත්‍රී වීල් පාර්ක් වල, ගමේ බෝක්කු උඩ ඉන්න පිරිමි මොනවා නොකරයිද? (නි)
කුමාරි, දැන් නෙමේ ඉස්සරත් මෙහෙම කොල්ලෝ හිටියා. මේක මානසික ලෙඩක් නෙමේ, ඕන කොල්ලෙකුට සමහර කෙල්ලෝ දැක්කහම පන්චේන්ද්‍රයන් නලියනවා. අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා විතරයි අනිත් අයට ගරු කරන්ඩ, මේ වගේ දේවල් නොකරන්න කියලා දෙන්න පුළුවන්. (ස)
බටහිර රට වල කාන්තාවන් බොහෝවිට ශරීරය පෙනෙන ලෙස ඇදුම් ඇදගෙන පාරේ ගියත් ලංකාවට සාපේක්ෂව ලිංගික අපරාධ එම රටවල ඉතාමත් අඩුය . ලංකාවේ කාන්තාවන් බොහොමයක් ඉතාමත් සංවරව ඇදුම් ඇඳගෙන යයි . නමුත් ලිංගික අපරාධ දිගින් දිගටම වැඩි වේ . මිනිසුන්ගේ මානසික පීඩනය මුදා හරින්න නිත්‍යානුකුල පරිසරයක් බිහි කිරීමේ අවශ්‍යතාවයක් තදබලව ඇත.උදාහරණයක් ලෙස ගණිකා වෘත්තිය නීතිගත කිරීම දැක්විය හැක . එවිට මිනිසුන් අපචාර වලට යොමු වීම හොඳටම අඩුවේ. (ස)
මම මේ අදහස දක්වන්නේ ගැහැණියක වශයෙන්. මොකද මමත් ගැහැණියක්. ගැහැණියක තමන්ගේ ගෞරවය ආරක්ෂා කර ගන්න ක්‍රියා කිරීම සාධාරණයි. නමුත් සෑම අවස්ථාවකදීම ගැහැණිය නිවැරයි කියන්න තරම් මම ඉක්මන් වෙන්නේ නැහැ. අද නූතන සමාජයේ ඇතැම් ගැහැණු ක්‍රියා කරන ආකාරය දැක්කහම මේ ලෙස ඕනෑම කෙනෙකුට සිතෙනවා. ඉස්සර ගැහැණු තමන්ගේ විලි බිය රැකගෙන සංවරකම තබා ගෙන ඇඳුම් පැළඳුම් ඇන්දා ගමන් බිමන් ගියා. නමුත් වර්තමාන සමාජයේ බොහෝ කාන්තාවන් තුළ ඒ තත්වය දැක ගැනීමට නොහැකි වීම බෙහෙවින් අවාසනාවන්ත කරුණක්. සමහර ගැහැණු ඉන්නවා හරිම උගත් නමුත් සංවරකම ඇත්තේම නැහැ. තමුන් උසස් කියලා හිතාගෙන අනුන්ව පහත් කරලා පාගලා පොඩි පට්ටක් කරලා අනුන්ගේ මානසිකත්වය බිංදුවට දාලා ඒ ක්‍රියාවලින් කුරිරු අධර්මිෂ්ඨ සතුටක් පහත් තෘප්තියක් ලබා ගන්නයි බලන්නේ. මම මේ කතා කරන්නේ මගේ පුද්ගලික අත්දැකීම් එක්ක සසඳා බලලා. මොකද මම දැකලා තියෙනවා විවිධ ක්ෂේත්‍රවල කාන්තාවන් ක්‍රියා කරන ආකාරය. සමහර කාන්තාවන් ඉන්නවා අනුන්ගේ ලිංගික ජීවිතයේ හැම කුණු කන්දලයක්ම හරිම සූක්ෂම විදිහට හොයලා ඒ පුද්ගලයන් අපහසුතාවන්ට ලක්වන අන්දමට ඒ සොයා ගන්නා තොරතුරු පතුරවලා හරිනවා. මේ විදිහට පතුරවලා යවන බොහෝමයක්ම තොරතුරු 100%ක්ම බොරු. මේ හේතුව නිසාම අසරණ අහිංසක කුරුළු කූඩු කඩා ඉහිරෙනවා. අසරණ තරුණ ජෝඩු වලට සැකය කියන විෂ බීජය එන්නත් කරන්නේ වැඩිපුරම කාන්තා පාර්ශවයයි. ඒක මම බය නැතුව ලැජ්ජා නැතුව ඕනෑම තැනක් ප්‍රසිද්ධියේ කියන්න සූදානම්. සාමන්‍යෙයන් පිරිමි ඒ වගේ දේවල් හොයනවා අඩුයි. විවාහ මංගල්ලයකට අදාළව වුනත් කාන්තා පාර්ශවය හොයන්නේම ලිංගික පැත්තට බරවුනු කුණු කන්දල්ම පමණයි. සමහර කාන්තාවන් මතුපිටින් අවිවාහක බව ලෝකයට ප්‍රකාශ කළාට මොකද හොර රහසේ ඔවුන්ට අයථා සම්බන්ධකම් විවාහක කාන්තාවන්ට වඩා තියෙන බව මම සහසුද්දෙන්ම දන්න කාරණයක්. මමත් කාන්තාවක්. මමත් කාන්තාවකගේ ගෞරවය පිළිබඳව ගොඩාක් හිතන කෙනෙක්. නමුත් එහෙම වුනා කියලා සත්‍ය ඒ විදිහටම ප්‍රකාශ කළ ස්ථානයේදී ඒ වෙනුවට අසත්‍ය පවසන්න මට හැකියාවක් නැහැ. පිරිමි සමහර අවස්ථාවලදී වංකයි තමයි. නමුත් එහෙම වංක පිරිමින්ටත් වඩා ඇතැම් අවස්ථාවලදී කාන්තාවන් වංකයි. වංක පිරිමියෙකුටත් වඩා වංක කාන්තාවන් ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා. එහෙම කාන්තාවකගේ වචනයක් විශ්වාස කරලා පිරිමියෙකුට වගවිභාගයක් නැතුව වැරැද්ද පටවන එකත් මම හිතන විදිහට එතරම් ම නිවැරදි නැහැ. ඒ නිසා යම් කිසි සිදුවීමක දී සමබරව අපක්ෂපාතීව දෙපැත්තම සලකා නිගමනයකට එන එක වැදගත් කියලා මම හිතනවා.(නදී)
ආදර්ශවත් මාවතකට දැන් ශ්‍රී ලංකාව ගමන් කරනවා. අනෙක් රටවල් වල කුණු හොයන අයට තමුන්ගේ රටේ වෙන දේවල් පෙනෙන්නේ නැහැ (නි)
මගේ පෙම්වතිය නම් අඳින්නේ හිරට කොටට ඇඟේ හැඩය මනාව කැපී පෙනෙන නවීන විලාසිතාවල ඇඳුම් පැළඳුම්. මම කැමතියි ඇය වෙනත් පිරිමින්ට පේන විදිහට නවීන විලාසිතා වලින් සැරසිලා යන එන එකට. (නදී)
සමන්ත ළමයෝ, දිගට ඇඳලා හිටියොත් විලුඹ හරියෙන් සායට යටින් කැමරාව අල්ලලා වීඩියෝ කරන්න පුළුවන් කියා වැටහෙන්න වීඩියෝ පාඨමාලා කරන්න ඕන නැහැ. (ස)
ඔය සමහර අක්කලා නංගිලා කොටට අදින්නේ මානසික රෝගයකට වෙන්ඩ ඇති නේද කුමාරි අක්කේ? (ස)
පුංචි කුමාරිහාමි ඔයගේ ලොකුකම තිබ්බාට පෙන්නන්න එපා. වංසේ තිබ්බට ඒක අනුන්ට පේන්න කබල්ගාන්න එපා. බොරුවට මෙතන උපාසක අම්මා චරිතය රඟපාන්න එපා. ඔයා කොටට අඳින නිසා සැමියා අත දිග ඇරලා දවසක් දුන්නේ නැද්ද අතේ ඇඟිලි පහම මූනේ හිටින්න. මම කියන්නේ කොටට අඳින එක වැරැද්දක් නෙවෙයි. අනික කොටට ඇඳලා අපි යන එන කොට කොල්ලෝ බලනවා තමයි. කොල්ලෝ අපි දිහා බලන්නේ නැතුව නාකි ආච්චිලා දිහා බලන්නද? මෙතන ඒකටත් ඉරිසියාවේ පුපුරණ කුඩුකේඩු ගෑනු අම්මණ්ඩිලා රොත්තක් රොඳ බැඳගෙන ඉන්නවා කියලත් මම දන්නවා. අනික මෙහෙම වීඩියෝ කරන එක කොහොමද නරකක් වෙන්නේ. එහෙම විිඩියෝ කරන එක නරකක් නම් ඇයි අපේ ඔය සම හරක් කෙල්ලෝම ස්කයිප් හරහා තමන්ම වීඩියෝ කරගෙන තමන්ගේ නිරුවත් පින්තූර කොල්ලන්ට යවන්නේ. ඒ කෙල්ලෝ ආස නිසානේ. ඉතින් හැම කෙල්ලෙක්ම එහෙම නැතිව ඇති. නමුත් මම කෙල්ලෙක් වශයෙන් මම නම් ආසයි මාව කවුරුහරි පින්තූරයට නඟනවාට. මම නම් නිරුවත් පින්තූර මේ තාක් කාටවත් දීලා නම් නැහැ. එහෙම දෙන්න බලාපොරොත්තුවක් වත් නැහැ අනාගතයේදී. (අ)
කාන්තාවක් ස්වභාවයෙන්ම සුන්දරයි. ඒ දිහා බලා සතුටු වන්ට ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. අසංවර සිත දමනය කර ගැනීම පිරිමින්ට බාරයි. සෝමසිරි කියලා තියෙනවා ලංකාවට වෙලා තියෙන දේ. (ස)
රුවන්, පොඩ්ඩක් වීඩියෝ කළහම මොකද දන්නවද වෙන්නේ? ඊට පස්සේ මෙම සේවකයා තම සගයන් සමග එය හුවමාරු කර ගන්නවා. ඉන්පසු, නැහැදිච්ච තව කෙනෙක් ඒක අන්තර්ජාලයට නිකුත් කරනවා. මෙය ඇගේ සැමියා දැන ගත්තොත්, ඇගේ විවාහයට බලපානවා. ඒ ගැන ගෙදර වාද කරනකොට දරුවෝ දෙන්නා දැන ගන්නවා. මෑතකදී, මෙවැනි වීඩියෝවක් නිසා අපේ කෙල්ලෙක් සියදිවි නසා ගත්තා. පේනවා නේද, පොඩ්ඩක් වීඩියෝ කළහම වෙන දේ? (නි)
ලජ්ජා වෙන්න එපා සදුනි ඇත්ත කියන්න ඔයත් කොටට නේද අඳින්නේ? (ස)
අමිෂා කාවින්දි....කව්ද ඒ.(නදී)
කෝසලගේ නිවැරදි නොවන ආකල්පයට පිළිතුරක් නොදීම බැහැ. මේ ලෝකයේ මිනිසෙකුට තවත් මිනිසෙකුට ගරු කරන්න රහත් වෙන්න ඕනෑම නැහැ. එයට තමන්ගේ පුද්ගලිකත්වයේ සීමාව හා අනුන්ගේ පුද්ගලිකත්වයේ සීමාව ගැන දැනීමක් පමණක් ඇති. ගණිකාවකට, වැඩිහිටි චිත්‍රපට රඟපාන නිළියකට වුණත් පුද්ගලිකත්වයක් තිබෙන අතර, එවැනි පුද්ගලයෙකුට වුණත් මෙවැනි පොදු හා ප්‍රසිද්ධ තැන්වලදී ඔය වගේ පුද්ගලිකත්වය වැනසෙන දේවල් කරන එක වැරදි නොවේද......?කිසි වැරැද්දක් නොකළ මේ කාන්තාව දැන් පොලිසිය ඉදිරියේත්, තමන්ගේ නීතිඥයෝ ඉදිරියේත්, දෙනෝදාහක් මැද අධිකරණය ඉදිරියේත් ඔය වීඩියෝ එක පෙන්නලා සාක්කි දෙන්න ඕනෑ නේද.....? තමන් ශරීරයේ වසා සිටින තැන් ප්‍රසිද්ධියේ හැමෝටම පෙන්වන්න ඇය කළ වැරැද්ද මොකක්ද...? (නි)