ගිය වසරේ ඔක්තෝබරයේ සෞදි අරාබියේ රියාද් නගරයේ රැකියාවට ගිය සෙවනගල කොවුල්ආරේ තිදරු මවක් වන රානී වීරසිංහ මහත්මිය පවසනුයේ හරියට කෑමක් නැතිව වැසිකිළියේ වතුර බී වහල් ජීවීතයක් ගත කළ බවයි.
‘සෞදි ඒජන්සිකාරයා ලංකාවේ සමහර සේවිකාවන් ආසාව සපුරාගන්න අරගත්තා මටත් කරදර කරන්න හැදුවා.වයස අවුරු හැටකට කිට්ටු ගෑනු කෙනෙකුයි මායි මිනිහට ගහලා ඉන් බේරුණා.තවත් බොහෝ පිරිසක් සෞදියේ දුක් විදිනවා.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි ගිය මල්ලි කෙනෙකු කුණු බක්කි කාලා ජිවත් වුන ආකාරය ලංකාදීපය හෙලි කළේ දැන් සතියකට විතර කලින්. මට මත හැටියට එයා උඩවලව පැත්තේ. මේ කාන්තාවත් එම පැත්තේමයි. මෙවැනි දුප්පතුන් ඉන්න ගම ට රැකියා මේ රටේ නැද්ද? (නි)
අපේ රජයට ඕන සල්ලි විතරයි (අ)
රාජේෂ් මහත්මයාණනි, ඔබගේ අදහස සමග මම 100% ක් එකගයි (නි)
මාධ්‍ය සධාචාරය ගැන නීතිය ඉක්මනටම ගෙනල්ලා මිනිස්සුන්ගේ ඇසට වැලි ගැහුව නම් මේවා පත්තරවල පලවන්නේ නෑ. එතකොට වගකිව යුත්තෝ බේරිලා. (නදී)
ඔය කොයි කවුරුත් කියනවා වගේ ඔය රටවලට යන්න එපා කියල දෙයියන්නාන්සේ කිව්වත් දරුවන් බඩගින්නේ අඩනකොට, ඉල්ලගන්න තරම් වත් පෝසත් කෙනෙක් අහල ගම හතකවත් නැතිකොට ඒ දරු කැක්කුම දරාගන්නම බැරිව මොන දුකක් හරි විදලා ළමයිට යහපතක් කරන්න හිතාගෙන තමයි ඔය යන්නේ. මොකද කොලඹ 7 නෝනලා හරි සාමාන්‍ය පවුල්වල හරි කට්ටිය යනවද නැහැනේ. ඉතින් අපිට ඒක නතර කරන්න නම් ඔවුන්ට වේලක් ඇර වේලක් වත් කන්න පුළුවන් විදියේ රැකියාවක් හොයල දෙන්න වෙනවා. මෙන්න ඔයගොල්ලන්ට කරනවා නම් ඒක කරන්න අවස්ථාව.(නදී)
ඉස්සර අපේ රට ප්‍රසිද්ධ වුනේ ලෝකයේ හොදම තේ නිපදවස රට හැටියටයි නමුත් අද ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මැද පෙරදිගට වහලුන් යවන රට හැටියටයි.ඔය කොච්චර බයිල කිව්වත් මැද පෙරදිග ගෘහ සේවිකාවකට ගෙවන වැඩිම වැටුප රුපියල් 2500/ යි.එහෙ ගිය කාන්තාවක් කියනව නම් ලක්ෂ ගනන් පඩි ගත්තයි කියල ඒ වෙන වෙන ක්‍රම වලින් වෙන්න ඇති.ඉතින් එහෙව් එකේ තුට්ටු දෙකට උන්ගෙ වලං හොදන්න ගිහින් උන්ගෙන් ගුඩි බැට නොකා තමන්ගේ සැමියා, දරුවන් දැක දැක අපේ රටේ රුපියල් 10,000/ විතර පඩියකට සුලු හෝ රැකියාවක් කරන එක නරකද. (දී)
බලධාරීන්ගේ අවධානය යොමු නොවන්නේ අයි?(දී)
මේ මිනිස්සු යන්නේ රටේ තියන දුප්පත් කමනිසයි ,නොදන්නා කම නිසයි ,අරාබි අය අපේ කාන්තාවන්ව සෙල්ලම්බඩු කරගන්නවා (දී)
හොද වැඩේ (දී)
අම්මල රට යනවා, දරුවොට්ක තාත්තට බාරදීල...?තාත්ත ඒ දරුවොටික දුෂණය කරනවා ..? ඊ යේ එක්තරා මද්දයකින් දුටුවා මට ඉහ මොළ රත් උනා, දෙවියනේ.. තම ලෙයින් ජාතක උණ දරුපටියව ඇස්දෙක වගේ බල ගන්න ඕන නේද ...? ගහනුනේ දරුවොනම් තාත්තලට දීල කොහෙවත් යන්න එපා ,පිට රට තියා, එ නිව්ස් එක කීවට පසුව මට තවමත් ෂොක් එක වගේ,අහිංසක කිරි දරු පැටියව මරල ,රැය පුරාම දුෂණයට පත් කර ටොකු අනලම මරල ...?මිනිසුනේ තම හැගීම් පාලනය කර ගනිල්ලා , අසරණ දරුවෝ ආරක්ෂා කරගනිල්ල ...? (දී)
දැන් ලංකාවෙත් තියෙනවා නේද ගෘහ සේවිකාවන් සොයා දෙන ආයතන? එයින් එකක ලියාපදිංචි වෙලා ලංකාව ඇතුළෙන්ම රැකියාවක් සොයා ගත්තානම් ඔය තරම් කරදර විඳින්න වෙන්නේ නැහැනේ.කොහෙද ඉතින් සමහර අයට පිටරටම යන්න උවමනා නේ.(නදී)
කෝ පසුගිය දවස්වල සෞදිය ගැන වර්ණා කරපු කට්ටිය...?අනේ මේක මිහි පිට අපායක් අපේ අහිංසක කාන්තාවන්ට දස වද දෙන්නේ. ගරු ජනාදිපති තුමනි අපේ රටට මේ ශ්‍රමිකයන්ගෙන් මොන අදයමක් තිබුනත් මේ වගේ තිරිසන් රටවල් වලට අපේ අහිසක කාන්තාවන් එවන එක වහාම නවත්තන්න.(අ)
රන්ජනී: කවුද කියන්නෙ ලංකාවෙ කරන්න දෙයක් නෑ කියලා. අපේ මිනිස්සුන්ගෙ ආකල්පයි වැරදි. රටේ දුප්පත්කම නෑ කියන්නෙ නෑ. ඔය වැඩි හරියක් ගැහැණු අයගේ ස්වාමිපුරෂයින් තනිකර බේබද්දො. ඔන්න කවුරුහරි කිව්වා නම් අනේ ඔයාට රට ගියා නම් හරි කියලා, පහුවදාම කන කර ගෙවල් දොරවල් උගස් කරලා රට යනවා. වැඩි දෙනෙකුට කිසිම දෙයක් ගැන දැනුමක් නැහැ. අරාබි, හින්දි වගෙ භාෂාවක්වත්, විදුලි උපකරණ පරිහරනය ගැන දැනුමක් නැහැ. අන්තිමේ දි දවසෙ පැය විසිහතරම වගේ වැඩකරලා කීයද ලැබෙන්නෙ. මාසෙටම රු. 20,000 ක් 30,000ක් නේද? පිරිමි කම්කරුවාගෙ තත්වයත් මීට වැඩි නැහැ. (ස)
මේවා අද ඊයෙ උන දේවල් නෙවෙයිනෙ..ඕවා දැන දැනත් මොකටද ඕවට යන්නේ? මිනිස්සුන්ට නැති බැරිකම් වෙනවා. ඒත් .ඔයවගෙ පිට රටවල් වලට යන්නෙ නැති බැරිකම් නිසා නෙවෙයි මුදල් තන්හාවට . ජීවත් වෙන්නට තරම් මුදල් හම්බ කරන්න පුලුවන් කොච්චර ජොබ් ලංකාවෙ තියනවද? (නදී)
රුපියල් ලක්ෂයක් දීල ගෙනියන්නේ සෞදි කාරයන්ට බලාගෙන එන්න නෙමෙයි , කොච්චර කීවත් යනවනේ, (දී)
අනේ පත්තරයක් වත් බලන්නේ නැද්ද? (දී)
ඒ රටවල්වල ගිය අපේ උන්ට වෙන දේවල් වලට කිසිම සාදාරණයක් නැ. අපේ රටේදි උන්ගෙ එකෙක්ට මොනව හරි දෙයක් උනොත් අපේ උන්ට දැඩි දඩුවම්. (නදී)
රත්නායක මෝඩ කම තිබුනට එක ප්‍රදර්ශනය කරන්න එක විලාසිතාවක් කරගන්න එපා.රාජේශ් ඔය හරියටම හරි මම අවරුදු 13 ගුරු සේවය කල.මම දන්නවා ප්රායූගික නැති අධ්‍යපනයක් අද තියෙන්නේ.උගතුන් බිහි කරත් ආකල්පමය වෙනසක් තුලින් බුද්දිමත් මිනිසුන් බිහි නොවන අධ්‍යපන රටාවක්
විෂය භාර ඇමතිට දන්වන්න (දී)
සෞදි අරාබියාවට අපේ කාන්තාවන් මෙහාකර වැඩවලට යවන එක පවතින රජය දැන්වත් තහනම් කරන්න. (නි)
ඕකට දෙන්න ඕනේ රජ කාලේ දඩුවමක්.. (ස)
සෞදිය ගැන දැන දැන යන තොත්ත බබාලා , අනේ මගේ කට .... දැන් එනවා මෙහෙ විකාර කියවොගෙන . (දී)
වග කිව යුත්තන්ගේ අවධානය යොමු වේවා ,නිතී තදින් ක්‍රියාත්මක කරන්න. (ස)
දුමින්ද, නීති තද කරන්න ඕනෑ කොහෙද? ලංකාවේද අරාබියේද? මෙහෙ මිනිසුන්ට කන්න නැති හින්දා නේද එහෙ යන්නේ? යන එක නවත්තමුකෝ. අපිම යවලා අපිම කෑගහනවා (නි)
ඔය අලුත් නීති රීති අවට ඔවුන් ඒ එකක්වත් ගණන් ගන්නේ නැහැ අපේ සහෝදරියෝ අම්මල මෙහෙ එන්න එපා කියල ප්‍රචාරය කරන්න කියල මම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා රජයයන් කවදාවත් එවැනි දෙයක් බලාපොරොත්තුවෙන්න බැහැ.(නදී)
ආසාවන්ට ඉඩ දියයුතුයි (නි)
අනේ අපොයි! රටකට වෙලා තියෙන හදියක්! රටවිරුවෝද මේ? (නි)
මේවට වග කියන්න ඕනේ ලංකාවේ කොන්ද පන නැති මිනිස්සු ගෑනිව රට යවල එයාල යැපෙන්න බලන්නේ.මෙහෙ වෙන දේවල් දන්නේ මෙහෙ ඉන්න අයම පමණි.(නදී)
ලංකාවේ කරන්න දෙයක් නැති නිසා අරාබියට යනවා. දුප්පත නිසා කව්රුවත් බලන්නේ නැහැ. අද රටේ ආර්ථිකය නිසා දුප්පත් අය තැලෙනවා. ඒකයි රට රස්සාවකට හරි යන්න හදන්නේ.(නදී)
කෝ අර පහුගිය දවස්වල සෞදිය හොදායි කියපු කට්ටිය? අපි මේ රට ගැන හොදට දන්නවා. අපි පිරිමි වෙලාවත් හරියට රැකියාවක් කරගෙන යන්න බැරිකොට අනිත් අය ගැන තව මොන කතාද? (නි)
කරුණාකරලා සෞදියට අපේ කාන්තාවන් යවන එක නතර කරන්න බොරුවට අපිට රට විරුවෝ කියා නම්බු නාම දුන් පලියට හෝ ගෘහ සේවිකා වෙනුවට ගෘහ පාලිකා කියා නම් වෙනස් කල පලියට කරන්න තියෙන්නේ එකම රාජකාරිය. සිද්ද වෙන්නෙත් එකම දේ. මමත් වසර ගණනක් මැද පෙරදිග සිටින නිසා කියන්නේ ගැහැණුනම් රට එවන්න එපා . අපේ පිරිමි කෙසේ හෝ ශිල්පයක් ඉගෙනගෙන පුහුණු ශ්‍රමිකයන් ලෙස විදෙස් ගත වෙන්න. දැන් පෙර මෙන් නොව මැද පෙරදිගට ලංකාවේ පුහුණු ශ්‍රමිකයන්ට හොඳ ඉල්ලුමක් තියනවා. පිරිමි වන අපි අපේ ගැහැණු දරුවන් ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක් සහ වගකීමක් බව සිතා ගනිමු. (නදී)
වගකිවයුත්තෝ කොහෙද ඉන්නේ? අනේ මම දන්නේ නැහැ (නි)
නවනිදන් පිල්ලේ යන්න ඕනේ මැද පෙරදිගටයි . මෙහෙට මොනවට එනවද මන්දා ? (දී)
මෙයා ටිකක් කටකාරයි වගේ (නි)
කොහොමත් ඒජන්සි කාරයෝ [අරාබි මිනිස්සු }අපේ ලංකාවේ තරුණ ගැහැණු තියාගෙන ඉන්න බව ඇමතිලා නොදන්නවා නොවේ. වැඩිම ඒජන්සි කරන්නේ අපේ රටේ කාන්තාවෝ . ලංකාවට මුදලුත් සමග කලවම් උන ජාතියක් අනාගතයේ ඉතිරිවේවි.(නදී)
අපේ රටේ නිසි බලධාරීන් මේ වෙනුවෙන් මොනවද කරන්නේ? (දී)
මම සෞදි වල වසර 6 වැඩ කරල ආවේ. අපේ කාන්තාවන් සෞදි වලට යවන්න එපා අපේ අසරණ පවුල් ඉවර කරනවා. (නදී)
සෞදි කියන්නේ මහා ගෝත්‍රික මිනිස්සු ඉන්න රටක්. අරාබිකරයෝට උගත්කමක් නැහ විසේසයෙන් අරාබි ගෙහෙනුන්ට, ඉතින් උන් මේ වෙඩට එන අයගෙන් තිරිසනුන්ට වගේ සලකා වැඩ ගන්න බලන්නේ. (අ)
කොහේ ද අනේ ඔය මහිලා සංවිධාන? අපේ ගැහැණු අය වහාම දැනුවත් කරන්න සෞදියේ රැකියාවන්ට නොයවන්න.(නදී)
මේවට වගකියන්න ඕන අපේ රටේ පාලකයෝ, අපිට වඩා දුප්පත් රටවලින් වත් මෙහෙම කාන්තාවන් එවන රටක් ලෝකේ කොහෙවත් නැහැ. මේවා අපි කාට කියන්ද? (නදී)
කරුණාකර ඔබව සෞදියට යවපු රැකියා ඒජන්සියේ නම සහ ලිපිනය දන්වන්න පුලුවන්ද ?(නදී)
උගත්තු වගේ බොරුවට රඟන අය ටිකක් මෙතන අදහස් දාලා තියෙන්නේ. (නි)
මේවාට පිළියම් නැත. (නි)
සෞදි යන්න එපා කිව්වට අපේ කට්ටිය අහන්නේ නැහැනේ. රට යන්න ඕනා නම් වෙන රටකට යන්න (නදී)
දැන්වත් ලිංගික මෙහෙකාර සේවය නවත්වමු. පුහුණු ශ්‍රමිකයෝ විදේශ රැකියා වලට යවමු. (නි)
පාලකයන්ට කලින් තිරණය ගන්න ඕන ගෙදර මිනිහ,මොකද මීට වඩා ගොඩක් දුප්පත් රටවල් තියනවා ඒ මිනිස්සු ගෑණිව රට යවලා ජිවත් වෙන්න හදන්නේ නැහැ.(නදී)
හොද වැඩේ කියන දේ නාහා යනවට. තවත් යන්න (නි)
මොකටද මෙච්චර පතරවලත් ලියද්දි තවත් යන්නේ? සෞදි යන්නත් එපා, අරින්නත් එපා. මේවට විරුද්ධව නැගී සිටිමු. (නි)
සවුදිය කියන්නේ නරකාදියක්. පාපකාර ජාතියක් . තෙල් නිසා ටිකක් සල්ලි තියනවා. නැත්නම් මිහි පිට අපායක්. ඇයි අපේ කට්ටිය මෙච්චර අනුවන වෙලා තියෙන්නේ. (නදී)
ආසියාවේ ආශ්චර්යය කියන්නේ මේකට තමයි. (නි)
සෞදි යන කාන්තාවන්ගේ රැකියාවේ කොටසක් මේ අයගේ ආශාවල් ඉටුකිරීම.(නදී)
ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය වෙනස් කල යුතුයි , ඔවුන් සිතාගෙන ඉන්නේ ඔවුන් දුප්පත් කියල , නමුත් ඇත්තටම නැහැ , ඒවා තේරෙන්නේ පිටරට ගියහම. මේ සවුදි රටවල මිනිස්සු ඉතා පවුකරයි. තෙල් නිසා සමහර දේවල් තිබුනට ඔවුන් ඉන්නේ දුකේ. මතු ආත්මවල උපදින්නෙතේ නිරයේ අපායෙ එහෙම නැත්නම් තිරිසන් ආත්මවල පමණයි. (නදී)
ලංකාවේ සියලුම දේවල් තිබිලත් අපේ මිනිස්සු දුක් විදිනවා, මෙයට මූලික හේතුව අපේ අධ්‍යාපන ක්‍රමයයි . අපි උගන්වන්නේ පොත් කියවන්න , වැඩ කරන්න , සොයා ගැනීම් කරන්න , සල්ලි හම්බ කරන්න නෙමෙයි . ඉතින් ජාතිය පහලට යනවා. මේ කියන රටවල් ඇත්ටටම ජරා ජාතින් සහ මිත්‍යා ආගමිකයෝ සිටින රටවල් , අපේ මිනිස්සුන්න්ට මේවට යන්න නොදිය යුතුයි.(නදී)
සෞදි ගිහින් කවුද බේරිලා ආවේ? (නි)
ලංකාවේ හිග මන් යදිනවා මෙයිට හොදා.(නදී)
අපි මොනවා කියන්නද
අනේ මන්දා! අපි හැමදාමත් මේ තීරුවෙන් මේ ගැන ලිවුවට වැඩක් නැහැ. මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)
මොවුන්ගේ මෝඩකම් යන්නේ නැහැ කවදාවත් කොයි තරම් දේවල් වුනත්. (නි)
කාන්තාවක් රට යාමට පෙර දෙවරක් සිතන්න (නි)
වාස් කියපු වචන ටික හරියටම හරි. රත්රන් කියමනක්. සල්ලි ම නෙමෙයි ජීවිතේ. මටත් කියන්න තියෙන්නේ ඒකමයි (නි)
මේ අයට එපා කියුවට යනවා ඉදුල් කන්න අමාරුවේ වැටුනහම ආණ්ඩුවට බනිනවා (දී)
ඇයි ඉතින් අපේ රටේ බලධාරීන්ට පුළුවන්නේ ගොඩක් දේවල් වලට වාරණ දාල තියා ගන්නවා වගේ අපේ රටේ කාන්තාවන්ට ගෘහ සේවයට විදේශයන්ට යන්නට ඉඩ නොදී තියා ගන්න,, වර්තමානයේ නොයෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා සේම නව රැකියා ජනනය කරන්න පුළුවන් විදිහේ වැඩසටහන් හඳුන්වලා දෙනවනම් මේ විදිහට කාන්තාවන් විදේශ ගතවියයුතුත් නැහැ, රටක් හැටියට ඉදිරියට යා යුතුනම් මුලින්ම රටේ ජනතාව අන්‍ය රටවල නිවෙස්වල වදකන්න යන එක නැවැත්විය යුතුයි,(දී)