හිටපු ලොකු තැන කුරැණෑගල පඬුවස්නුවර පැත්තෙ මහජන රුස්වීම් ගණනාවකට ගියා මේවට පළාතෙ බුලත් කොළේ මැති ඇමැතිල කස්ටියටම ආරාධනා කළා.. සෙල්ලං ඇමැති තුමාටයි ඉන්දික උන්නැහේටයි එන්න කියලලු තිබ්බෙ..
ඊට පස්සෙ ඉන්දික උන්නැහේ සෙල්ලං ඇමැතිට කීවලු අපි දැන් අලුත් ලොකු තැන එක්ක ඉන්න නිසා පරණ ලොකුතැනගේ ජනහමුවට ගියොත් ටිකක් ජරමර වෙන්න පුළුවන් නිසා මම නම් යන්නෙ නැහැ කියලා.. ඒත් ඒක පිළිගන්නෙ නැති සෙල්ලංතුමා "ගට්ස්" අරන් ඔය රුස්වීමට ගියාලු..
ඉතින් එතන හිටපු ජනතාවට මෙයා දැක්කම මලම පැන්න කියනවා ඊට පස්සෙ රුස්වසිටි ජනයා ඇහුවලු කොන්දක් කියනවනම් ඇයි මෙහේ ආවෙ කියලත්.. ඒ අස්සෙ නරින්ගෙ "ජාතික ගීයත් සමහරැ ගයන්න පටන් අරන්.. ඒ ගමන හිටපු ලොකුතැන සෙල්ලංතුමා තමන් ළඟට ගෙන්නල වාඩි කර ගත්ත.. ජනතාවට නිශ්ශබ්ද වෙන්නත් කිව්ව.. ඒත් මලපැනල හිටපු හාදයො සද්දෙ නැවැත්තුවෙ නැතිලු...
ඊළඟට සෙල්ලංතුමාට උපදෙස් ලැබුණලු හෙමින්ම යන්න කියලා.. ඒ අනුව උන්නැහේ යන්න යන කොට සද්ද බද්ද වැඩිවෙලා වැලි ගල් එහෙමත් උඩින් යනව දැක්ක..
කොහොම හරි පැමිණ සිටි ජනයාගෙන් සමහරැ සෙල්ලංතුමාගෙන් උත්තරදෙන්න බැරි ප්‍රශ්න වගයක් අහලා ඒක ලොකු වාදයක් බවට පෙරළිලා මහ ජරමරයක් වෙන්න ගියාලු.. අතපය පවා උස්සගෙන වලියට ලෑස්ති වෙනකොට ලෝක අමාරැවෙන් ජොනීලා සාලින්දලා ජාම බේරගෙන සෙල්ලංතුමාට යන පාර පෙන්නුව කියලයි ආරංචි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සෙල්ලංතුමාගෙ කොන්දෙ ප්‍රශ්නෙ