පොලිස් දෙපාර්තුමේන්තුව පසුගිය රජයේ අයවැය යෝඡනා අනුව පොලිස් කෙෂේත්‍ර නිලධාරින් හට තිරු බදු රහිතව බෙදා දිමට ගෙනා යතුරු පැදි තවමත් මහනුවර පොලිස් ස්ථානයේ සහ ගම්පොළ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නොබෙදා ගාල් කර ඇති බව මහනුවර පළාතේ පොලිස් නිලධරයෝ කියති. ඒවායින් කොටසක් බෙදා ඇත.
මේ සඳහා පොලිස් කතක රුපියල් 45000ක් ද, කොස්තාපල්වරයකු රුපියල් 50,000ක් ද මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෙත ගෙවා ඇතැයිද ඹවුහු පවසති.
මෙම යතුරු පැදි මැතිවරණයට කලින් බෙදා දිමට ගෙනාවත් මැතිවණය සමයේදි බෙදා දිම නවතා දැමූ බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර විතරක් නෙමෙයි මාතලේත් ඔය ටිකමයි. අහිංසක පොලිස් පොඩ්ඩො සමහර අය ගෙදර තිබුන රත්තරන් බඩු බැංකුවේ තියලා සල්ලි අරගෙන තියෙන්නේ. මේ ආණ්ඩුවෙන් ඒ සම්බන්ධව කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ ගැන කිසිම ඇමතිවරයෙක් කතා කරන්නෙත් නැහැ. (නි)
ඡන්දය දුන්නා නේද? දැන් සද්ද නැතුව හිටියා නම් නේද හොඳ? (නි)
අපරාදේ රුපියල් 50000. .විමර්ශනයක් කළොත් හොදයි නේද ?(දිල්)
ජනාධිපතිවරණයට කලින් මේ බයික් නිකන් දෙනවා කිව්වා නේද ඒවා දැන් අමතකද (දිල්)
පොඩ්ඩක් ඉවසන්න දින 100 පුරාවිද්‍යාවේ වැඩ තාම ඉවර නැහැ.(හේ)
සල්ලි ගෙවූ සියලුම දෙනාට යතුරු පැදි ලබා දිය යුතුයි.(හේ)
බය වෙන්න එපා. යතුරු පැදි සහ ඒසදහා ඔබලා ගෙවන ලද 50000.00 දින 100 තුල ලබාදෙන බවට පොරොන්දු උනානේ. (නදී)
බයවෙන්න එපා. යතුරුපැදි සහ ඒ සඳහා ඔබ ගෙවන ලද 50000.00 දින 100 තුළ ලබාදෙන බවට පොරොන්දු වුණානේ (නි)
ගණන්ගන්න එපා. පොලිසියේ අයට තවම ලයිසන් නැතුව ඇති වාහන පදවන්න (නි)
යතුරුපැදි ලබාදීමට මුදල් ගැනීම පොලිස් නිළධාරින්ට පමණක් නොව නාවික හමුදාවටද ඒ ආකාරයටම සිදුවුණා කියලා තමයි අපිට ආරංචි. මුදල් ලබාගත් නමුත් යතුරුපැදි ලබාදීමක් සිදුවෙලා නැහැ නේද? ඒ පිළිබඳ නව රජයේ අගමැතිතුමන් හෝ වගකිවයුතු පුද්ගලයකු මැදිහත් වී සාධාරණයක් ඉටුවන්නේ නම් එය අගයකොට සළකමි (නි)
පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ.පරණ අය ඕවා ගෙනාවේ එයාලගේ අතින්ම බෙදා දෙන්න. තව ටික දවසකින් බෙදයි (නි)
පත්තරයේ පළ කරලා තිබුණා මාධ්‍යවේදීන්ට මෝටර් සයිකල් දෙන කථාවක් ඇමති තුමා කිව්වා කියලා. ඒ ගැන කවුරුත් දැන් කථා නැහැ. උපකල්පනය කරලා දාපු පුවතක්වත්ද කියලා හිතෙනවා. (දිල්)