IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සල්ලි හොයපු විදිය කියන්න වසන්ත ලෑස්තියි

(සුජිත් හේවාජුලිගේ)

තමා දේපළ උපයා ගත්ත ආකාරය ගැන හෙළි කිරීමට සූදානම් බව  වෙළෙඳ  වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන  අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

තමා වත්කම් බැරකම් ප්‍රකාශ   දුන්නේ  එ් හැකියාව තියෙන නිසා බව කී අමාත්‍යවරයා   ජනතාවගේ  මුදල් හොරා කෑවේ වෙන කවුරැත් නොව  පෝලිමට හිරේ යන කට්ටිය බවද    සඳහන් කළේය.

අවුරුදු විසි ගාණක්  තිස්සේ තමා හරි හම්බ කරගත් දේවල්  අැති බවත් ඇත්ත කිව්වට අද   සමහරු   බියවී සිටින බවත් සමරසිංහ මහතා පැවසීය.

තමා අයත් වන්නේ   තඹුත්තේගම සිටින පරණම පවුලට  බවත් තඹුත්තේගම තියෙන  තමාගේ  ඉඩම් දෙක පමණක්  මිලියන 225ක්  වටින බවත් ඔහු කීය

තමා විශ්ව විද්‍යාලයට යන්න කලිනුත් මෙහි ටියුෂන් කළ බවත් තමා  සදහන් කළේ  තමාගේ  ඉඩම්වල වෙළඳපොළ වටිනාකම බවත්  හෙතෙම  සඳහන් කළේය.

තඹුත්තේගම නගරයේ වෙළඳ වටිනාකම අද කවුරුත් දන්නා බව පැවසූ වසන්ත සමරසිංහ මහතා අප හැමදාම ඇත්ත ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.

“මෙම වත්කම් අල්ලස් කොමිසමට  අපිම දීපුවා”  යැයි හෙතෙම  වැඩිදුරටත් පැවසීය



අදහස් (15)

සල්ලි හොයපු විදිය කියන්න වසන්ත ලෑස්තියි

වින්සන්ට් කජ්ජා Friday, 19 September 2025 10:07 PM

ඒ වුණාට විපක්ෂ නායකතුමාට තව කල් ඕනෑලු කියන විදිහ හදාගන්න. අවංක දේශපාලනයක්නේ කරන්නේ. නෝනාගේ සැලුන් එකත් දායි නේද..?

:       2       0

වින්සන්ට් කජ්ජා Friday, 19 September 2025 10:08 PM

මෙයාගෙ මුලු ගානම ජීවිතේට රස්සාවක් නොකරපු මෝඩ පුතාලාගේ සතියක පොකට් මනී.

:       2       0

Asela Friday, 19 September 2025 10:23 PM

මිලියන ගණනක ගිණුම් සහ ක්‍රිප්ටෝ මුදල් ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට අමතර ආධාර සහ මූල්‍ය ආධාර ලබා ගැනීමට මිනිසුන් රවටා, අනෙක් විපක්ෂ මන්ත්‍රීවරුන් සොරකම් කර උපයා ගැනීම ගැන අපහාස කරන ඉහළ පෙළේ ධනවතෙකු වුවද, මෙම පුද්ගලයා සහ ඔහුගේ පක්ෂය පවසන්නේ වසර 76 ක ශාපයක් ඇති බවයි. මේ සියල්ල මේ වංචාකාරයින් වසර 76 ක ශාපය තුළ උපයා ගත් බව පෙනේ. මෙම ආදර්ශමත් පාලනයේ මන්ත්‍රීවරුන්ගේ සමහර භාර්යාවන්ට GBP, Ausi සහ Cryptos සමඟ බැංකු ගිණුම් 15 ක් සහ විදේශීය ගිණුම් තිබේ. මොනතරම් රටක්ද? නිසැකවම, මේවා විමර්ශනය නොකෙරේ.

:       0       2

Ashok Saturday, 20 September 2025 05:02 AM

වත්කම් තියෙන එකටත් වඩා ලොකු ප්‍රශ්ණයක් වෙන්නෙ එහෙම තිබුණු බවක් ලෝකයට නොපෙන්නා වත්කම් තියෙන අනිත් අයට විරුද්ධ වෙන්න පොළඹවපු හැටි. අනිත් එක ඔය වගේ පරම්පරාවෙන් ලැබුණු ඉඩම් ගෙවල් පවා අරගලයෙදි ගිනි තියන්න සමහරු පෙළඹුණේ ඔයාලගේ ගැන ඇත්ත නොදැන නිර්ධන පන්තියේ අය කියලා රැවටුණු නිසා. ඔයාලා අල්ලස් දූෂණ නීතිවලින් ගැලවෙන්න පුළුවන් නමුත් දැන දැන අනුන් රැවටීමේ පවින් නම් ගැලවෙන්නේ නෑ.

:       0       2

අන්_ර Saturday, 20 September 2025 07:13 AM

අරගලයෙන් අපිට ලැබුණ ඩොලර් කුට්ටි ගැන නම් වචනයක්වත් එලියට දාන්න එපා මචෝ.

:       0       2

චමින්ද Saturday, 20 September 2025 07:25 AM

හැබැයි මෙයා ජීවත්වෙන ආදායම් මාර්ග ගැන විපක්ශයෙ ඉද්දි මාද්‍යවලින් ඇහුවාම කිව්වෙ පක්ශයේ සහෝදරවරුන් උදව් කරන නිසා ජීවත් වෙන්නෙ කියල.මාතරට ගියපු වෙලාවක පක්ශයේ සසහෝදරයෙක් කමිසයක් දුන්න කිව්ව්.තිස්සමහාරම ගිය වෙලාවෙ හාල් දූන කිව්ව.තව කෙනෙක් කෙස්‍ර්ල් කැනක් දුන්න කිව්ව.ඒව මෙයාට අමතක උනාට අපිට මතකයි.එහෙව් මනුස්සයෙක් කොහොමද මේ වත්කම් හෙව්වෙ?

:       0       2

අරවින්ද මොණරවිල Saturday, 20 September 2025 08:20 AM

නාමල්ට උණ ගැනිලා පව්... පුළුවන් වෙලාවක කෙසෙල් ඇවරියක් අරගෙන බලන්න යන්න, ගිහිල්ලා සාධාරණ ක්‍රමයට වත්කම් උපයන ආකාරයත් කියලා දෙන්න...

:       10       8

S.Sunday, 21 September 2025 05:41 AM

අරවින්ද මොනරවිල නමින් මෑතකදී කොටන්න පටන් අරන් තිබෙන්නේ නම් නියම ජේවීපී බත් බැලයෙක් සහ වහලෙක්. පොහොට්ටු බයියන්වත් තමන්ගේ එවුන් මේ වගේ රැවටිලි කරන කොට ඔහොම නම් බේරගන්න දඟලන්නේ නෑ. වසන්ත සමරසිංහ තමන්ගේ පොහොසත්කම් වසාගෙන රටට වැඩි දෙයක් නැති කෙනෙක් හැටියට පෙන්න ගෙන ඡන්ද දායකන්ව රවට්ටලා කතිරය ගත්තා. එක ගැන කතාව යද්දී තාමත් ඒ ගැන තේරුම් ගන්න බැරුව අනික් අයට බනිනවා. නාමල්වත් රනිල්වත් තලතාවත් ඒ වගේම තව ගොඩක් දෙනෙක් (මාලිමා අයත් ඇති) බොරුවට තමුන් වැඩි දෙයක් නැති අය බව පෙන්වලා ඡන්ද ගත්තේ නෑ. අනුර කුමාරවත් තමන්ගේ පවුල් පසුබිම ගැන බොරු කියලා නෑ. අන්න අර අමරසූරිය වලව්වේ නෑකම් ඇති නෝනා කෙනෙක් නම් පොඩ්ඩක් තමන්ගේ ප්‍රභූ පසුබිම වහන්න හදනවා. ඊට පස්සේ ලොකුම බොරුව කියන්නේ වසන්ත​. ඔන්න ඕක හිතන්න අරවින් ද​.

:       0       2

Sudda Saturday, 20 September 2025 10:07 AM

අරවින්ද මොනරවිල බොහෝ විට ප්‍රභූ පන්තිය කියලා අනික් පක්‍ෂවල අයට ගරහනවා ඔවුන් ගමෙන් ආපු අය වුණත්. දැන් බලාගෙන ගියාම වසන්ත සමරසිංහත් තඹුත්තේගම පලාතේ ප්‍රභූ පවුලක සාමාජිකයෙක්. ඔහුම කියනවා ඔහුගේ පවුල තඹුත්තේගම පරණම පවුල බවත් ඔහුගේ ඉඩම් දෙක පමණක් රුපියල් මිලියන 225 ක් වටිනා බවත්. වසන්ත කියන විදිහට තේරෙන්නේ මේ ඉඩම් ඔහුට පරම්පරාවෙන් හිමි වුණු දේපල බවයි. නැත්නම් ඉතින් ජේවීපී ක්‍රියාකාරී සාමාජිකයින් ඔය ඉඩම් ගත්තේ බැංකු මංකොල්ල කාලාද තමයි අහන්න වෙන්නේ (87-89 කාලේ ජේවීපී එක බැංකු මංකොල්ල කාලා සල්ලි රත්තරන් බඩු ගත්තානේ). ඉතින් පරපුරෙන් ලැබුණු දෙයට කාටවත් මුකුත් කියන්න බෑ. නමුත් ඔහොම වටිනා ඉඩම් අයිතිකරුවන් දුප්පත් හෝ සාමාන්‍ය පවුලක් වෙන්න බෑ. ඉතින් මේ නිර්ප්‍රභූවරු මෙන් බැටලු හම් පොරවන් ඉන්න ප්‍රභූවරුන් ගැන අරවින්ද විතරක් නෙවෙයි කපුරුහාමි, බද්‍රානි, විපරමා, සෙනෙවිරත්න වගේ එක එක නම්වලින් ලියන ජෙප්පන් මොකද කියන්නේ...?

:       2       21

දේශප්‍රිය Saturday, 20 September 2025 11:05 AM

ඒ පාර තවත් පචයක් කියන්න ලෑස්තිය. ඇත්ත කතාව කප්පම් දුන්නු අය වෙලාවට කියාවි. එතකන් සැපේ ඉන්න...

:       4       18

අරුණි Saturday, 20 September 2025 11:19 AM

ඕනේ නෑ අපි දන්නවා. රට විනාශ කරන්න ආන්ඩු පෙරලන්න NGO වකින් සහ දෙමළ ඩයස්පෝරාවෙන් ලද මුදල් තමයි. අතිරික්තය රහසිගතව බිට් කොයින්වල. ඒත් කතාකරන්නේ තාමත් නාමක් ගැන.

:       6       23

සෙනෙවිරත්න Saturday, 20 September 2025 11:25 AM

ඇත්ත මේ නිශ්චල දේපළ වත්කම් නගරයක නම් අසාමාන්‍ය ලෙස වටිනවා, මේවායේ ඉතිහාසය පැහැදිලි කරන්න පුළුවන් නම් මොකක්ද අවුල, තමන්ගේ දේපල පිනට දෙන්න කියලා කිසිදු පක්ෂයක් කියලා නැහැ.

:       14       8

Roni Saturday, 20 September 2025 02:43 PM

වාල් දිසන්ත කියන්නේ ඒකනේ...

:       2       19

sene Saturday, 20 September 2025 03:18 PM

මේ ජෙප්පට කියන දෑ නොතෙරෙනවද නැත්නම් වෙන මොකක් හෝද ? මට ඔය දේපළ කොහෙන් ගත්තත් කමක් නැහැ ඇයි අපව රැවැට්ටුවේ ? මමත් සල්ලි දුන්නා මුන් පෙන්නව් මූනු වලට රැවටිලා . තවත් කියවනවා , හොරු බොරු කාරයා

:       0       1

කපුරුහාමි Saturday, 20 September 2025 04:40 PM

හිටපු දූෂිත දේසපාලුවන්ට සල්ලී හොයා ගත්තු විදිය හා හන්ගපු තැන් ගැන මතකවත් නැතුව ඇති . මුලුමහත් ජනතාවට නම් ඒක අමතක නැහැ.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා රටම විනාශ කරපු උන් ගැන කවර කතාද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 882 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site