IMG-LOGO

සල්ලි බලාගෙන කරන කිසිම දෙයක් හරියන්නෑ

2016-09-20-ent-63

රියැලිටි වැඩසටහනක් හා ක්‍ෂේත්‍රයට පිවිසි ගයනි ඉෂාරා, නර්තනයට දැඩි ඇල්මක් දක්වන්නීය. තවමත් නව යොවුන් වියේ පසුවන ඉෂාරා නර්තනය සම්බන්ධව හා ඇගේ කලා තොරතුරු ‘සාරවිට’ අපත් සමග පැවසුවේ මෙවැන්නක්.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

2016-09-20-ent-65මම ගයනි ඉෂාරා. අහිංසක ටිකක් නපුරු චරිතයක්.

 

අධ්‍යාපනය ලබනවාද? නැත්නම් රැකියාවක් කරනවාද?

මම තාම ඉගෙන ගන්නවා. උසස් පෙළ කරලා ඉවරයි. රැකියාවක් බලාපොරොත්තුවෙන් පාඨමාලාවක් කරනවා.

 

එතකොට නර්තනය කරන්නේ?

ඒක මගේ ආසාව. මම තවම ලොකු තැනක නැහැ. ඒ මේ තැනට එන්න හරි වාසනාවක් මට තියෙනවා. මට පුළුවන් කාලයක් මම නර්තනය කරනවා. ඒක මගේ රැකියාව නෙමෙයි. මේක මගේ ආසාව. අම්මා නම් කියන්නෙ මං හිටගන්න පුළුවන් කාලේ ඉඳන්ම නටනවා කියලා. පාසලේ නර්තන කණ්ඩායමේ හිටියා. පන්ති කාමරේ ඉන්නවාට වඩා වැඩි පුරම මම හිටියේ නර්තන පන්ති කාමරයේ.

 

මේ වනවිට නර්තන කණ්ඩායමක කටයුතු කරනවාද?

මුලින්ම නේවි එකේ පී.බී. අහුගොඩ සර් ළඟ උඩරට නර්තනය කළා. නර්තන ශිල්පිනියක් විදිහට ඉස්සරහට යන්න ඕනේ නම් හැම පැත්තම කරන්න ඕන නිසා මම ෆ්‍රී ස්ටයිල් කරන්න ගත්තා. පස්සේ මම චාපා ජයමහ ගාව හිටියා. ඒකෙන් සිටි ඔෆ් ඩාන්සින් තරගයේදී ජයග්‍රහණය කරනු ලැබූ කණ්ඩායම සමග මම සම්බන්ධ වුණා. ඒකෙන් මට හම්බ වුණා රමෝද් මාලකව. එයා කතා කළා එයාගේ කණ්ඩායමට සම්බන්ධ වෙන්න කියලා. මං දැන් අවුරුදු තුනක් තිස්සේ cool-steps නර්තන කණ්ඩායමත් එක්ක කටයුතු කරනවා. ඒත් එක්කම ගයාන් ශ්‍රීමාල් සර් ගාවත් නර්තන කටයුතු කරනවා.

 

නර්තනය ගැන හිතෙන්නේ?

මගේ පෞද්ගලික හැඟීම නම් නර්තනය කරන කෙනෙක් හුඟක් නිහතමානී වෙන්න ඕනේ. නර්තනයට ආදරේ කරන්න ඕනේ. සල්ලි බලාගෙන කරන කිසිම දෙයකට පැවැත්මක් නැහැයි කියලා තමයි මටනම් හිතෙන්නේ.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මේ පැත්තෙන් දිගටම යනවද නැද්ද කියල මම තාම තීරණය වෙන්නේ මං කවදා හරි කරන රැකියාව මතයි. පුළුවන් තරම් කාලයක් මගේ චරිතේ, විශ්වාසය, දක්ෂකම තියාගෙන පුළුවන් තරම් කාලයක් නර්තනය කරනවා.

 

ස්තූති කරන්න කවුරු හරි ඉන්නවාද?

ඔව්, මුලින්ම මගේ අම්මා, තාත්තා, අයියා. එයාලාගේ විශ්වාසේ උඩ තමයි මේ හැමදේම වෙන්නේ. ඊට පස්සේ මගේ පාසලේ නර්තන ගුරුවරිය නිරූපා රණසිංහ. එයා තමයි මම අද ඉන්න තැනට මුල්වෙන කෙනා. ඒ වගේම මං දැන් ඉන්න ගෲප් එකේ නායක රමෝද් මාලකව මතක් කරනවා.

 

2016-09-20-ent-64
2016-09-20-ent-62



අදහස් (0)

සල්ලි බලාගෙන කරන කිසිම දෙයක් හරියන්නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 383 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site