වංචා දූෂණ චෝදනා එල්ල වී ඇති සමහරුන් සල්ලි පොට්ටනි රැගෙන මැති ඇමැතිවරුන් හමුවීමට යන බවට ආරංචි ඇතැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කාර මණ්ඩල සභික විශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.
ජනතාවට ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දු පරිදි දූෂකයන්ට හා අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමට ජනාධිපති, අගමැති ප්‍රමුඛ රජයේ ක්‍රියා නොකළොත් ඊට එරෙහිව ඉදිරියේ දී හඬ නඟන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තුරු අර සිංගප්පුරුවේදී ගනුදෙනු උනයි කියන ඩොලර් මිලියන විස්ස ගැනත් හොයල බලන්ට උසාවි යාවිද ? (නදී)
ලබන ඡන්දෙදි මිනිසුන්ව ගොනාට අන්දවන්න මාධ්‍ය සංදර්ශණ තියෙනවා (නදී)
හොරු අල්ලන්න ඕනේ නම් හොරු නැති පක්ෂයකට ඡන්දෙ දෙන්න. හොරු ඉන්න පක්ෂ වලට ඡන්දෙ දීල හොරු අල්ලන්න කියන ජනතාවක් ඉන්න රටක් ලංකාව කියන්නේ.(නදී)
දුෂණ වංචා තිබෙනවා නම් පොලිසියට පැමිණිලි කරන්න.උසාවියේ නඩු දාන්න.අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න.කඩාපනින හමුදා හදන්න අවශ්‍ය නැහැ. කොහේ තිබෙන නීතියකින්ද එහෙම කරන්නේ. මේ රටට නිදහස දුන් මිනිසුන්ගේ මරබිය නැතිකළ නායකයාට වඩා දැන් සමහර කට්ටිය ප්‍රභාකරන් හොඳයි කියන තත්වයේ වගෙයි ඉන්නේ.ඔය ටෙලිනාට්‍යය දුවන්නේ මාස තුනයි මහත්තයෝ. (නි)
සල්ලි මලු පිටින් ගෙනෙනවා නම් රටේ සුබසාධනයට යොදවන්න. බොරුවට ආයුෂ නැති බව දන්නේ නැද්ද? ඇත්ත ඇතිසැටියෙන් දැනගන්න කවුරුත් කැමතිබව සළකා කටයුතු කළොත් හොඳයි නේද? (නි)
චම්පිකගේ බොරු සෙප්පඩ විජ්ජා මගදී වැඩ ,කොමිස් ගහපුවා සොයන්නේ කවදාද? ඕස්ට්‍රේලියාවෙත්, සිංගප්පුරුවෙත් ගිහින් ලබාගත් ඩොලර් කොහෙද හන්ගන් ඉන්නේ. කරුණාකර දඬුවම් දෙන්න. (නදී)
දෙඩවිල්ල විතරයි. වැඩ බැහැ. (නදී)
අනේ චම්පික ගැනත් හොයන්න (අ)
ලක්ෂ 58 ක්ම දූෂණවලට කැමතියි.(නදී)
අපි නොදන්නා මොනරතැන්න (අ)
කයිවාරු ගහන්නේ නැතිව හොරු අල්ලලා හිරේ දාපල්ලා. බොරුවට මාද්‍ය සංදර්ශන තියල ජනප්‍රිය වෙන්න හදනවා.(නදී)
ජන.8 දින දක්වා ඔබලාගේ පුවත් වලට විසාල පිරිසකගේ යහපත් ප්‍රතිචාර දකින්න ලැබුනා.. අද වන විට ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. දක්වන කීපදෙනත් ඔබේ මතයට දැන් විරුද්දයි. කරන්න බැරි දේවල් කියලා ඡන්දය ගත්තහම ඔහොම තමා වෙන්නේ.(නදී)
තාම බයිලා ගහනවා. දැන් මහා ලොකුවට කිවේ ඔකොම හොරු ගැන දන්නවා අපි අපු ගමන් ඒවා නතර කරලා නිතිය ඉදිරියට ගේනවා කියල නේද ඔය කියන විදියට දැන් ඉන්න ඇමතිවරුත් හොරු කියල තමයි අපිට හිතෙනේ (අ)
පව් අප්පා මෙයා ළඟට කවුරුත් එන්නේ නැතිව ඇති සල්ලි පොට්ටනි අරගෙන. අවා නම් ඕක කියන්නේ නැහැ. (අ)
බලය සහ මුදල් පමණක් සොයන අශීලාචාරී නඩයක් (නදී)
වග කීමෙන් කියන්නේ චම්පික ගැන සොයා දඬුවම් දෙන්නේ නැත්තේ අයි? (නදී)
පිවිතුරු යහපාල මැතිඳුනි, ඔබ ගැන අප හදට දුක දැනේ දැන්වත් සම්මා දිට්ටිය පහලවනු මැනේ (නදී)
මෙයාල ඔය හොර අල්ලන වැඩ ටික හොද පොලිස් කණ්ඩායමකට දීල ඔයාල ටික රටට මොනවහරි වැඩක් කරන්න බලන්න.දින සියය දන්නෙම නැතිව ගෙවිල යනවා.(අ)
ලබන මැතිවරණයේදී ඡන්දය ඕනේ නම් ඉදිරි දින 50 තුල දුෂකයෝ නිතිය ඉදිරියට ගෙනත් පෙන්වන්න. (ර)
පුහුල් හොරා කරෙන් දැනේ (දිල්)
දුෂණයට එරෙහිව වැඩිපුරම කතා කරන්නේ ගොඩක් ඒවගේ දේවලට සම්බන්ධ මිනිස්සු (දිල්)
බොරු වලට රැවටුණු කාලේ ඉවරයි (නි)
මේක ඒ තරම් හිතන්න දෙයක් නෙවෙයි වැරැදිකරුවන්ට දඩුවම් දීමයි කළ යුත්තේ (දිල්)
කෝටි ගණන් වියදම්කර ඡන්දය දිනා පාර්ලිමේන්තුවට යන්නේ අපිට තියන කරුණාවට බව අත්දැකීමෙන්ම අපි දැන් දන්නවා. 1978 ව්‍යවස්ථාව යටතේ පත් වූ දේශපාලකයින්ගෙන් අපට ණය නැත්තේ කවුද? (නි)
පොට්ටනියෙන් තවල තැල්ම සනිප කොරන්න බැරි තරමට කරුමේ බලවත්.(නදී)
වෙන වැඩ නැති නිසා හොන්දයි. අපි නොදන්නා යහපාලානේ. (අ)
සත්‍යපාල මම හිතන්නේ මුදල්වලට ආස නොකරන මිනිසුන් ටිකක් ලැබෙනතුරු මේවා විසදන්න බැහැ, නමුත් එහෙම මිනිසුන් කෝ?(නදී)
මේ ගොල්ලන්ට වෙන වැඩ නැද්ද හෙළ උරුමය හෙළ කරුමයක් වෙලා. අම්පාර පලාතේ සිංහලයන්ට වෙන අකටයුතු කම් ගැන හොයල බලන්නේ නැත්තේ ඇස් වලට හෙන ගහලද ? (නදී)