IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සල්ලි පොට්ටනි යන තැන් හෙළ උරුමය පෙන්වයි

වංචා දූෂණ චෝදනා එල්ල වී ඇති සමහරුන් සල්ලි පොට්ටනි රැගෙන මැති ඇමැතිවරුන් හමුවීමට යන බවට ආරංචි ඇතැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කාර මණ්ඩල සභික විශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

ජනතාවට ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දු පරිදි දූෂකයන්ට හා අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමට ජනාධිපති, අගමැති ප්‍රමුඛ රජයේ ක්‍රියා නොකළොත් ඊට එරෙහිව ඉදිරියේ දී හඬ නඟන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

_DSC0904



අදහස් (0)

සල්ලි පොට්ටනි යන තැන් හෙළ උරුමය පෙන්වයි

ප්‍රනාන්දු පැරිස් Friday, 20 February 2015 10:47 PM

මේ මහත්තුරු අර සිංගප්පුරුවේදී ගනුදෙනු උනයි කියන ඩොලර් මිලියන විස්ස ගැනත් හොයල බලන්ට උසාවි යාවිද ? (නදී)

:       0       0

තුසිත Friday, 20 February 2015 10:50 PM

ලබන ඡන්දෙදි මිනිසුන්ව ගොනාට අන්දවන්න මාධ්‍ය සංදර්ශණ තියෙනවා (නදී)

:       0       0

සුමුදු Friday, 20 February 2015 10:51 PM

හොරු අල්ලන්න ඕනේ නම් හොරු නැති පක්ෂයකට ඡන්දෙ දෙන්න. හොරු ඉන්න පක්ෂ වලට ඡන්දෙ දීල හොරු අල්ලන්න කියන ජනතාවක් ඉන්න රටක් ලංකාව කියන්නේ.(නදී)

:       0       0

පිවිතුරු Saturday, 21 February 2015 02:36 AM

දුෂණ වංචා තිබෙනවා නම් පොලිසියට පැමිණිලි කරන්න.උසාවියේ නඩු දාන්න.අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න.කඩාපනින හමුදා හදන්න අවශ්‍ය නැහැ. කොහේ තිබෙන නීතියකින්ද එහෙම කරන්නේ. මේ රටට නිදහස දුන් මිනිසුන්ගේ මරබිය නැතිකළ නායකයාට වඩා දැන් සමහර කට්ටිය ප්‍රභාකරන් හොඳයි කියන තත්වයේ වගෙයි ඉන්නේ.ඔය ටෙලිනාට්‍යය දුවන්නේ මාස තුනයි මහත්තයෝ. (නි)

:       0       0

විනීත් Saturday, 21 February 2015 02:38 AM

සල්ලි මලු පිටින් ගෙනෙනවා නම් රටේ සුබසාධනයට යොදවන්න. බොරුවට ආයුෂ නැති බව දන්නේ නැද්ද? ඇත්ත ඇතිසැටියෙන් දැනගන්න කවුරුත් කැමතිබව සළකා කටයුතු කළොත් හොඳයි නේද? (නි)

:       0       0

රණවක Saturday, 21 February 2015 03:09 AM

චම්පිකගේ බොරු සෙප්පඩ විජ්ජා මගදී වැඩ ,කොමිස් ගහපුවා සොයන්නේ කවදාද? ඕස්ට්‍රේලියාවෙත්, සිංගප්පුරුවෙත් ගිහින් ලබාගත් ඩොලර් කොහෙද හන්ගන් ඉන්නේ. කරුණාකර දඬුවම් දෙන්න. (නදී)

:       0       0

සොපියා Saturday, 21 February 2015 03:32 AM

දෙඩවිල්ල විතරයි. වැඩ බැහැ. (නදී)

:       0       0

යහපාල Friday, 20 February 2015 11:08 AM

අනේ චම්පික ගැනත් හොයන්න (අ)

:       0       0

එස් කල්පගේ Saturday, 21 February 2015 05:50 AM

ලක්ෂ 58 ක්ම දූෂණවලට කැමතියි.(නදී)

:       0       0

විජයබාහු Friday, 20 February 2015 11:13 AM

අපි නොදන්නා මොනරතැන්න (අ)

:       0       0

අජිත් Saturday, 21 February 2015 05:56 AM

කයිවාරු ගහන්නේ නැතිව හොරු අල්ලලා හිරේ දාපල්ලා. බොරුවට මාද්‍ය සංදර්ශන තියල ජනප්‍රිය වෙන්න හදනවා.(නදී)

:       0       0

රෝයි Saturday, 21 February 2015 06:24 AM

ජන.8 දින දක්වා ඔබලාගේ පුවත් වලට විසාල පිරිසකගේ යහපත් ප්‍රතිචාර දකින්න ලැබුනා.. අද වන විට ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. දක්වන කීපදෙනත් ඔබේ මතයට දැන් විරුද්දයි. කරන්න බැරි දේවල් කියලා ඡන්දය ගත්තහම ඔහොම තමා වෙන්නේ.(නදී)

:       0       0

දිනේෂි Friday, 20 February 2015 11:56 AM

තාම බයිලා ගහනවා. දැන් මහා ලොකුවට කිවේ ඔකොම හොරු ගැන දන්නවා අපි අපු ගමන් ඒවා නතර කරලා නිතිය ඉදිරියට ගේනවා කියල නේද ඔය කියන විදියට දැන් ඉන්න ඇමතිවරුත් හොරු කියල තමයි අපිට හිතෙනේ (අ)

:       0       0

ඇසළ Friday, 20 February 2015 11:58 AM

පව් අප්පා මෙයා ළඟට කවුරුත් එන්නේ නැතිව ඇති සල්ලි පොට්ටනි අරගෙන. අවා නම් ඕක කියන්නේ නැහැ. (අ)

:       0       0

රණවක Saturday, 21 February 2015 08:10 AM

බලය සහ මුදල් පමණක් සොයන අශීලාචාරී නඩයක් (නදී)

:       0       0

රමණි Saturday, 21 February 2015 08:13 AM

වග කීමෙන් කියන්නේ චම්පික ගැන සොයා දඬුවම් දෙන්නේ නැත්තේ අයි? (නදී)

:       0       0

විරංග Saturday, 21 February 2015 08:35 AM

පිවිතුරු යහපාල මැතිඳුනි, ඔබ ගැන අප හදට දුක දැනේ දැන්වත් සම්මා දිට්ටිය පහලවනු මැනේ (නදී)

:       0       0

සත්‍යපාල Friday, 20 February 2015 12:30 PM

මෙයාල ඔය හොර අල්ලන වැඩ ටික හොද පොලිස් කණ්ඩායමකට දීල ඔයාල ටික රටට මොනවහරි වැඩක් කරන්න බලන්න.දින සියය දන්නෙම නැතිව ගෙවිල යනවා.(අ)

:       0       0

ද සිල්වා Friday, 20 February 2015 12:43 PM

ලබන මැතිවරණයේදී ඡන්දය ඕනේ නම් ඉදිරි දින 50 තුල දුෂකයෝ නිතිය ඉදිරියට ගෙනත් පෙන්වන්න. (ර)

:       0       0

සමන් Friday, 20 February 2015 01:00 PM

පුහුල් හොරා කරෙන් දැනේ (දිල්)

:       0       0

සෙව්වන්දි Friday, 20 February 2015 01:02 PM

දුෂණයට එරෙහිව වැඩිපුරම කතා කරන්නේ ගොඩක් ඒවගේ දේවලට සම්බන්ධ මිනිස්සු (දිල්)

:       0       0

නාමල් Saturday, 21 February 2015 03:06 PM

බොරු වලට රැවටුණු කාලේ ඉවරයි (නි)

:       0       0

ජයන්ත Friday, 20 February 2015 02:34 PM

මේක ඒ තරම් හිතන්න දෙයක් නෙවෙයි වැරැදිකරුවන්ට දඩුවම් ද‍ීමයි කළ යුත්තේ (දිල්)

:       0       0

සම්පත් Saturday, 21 February 2015 04:34 PM

කෝටි ගණන් වියදම්කර ඡන්දය දිනා පාර්ලිමේන්තුවට යන්නේ අපිට තියන කරුණාවට බව අත්දැකීමෙන්ම අපි දැන් දන්නවා. 1978 ව්‍යවස්ථාව යටතේ පත් වූ දේශපාලකයින්ගෙන් අපට ණය නැත්තේ කවුද? (නි)

:       0       0

ඇසිලින්නෝනා Friday, 20 February 2015 03:13 PM

පොට්ටනියෙන් තවල තැල්ම සනිප කොරන්න බැරි තරමට කරුමේ බලවත්.(නදී)

:       0       0

නිමාෂා Friday, 20 February 2015 03:21 PM

වෙන වැඩ නැති නිසා හොන්දයි. අපි නොදන්නා යහපාලානේ. (අ)

:       0       0

චන්ද්‍රා Friday, 20 February 2015 04:32 PM

සත්‍යපාල මම හිතන්නේ මුදල්වලට ආස නොකරන මිනිසුන් ටිකක් ලැබෙනතුරු මේවා විසදන්න බැහැ, නමුත් එහෙම මිනිසුන් කෝ?(නදී)

:       0       0

අබේ-ටෝකියෝ Friday, 20 February 2015 04:32 PM

මේ ගොල්ලන්ට වෙන වැඩ නැද්ද හෙළ උරුමය හෙළ කරුමයක් වෙලා. අම්පාර පලාතේ සිංහලයන්ට වෙන අකටයුතු කම් ගැන හොයල බලන්නේ නැත්තේ ඇස් වලට හෙන ගහලද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site