නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ නිවසට ගොස් රතුපස්වල ජල ගැටළුව ගැන සාකච්ඡා කළ බව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ගම්පොළ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.
ප්‍රශ්නය - ‘අපේ හාමුරුදුවන් කොළඹ තරු පන්තියේ හෝටලයක හිටයා නේද?‘
සිරිධම්ම හිමි - ‘ඇයි මට එහේ යන්න බැරිද? මම යන එන තැන් කතා කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මා සුළුදිය දමන තැන් සොයන්නේ මොකටද? මේ ප්‍රශ්නය ගැන කතා කරමු.‘
ප්‍රශ්නය - ‘මාධ්‍ය සාකච්ඡාවෙදි හාමුදුරුවො කිව්වා පොදුරාජ්‍ය මණ්ඩල නායකයන් ලංකාවට එනවා. ඒ අයට හොද දේ පෙන්වන්න ඕනෑ කියා? එසේ නම් ඇයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ පැමිණි අවස්ථාවේ සංදේශයක් බාර දුන්නේ? ඉන් ඉන් කියැවෙන්නේ ලංකා රජය මානව හිමිකම් කඩන බව නොවේද?‘
සිරිධම්ම හිමි - ‘ඒ වෙලාවේ මාත් එක්ක දේශපාලනේ කවුරුත් කතා කරන්න ආවේ නෑ. මට කාගෙවත් පස්සේ ගිහින් දෙවැනි වෙන්න ඕන නෑ. ඒකයි නවී පිල්ලේට සංදේශයක් බාර දුන්නේ. අනික ඒක දුන්නේ ලංකාවේ ප්‍රතිරූපය ගැන වැරදි වැටහීමක් ඇති කරන්න නොවේ.
ප්‍රශ්නය - ‘ගිවිසුම අත්සන් කරන තැන ගම්පහ පොලිස් අධිකාරී සිටියා කියා ඔබවහන්සේ කිව්වාද?‘
සිරිධම්ම හිමි - ‘අත්සන් කරන තැන හිටයේ නැති වුණාට එතුමාගේ අධීක්ෂණයෙන් තමයි අත්සන් කළේ.‘
ප්‍රශ්නය - ‘පොලිස් අධිකාරී කාර්යාලයයේ පැය පහක පමණ සාකච්ඡාවෙන් පස්සේ කෙළින්ම ගියේ සණස ශාලාවේ මාධ්‍ය සාකච්ඡාවකට. එතැනදි මාධ්‍යයට පත්‍රිකාවක් බෙදුවා. නමුත් ඒ පත්‍රිකා මුද්‍රණය කරන්න තරම් වෙලාවක් තිබුණේ නෑ. මෙය ඔබහන්සේගේ දැනුම්වත් කමින් සැලසුම් සහගතව කළින් මුද්‍රණය කළ බවයි වැලිවේරියේ ජනතාව දැන් කියන්නේ?
සිරිධම්ම හිමි - ‘මා දන්නේ නෑ.‘
ප්‍රශ්නය - ‘සරණ ගුණවනර්ධන නියෝජ්‍ය ඇමැතිගේ නිවසට ගියේ ඇයි?‘
සිරිධම්ම හිමි - ‘ඔව් මං ගියා තමයි. ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න ගියේ.‘
ප්‍රශ්නය - ‘ප්‍රාදේශීය සභාවේ පුද්ගලයකුගේ වාහනයක නේද ගියේ?‘
සිරිධම්ම හිමි - ‘.... ප්‍රාදේශීය සභාවේ වාහනයක නෙමේ වෑන් රියක. හැබැයි එතැන ප්‍රාදේශීය සභාවේ සභාපතිත් හිටියා.‘
ප්‍රශ්නය - ‘එක දවසක් හරි රතුපස්වල කර්මාන්ත ශාලාව අරින්න දෙන්නේ නෑ. මළ කඳ උඩින් තමයි අරින්න වෙන්නේ කියා නේද කලින් කිව්වේ?‘
සිරිධම්ම හිමි - ‘කලින් එහෙම කිව්වා තමයි. නමුත් දැන් විසදුමකට ඇවිත් තියෙනවා.‘
ප්‍රශ්නය - ‘ආයේ රතුපස්වල වඩින්නේ කවදාද?
සිරිධම්ම හිමි - ‘එන්නේ කවදාද කියා දැන්ම කියන්න අමාරුයි. ඒත් අවශ්‍ය වෙලාවට එනවා.‘
ප්‍රශ්නය - ‘ඔබවහන්සේගේ කීර්ති නාමය බරපතල ලෙස පළුදු කරමින් හාමුදුරුවො රුපියල් ලක්ෂ පනහක් හෝ කෝටියක් ගත් බවට පැතිර යන කතා ඔබවහන්සේට ආරංචිද?‘
සිරිධම්ම හිමි - ‘එහෙම කියන අයගේ කටවල්වලට පණුවො ගහන්න ඕනෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාමින් වහන්සේ පෙර කියූ කතා දැන් අංශක 360කින් ආපසු හැරිලා. දැන් වෙන කතාවක්.මොනවා වුණත් ගම්වැසියන් මාස 6ක් ඉවසිය යුතුයි. (නි)
මම ඔය ගම්මාන(බැලුම් මහර .රතුපස්වල .වෙලිවෙරිය.කිරිදිවෙලා) හිටපු කෙනෙක් .ඒ පැත්තේ මිනිස්සු හරි සාදාරන අවංක මිනිස්සු .ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නෙට සදරනයක් ඉටු වේවා කියල ප්‍රර්ථනා කරනවා(දිල්) .
සල්ලි වලට ගොඩක් අයගේ කටවල් වැහෙනවා (නි)
සල්ලි දැකලා ජනතාව පාවා දුන්නා නේද අපේ හාමුදුරැවෝ (දිල්)
හාමුදුරුවෝ මුදල් ලබාගත් බවට ඉඟි කරමින් මෙහි අදහස් ලිය ඇති සියලුම දෙනාටද නිකරුනේ අවමන් කිරීම නිසා හාමුදුරුවන් කියා ඇති දෙය සිදු වීමට ඉඩ ඇත.(දිල්)
මාස හයකින් අලේ කුරුවල් වෙයිද දන්නේ නැහැ. (ස)
හාමුදුරුවෝ ගියේ මොකද කියන එක ගැටළුවක් (නි)
බුද්ද පුත්‍රෙයක් ළග ඉවසීම, දයාව,කරුණාව සාමාන්‍ය මිනිසෙකුට වඩා තියෙන්න ඕන.මුලදීත්, තාමත් ඔබ වහන්සේ ආවේගශීලියි.ධර්මයට නිගා නොකර අඩුම තරමේ මේ දේවල්වලින් ඇත් වෙලාවත් ඉන්න.(දිල්)
බලාගෙන යනකොට සමහරු සුළුදිය පහ කරන්නත් යන්නේ තරු හෝටල් වලටනේ (නි)
හාමුදුරුවෝ කියනවා සල්ලි ගත්තයි කියලා කියන අයගේ කටේ පණුවෝ දාන්න ඕනෑ කියලා.එතකොට ඇත්තටම හාමුදුරුවෝ සල්ලි ගත්තා නම් .......? (නි)
සිවුර නිසා අපි ඉවසනවා (නි)
වැඩේ හරි වගේ (නි)
අර හාමුදුරුවෝ කලින් කියපු අල, සමහරුන්ගේ නම් දැන් තැමිබිලා වගේ. (නි)
අරයගෙ ගෙදර ගියා නම් හරි. ඉවසීමෙන් හිතා බලමු. (නි)
මියගිය තිදෙනාගෙන් එක් කෙනෙක් ගම්පොළ.ඔහුගෙ පවුලේ සැපදුක බලන්න වඩින්න ඇති... (ස)
මේ අය බත් කන අතින් නවී පිල්ලේට සංදේශයක් බාරදුන්නේ මොන හිතකින්ද මන්දා, (නි)
බන්දුල පෙරේරා මහතා, ඔබ මුලසිටම හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය ගැන කියූ දේ හරි බව දැන් බොහෝ දෙනෙකුට වැටහිලා ඇති. ඒත් ඒ අමිහිරි සත්‍යය දරා ගන්න අමාරුවෙන් සමහර අය තමන් අතරමං කළ හාමුදුරුවන්ට දැන් බැන වදිනවා. හාමුදුරුවන්ට බුද්ධාගමත් උගන්නවා. පවු! නමුත් උන්වහන්සේට අවබෝධ වෙන්න ඇති තමන් කියනදේවත් පිළිනොගන්නා, අවස්ථාවේ හැටියට එළඹුන හොඳම විසඳුමටත් විරුද්ධ වෙන මිනිස්සුත් සමග කොහොමද වැඩ කරන්නේ කියලා. (නි)
මෙතන ප්‍රශ්නයක් තිබෙනවා.ගැටළු සහිත බව මටත් පෙනේ... (නි)
දැන් අර දේශපාලන පක්ෂයේ කට්ටියට මොකද වෙන්නේ ? උස්සාගෙන දඟලන්න මිනියකුත් නැහැ. වැඩම කරන්න හාමුදුරුවොත් නැහැ.මැතිවරණ වලින් ඡන්දත් නැහැ. (නි)
බලාගෙන ගියාම බන්දුලට දිවැස් තියෙනවනේ. (ස)
අනේ මන්දා මේවා? (නි)
හාමුදුරුවනේ, අවසරයි, මීට වඩා ටිකක් සංවරව කතා කළොත් නේද හොද? ගිහි අපිට දැනෙන නිසයි මේ කියන්නේ. (නි)
කන්න ඕනෑ වුණහම කබරගොයාත් තලගොයා වෙනවලු (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේ ගම්පොළ ගියේ මොකටද එතකොට? (නි)
ඉක්බිති සියල්ලෝම අසතුටින් විසිර ගියහ (නි)
මේක නම් පොඩ්ඩක් අමුතුයි (නි)
කෝටියක් සංවර ශීලයට මොනවද මේ වෙන්නේ? සම්බුදු සසුන අවුරුදු 5000 ආරක්ෂා කරගන්න ගිහි අපට විශාල කැපකිරීමක් කරන්න සිදුවෙනවා මේ යන විදිහට. (නි)
මුදලට සියල්ල යටයි.. (නි)
බුද්ධ පුත්‍රයෙක් එහෙම අනික් මිනිස්සුන්ට ශාප කරනවද? හරිම කැතයි (නි)
අනුකම්පා කළ යුතුව තිබෙනවා, උන්වහන්සේගේ අවබෝධයේ ප්‍රමාණය තමා ඒ. ජනතාව ඊට වඩා බුද්ධිමත් වීම වටිනවා. (නි)
ඔය සංහිඳියාව ආරම්භයේම තිබුනා නම් කොච්චර හොඳද? කට බොහෝම පරිස්සමෙන් පාවිච්චි කරන්න. (නි)
රතුපස්වල මිනිස්සු මෝඩයින් වගේ ඇයි වැඩකරන්නේ? කිසිම පරීක්ෂණයකින් ඔප්පුවී නැති ඇසිඩ් කතාවක් අරගෙන රටේ විනිමය ගෙනෙන, රැකියා දෙන ආයතනයක් විනාශ කරන්න හදන්නේ ඇයි? එයාලා කම්හල වෙන තැනකට ගෙනියන්න සුදානම් නේද? ඇයි ඔච්චර හිතුදේම කරන්න හදන්නේ? අන්තිමට රතුපස්වලමයි පරාද වෙන්නේ (නි)
හාමුදුරුවනේ, ඊට වඩා හොඳ නැද්ද ඒ අයට "සුවපත් වෙත්වා" කියලා වදාලා නම්. (නි)
ගම්පොළට වැඩියේ මොකටද මාධ්‍ය සාකච්ඡා තියන්න?වැලිවේරියෙනේ වතුර ප්‍රශ්නය තියෙන්නේ (නි)
අනේ හේමන්ත, වැඩක් බලාගන්න ඔයාගේ (නි)
දේශපාලුවන්ගේ හා මේ චිවරධාරියගෙත් වැඩි වෙනසක් නෑ.පන්සලේදී එක කතාවක්, දැන් එක කතාවක්. මොකද හැංගිලා හිටියේ? අහිංසකයන රැවටීම පව් නේද? (ස)
මේ හාමුදුරුවෝ ඉන්නේ රතුපස්වල ජනතාවගේ ප්‍රශ්නය සමග ද? එහෙම නැත්නම් හාමුදුරුවන්ගේ යටි අරමුණ මොකක්ද? මේ දේවල් මුළු රටටම ජන මාධ්‍ය විසින් හෙළි කරන දිනය වැඩි ඈතක නොවේ. (නි)
හාමුදුරුවනේ ඔබවහන්සේ කරන කතාවෙන් තේරුම් ගන්න පුළුවන් යම් දෙයක් මෙතන තිබෙන බව .. පව් අහිංසක මිනිස්සු ඇත්තටම (ස)
දත් පණුවොද? ඒකට සිද්ධාලේප හොඳයි (නි)
මේ හාමුදුරුවරු ඉන්නේ ධර්ම දේශනා කරන්නවත් දර්මය ආරක්ෂා කරන්නවත් නෙමෙයි. මෙයාල ඔක්කොම ඉන්නේ මාධ්‍යට මුණ දාගන්න. හේමන්ත ඔබේ කතාව හරි. හාමුදුරුවන්ට අමතක වෙලා වගේ ඉවසන්න මෛත්‍රී කරන්න.(නදී)
කෝ? දැන් කාගේවත් කටකට පණුවෝ ගහපු ආරංචියක් එහෙම තියෙනවද? (නි)
හාමුදුරුවෝ කට ඇරිය ගමන් කීයක් අරන්ද කියල තේරෙනවා. මෙයාව කරේ තියාගෙන ගිය ගොන් වස්සෝ ටික මොකද දන්නේ නෑ කියන්නේ (නදී)
මේ දවස්වල වැඩිපුරම ප්‍රසිද්ධ 'චීවරය'.රතුපස්වල ජනතාව කොටස් දෙකකට කැඩෙන්නත් චීවරය හේතු වුණා (නි)
එකක් හොඳට මතක තියාගනිමු. මේ ප්‍රශ්නයෙන් කවුරු හරි ප්‍රයෝජන ගන්න හිතනවා නම් එයාට උඩ ඉන්න දෙවියන්ගෙන් නම් ගැළවීමක් නැහැ. මොකද මේ වෙනුවෙන් ජීවිත තුනක් පුජා කළා. ඒ නිසා ප්‍රවේශමෙන් (නි)
ඔබ වහන්සේට උවමනා උනේ ජනප්‍රිය චරිතයක් වෙන්න නේද? දැන් ඒක උනා. ඒත් බෞද්ධ හාමුදුරුනමක් විදියට ඔයිට වැඩිය ආදර්ශමත්ව කතා කරන්න දැන ගන්න ඕනා. අපේ බුදුහාමුදුරුවෝ කිවේ හතුරෙකුටවත් හිතකින්වත් වෛර කරන්න එපා කියලා.(නදී)
එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් (අ)
හාමදුරුවෝ වෙනස් වෙලා අපි දැක්කා ඔබවහන්සේගේ මාධ්‍ය සාකච්ඡාව. ඒක තේරුම් ගන්න බැරි තරම් මෝඩයෝ මේ රටේ නැහැ. (ස)
සාදුට සල්ලි අපිලට පනුවෝ ඊයියා.(නදී)
ප්‍රසිද්ධියේ මෙසේ දේශනා කිරීම ආගමට නින්දාවක්. (නදී)
අපටනම් පෙනෙන්නේ මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ අප මහා බුදුරජාණන් වහන්සේ කියූ පරිදි අපිව සසරින් එතෙර කරන්නට දහම් දෙසනවා වෙනුවට ගිහියන්ට අයිති සමාජසේවා වැඩ වලට ඇඟිලි ගහන්නට ගිහින් ඉබේ සුළුදිය පහවෙන තත්වයකට පත්වෙලා වගෙයි. (නදී)
උඩ ඉඳන් දෙවියෝ දඬුවම් දෙන්නේ නැහැ. මොකද දෙවියන්ට වෙන වැඩ නැද්ද හැම මනුස්සයම කරන දේවල් බල බල ඉන්නවට වඩා. කරන දේවල් වලට අනුරූපව කර්මය සැකසෙනවා. හොඳ හෝ නරක (ස)
කුෂාන් මේ මොනවා අහනවද? හාමුදුරුවෝ ගම්පොල ගියේ සුළුදිය පහ කරන්න වෙන්න ඇති. ඒක ගැන හොයන්න එපා කියල උන්නාන්සේ මුලින්ම කිව්වනේ? (ස)
මේ හාමදුරුවන්ගේ ක්‍රියා කලාපය මුල ඉදන්ම මගේ විවේචනයට ලක් උනත් හාමුදුරුවන්ගේ මුලිකත්වයෙන් අත්සන් කල එම ගිවිසුම මේ වාතාවරණය යටතේ යම් තාක් දුරට දෙපැත්තේම ගෞරවය හා අයිතිවාසිකම් රැකෙන සාදාරන විසදුමක් බව ගිවිසුම කියවූ විට පැහැදිලිවෙනවා..නමුත් ඒකත් පිළිගන්න බැරුව මස් රාත්තලම ඉල්ලන්න තරමට අදිමාන්නෙන් යුත් මේ මිනිස්සු ගැන තව දුරටත් මේ රටේ මහජනයාගේ අනුකම්පාවනම් ලැබෙන්නේ නැහැ..මේ ගැටලුව දිහා මුල ඉදල ඇස් කන් යොමවපු ඕන කෙනෙකුට මේ සිදු වූ දේවල් ඇති සත්‍යය හෙවත් රතුපස්වල නාඩගමේ සැබෑ ස්වරුපය පැහැදිලි කරගන්න..(නදී)
මේකෙන් අන්තිමට සිද්ධ උනේ අහිංසක මිනිස් ජීවිත තුනක් රටට අහිමි වෙච්ච එක විතරයි. (ස)
දේශපාලුවෝ ගාව ගන්න කොටම අපිට තේරුණා ඔය ටික වෙන බව..ගිවිසුන් වලට අත්සන් කරන කලින් ගම්මු එක්ක කත කලා නම් මේ ටිකක වෙන්නේ නැහැනේ.(නදී)
අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ ලංකාවේ ඉඳලා. ලංකාවේ සාධාරණය වෙනුවෙන් හරි අයිතිවාසිකම් වලට හරි ඉදිරියට ආපු අයට මඩ නාගෙන යන්න වීම දැන් සාමාන්‍ය දෙයක්. අපි මේ හාමුදුරුවන්ට බනින්න කලින් අතීතය දිහා ටිකක් හැරිලා බැලුවොත් මදිද. රටක් එකතුවෙලා එක පුද්ගලයෙකු හෝ හිමිනමක් නින්දාවකට ලක් කිරීම ගැන ටිකක් හිතුවොත් හොඳයි. රටක් කෙනෙහිලි කම් කරද්දී ඇතිවෙන මානසික මට්ටමට අනුව සමහර වචන පිට කළාට මේ තරම් නින්දා කරන්න එපා. මේ නරකාදී දේශපාලනේට උන්වහන්සේ විතරක් නෙමෙයි අපිත් අසුවීමට ඇති බව හිතන්න.(නදී)
හාමුදුරුවෝ සල්ලි අරන් ප්‍රතිපත්ති පාවා දුන්නා කියන එක බඩේ බත් වගේ සහතිකයි. හැබැයි හාමුදුරුවනේ ඕවා සල්ලි නෙමේ. අසුචි. දවස් ගණන් නිල මැස්සෝ වහපු අසුචි. මනුස්ස පරාණ තුනක් බිල්ලට දීලා අසුචි වලදලා මොන වල යන්නද හාමුදුරුවනේ?(නදී)