වර්තමානයේ බොලිවුඩයේ සිටින සුපිරිතම නළුවා වන සල්මාන් ඛාන් නමින් වීඩියෝ ක්‍රීඩාවක් පසුගියදා එළිදක්වනු ලැබීය. 'Being SalMan' නමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝ ක්‍රීඩාව තුළ සල්මාන් රංගනයෙන් දායක වූ 'ඩබාන්ග්' චිත්‍රපටයේ 'චුල්බුල් පාණ්ඩේ', 'එක්තා ටයිගර්' චිත්‍රපටයේ 'ප්‍රේම්' හා %බොඩිගාඩ්^ චිත්‍රපටයේ 'ලවිලි සිං' යන චරිත යොදා මෙම වීඩියෝව ක්‍රීඩාවේ අංග නිර්මාණය කර තිබේ.
මෙහි විශේෂත්වය නම් මෙම වීඩියෝ ක්‍රීඩාවේ එන ප්‍රධාන චරිතය සඳහා සුපිරි නළු සල්මාන් හඬ එක්කොට තිබීමයි. මෙය බොලිවුඩ් සිනමා නළුවෙකු යොදා ගෙන මුල් වරට කළ වීඩියෝ ක්‍රීඩාව ලෙස බොලිවුඩ් සිනමා ඉතිහාසයට එක්වේ.
සල්මාන් පසුගියදා මෙම වීඩියෝ ක්‍රීඩාව ඇතුළත් ප්‍රචාරක වීඩියෝව එළිදැක්වීමට සහභාගී වු අතර, එහිදී මෙම වීඩියෝ ක්‍රීඩාව සඳහා උණුසුම් රසික ප්‍රතිචාරද හිමිවූ බවද සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd