බොලිවුඩයේ වර්තමානයේ සිටින සුපිරිතම නළුවා වන සල්මාන් ඛාන් රඟපෑ ‘ජුඩ්වා’ චිත්‍රපටයේ දෙවැනි කොටස මේ දිනවල රූපගත කෙරෙමින් පවතින බවට තොරතුරු ලැබෙනවා. සඳහන් වන අන්දමට මෙහි ප්‍රධාන චරිතය ලැබී ඇත්තේ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ඩේව්ඩ් ධාවන්ගේ පුත් වරූන් ධාවන්ටය.
වරූන් සමගින් ඉලේනා ඩී ක_ස්, ක්‍රිති ෂැනොන් මෙහි අනෙකුත් චරිත සඳහා එක්ව තිබෙන අතර, ‘ජුඩ්වා’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පෙවූ සල්මාන් ඛාන්ද මෙහි චරිතයක් නිරූපණය කරන බව සඳහන්. සල්මාන් මෙම චිත්‍රපටයේ එන ‘ගෝඩ්පාදර්’ නම් චරිතයට පණ පොවන අතර, එය චිත්‍රපටයේ දර්ශන කිහිපයකට පමණක් සීමාවූ එකක් බව දැන ගැනීමට ලැබෙනවා.
සල්මාන් මෙසේ මෙම චරිතයට එක්වීමට කැමැත්ත පළ කර ඇත්තේ ‘ජුඩ්වා’ දෙවැනි චිත්‍රපටය නිෂ්පාදනය කරන සජිද් නදිඩ්වාලාගේ ඉල්ලීමකට බව සඳහන්. සල්මාන් රඟපෑ ‘කික්’ චිත්‍රපටයේ නිෂ්පාදක හා අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර තිබුණේ සජිද්ය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සල්මාන් ඛාන්ටත් චරිතයක්