බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අද (29) එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බොරැල්ලේ ජන හමුවකට සහභාගී වූහ.
බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අද (29) එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බොරැල්ලේ ජන හමුවකට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොනවද අඩු. ලංකාවේ නළු නිලියෝ හරියට වැඩේ කරන්නේ නැහැනේ. ජනාධිපති මැතිවරණ වලට අත්‍යාවශ්‍යම අඩුපාඩුවක් මෙයින් සම්පුර්ණ වුනා. මොහුගේ පැමිණීමත් සමගම ලොව දිනන මගෙන් ජය නියතයි. සල්මන් ඛාන්ට ජයවේවා! (හේ)
අනේ හැබෑටම මෙහෙමත් නාටක. (හේ)
ඇත්තටම මෝධිගේ වේදිකාවේ සල්මන් හිටියද ? සල්මන් මම හිතුවට වඩා නිර්භීතයි නේ. (ර)
පුදුම පුද්ගලික මිත්‍රකම් නේ මේවා. ! හිටි ගමන් ඡන්දෙ කාලෙටම ලියලනවා. (දිල්)
තමන්ගේ රටේ කලා කරුවන්ට පොල් කටු හැන්දෙන් බෙද බෙදා අල්ලපු රටේ අයට රත්රන් හැන්දෙන් බෙදන්න හොඳයිද ? (දිල්)
අනේ දෙවියනේ.. මොකක්ද මේ රටට වෙන්නේ..? ගංවතුරින් ලක්ෂ 11ක් අවතැත්වෙලා, කන්න, බොන්න, ඉන්න, හිටින්න තැනක් නැතුව ඉද්දි, සල්ලි දීලා සල්මන් ඛාන්ව ගෙනැල්ලා, ඡන්ද වැඩ වලට යොදාගන්න පාලකයෙක් ගැන හිතාගන්නවත් පුළුවන්ද? (හේ)
මිනිස්සුත් හෙට අනිද්දට ගෙන්වන්න ඉන්දියාවෙන්ම ! මොකටද මෙහෙ කට්ටිය දැන් ? (දිල්)
මිනිස්සු ගෙන්න ගන්න ක්‍රමයක්.(හේ)
අපිට දැන් අඩු සල්මන්ඛාන් විතරයි .(දිල්)
දැන් ඔය කලා කරුවන්ව නරකද ගංවතුර පෙන්නන්නත් එක්ක ගියා නම් !(දිල්)
හෙට අනිද්දට ජය ලලිතව ගෙන්වයිද දන්නේ නැහැ. (නදී)
ඕන කෙනෙක් ගෙන්න ගත්තට කමක් නැහැ අපේ රටේ කලා කරුවන්ට තඩි බාන්නේ නැතිව. (දි්ල්)
ලංකාවේ මිනිස්සුත් ඉන්දියාවේ වගේ මෝඩයි කියලා හිතන්න ඇති.ඉන්දියාවේ නළු නිළියන්ව අදහනවනේ.මෙයාලා ජනාදිපතිගේ හිතවත් කමට අවානම් පුද්ගලිකව හමුවී යන්න ඕන.වේදිකාවට එන්නේ ජනදිපතිට සෙනඟ ගෙන්නන්න .සෙනග එන්නේ නැති නිසා මේවා කරනවා.(හේ)
සලමන් ඛාන්ලා ගෙන්වන්න වියදම් කළ මුදලෙන් ගංවතුර ආධාර දුන්නා නම් කොතරම් අගේද. අනේ හැබෑටම මෙහෙමත් නාටක. (හේ)
වේදිකාවට ගැලපෙන අය මෙහේ නැත්නම් රටින් හරි ගේන්න ඕනේ. අැයි ඉතින් අපි එ්කට ඊර්ශියා කරන්නේ.(හේ)
රෝමය ගිනිගනිද්දීත් නීරෝ වීණා වැයුවලුනේ! (නි)
මෙච්චර කාලයක් මහින්ද වෙනුවෙන් කතාකළ අපේ තාත්තාවත් වෙනස්කළ සලාමන් ඛාන්, ඔබට පිං! (නි)
ජයවේවා! (නි)
මෙතන සලමන් කාන් ගැනවත් ජැකලින් ගැනවත් නෙමෙයි අපේ රටට වැදගත් වෙන්නේ. අපි ඔවුන්ව සාදරයෙන් පිළිගන්න ඕනේ විදේශිකයන් හැටියට. නමුත් චන්ද ව්‍යාපාරවලට හවුල් කර ගැනීම කිසිසේත් උචිත නොවන බවයි මගේ නම් හැගීම. (නදී)
මෙය ලාංකික අපගේ බුද්ධිමත්බවට කරන නින්දාවක්. (නි)
අතිගරු ජනාදිපතිතුමනි, විපක්ෂයේ ඉන්න යට හිරිහැරකිරීම දැන්වත්, නවත්වන්න. මෙතෙක් රැකගෙන ආ ඔබේ ගරු නාමයට විශාල කැළලක් මෙයින් ඇතිවෙන්නේ. ලැබෙන චන්ද අඩුකරගැනීම පරමාර්ථය නම් ජයලලිත ත් ගෙන්නාගන්න. අපටත් තව හිතන්නවෙනවා ඔබගේ ක්‍රියාවලිය ගැන.(නදී)
ලොක්කෝ දන්නවා ජනතාව කොපමණ මෝඩද කියලා. (නි)
සල්මන්ට කෝටි ගණන් දුන්න වගේ සමනලීටත් ගුටි කන්න කියල කෝටි ගණන් දෙන්න ඇති මෛත්‍රී මහත්තයා.(නදී)
වැරදුන තැන මෙතනය (නි)
ඉතිහාසයක් නොදන්නා ගොයියෝ ප්‍රේමදාස මහත්තය ගේනකොට හොඳද (නදී)
දැන්නම් දිනුම ගැන ෂුවර්! (නි)
සල්මන් ඛාන්ට ජය වේවා! (නි)
නිකන් බයිලා එපා. දැනටමත් කට්ටිය හත්පොළේ ගාගෙන ඉවරයි (නි)
9 න් පස්සේ බලමුකෝ! (නි)
කුහකකමින් බැලුවොත් ඔක්කොම වැරදියට පෙනෙන්නේ.ජැකලින් ෆර්ඩිනැන්ඩස් අපේ ලංකාවේ නිළියක්.මට නම් කිසිම වරදක් පෙනෙන්නේ නැහැ. (නි)
ඉන්දියාවේ මිනිසුන්ට වැසිකිළි නැහැ. සල්මන් ඉන්දියාවට ගිහින් වැසිකිළි හැදීමේ ව්‍යාපෘතියක් පටන්ගන්න. එම කටයුත්ත මානුෂික මෙහෙයුමක් (නි)
කෝ අර අපේ ඉතිහාසය වෙනස් කරමින් කඩේ ගිය 'කාන්'? කඩේ වැහුවම මිනිහට මොනාද වෙන්නේ? (නදී)
උද්ධික රටේ ජනාධිපති මහින්දට වැරදුන තැන මෙතනය. මොහු හිතන්නේ ලංකාවේ ජනතාව මෝඩයන් ලෙසය. මොහු දැන් ජනාධිපතිවරණ වේදිකාව එකම සංදර්ශනයක් කරගෙන අවසන්ය. සල්මන් ඛාන් ගෙන්වා එම වේදිකාවේ රඟ දක්වන ශ්‍රී ලාංකිකයා ඇන්දවීමේ නාට්‍ය රඟ දැක්වීමට සූදානම්කර ඇත. දැන්නම් අපේ රතුකට්ට පැන අවසන්ය. රටේ මහජනතාව වන අපිව මෝඩයන් සේ සලකා මෙසේ බාල් නැටුම් පෙන්වා අපේ ඡන්දය ලබාගැනීමට වෙර දරන අයට පාඩමක් උගන්වා අපි මෝඩයන් නොවන බව ඔවුන්ට එ්ත්තු ගන්වා එලවා දැමීමට අටවෙනිදා දවස ඉක්මනින්ම උදාවන්නේනම් කොතරම් දෙයක්දැයි සිතේ. (නදී)
ඇඩෙනවා තනි ඇහැට. සෙත්මි කියනවා බොහොම සුන්දර අවස්තාවක්ලු. රටක් පාලනය කරනවා කියන්නේ බොළඳ හින්දි ෆිල්ම් එකක් වගේ කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ. දැන් නම් තීරණය ස්ථිර කරන්න වෙලාව හරි. (නදී)
ලංකාවේ ඉන්නේ මෝඩයන් කියල ජනාධිපති තුමන් හිතන් ඉන්නේ. මොකක් හරි බයිස් කෝප් එකක් පෙන්නුවම වැඩේ හරි කියලයි හිතන් හිටියේ මෙච්චර කල්. ඒකම සනාථ වෙන විදියටත් අදහස් දක්වපු උදවියත් මේ ඉන්නේ. දැන් ඕවට රැවටෙන්නේ නැහැ. මේ අාපු උදවිය ගෙන්නන්නේ කෝටි ගානක් ගෙවල දවසකට, ගියපාර රගර් මැච් වලට ගෙන්නුවේ දිනකට කෝටි 2ක් ගෙවල කියල මතකනේ. අපේ රටේ නළු නිළියන්ට හා සිනමාවට ගහපු කම්මුල් පහරක් මේක. සල්මන් ඛානුත් තමන්ගේ ප්‍රේක්ෂක රසිකයෝ පිරිස බෙදීමකට ලක්කරගත්ත මේ වැඩෙන් (නදී)
ගිලෙන්න යන මිනිහා පිදුරුගහෙත් එල්ලෙනවා. ඒකට කාටවත් දොස් කියන්න බැහැ. (ර)
සලමන් නැතුව ඉඩ්අමින් ගෙනවා නම් තමයි හොද?(හේ)
කවුද කිව්වා සලමන් ඛාන් බන්දුල පෙරේරා මලයව හැම තැනම හෙව්වා කියලා. (ර)
වේදිකාවේ වෙන කවුරුත් නැහැ වගෙයි එච්චරට බන්කොලොත් වෙලා ද ?(හේ)
සල්ලි තිබෙනවා නම් ඒජන්සිය හරහා සල්මන් ඛාන් විතරක් නොවේ ටොම් කෘස් වුණත් තමන්ගේ උත්සවයකට ගෙන්වාගන්න පුළුවන් (නි)
මේ තරම් අසරණ වෙලාද ?(හේ)
එහෙනම් දිනයි.(හේ)
ඕක තමයි අපිට අඩු (නි)
අනේ මෙහෙමත් මෝඩ වැඩ! (නි)
පුද්ගලික යාළුකම් මෝරන්නේ ඡන්දෙට වෙන්න ඇති. (නි)
මේ ගොල්ලන්ට මෙහෙම සළකමින් තමන්ට විරුද්ධ දේශපාලන මත දරන ලංකාවේ කලාකරුවන්ට හිරිහැරවෙන හැටි හරිම පිළිකුල්. (නි)
සෙත්මි කාන්තාවක් නේද? ලැජ්ජා නැතිකමේ සීමාවක් තිබෙනවා. (නි)
සලමන් ඛාන් එනව කිව්වම මම හිතුවේ චිත්‍රපටයක් රූගත කරන්න එනවා කියා. බැලින්නම් ඇවිත් තියෙන්නේ වේදිකා නාටයයකට (නදී)
අතිගරු ජනාධිපතිතුමාගේ සියළු මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්නේ අලුත් අදහස් වලින් (නි)
රටෙන් තුනෙන් එකක් ගං වතුර දාල එහෙන් නාය ගිහින් මිනිස් ජීවිත නැති වෙලා රටම දුකට පත් වෙලා ඉන්න වෙලාවක මේ වගේ විකාර වැඩ කරනවද වගකීමක් තියන ජනාදිපති කෙනෙක් ? ඔය වැඩ වලින් ඔබ තුමා තවත් පල්ලෙහට යනවා, ඔය වගේ නළුවන්ව ගෙනල්ල දිනන්න හිතනවා නම් එ්ක හීනයක් මහත්තයෝ. ඔබ තුමා දැන් පිරිහිලා එ්ක අපිට පෙනෙනවා (නදී)
කන්න දෙනව නම් අපිට බොන්න දෙනව නම් අපිට මොන කෙංගෙඩියද තව ඕනෑ කරන්නේ. (නි)
යුධ ජයග්‍රහනය, ජිනීවා, විදුලි පුටු, ජාත්‍යන්තර කුමන්ත්‍රන,කොටි ඩයස්පෝරාව මේවා කියල දැන් ජනතාව අන්දන්න බැරි නිසා මෙහෙමවත් කරමු (නදී)
දැනට ශ්‍රී ලංකාව තුළ පවතින වංචාව, දූෂණය, පවුල් පාලනයට එරෙහිවීම සඳහා ඔබත් "මම සූදානම්" ජනතා ව්‍යාපාරය සමඟ එක්වන්න. (නි)
මේ අය ආවා නැතැ මහින්ද මහත්තයා දිනනවා (දිල්)
මොදිගේ ඇඳුම අඳිනවා කියලා මෛත්‍රීපාල මහත්තයට කතා කියපු අය කොහෙද දන්නේ නෑ(දිල්)
"මානසික වෛද්‍ය සායනය" ? (හේ)
සල්ලි දෙනවා නම් ඕනෑම ඛාන් කෙනෙක් ගේන්න බැරි කාටද? (නි)
ලැජ්ජයි අපේ රටට ගිය කළක්.(හේ)
අනේ ඉතින් ලංකාවේ ජීවත් වෙන අයට මුල මතක නැහැ අවුරුදු 30 අකුලාගෙන ගෙවල් වලට වෙලා හිටිය. මේවා මතක නැති එවුන්ට තඩි බාන්න තමයි ඕනා.(නදී)
දැන් මොනවා කළත් වැඩක් නැහැ. නලුවෝ දාලා මනාප ගන්න බෑ.(හේ)
හොඳ වෙලාවට මයිකල් ජක්සන් මියගියේ (නි)
මේවා කරලා මිනිස්සු රවට්ටන් බෑ මහත්තයෝ දැන් (දිල්)
ඡන්දෙන් පස්සෙත් ගෝල්පේස් එකේ සින්දු කියන්න ඉන්දියාවෙන් ගෙන්වනවද? (නි)
අයියෝ මෛත්‍රීපාල මහත්තයා කරපු පෙරළියක තරම (දිල්)
මහින්ද මහත්තයෝ ඔබට ඡන්දය දෙන්න අපිට බෑ (දිල්)
ජයවේවා! (නි)
අටවෙනිදා උදෙන්ම ගිහින් අත දිගහැරලා කතිරය ගසා මේ බහුබූත නවත්වා නිවහල් අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟමු! (නි)
මහින්ද මහත්තයා මෙචරටම බංකොලොත් වෙලාද? දැන් හොදටම බය වෙලා ඉන්නේ කියලා කරන වැඩ වලින් පේනවා.(හේ)
මෙච්චර කල් හිටියේ දුෂ්ඨයා විතරයි. දැන් ඉතින් කොල්ලයි කෙල්ලයි ආවා. පටන්ගමු බයිස්කෝප් එක හදන්න... (හේ)
ලංකාවේ නළු නිලියන් නැද්ද? කෝ එතකොට මාලනී, රවින්ද්‍ර, ජැක්සන් ඇන්තනි? මේ අයට තැන නැද්ද? (හේ)
මෛත්‍රී මහත්තයා කළ වැඩෙන් අහක ඉන්න හින්දි නළුවෝ ගානක් හොයාගන්නවා. (නි)
මේකෙන් පෙන්නුම් කරන්නේ අපේ රටේ කලාකරුවන්ගේ තත්ත්වය නොවේද? (නි)
හෙට අනිද්දාට ඉන්දියාවෙන් රැළිවලට මිනිස්සු ඇද්දත් හේමන්තලා කියාවි මේ පුද්ගලික යාලුකම් කියලා. (නි)
එයාගේ ගුවන් ටිකට්පතේ මුදල් කාගේද? (නි)
උද්දිකගේ සහ හේමන්තගේ අදහස් එක වගේමනේ. (නි)
දැන් සල්මන් ඛාන් ළමයි උසන්න පටන් ගත්තද? (හේ)
මෙතන ප්‍රශ්නය සල්මන්ට රත්තරන් හැන්දෙනුත් විරුද්ධ දේශපාලන මතදරන අපේ කලාකරුවන්ට පොල්කටු හැන්දෙනුත් බෙදන එක. (නි)
ලංකාවේ මැතිවරණ ප්‍රචාරණයට ගිය කළක්.(හේ)
නියමයිනේ! (නි)
තරුපෙනිලා තරු ගෙන්වූ වග නම් අපිට පේනවා. (නි)
දැන් ඒ පාර ලොව දිනන මඟ, තරු දිනන මඟ වෙලාද? (නි)
අයියෝ සල්ලි! (නි)
අපිත් ආසයි ලස්සන නළුවන්ට (නි)
අයියෝ, ලැජ්ජයි! (නි)
රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළාලුනේ. (නි)
"සැඩ පහරට වැටී ගහගෙන යන මිනිහා පණ රැකගන්න එල්ලේ තැන කොළෙත් වහා" (නදී)
නිළි නෝනගේ ගවුම කොටයි. ලංකාෙව් ඡන්ද ගන්න ඔහොම අමාරුයි (නදී)
සල්මාන් ඛාන් ඇවිත් තියෙන්නේ ජනාධිපති තුමා සමග තිබෙන පෞද්ගලික හිතවත් කමකට. ඒක සල්මන් ගේ කැමැත්ත. එකට වැරැද්දක් කියන්නේ කොහොමද? විදේශීය කෙනෙක් වේදිකාවේ ඉන්නවා කියන්නේ ජනාධිපතිතුමාගේ ජනප්‍රියතාවයයි. සල්මාන් ඛාන් මොදිගේ ජයග්‍රහණය වෙනුවෙන් ද වේදිකාවට නැගපු නළුවෙක්. (ර)
රැලියට මිනිස්සුත් ඉන්දියාවෙන් ගෙන්න ගත්ත නම් හොඳයි. (නදී)
මෙයාව ගෙන්නපු සල්ලි වලින් ගං වතුර සහනාධාර දුන්නනම්. (ර)
සල්මන් ඛාන්ගෙන්ද ඡන්ද ලැබෙන්නේ (නි)
එහෙනම් දැන් සියල්ල සර්වසම්පූර්ණයි (නි)
තිබෙන ඡන්ද ටිකත් නැතිකර ගන්නවා (නි)
මෙතන තිබ්බේ සමාජසේවා වැඩසටහනක්. මේ වගේ කැත විදියට ඕවා දිහා බලන්න තරම් මෙතන අදහස් දාපු අය මෝඩද? (නි)
සල්මාන් ඛාන් ඇවිල්ලා තියෙන්නේ ජනාධිපතිතුමා සමඟ තිබෙන පෞද්ගලික හිතවත්කමකට (නි)
හේමන්ත වලිගය අහකට ගන්න. ඔන්න ඒක පෑගිලානේ. (නි)
හේමන්ත, හින්දි නළු නිලියෝ ඇවිත් තියෙන්නේ හිතවත් කමට නොව සල්ලි වලට කියල දන්නේ නැද්ද? සල්මන් නෙවෙයි දැන් ඔබාමා ආවත් මහින්දව ගොඩ ගන්න බැහැ. (නදී)
මේ ඉන්දියාව නෙමෙයි ලංකාව. ජනතාවගේ හද ගැස්ම නළු නිළියන්ගේ ආකර්ශනයෙන් වෙනස් කරන්න පුලුවන්ද? තවත් ජන්ද සුත්‍රයක්. (නදී)
හේමන්තලා වගේ අය ඉන්නවනේ ගොඩක්. ඒ නිසා ජනාදිපති තුමා දිනනවා.. (නදී)
එතකොට අපේ කලා කරුවන්ට අර කවුද තඩි බාල තියෙන්නේ කාගේ කැමැත්ත හින්දාද හේමන්ත ? (නදී)
අනේ හේමන්ත, ඔයා හිතන්නේ ලංකාවේ ඉන්නේ ඔක්කොම මැටි මෝල්ලු කියලද ? (නදී)
හේමන්ත මෝඩි ඉන්දියාවේ මේ ලංකාව (නදී)
අපරාදේ ගෙන්නන්න තිබුනේ සනි ලියෝන්ව (නදී)
ලංකාවේ අය මෝඩි වගේ අදින එක ගැන මොකුත් කතා නැහැ (නදී)
සල්මන් කියනවා අපි අහනවා මහින්ද මහත්තය දිනනවා. කොහොමද ටිකිරි මොලේ (නදී)
පොදු අපේක්ෂක තුමාට බැරිද මෝඩි ගේන්න (නදී)
මම සල්මන්ට පණ වුණත් දෙනවා (නි)
කට්ටිය ඔක්කොම කලබල වෙලා නේ?මොකද ඉතින් කව්රු ආවත්.සිරිසේන දිනනවා නම්.බලන් ඉන්න නේ තියෙන්නේ (නදී)
හේමන්ත එතකොට පුද්ගලික හිතවත් කම් නැති අයට මොකද වුනේ කියල අපිට පෙනුනා. (නදී)
හේමන්ත ඔබේ අදහසට මන් ගරු කරනවා. අපේ මිනිස්සු ඔහේ කියන්නන් වාලේ එක එක ඒවා කියනවා. මොනා කරන්නද අපේ රටේ මිනිස්සුනේ.(නදී).
සල්මන් ආවේ අක්ෂි කාච බෙදීම සඳහාලු. (නි)
සල්මන්ව ගෙනෙන්න කීයක් වියදම් කරන්න ඇද්ද? මේ මුදල් මහජනතාවගේ සල්ලි නේද? (නි)
අපි නම් පුද්ගලික හැඳුනුම්කම් පවත්වන්නේ අපේ ගෙවල් වල. ප්‍රසිද්ධ මැතිවරණ කටයුතු වලදී නෙමෙයි. (නි)
ගංවතුරෙන් විතරක් නෙමෙයි රට අනාථවෙලා තියෙන්නේ. (නි)
ඔබට ජය! (නි)
මොහුට ලංකාවේ ඡන්දය නැත.(නදී)
හේමන්ත, මෙයාලා ලක්ෂ ගණන් පාඩුකරගෙන ලංකාවට ආදරේටද එන්නේ? (නි)
හේමන්ත වගේ අය රටේ ඉන්නකම් රටට යන කලදසාව ගැන හිතාගන්න බැහැ (නි)
මොනවද මේ කරන වැඩ.මුලු ලෝකයම හිනාවෙනවා. (නි)
හේමන්ත, මෙතන අදහස් දාලා තියෙන බහුතරයකට මේක නොතේරෙන එක ගැන තමයි දුක. (ර)
සල්මන්ට රු. ලක්ෂ 700 යි. ගං වතුරෙන් අනාථ වු ලක්ෂ 11 ක් වු අයගෙන් එක් අයකුට රු. 800 යි. හරි හොඳයි. අපි අපිටම ගහගමු (බ)
සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහලේ (බ)
මොනවාද මේ කරන වැඩ .. ලැජ්ජයි .(හේ)
ලංකාවේ නලු නිලියන්ට ගිය කලක් , එම තැන දැන් ඉන්දියානු නලුවන්ට , (හේ)
කන්න ඕනේ නම් කබරයත් තලගොයා වෙනවලු අපි නොදන්නා යාළුකම්.(හේ)
සල්මන් ඛාන් අවේ එයාගේ කැමැත්තට එයාට සල්ලි කීයක් දුන්නත් එන්න බැහැ කියන්න තිබුනා. එයා ආපු එකට අපිට මුකුත් කියන්න බැහැ හැමදේම වැරදි කෝණයෙන් බලන්නේ නැතුව ඉන්න පුරුදු වෙන එක තමයි මනුස්සයන්ගේ යුතුකම.(හේ)
සල්මාන් ඛාන් ඇවිත් තියෙන්නේ ජනාධිපති තුමා සමග තිබෙන පෞද්ගලික හිතවත් කමකට. ඒක සල්මන් ගේ කැමැත්ත. එකට වැරැද්දක් කියන්නේ කොහොමද? විදේශීය කෙනෙක් වේදිකාවේ ඉන්නවා කියන්නේ ජනාධිපතිතුමාගේ ජනප්‍රියතාවයයි. සල්මාන් ඛාන් මොදිගේ ජයග්‍රහණය වෙනුවෙන් ද වේදිකාවට නැගපු නළුවෙක්. ඒක තමා ඇත්ත. (හේ)
අපේ කලා කරුවන්ට ගුටි, ස්ලමන්ට කොටි ගණන් සල්ලි සහ මල්මාලා ! අනේ මෙහෙම රටක් ! (හේ)
ඔන්න ඇත්ත පේනවනේ..(හේ)
ගංවතුරෙන් ලක්ෂ 11 අවතැන්.මෙහේ රටේ නායකයා ඉන්දියාවේ නළුවන්ට සල්ලි වියදම් කරනවා.(හේ)
ලංකාවේ සිනමාවට ජයවේවා.(හේ)
මොකද මේ හේමන්ත සහ උද්දික එකමදේ එකම විදියට ලියල තියෙන්නේ ? (ර)
ඉස්සර නම් ඡන්දෙ කරන්න මෙයාල ඕන වුනේ නැහැ. ඒත් මනෝ ලෝකවල ඉන්න කට්ටියගේ ඡන්දත් ඕන කරන නිසා මේකේ වරදක් නැහැ.(හේ)
"සල්මන් ඛාන්" නෙමෙයි "එමිරි කාන්තන්" ගෙනාවත් මේ සැරේ මෛත්‍රී පරද්දනවා බොරු.(හේ)
ඉන්දියාවේ දෙමළ නළු නිලියෝ ලංකාවට විරුද්ධව ඔක්කොම හතුරුකම් කරද්දී මේ වගේ උතුරු ඉන්දියාවේ සුපිරි නළු නිලියෝ අපිට උදව් කරන එක ගැන මම දකින්නේ මහින්ද කියන්නේ මහා බල ගතු පුද්ගලයෙක්.(හේ)
මේවාට උපහාසෙට හිනා වෙන්නද දුකට අඩන්නද කියලා හිතාගන්න බැහැ.(හේ)
අපේ සල්ලි. මේකත් විදේශීය බලවේගයක් නේද? (හේ)
ඡන්ද දායකයෝ පිරිසකුත් ඉන්දියාවෙන් ගෙන්නුවානම් නරකද?(හේ)
මේවත් හරි කියනවා සමහර කට්ටිය. (ර)
බොහොම සුන්දර අවස්ථාවක්.මේ අය ආවත් නැතත් 09 වෙනිදට එතුමාගේ ජය නම් ස්ථිරයි ඔබටත් රටටත් ජයවේවා.(හේ)
පුද්ගලික යාළුවන් නම් අපි ගෙදරට අඬගහල තේ එකක් දෙනවා මිසක් මහජන ප්‍රදර්ශන වලට තියන්නේ නැහැ. (දිල්)