සල්මන් ඛාන්ටද පුද්ගලයෙකු ලෙස මතයක් හා විශ්වාසයක් තිබෙන බවත් එනිසා ඔහු ශී‍්‍ර ලංකාවේ වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කළහොත් එය ප‍්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ශී‍්‍ර ලංකා සම්භවයක් ඇති බොලිවුඞ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් කියන්නීය.
පසුගියදා මහත් ආන්දෝලයකට තුඩුදුන් ඔවුන් දෙපළගේ ශී‍්‍ර ලංකා සංචාරය ගැන සඳහන් කරනා ඇය සල්මන් ඛාන් ශී‍්‍ර ලංකාවට පැමිණියේ තමන්ගේ ඉල්ලීමකට ප‍්‍රතිචාරයක් ලෙස බවද ඔහු කි‍්‍රයාත්මක කර තිබෙන නොයෙකුත් සහන සේවා වැඩසටහන් ගංවතුර නිසා පීඩාවට පත්ව සිටින ශී‍්‍ර ලංකා ජනතාවට සහන සැලසීම සඳහා යොදාගැනීම තම අරමුණ වූ බවද කියන්නීය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ පුතණුවන් පෞද්ගලිකවම හඳුනන සල්මාන් ඔවුන්ගේ වේදිකාවට ගොඩවීමේ වරදක් තමන් දකින්නේ නැතැයිද ඇය කියන්නීය. වරද ඇත්තේ ඔහු පැමිණි සැබෑ අරමුණ නොදැන ඔහුට එරෙහිව කටකතා පතුරවන ඇතැමුන්ගේ බවට ඇය චෝදනා කරයි.
තමාද ජනපතිවරයාගේ වේදිකාවට ගොඩවීම ගැනද සඳහනක් කරන ඇය තම දේශපාලන මතය පෞද්ගලික දෙයක් බවත් ශී‍්‍ර ලංකාවේ දේශපාලන කටයුතු වලට කිසිසේත්ම හවුල්නොවී විපතට පත්ව සිටින ජනතාවට සහන සැලසීම තම ශී‍්‍ර ලංකා සංචාරයේ අරමුණ වූ බවත් ඇය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමිය කියන දේ පිළිගන්න අමාරුයි. මම නම් හිතන්නේ සල්මන් ඛාන් මැතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදුවුණේ නාමල් මැතිඳුන්ගේ යාළුකමට කියලයි (නි)
සල්මන් ඛාන් චන්ද වේදිකාවට ගොඩවීමේ වරදක් නැත. වරද ඔහු ආවේ ඒකට කියලා නොකියන එක නේද? (හේ)
අනේ පව් මෙයා. (හේ)
ඔයා ගැන මුළු රටම දන්නවා . ඒ නිසා ඔය පුද්ගලික දේවල් වලින් අපිට වැඩක් නැහැ. (හේ)
අනේ ජකලින් නෝනා , ඔයාගේ ආපන ශාලාවේ වැඩක් බලා ගෙන ඉන්න.ඉන්දියාවට වැඩිය අපේ රටේ සාක්ෂරතාව බොහොම වැඩියි කියලා දන්නේ නැහැ වගෙයි. (හේ)
අබේපාල වගේ හිතන කට්ටිය නිසා තමයි ඕනෑම රටක් ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙන්නේ. (නි)
කවුදෝ ඇත්තියක් එයාව අඳුනන්නේ නැහැ කියල කියපු රාජකාරි කල කාන්තාවක් කාගේදෝ අනුහසින් ගෙදර යව්වාලු. මම මේ කල්පනා කරන්නේ කවුද කියලා. (නදී)
අපිට බයිලා කියන්නේ නැතුව ඔයාලා ඉන්දියාවටම වෙලා ඉන්න (නි)
අබේපාලත් ජැකලින්ගේ කඩේ ආප්ප කාලා බව පේනවා. (නදී)
වේදිකාවලට ගොඩවෙන්න හොඳයි, හැබැයි විවේචන ඉවසන්න බැහැ (නි)
ඔය කියපු හැටියට එහෙනම් අබේපාල, ජයලලිතාට වෙන්න ඇති ඊළඟට මෙහෙ එන්න කියල ආරාධනා කරන්න ඇත්තේ. (නදී)
තම දේශපාලන මතය පුද්ගලික දෙයක් වෙන්නේ තමන් රහසින් ඡන්දය පාවිච්චි කරන ඡන්දදායකයාට පමණයි. ඒක ජැක්ලින්ට අවබෝධ වුණේ නැති එක පුදුමයක්. (නි)
ඡන්දය දෙන්නේ සල්මන් නොවේ. ඡන්දය දෙන මිනිසුන්ගේ මොලයේ තරම මෙයින් පෙනෙනවා. (නදී)
අදහස් ටික කියෙවුවහම බඩ පිරුනා (නි)
මේ නෝනා, අපේ රටේ මිනිසුන්ට දේශපාලනය ගැන උගන්වන්න එන්න එපා (නි)
අනේ එයාලගේ සමාජ සේවය ! (නි)
එයාගේ ඉල්ලීමට ආවා නම් ඇයි කඩේ පැත්තටවත් නොගිහින් ආපහු යන්න ගියේ? (නි)
ඔක්කොටම කලින් කියන්න ඔබතුමිය අපේ රටේ පුරවැසියෙක්ද කියලා. (නි)
පිස්සු කියවන්නේ නැතිව ඉන්න.(හේ)
වෙනත් රටවල කාන්තාවන් කවුරුවත් මෙහෙම අපේ රටට ඇවිල්ලා මේ වගේ කතා කරන්නේ නැහැ. (නි)
ඔයාගේ පුද්ගලික සම්බන්ධ කම් වලින් අපිට වැඩක් නැහැ . වෙනත් දේශපාලන වේදිකාවකට ගොඩ වුන අපේ කලා කරුවන්ට තඩි බාලා. අපේ ප්‍රශ්නය අන්න ඒකයි. (හේ)
තමන් ජීවත්වුණේවත් නැති රටකට ඇවිල්ලා ඔහොම කතා කරන්නේ කාගේ හයියක් අරගෙනද? (නි)
දැන් මෙයාද ලංකාවට දේශපාලනය උගන්වන්න පත් වෙලා ඉන්නේ ? (හේ)
ඔයාද දැන් අපේ රටේ මිනිස්සුන්ට දේශපාලනය උගන්වන්න හදන්නේ? (නි)
නෝනේ, නොදන්නා දේශපාලනය ගැන කතානොකර ඉන්න (නි)
ඔයා සල්මන්ට මොනවා කිවුවත් අපිට කමක් නැහැ. එහෙත් අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් සල්මන්ව ගෙනාවා නම් ඒක මේ රටේ ජනතාව කිසිසේත් අනුමත කරන්නේ නැහැ. (නි)
ජැකලින් තාම දන්නේ නැද්ද සංචාරක විසා මත ඇවිත් ලංකාවේ දේශපාලනය කරන්න බැරි බව. මම හිතන්නේ රට තොට ගැන සාමාන්‍ය දැනීම වැඩි දියුණු කර ගත්තොත් හොඳයි. (හේ)
අනේ නෝනා කඩේ යන්නද ලංකාවට ආවේ .(හේ)
එයා කවුද අනේ මෙහෙම කතා කරන්න? (නි)
මෙයාට ලංකාවේ පුරවැසිකම තියනවද ? හරියට අපේ ඇමතිතුමියක් කතා කරනවා වගේ ලංකාවේ දේශපාලනය ගැන කතා කරන නිසා ඇහුවේ .(හේ)
දැන් එතකොට ඇවිල්ලා ගංවතුර බැලුවාද? ඒ ප්‍රදේශවල ජනතාවට කතා කළාද? ආපහු එදා රෑම ගියේ නැද්ද? (නි)
ලංකාවේ ජීවත් වුණේවත් නැතිව ලංකාවේ දේවල් කෙරෙන්න ඕන අර විදියට මේ විදියට කියන්න මෙයා කවුද ? (හේ)
දැන් එතකොට අපේ කලා කරුවන්ට වුන ප්‍රහාරය ගැන කනගාටුවක් නැද්ද ? (හේ)
අර අල්ලපු රටේ බංගලිදේශයේ හැමදාම ගංවතුර කෝ ඉතින් එයා එහෙට ආධාර දෙන්න ගිහින් තියේද ? (බ)
ඔයාගේ ආප්ප කඩේ ගැන මතක්වෙනකොට අපට වෙච්චදේ කියල හිතෙනවා. ඔය ආප්ප කියන ජාතිය නොතිබ්බ නම් මෛත්‍රී මහත්තය අදත් පක්ෂයේ ඉන්නවා. (බ)
අපි සාඩම්බර ජාතියක හිමිකරුවන් වෙමු (නි)
සංස්කෘතියක් සභ්‍යත්වයක් නැති ඕනෑම කෙනෙකුට සල්මන් ඛාන් එක්ක බුදියාගන්න පුළුවන්. ඒක පුද්ගලික කැමැත්ත. හැබැයි මේ රටේ පුරවැසියෙක් නොවන කෙනෙකුට අපේ රටේ දේශපාලන තීන්දුවලදී මොනම ආකාරයෙන්වත් අනවශ්‍ය බලපෑම් කරන්න බෑ. අඩුම තරමින් රටේ ජනාධිපති වෙලත් අපේක්ෂකයෙක් ලෙස කටවුට් බැනර් නොගැසිය යුතුයි කියන්නේ ඒක නිසයි. කරුණාකර නොදන්නා දේවල් නොකර දන්නා දේ කරගෙන ජීවත්වෙන්න.ඔබගේ කාර්ය සල්මන් එක්ක කරගන්න.ඔබ රගපාන්න දන්නවා ඇති. එහෙත් අනිත් දේවල් ගැන මොනවත්ම තේරෙන්නේ නෑ කියලයි පෙනෙන්නේ. (බ)
මෙයා හිතන් ඉන්නේ ඉස්සර අපේ මිනිස්සුන්ට තිබ්බ හින්දි පිස්සුව තාම තියනවා කියලා වගෙයි. එයාගේ කාඩ්බෝඩ් වීරයා එයාට ලොකු උනාට අපේ රටේ ගාමිනි ෆොන්සේකා, විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම වැනි නළුවන්ගේ ආසන්නයෙන්වත් තියන්න පුලුවන්ද මේ නළුවව. අනික අපේ රටේ නළුවෝ නැතුවද මේ කොහෙවත් යන නළුවෙක් ආනයනය කරන්නේ. මෙයාලා හැමෝම හිතා ඉන්නේ අපේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද? (බ)
මෙයාත් නාම යෝජනා අරගෙන පාර්ලිමේන්තු ඡන්දෙට වත් එන්නද දන්නේ නැහැ අර අඳින්නේ .(හේ)
ඔයාට මොකද්ද අපේ රටේ මිනිස්සුන්ගේ දේශපාලන මත වාදය ගැන තිබෙන ප්‍රශ්නය ? ඔයා සල්මන්ව ඕනම වේදිකාවට එක්කගෙන යන්න අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ රටේ දේශපාලනය අපිට විවේචනය කරන්න අයිතියක් නැහැ.(හේ)
ඔයාට මොකක්ද තිබෙන අයිතිය එහෙම කරන්න? (නි)
රාජපක්ෂ මහත්තයාගේ වේදිකාවට බැරිනම් ඕන තැනකට ගොඩ උනාට අපේ අකමැත්තක් නැහැ , ශ්‍රී ලංකාවේ පුර වැසියෙක් නොඋන සල්මන් කාන්ට තියෙන අයිතිය මොකක්ද කියන එකයි අපිට තියෙන ප්‍රශ්නේ ? එදා වගේම කාට අයිති නැති වුනත් පුරවැසියෝ හැටියට අපිට අයිතියක් තියෙනවා ඒ ගැන ප්‍රශ්න කරන්න (බ)
සල්මන් ඛාන් ආවේ ජැකලින් නෝනාගේ ආපන ශාලාවේ පිගන් හෝදන්න. (බ)
සල්මන් ආවේ ඔයාගේ ඉල්ලීමට නම් ඔයා ආවේ එහෙනම් ලංකාවේ ගංවතුර අස්සේ ඡන්දෙ කරන හැටි අධ්‍යයනය කරන්න වෙන්න ඇති. (නදී)
සල්මන් ඛාන් කියන්නේ මහා වීරයෙක්ද? ඉන්දීය සාහා ශ්‍රී ලාංකිකයෝ අතර නම් සමහරවිට එහෙම වෙන්න ඇති (නි)
පිට ලස්සන තරමට මොළෙත් තිබුනා නම් මේ වගේ දේවල් වෙන්නේ නෑ. (නදී)
ඉතින් බදුල්ලේ හරි අනුරපුරේ හරි යන්න තිබුනනේ. ස්ටේජ් වල නගින්නේ නැතුව සංචාරක විසා වලින් ඇවිල්ලා දේශපාලනය කරන්න තහනම් (නදී)
මෙයා ඉන්දියාවේ සූත්තරයකට කෑම දාලා අපට කවනවා මෙහෙ. අපි ඔයා ගැන දන්නවා. (නි)
මේක අපේ මව් බිම අපිට ඕන නායකයෝ අපි පත් කරන්න ඕන. සල්මන්ලාගෙන් අපිට වැඩක් නැහැ. (ර)
ජැක්ලීන්ට ඡන්ද අයිතිය තියෙනවද ?(හේ)
හොදයි සල්මන් අවේ ඔබේ ඉල්ලීමට, සල්මාන්ට එන්න කියලා ඔබෙන් ඉල්ලුවේ කවුද? කාට වුනත් එන්න යන්න පුළුවන් රටත් සැලුන් දොර වාගේ තමයි. වරදක් නැහැ.(හේ)
සංචාරක වීසා වලින් ඈවිත් දේශපාලනය කලා කියලා කී දෙනෙක් අල්ලලා රටින් පිටු වහල් කලාද? (හේ)
ඇත්තටම කවුද මේ විකට චරිතේ? (හේ)
අපි දන්නවා ඔයා ඉල්ලීමක් කලොත් එයා එන බව. මේ වගේ අය තමයි ලංකාවේ නම කන්නේ. (හේ)
එහෙම කොමද පිටින් මිනිස්සු ඇවිත් අපේ රටේ දේශපාලනේ කරන්නේ මොන අයිතියටද?(හේ)
මං හිතුවේ රු 200 ආප්ප කන්න අාවා කියලා. (හේ)
සල්මන් කාන්, සිරිසේන මහතාගේ වේදිකාවට නැග්ගා නම් මෙච්චර ප්‍රශ්න ඇති වන්නේ නැහැ.(හේ)
ඔය අයට හොඳට රගපාන්න පුළුවන් බව හැමෝම දන්නවා. ඔය කවුරු මොන රඟපෑම් කළත් දැන් වැඩක් වෙන එකක් වෙන්නේ නැහැ.(හේ)
මෙයාට ලංකාවේ පුරවැසිකම නෑ.(හේ)
ශාරුක් ඛාන්ට ජයවේවා!(හේ)
මහතුනි ඔබලාට දැන් පැහැදිලියි නේද අපිට කියා රටක් නැති බව. අපි තව උඩ පනිමු (නදී)
ඒ මිනිස්සුන්ට දොස් පැවරීමෙන් ඇති වැඩේ මොකක්ද. අපි අපේ කුණු හෝදගෙන ඉමු ඊට කලින්. (නදී)
ආප්ප කඩෙන් රස ආප්ප කන්න වෙන්න ඇති (නදී)
තමන්ගේ පැත්තේ වේදිකාවට ශාරුක් නගුනා නම් මේ ශාරුක්ට බනින අය හරි කියාවි මේවට කියන්නේ දේශපාලන කුහකකම් කියලා.(හේ)
අපේ අය දන්නේ කට්ටියට අපහස කරන්න. ඒ දෙපල ආවේ අර කරදරයේ වැටුන අයට පිහිට වෙන්න.(හේ)
ගං වතුරෙන් විපතට පත්වූ අයට ජැක්ලින් උපකාර කලාලු. නියම විහිළු කතාවක්. අනිත් මිනිස්සු අනුන්ට උපකාර වෙන්නේ අඬ බෙර ගහන්නේ නැතුව.(හේ)
මට හොඳටම විස්වාසෙන් කියන්න පුළුවන් මෛත්‍රීගේ වේදිකාවට මේවගේ විකටයන් ගෙන්නේ නැතිබව..(හේ)
කව්ද මෙයාගෙන් ඇහුවේ.? (ර)
ලංකාවේ ජනාධිපතිවරණයේදී රටේ පුරවැසියෙක් නොවන සල්මන් ඛාන්ට තමන්ගේ මනාපය ප්‍රකාශකරන්න අයිතියක් තියනවා කියලා මේ නෝනා කියන්නේ කොහොමද? අපේ රටේ දේශපාලන පසුබිම ගැන දන්නේ නැති අයට කන්දෙන මිනිස්සු මේ රටේ තවමත් ඉන්නවනේ? (නි)
කවුද අනේ මේ ජැක්ලින්? කොහේ ඉන්න කෙනෙක්ද එයා? (නි)
අනේ! ඛාන් පව්. (නි)
නියමයි ජැක්ලීන් නියමයි (නි)
ජැක්ලින්, ඔබගේ අදහසට මගේ ප්‍රණාමය! ලංකාවට ඕනෑම කෙනෙකුට එන්න ඉඩ තිබෙනවා.අපේ රට ඇෆ්ඝනිස්ථානයක් නොවේ (නි)
කවුද අර කල්ඉකුත් වූ පාස්පෝර්ට් එකකින් එනකොට අල්ලා ගත්තහම ගුවන් තොටුපොළේ ඉඳලා ලොකු කෙනෙකුට කතාකරලා විනාඩියෙන් රට ඇතුළට ආවේ? (නි)
ඔවු ඉතින්, ඒක එයාලගේ වැඩක්නේ (නි)
ශාරුක් ඛාන්ට ජයවේවා! සල්මන් ඛාන්ට එහෙම නොවේවා! (නි)
අයි ඉතින් ගංවතුර නොබලා එදා රාත්‍රියේම ආපසු ගියේ? ඉන්දියාවේ චිත්‍රපට පෙන්වන්න බැරිවෙයි කියලාද? (නි)