සෙලින්කෝ අනුබද්ධ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් හතළිස් තුන් ලක්ෂයක් වංචා කළැයි සිසිලියා කොතලාවල සමග චෝදනා ලබා සිටි අටවැනි සැකකාරිය යස්මින් ඉල්හාමි මොහොමඩ් රටින් පැනගොස් වසර 7කට පසු කටුනායක දී අද (25) අත්අඩංගුවට ගනු ලැබීය.
විදෙස් ගමන් තහනම් කර තිබියදී ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබියට ගොස් ඇති බව ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කියා සිටියේය.
ඇගේ ගමන් බලපත්‍රය තහනම් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඇය රුපියල් 50000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇප හතරක් මත මුදා හළේය.
ඇයට ඇප දීම ගැන රහස් පොලිසිය විරුද්ධ වූයේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට අැපදීමට විරුද්ධ නැහැ. ඒත් අනිත් ඒවාට තමයි විරුද්ධ? හාමුදුරුවරුත් රිමාන්ඩ් එකේ හිටිය රටක් මේක. (නි)
වරදක් කළොත් කවමදාක හෝ දඬුවම් ලැබෙනවාමයි (නි)
ආබාධිත රණවිරුවෝ විශ්‍රාම වැටුම් ඉල්ලලා පාරට වැටිලා ඉන්නවා (බ)