ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි රියල් එස්ටේට් හා ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි ප්‍රොපටි ඩිවලොපර්ස් සමාගම් දෙකේ තැන්පත්කරුවන්ගේ සංගම්වලට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරමින් පැවසූයේ ලබන සැප්තැම්බර් 6 වන දින එම සමාගම්වල දේපළ අන්සතු නොකරන ලෙසයි.
ප්‍රියසාද් ඩෙප්, උපාලි අබේරත්න හා අනිල් ගුණරත්න යන විනිසුරුවරුන් එම නියෝගය කළේ තැන්පත්කරුවන්ගේ සංගම් වලින් ගොනු කැරුණු පෙත්සම් කිහිපයක් සලකා බැලීමෙන් පසුවය.
ස්වාධීන තැන්පත්කරුවන්ගේ සංගමය හා තැන්පත්කරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂක ලෙස අධිකරණය පිළිගත් සී.කල්දේරා, මහින්ද විජේසූරිය, උපාලි රාජපක්ෂ හා ඈෂ්ලි විලත්ගමුවට ලබන නඩු දිනය තෙක් එම සමාගම් දෙකේ කටයුතු කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd