අන්තර් සමාජ ”ඩයලොග්” ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේදී අනුරාධපුරය ”සොලිඞ්” කණ්ඩායම් ප‍්‍රහාරයෙන් පොලිස් කණ්ඩායම ඇද වැටෙද්දී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට මීගමුව යූත් කී‍්‍රඩකයෝ සමත් වූහ.
තරග 187 කින් සමන්විත ශූරයන්ගේ තරගාවලියේ තියුණුතම තරග කීපයක් පසුගිය සතිඅන්තයේදී පැවැත්වුණි. එහිදී කී‍්‍රඩකයන් තිදෙනකු විනිසුරුවන් විසින් රතුකාඞ්පත් පෙන්වා පිටියෙන් පිටමං කරන ලද්දේ නීති විරෝධි ලෙස තරග කිරීමට දඬුවම් වශයෙනි.
රත්නම් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කළුතර කණ්ඩායම් කී‍්‍රඩක එම්. ෆර්ෂාන්, මීගමුව යූත් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමේ කී‍්‍රඩක නිපුන බණ්ඩාර හා කළුතර පාත් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී අප්කන්ටි‍්‍ර ලයන්ස් කණ්ඩායමේ පැට්ටි‍්‍රක්ද විනිසුරුවන් විසින් රතු කාඞ්පත් පෙන්වා පිටියෙන් පිටමං කරන ලදී.
එම තත්ත්වය අනුව මෙම කී‍්‍රඩකයන්ට ඊළඟ සතිඅන්තයේ තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමි වනු ඇත.
කී‍්‍රඩා සමාජ 20 ක් තරග වදින ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය පැවැති ප‍්‍රධානතම පාපන්දු තරගාවලිය අලූත් ආරකින් පැවැත්වීමට පාපන්දු සම්මේලනය දරන උත්සාහයකි.
පාපන්දු සම්මේලනය සංවිධාන කරන ප‍්‍රධානතම පාපන්දු තරගාවලියට නවකයකු වන අනුරාධපුරය පොලිස් කණ්ඩායම තරගාවලි ආරම්භයේදීම ප‍්‍රබල පොලිස් කණ්ඩායමට එරෙහිව ලද ජයග‍්‍රහණය කැපී පෙනේ.
තරග ප‍්‍රතිඵල
* අනුරාධපුරය: ”සොලිඞ්” කණ්ඩායම විසින් පොලිස් කණ්ඩායම පරාජය කරන ලදී (1-0).
* රත්නම් කණ්ඩායම විසින් කළුතර බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම පරාජය කරන ලදී (2-1).
* රිනවුන් කණ්ඩායම විසින් වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායම පරාජය කරන ලදී (2-1).
* නාවික හමුදා කණ්ඩායම විසින් ජාවා ලේන් කණ්ඩායම පරාජය කරන ලදී.
* කොළඹ ලීග් කණ්ඩායම විසින් බේරුවල සුපර් සන් කණ්ඩායම පරාජය කරන ලදී (4-1).
* මාතර සිටි කණ්ඩායම හා සෝන්ඩර්ස් කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0).
* ගුවන් හමුදා කණ්ඩායම හා මීගමුව යූත් කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි.
* මීගමුව දොන් බොස්කෝ කණ්ඩායම හා සිවිල් සේවා කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි (1-1).
* අප්්කන්ටි‍්‍ර කණ්ඩායම හා කළුතර ෆාත් කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි (2-2).
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොලිඩ් ප‍්‍රහාරයෙන් පොලිසිය ඇද වැටෙයි