කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලිට රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහුගේ බිරිය හා දියණිය විසින් ගොනු කැරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රි පුද්ගල විනිශ්ච මණ්ඩලයක් ඉදිරියේ අද විභාගයට ගැනිණි.
අතිරේක සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පැවසුවේ නීතිපති උපදෙස් සඳහා කල් අවැසි බවයි.
ඒ අනුව ලබන 28 වැනිදා තෙක් විභාගය කල් දැමිණි.
කේ ශ්‍රී පවාන්, චන්ද්‍රා ඒකනායක සහ සත්‍යා හෙට්ටිගේ විනිසුරුවරු ඉදිරියේ පෙත්සම කැඳවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුනා කර තවත් ප්‍රභාකරන්ලව බිහිනොකර මෙම පුද්ගලයාව නිදහස් කරන්න. රටෙ සම අයිතිය සියලුම පුද්ගලයන්ට ලබාදෙන්න.(නදී)
පළමුව ඔය ජාතිවාදී සංවිධාන මෙහෙයවන්නන් අත්අඩංගුවට ගන්න (නි)
මේ 28 දින දුන්නේ කව්ද මෙහි තීන්දුව මොනවද කියා හැමෝම දන්නවා. දන්නවනේ දුමින්ද සිල්වාට මොකද වුනේ කියලා.(නදී)
මොකද මේ සාලිය ගැන මෙතරම් දුකක්? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
එතකොට සොල්හෛම්, රොබට් බ්ලේක් වගේ අය අනන්ත වාරයක් ලංකාවේ ත්‍රස්ත වාදය නැවත ඔලුව උස්සයි කියලා ලෝකයේ හැමතැනම කියනවා. ඒගොල්ලන්ට ත්‍රස්තවාදීන් කියන්නේ නැත්තේ බය නිසා වෙන්ට ඇති.(නදී)
මුලින්ම එක දෙයක් අවබෝධ කරගන්න. එක එක අය කියන දේවල් විශ්වාස කරමින් අනුන්ගේ ආගම් වලට අපහාස කරන, කිසිම පදනමක් නොමැතිව, මුස්ලිම් අයටත් ඉස්ලාම් ධර්මයටත් අපහාස කරන උදවිය කරුණාකරලා තමන්ගේ පාඩුවේ හිටපු ලංකාවේ මුස්ලිම් ජනතාවට සිංහල බෞද්ධයා සමග ගැටුමක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය හා ඊට ආධාර හා අනුබල දෙන උදවිය බලාපොරොත්තුවන ප්‍රතිපලය ගැනත් සිතන්න. කිසිම දිනක නොතිබුන මේ මුස්ලිම් විරෝධී රැල්ල කෙසේද ඇතිවුනේ? අපි අතර තිබුන සහෝදරත්වය වෛරයක් හැටියට කොහොමද පරිවර්තනය වූයේ? කොටි ඩයස්පෝරාව සමග කවුද, කුමටද සාකච්චා කළේ? නොර්වේ අතරමැදියන් මේවට සහයෝගය දෙන්නේ කුමටද? අපිට ඕනෑම දෙයක් අවබෝධ කර ගැනීම හැකියාවක් තිබෙනවා. දකුණු ආසියාතික රටවල් වලින් ඉහල අධ්‍යාපනය තිබෙන්නේ අපේ රටේ ජීවත් වන අයට. හැම දෙයක්ම අපි අපේ බුද්ධියෙන් විමසන්න ඕනෑ. අපි සියලුදෙනාම අපේ අතර තිබුණු ඒ සහෝදරත්වය හැමදා රැකගනිමු. ජාතික සමගිය තුලින් පමණි අපි රට සෞභාග්‍ය හා සංවර්ධිත රටක් බවට පත් කල හැක්කේ. අනුන්ගේ ලනු කන්නත් එපා අනුන්ට ලනු දෙන්නත් එපා. (නි)
තරාතිරම නොබලා සියළු ජාතිවාදින් වහා අත්අඩංගුවට ගත යුතුයි (නි)