සෘද්ධියෙන් ධාතූන් වහන්සේලා වැඩම වු බව කියමින් සම්මාදන් ලෙස මුදල් ලබාගත් බව කියන පිරිසකට හම්බන්තොට මිරිජ්ජවිලදී පහරදී ඇතැයිද එක් අයකු රෝහල් ගත කැර ඇතැයිද රෝහල් ආරංචි කියයි.
භූතාත්මයක් ලද කතකගේ බලයෙන් දින තුනකදී ධාතූන් වහන්සේලා 34 නමක් වැඩම කළ බව ප්‍රචාරය කැර ඇතැයි ද මිනිසුන් පෝලිමේ අවුත් ධාතුන් වැඳ පඬුරු දමා ඇතැයිද කියති.
බෙහෙත් වැනි ඇතැම් ද්‍රව්‍යවල තෙතමනය නැති කිරීමට යොදන සිලිකා ජෙල් කැට වලට කහ දියර ඉස මේ බොරුව කැර ‘ධාතු පෙන්වා ‘ඇතැයි කියති. මුලදී ධාතුන් වහන්සේලා කිහිප නමක් සෘද්ධියෙන් වැඩම කළැයි ප්‍රචාරය විය.
මේ ගැන සෝදිසියෙන් සිටි පිරිසක් කියා ඇත්තේ සිලිකා ජෙල්වලට කහ දියර ඉස ධාතුන් පෙන්වා ඇති බවයි.මේ සිද්ධියත් සමඟ ධාතු පෙන්වු ස්ථානය වසා දමා ඇත.
සිලිකන් ඩයොක්සයිඩ් රසායනයට අයත් සිලිකා ජෙල් සෝඩියම් සිලිකේට් වලින් කෘතිම ලෙස නිෂ්පාදනය කරයි.
සිලිකා ජෙල් සුදු පැහැයෙන් යුක්තය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙල් ධාතු විතරක් නොවෙයි, රට පුරාම මිනිස්සු රවට්ටන ඔය ඇට කැළි පල් බොරු. ඔය කියන පමණට ධාතු තිබුනානම් අඩි 40 හේ කොන්ටිනර් එකක් විතර ප්‍රමාණයක ධාතු තිබෙන්න ඕනා. (හේ)
දනුෂ්ක ඔයා හරි. උල තියලත් මදි. බෞද්ධයින්ගේ ශ්‍රද්ධාව මුදලට අව ප්‍රමාණය කරලයි තියෙන්නේ. මේ ගම් පලාත්වල අත පය හයිය තියෙන අපේ කොල්ලෝ නැද්ද? (නදී)
එම පළාතේ කව්ද මේවා ධාතුන් වහන්සේලා කියා කීවේ. (නදී)
දාතු කියලා පෙන්වන ඒවා රසායනික හෝ වෙනත් විද්‍යාත්මක ක්‍රමයකින් සොයා බලා වැරදි කරන අයට උසාවියකින් දඩුවම් කරන්න (නදී)
බුදු බණ බොරුකරන්න බැහැ. ඕවා පොඩි පව් නෙමෙයි (නදී)
මේ සිදුවීම නිසා මොනතරම් ලැජ්ජාවට බියට පත්වෙන්න ඇද්ද? අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු..... (නි)
මම හැමදාමත් කියන්නේ බුදුදහම සත්‍ය දහමක්.කාටවත් ඒක නැතිකරන්න බැහැ. බොරුව කවදාහරි එළිවෙනවා. (නි)
අපේ රටේ තරම් ආගම දහමට නිගරු කරන වෙන රටක් තවත් නැතුව ඇති. ලැජ්ජයි අපි ගැනම මේ මිනිස්සු කරන වැඩ දිහා බලද්දී. (නදී)
මමත් අලුත් මේනකගේ අදහසට එකඟ වෙනවා. (නදී)
මට නම් පුදුම, බවලතෙකුට උඩ මළුවට, පත්තිරිප්පුවට යාම් හොඳ නැති රටේ, කාන්තාවකට භූතයෙක් මගින් ධාතු වැඩම වීමට අවසර දීම. (නදී)
කොහොමත් මේ රටේ වැඩිපුර ඉන්නේ බුද්ධ දර්ශනය මොකක්ද කියන එක හරියට දන්නේ නැති, බුදු දර්ශනයේ නාමයෙන් අන්ධ විශ්වාස වලින් ඔලු පුරවාගත් කට්ටියක්. බුදුන් වැඩ හිටියා නම් මිනිස්සු දැන් කරන දේවල් වලට හිනායයි. අපේ රටේ අයට තේරෙන්නේ නැහැ බුද්ධ දර්ශනය මීට වඩා කොයිතරම් ගැඹුරුද කියලා. (නි)
බොහෝ දෙනෙක් තවමත් ජීවත්වෙන්නේ අන්ධකාරයේ. (නි)
මේ ළඟදී කොළඹ පැත්තේත් ධාතූන් වහන්සේලා පෙන්නුවා නේද? (නි)
බොරු වැඩ එපා (නදී)
මම නම් කියන්නේ මේ කාන්තාව හොඳ කපටි ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් . (හේ)
අනේ මෙහෙමත් පව්කාර මිනිස්සු (නදී)
මේ අයට යන්න අපායක් නැහැ (නි)
අතීතයේ එසේ සිදුවූ බව දැක්ක අය කියනවා .අපි නම් දන්නේ නැහැ (දිල්)
පව් කරමින් පහසුවෙන් නිවනට යන්න බලා සිටින සැමටම හොඳ පාඩමකි.(හේ)
ප්‍රසිද්ධියේ ගල් ගහන්න ඕනේ.(හේ)
කොයි ලොව යන්නද මරණින් පස්සේ අධම මිනිසුනේ.(හේ)
හොද වැඩේ.(හේ)
කාලකන්නියෝ! බුද්ධාගමත් විකුණන් කනවා. ගහන්න නෙමෙයි උල තියන්න තියෙන්නේ. මේ අයට යන්න වෙනම ආපයක් හැදෙනවා.(හේ) .
මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් මෙහෙම අයුතු ප්‍රයෝජන ගන්න එක වැරදියි (නි)
කොහොමද අද කාලේ කට්ටියගේ වැඩ? (නි)
මේක ඇවිල්ලා ශ්‍රද්ධාව නොවෙයි තියන මෝඩ කම හින්දා වෙන දේවල් ධාතුන් වාහන්සේලා එක එකාට ඕනා ඕනා වෙලාවට ඕනා ඕන තැන්වලට වැඩම කරාවා ගන්න බැරි බව මේ මිනිස්සුන්ට හිතන්න බැරිද පෝලිමේ ගිහිල්ල වදින්න ඉස්සර වෙලා අඩුගානේ ගමේ පන්සලේ හමුරුවන්ගේන්වත් මේගැන අහලා පැහැදිලිකරගත්තානම් මේවගේ රැවටෙන්න ඕනා වෙන්නේ නැහැ වැඩේ වෙලා තියෙන්නේ කපලා මහලා දෙන ටිකට අපේ අය ඒවා ලස්සනට ඇඳ ගන්න නම් දන්නවා.(හේ)