IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


'සල් සපු නා' නාට්‍යයේ 'මාෂා' ලෙස ඔබේ ආලින්දයට ගොඩවදින තිළිණි

2016-08-23-ent-93

මේ දිනවල සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'සල් සපු නා' ටෙලි නාට්‍යයේ 'මාෂා' ලෙස චරිත නිරූපණය කරමින් ඔබේ ආලින්දයට ගොඩවදින තිළිණි පෙරේරා මෑත කාලයේ රංගන ක්ෂේත්‍රය තුළ වඩාත් කතාබහට ලක්වූ යොවුන් රංගන ශිල්පිනියකි. ඉදිරියේදී ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයක් තුළින්ම රසික ඔබ හමුවීමට සූදානමින් සිටින ඇය අපි සම්බන්ධ කරගත්තෙමු.

 

මේ දවස්වල තිළිණට වැඩිපුර රසික ප්‍රතිචාර ලැබෙන්නේ 'මාෂා' චරිතයට නේද?

2016-08-23-ent-95ඔව්, 'ආදර වැස්ස' ටෙලි නාට්‍යයේ 'නේරංජනා මිස්' චරිතයට පස්සෙ රසිකයො බොහෝ දෙනෙක් කතා කළ චරිතයක් බවට 'සල් සපුනා' ටෙලි නාට්‍යයේ 'මාෂා' චරිතය මේ වනවිට පත්වෙලා තියෙනවා. පාර තොටෙදී පවා බොහෝ දෙනෙක් ඇවිල්ලා කතා කරන්නේ 'මාෂා' නමින්. මම හිතනවා මේ චරිතය මගේ රංගන දිවියේ යම් වෙනසක් කරන්න සමත් වූ චරිතයක් කියලා.

 

'මාෂා' මේ නාට්‍යයේ යතුරුපැදි, ත්‍රිරෝද රථ පවා පදවනවා අපි දකිනවා?

මට යතුරුපැදි නම් පදින්න පුළුවන්. ස්කූටර් වගේ ඒවා නම් මම නිතර පදිනවා. නමුත්, 'සල් සපුනා' නාට්‍යය තුළ මා පදින්නේ තරුණයන් අතර ජනප්‍රිය 'පල්සර්'  වර්ගයේ යතුරු පැදියක්. හැබැයි මම 'පල්සර්' යතුරුපැදි පදින්න දින දෙකකින් පුරුදු වුණා. ත්‍රිරෝද පදවන්නත් පුරුදු වුණේ එහෙමයි. ඒකට මට අපේ නාට්‍ය කණ්ඩායමේ හැමකෙනෙක්ම වගේ උදවු කළා.

 

මේ දිනවල අපි තිළිණිව දකින්නේ "සල් සපුනා" ටෙලි නාට්‍ය තුළින් පමණයි?

ඔව්. මේ දවස්වල "සල් සපුනා" ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් කටයුතු දිගටම සිදු වෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙකකට කතා කරලා තියෙනවා. චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යයටත් මම දායක වෙනවා.

 

මේ වනවිට දායක වී ඇති කලා කටයුතු පිළිබඳ සඳහන් කළොත්?

'කැදැල්ල නෑ උණුසුම්' කියන ටෙලි නාට්‍ය හරහා තමයි මම රංගනයට පිවිසුණේ. ඊට පස්සේ 'කිරි කවඩි', 'අපේක්ෂා', 'ආදර දෑසක්' හා 'සල් සපුනා' ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. වෙළෙඳ දැන්වීම් ගත්තොත් 'නෙස්ට්මෝල්ට්', 'ඇට්ලස්', "එන්ජෝයි කොකනට් ඔයිල්', 'රීබෝන්', 'ශ්‍රී ලංකා ටෙලි කොම්', 'මැලිබන් ලෙමන් පොෆ්', 'කාගිල්ස් සොසේජස්', 'ෆුඩ් සිටි' ඇතුළු වෙළෙඳ දැන්වීම් බොහෝ ප්‍රමාණයකට මම දායක වෙලා තියෙනවා. ඒ වගේම ගීත රූප රචනා හතරකටත් රංගනයෙන්  දායක වුණා.

 

ක්ෂේත්‍රය ගැන හැදෑරීමක් අවශ්‍යයි නේද?

ඇත්තටම, ඒ සඳහා හැදෑරිමක් කළ යුතුයි කියන මතයේ මා ඉන්නවා. නමුත්, යමක් කරන්න පුළුවන් කියලා හිතට ශක්තිය ගත්තහමත් කරන්න බැරි දෙයක් නැහැ කියන මට හිතෙනවා. ඒ වගේ අභියෝගයක් විදිහට භාර අරගෙන තමයි මම නිළියක් වුණේ. අදටත් මම රංගනය ගැන කිසිම හැදැරීමක් කරලා නැහැ. නමුත්, මම ප්‍රවිණයින්ගෙන් යම් යම් දේ ඉගෙන ගෙන තියෙනවා. ඒත් මම නිළියක් විදිහට තාම ඉන්නේ පළමු පියවරේ. ඉගෙන ගත යුතු දේවල් බොහෝමයක් තව මට තියෙනවා. ඒ නිසාම මම ශේක්ෂ්පියර් කේන්ද්‍රයේ රංගනය පිළිබඳව පවත්වන වැඩමුළු වලට නිරතුරැවම සහභාගී වෙනවා. මම හිතනවා එය මට හොඳ අත්දැකිමක් වෙයි කියලා රංගනය ගැන ඉගෙන ගන්න.

 

ඔබ ක්ෂේත්‍රයට පිවිසුණේ නිරූපිකාවක් විදිහට. ඒත්, දැන් නිරූපණ වැඩවල ඔබව දකින්න නැහැ?

එමෙහ නැහැ,  ඉඩ ලැබෙන පරිදි මේ හැම දෙයක්ම සමබර කරගෙන යනවා. ලබන මාසේ නිරූපණ ක්ෂේත්‍රය වැඩවලට මම දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කෙහොමත් මම නිරූපණ ක්ෂේත්‍රයට එදා වගේම අදත් ගොඩක් කැමැතියි.

 

බුද්ධික සේනාධීර

 

2016-08-23-ent-96
2016-08-23-ent-94
2016-08-23-ent-92
2016-08-23-ent-91



අදහස් (0)

'සල් සපු නා' නාට්‍යයේ 'මාෂා' ලෙස ඔබේ ආලින්දයට ගොඩවදින තිළිණි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 416 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 583 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 236 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site