විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල්වලින් රුපියල් කෝටි 60ක් ජනාධිපති ලේකම් කාර්යාලයට මරු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරික්ෂණ කොට්ඨාශය හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතාගෙන් ප්‍රශ්න කැර ඇත. වීරතුංග මහතා කලක් එම කොමිසමේ සභාපතිවරයා විය.
පසුගිය ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේ දී හඳුනාගත් කණ්ඩායම් තුනකට තෑගි දීම සඳහා නියාමන කොමිසමේ මුදල් පරිහරණය කැර ඇතැයි ද එම මුදල් සිල් රෙදි බෙදා දීම සඳහා භාවිතා කැර ඇතැයි ද කියති.
එම සිද්ධිය සම්බන්ධයෙන් වටිනාපහ සෝමානන්ද හිමියන්ගෙන් ද ප්‍රශ්න කැරිණි. ඒ හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආගමික උපදේශකවරයකු ලෙස පත්කැර තිබිණි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිල් රෙදි ගැන හිටපු ජනපති ලේකම්ගෙන් ප්‍රශ්න කරයි
ශක්ති Sunday, 19 April 2015 02:35 PM
සොරකමට නිසි විපාක කවදා හෝ විඳින්න සිදුවෙනවා. ඒ වගේම ඒවාට වචෙනෙකින් හරි උදව් කළ අයටත්..දැන් ධම්ම කළා වගේ. (බ)
ලාල් Sunday, 19 April 2015 02:57 PM
මෙන්න ලක්ෂ 58ක් ගත්තු රහාස්.තව තියෙනවා.කාගේ මුදල්ද මේ කාබාසිනිය කරල තියෙන්නේ.(බ)
සමන්ති Monday, 20 April 2015 12:34 AM
කොහොමටත් දේශපාලකයෝ මිනිසුන්ගේ ඇස්වහලා බෙදලා දෙන්නේ මහජන මුදල්ම තමයි. අපිත් අපේ දීනකම පෙන්නලා දෙනදේ බදාගන්නවා. අපි රැවටෙන්නේ අපිටමයි. රටත් එතනමයි.අපිත් එතනමයි (නි)
ඇසළ Sunday, 19 April 2015 09:26 AM
එතකොට කලින් දාපු සිල් රෙදි කේස් එක යට ගියාද? (නදී)
කරුණාදාස Sunday, 19 April 2015 10:04 AM
දැන් බලාගෙන ගියාම සිල් රෙදි බෙදලා තියෙන්නෙයි, තෑගි දිලා තියෙන්නෙයි දාඩිය මහන්සියෙන් අපි හොයපු සල්ලි වලින්. අපේ සල්ලි අපෙන් අහන්නෙ නැතුව හොරෙන් කෝටි ගනන් දන් දුන්න එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි නේද? තමන් දුක් මහන්සියෙන් හොයපුවා නම් මොනව කළත් අපිට කමක් නැහැ.(නදී)
කෙවින් Sunday, 19 April 2015 10:08 AM
රුපියල් හැට කෝටියනේ. එච්චර ගනන් ගන්න තරම් දෙයක් නැහැ. (නදී)
කපිල Sunday, 19 April 2015 10:20 AM
සාපයක් වගේ වැදුනේ ඕවා තමයි. ඒත් ඇයි ඒ අයවම ආපහු කරලියට ගන්න හදන්නේ සමහරු? මේවා අනුමත කරන නිසාද? රටට හෙණ ගැහුවත් කමක් නැහැ තමන්ටත් වාසියක් නම් කියලා හිතන නිසාද? (බ)
ධම්ම Sunday, 19 April 2015 12:37 PM
කරුණාදාස තවත් ඕවා විශ්වාස කරනවාද? දැන් ඉතින් ඔය ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලය දිහා බලාගෙන ඉඳිමු. මේ වගේ පුස් වෙඩි කීයක් මේ දින සීයට අපි දැක්කාද. අනේ අපේ ඡන්දේ. (බ)
දුමින්ද Monday, 20 April 2015 03:19 AM
දින 100 කඩ ඉම පැන්නා- තාම රෙදි හෝද-හෝද මඩේ දානවා (බ)