විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල්වලින් රුපියල් කෝටි 60ක් ජනාධිපති ලේකම් කාර්යාලයට මරු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරික්ෂණ කොට්ඨාශය හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතාගෙන් ප්‍රශ්න කැර ඇත. වීරතුංග මහතා කලක් එම කොමිසමේ සභාපතිවරයා විය.
පසුගිය ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේ දී හඳුනාගත් කණ්ඩායම් තුනකට තෑගි දීම සඳහා නියාමන කොමිසමේ මුදල් පරිහරණය කැර ඇතැයි ද එම මුදල් සිල් රෙදි බෙදා දීම සඳහා භාවිතා කැර ඇතැයි ද කියති.
එම සිද්ධිය සම්බන්ධයෙන් වටිනාපහ සෝමානන්ද හිමියන්ගෙන් ද ප්‍රශ්න කැරිණි. ඒ හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආගමික උපදේශකවරයකු ලෙස පත්කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොරකමට නිසි විපාක කවදා හෝ විඳින්න සිදුවෙනවා. ඒ වගේම ඒවාට වචෙනෙකින් හරි උදව් කළ අයටත්..දැන් ධම්ම කළා වගේ. (බ)
මෙන්න ලක්ෂ 58ක් ගත්තු රහාස්.තව තියෙනවා.කාගේ මුදල්ද මේ කාබාසිනිය කරල තියෙන්නේ.(බ)
කොහොමටත් දේශපාලකයෝ මිනිසුන්ගේ ඇස්වහලා බෙදලා දෙන්නේ මහජන මුදල්ම තමයි. අපිත් අපේ දීනකම පෙන්නලා දෙනදේ බදාගන්නවා. අපි රැවටෙන්නේ අපිටමයි. රටත් එතනමයි.අපිත් එතනමයි (නි)
එතකොට කලින් දාපු සිල් රෙදි කේස් එක යට ගියාද? (නදී)
දැන් බලාගෙන ගියාම සිල් රෙදි බෙදලා තියෙන්නෙයි, තෑගි දිලා තියෙන්නෙයි දාඩිය මහන්සියෙන් අපි හොයපු සල්ලි වලින්. අපේ සල්ලි අපෙන් අහන්නෙ නැතුව හොරෙන් කෝටි ගනන් දන් දුන්න එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි නේද? තමන් දුක් මහන්සියෙන් හොයපුවා නම් මොනව කළත් අපිට කමක් නැහැ.(නදී)
රුපියල් හැට කෝටියනේ. එච්චර ගනන් ගන්න තරම් දෙයක් නැහැ. (නදී)
සාපයක් වගේ වැදුනේ ඕවා තමයි. ඒත් ඇයි ඒ අයවම ආපහු කරලියට ගන්න හදන්නේ සමහරු? මේවා අනුමත කරන නිසාද? රටට හෙණ ගැහුවත් කමක් නැහැ තමන්ටත් වාසියක් නම් කියලා හිතන නිසාද? (බ)
කරුණාදාස තවත් ඕවා විශ්වාස කරනවාද? දැන් ඉතින් ඔය ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලය දිහා බලාගෙන ඉඳිමු. මේ වගේ පුස් වෙඩි කීයක් මේ දින සීයට අපි දැක්කාද. අනේ අපේ ඡන්දේ. (බ)
දින 100 කඩ ඉම පැන්නා- තාම රෙදි හෝද-හෝද මඩේ දානවා (බ)