ඉරාජ් වීරරත්න යනු සංගීත ක්ෂේත්‍රයේ සිටින පෙරළිකාරයකු නැතහොත් නිරන්තර වෙනසක් සොයන චරිතයක් යැයි කිව්වොත් වඩා නිවැරදිය. නවීන තාක්‍ෂණයට මුසු වූ සංගීතයේ අද දවසට වඩා හෙට දවසේ වෙනස සොයා යන ශිල්පියකු කිව්වොත් තවත් හොඳය. තාරුණ්‍යයේ මෙන්ම වැඩිහිටි පරම්පරාවේ බොහෝ දෙනා අතරද ප්‍රකටව සිටින ඉරාජ් ගැන මේ දිනවල උණුසුම් කතාබහක් හටගෙන තිබේ. ඊට හේතුව වී ඇත්තේ වසන්ත දුක් ගන්නා රාළ හෙවත් දුකා විසින් රචිත, ඉරාජ්ගේ සංගීතයට හා ගැයුමට යොමු වූ “මම සිල් බිඳ ගත්තේ මුල් සිඳ ගත්තේ කුසුමක් නිසා” ගීතය නිසාය.
මෙය ආන්දෝලනයකට තුඩු දුන්නේ එම ගීතය සඳහා වූ රූප රචනය විකාශය වීමත් සමගය. නදීශා හේමමාලී සහ සෙසු ශිල්පියකු අතර උණුසුම් හාද්දක් හෙවත්, තොල් සිප ගැනීමේ දර්ශන මේ රූපරාමුවලට ඇතුළත්ය. ලාංකීය සමාජයට මේවා තවමත් කැළඹිලි සහගත සිදුවීම්ය. ඉරාජ් ඒ ගැන අපට මොනවද කියන්නෙ බලමු.
● ඉරාජ් කොහොමද විස්තර?
ඉතාම හොඳයි. මේ දිනවල ගොඩක් හොඳින් ඉන්නෙ කිව්වොත් හරි. මගේ අලුත් වීඩියෝව වන “මම සිල් බිඳ ගත්තේ” මියුසික් වීඩියෝව නිසා.
● මේ ගීතය දැන් ලොකු ආන්දෝලනයකට ලක්වෙලා නේද? ඔබ නිරන්තරයෙන් මෙවැනි කතා බහට ලක්වෙන දේ කරන්නෙ වුවමනාවෙන්මද?
එහෙම නැහැ. මම කොහොමටත් වෙනස් දේ කරන්න කැමතියි. පසුගිය කාලයේදී මම සමාජයේ වෙච්ච සිදුවීම් සහ වෙන සිදුවීම් අලලා එහෙම ගීත කළා. නමුත් දැන් මේ යන රැල්ල කඩන්න ඕනෑ කියලා මට හිතුනා. මොකද පසුගිය කාලයේදී අපි එෆ්.එම්. මාධ්‍ය වලින් විශේෂයෙන්ම රින්ගින්ටෝන් සඳහා විරහාව මුල් කරගෙන කොල්ලො අඬන ගීත ප්‍රචාරය කළා. සමහර එෆ්.එම්. නාලිකා මේ වගේ දේ කළේ ශිල්පීන්ගෙන් මුදල් අරගෙනයි. මේ නිසා මේ අඬන ක්‍රමය වෙනස් කරන්න හිතාගෙන කළ වෙනසක් තමයි මේ ගීතය.
● කොයි හැටි වෙතත් මේවා සම්ප්‍රදායට පටහැනි. සංකර සංස්කෘතියක් ඇති කරවන ගීත කියලා චෝදනාවක් තියෙනවා නේද?
මොකක්ද ඔය කියන සංස්කෘතිය? මොකක්ද එහි මිණුම් දණ්ඩ? අපට මෙහෙම කරන්න ඕනෑ. අරෙහෙම කරන්න ඕනෑ කියලා කලාවේ මිණුම් දණ්ඩක් නැහැ. හොලිවුඞ්, බොලිවුඞ්, කොලිවුඞ් චිත්‍රපට නරඹනවා. නමුත් අපි සිටින්නේ බොහෝ පසුගාමී තැනෙක, ඉදිරි ගමනක නෙවෙයි. අපි අපේ දේ රැක ගන්න ඕනෙ තමයි. ඒත් අපි බොහෝ දේ කරන්නෙ ලිං මැඩි න්‍යායේ ඉඳලායි. එතැනින් එහාට හිතන්නෙ නැහැ. “ඉස්සර රන් රන් ගීතය” මම වීඩියෝ එක කළාම මේක රූපවාහිනියට සුදුසු නැහැ කියලා සමහර මාධ්‍ය ප්‍රතික්ෂේප කළා. දැන් එහෙම කාටවත් බෝඞ් දාන්න බැහැ. දැන් යූ බියුබ් කලාව ඉදිරියට ඇවිත්. අද ලෝකයේ පවතින දේ එය. මුළු ලෝකෙටම පොදු දේ එය නම් ගීත කලාවේදී අපටත් එය අනුගමනය කරන්න වෙනවා. මට ඕනෑ කරන්නෙ එතැනදී ලංකාවේ දේත් රැකගෙන ලෝකයට යන්නයි.
● ඒ කියන්නෙ, ඔබ මේ නිර්මාණ කරන්නෙ යූ.ටියුබ්, එකටද?
ලෝකයේ සංගීත විකාශන ක්‍රමයට අනුගතව තමයි මම යමක් කරන්නෙ. එහිදී, මගේ ගීත රිද්මයට සමීප වැඩි පිරිස කේන්ද්‍ර ගතව සිටින්නේ යූ ටියුබ් හරහායි. ඉස්සර මේ අන්තර්ජාල ක්‍රමයට සමහරු බැන්නා. නමුත් අද ඒකට අනුගත නොවී ගමනක් යා නොහැකි තරමට අද එය ව්‍යාප්ත වෙලා. මේ මියුසික් වීඩියෝව දින 6 ක් ඇතුළත දී ලක්‍ෂ 10 ක් නරඹලා තියෙනවා. සමාජ වෙබ් ජාලා ගලා යන්නේ ඒ තාරුණ්‍යයේ රැල්ල එක්කයි. එය වැඩිවීම මිසක් අඩු වන්නෙ නැහැ.
● ඔබ මෙවැනි දේ කරන්නෙ ශාස්ත්‍රීය අංශය බැරි නිසාද? නැත්නම් කුමක්ද හේතුව? අපේ හරය - විනය - ගුණය රැකගෙන ඔබට යමක් කරන්න බැරි ඇයි?
ඔය කියන විදියෙ ගීත එකක් නෙවෙයි රාශියක් කරලා තියෙනවා. පේෂල මනෝජ් එක්ක මෙත්බුදු කියලා ගීයක් කළා, වසන්ත දුක්ගන්නාරාළ අයියා එක්ක තව ඒ වගේ ගීතයක් කළා. නමුත් විද්‍යුත් මාධ්‍ය වෙත මුදා හැරියාට ඒවා විකාශය වුණේ ඉතා අඩුවෙන්. ඒ වගේම මිනිසුන් අතරට ගියෙත් නැහැ. හේතුව මොකක්ද කියලා මම දන්නෙ නැහැ. පේෂල කියන්නෙ ශාස්ත්‍රීය අංශයේ උසස්ම අධ්‍යාපනය ලද කෙනෙක්. රටකට සම්පතක්. කෝ එයා එක්ක ගීතයක් කළා කියලා ජනතාව එය පිළිගත්තද? මාධ්‍ය වලින් අපේ ප්‍රවීණ ගායන ශිල්පීන් නිහඬ කරවලා තියෙන්නෙ. ඕක තමයි ඇත්ත කතාව. ඒ නිසා තමයි අපේ ශාස්ත්‍රීය මට්ටමේ ප්‍රවීනයින් අලුත් දේ නොකරන්නෙ. අමුතු ක්ලැසිකල් වැඩ කරන්න අපිත් ආසයි. නමුත් ඒවාට තැන නැති නිසා තමයි ලෝකය යන ගමනට සමගාමීව දෙයක් කරන්නෙ.
● මෙම මියුසික් වීඩියෝව මේ තරම් ජනප්‍රිය වීමට හේතුව මෙහි රූප රචනයට සිප ගැනීමේ දර්ශන ඇතුළත් නිසා නේද?
මේක සියලු අංශවල සම්මිශ්‍රණයක්. සංගීතය, ගැයුම, වැයුම වගේම පද රචනයේ සිට රූප රචනය දක්වා ඒ වෙනස කළා. “සිල් බිඳගත්ත” කියන එක ඒ ගැන දැන් හැමෝම කතා කරන්න පටන්ගෙන. එහිදී නදීෂාගේ දායකත්වය ඉතා ඉහළින් අගයන්න ඕනෑ. එකම දේ දැකලා වෙනසක් හොයපු අයට 2016 දී මුලින්ම මා ඒ වෙනස කළ බව කියන්න පුළුවනි.
● ලංකාව වගේ රටක ඔය හාදු දීම, විශේෂයෙන්ම තොල්සිප ගැනීමේ දර්ශන බහුතර පිරිස් අනුමත කරන්නෙ නැහැ නේද? මේ දර්ශනවලට ලැබෙන ප්‍රතිචාර මොනවද?
අපි චුටිම කාලයේදී නයිට් රයිඩර්, රොබින්හුඞ් වගේ නාට්‍ය රූපවාහිනීයෙන් නැරඹුවා. ඔය කියන දර්ශන තිබුණා. නමුත් ප්‍රශ්නයක් වුණේ නැහැ නේද? එහෙනම් දැන් ඇයි මේ ප්‍රශ්නය? ඕවා මේ රටේ හංගාගෙන කරන්න යාම සහ ඒ ගැන සමාජයට කුතුහලය ලබා දීම නිසා තමයි මේ රටේ මහා කැත විදියේ අපචාර සිද්ධ වන්නේ. ගූගල් එකේ සෙක්ස් වැඩිපුරම සර්ච් කරපු රට ලංකාව. ඉතින් මෙතැන ලොකු ප්‍රශ්නයක් රටේ තියෙනවා නේද? කුඩා කාලයේ ඉඳලාම ලිංගිකත්වය කියන විෂයෙන් සමාජය දැනුවත් වෙලා නැහැ. දැනුවත් කරලා නැහැ. හංගාගෙන කොලේ ගහන්න හදනවා. අවශ්‍ය තැනට සංස්කෘතිය ඉස්සරහට දානවා. ලෝකයම එකම ගමනක් යද්දී අපි තව තවත් පස්සට යනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මෙයාගේ සින්දු එකකටවත් කැමති නැහැ (නි)
මහත්තයෝ මේක සංස්කෘතිය පිරුන රටක්. ඔය බහුරු කෝලම් මෙහෙට ගැලපෙන්නේ නෑ. එ්කයි අපි කියන්නේ. ඕව හොඳයි කියන්නේ අර දුටුගැමුණු රජතුමාටත් අපහස කරපු නව පරපුර කියල කියාගන්න කට්ටියට. (බ)
ප්‍රවීණයෝ නිහඬ වෙලා ඉන්නේ ඒ මිනිස්සුන්ට සල්ලි දීලා තමන්ගේ ගීත ප්‍රචාරය කර ගන්න තරම් පහත් තත්වෙකට වැටෙන්න ඕන නැති නිසයි. එක නාලිකාවක පටන් ගැන්මත් එක්ක තමයි මේ ඔක්කොම විනාශ වෙලා ගියේ . (ර)
වෙනස් දෙයක් කරන්න කියල මුන් කරන්නේ මර වැඩ. තව ටික දවසකින් වෙනසකට කියල රෙදි නැතුව පාරේ යයි. අපේ රට කන්න අාපු අය ජෝතිපාල අදටත් මිනිස්සුන්ට මතක තමුසෙලා වගේ ලජ්ජා නැති වැඩ කරලද.(බ)
මඩු වලිගයෙන් තලන්න ඕනෑ මේවාට (ම)
මේ ඉරාජ් ලංකාවේ සින්දු කලාව කාපු නරුමයෙක්. කලින් අාව බාතිය සන්තුෂ් සින්දු කලාව විකෘති කළේ නෑ. නිකන් බැරි වැඩ කරන නැතිව හේනක් කොටා ගෙන ඉන්න මනුස්සයෝ. මුළු රටටම පවක් වෙන් නැතිව...(බ)
නදීෂා ගැන කතා කරන්න දෙයක් නැ... (ර)
රටක ජාතික අනන්‍යයතාවය ජතාවගේ මව වගේ අනන්‍යතාව විකුනනවා කියන්නේ ඒ ජාතිය විනාශය මෙතුමා එ්කේ මුල්පුරුක. අපට ඉදිරෙයෙන් ඉන්න හොලිවූඩ් බොලිවූඩ් නිසා එංගලන්තයේ හා නුතන ඉන්දියාවේ කාන්තාව විදවන හැටි හා කලාකාරියෝ ඕනෙම තැනට මුදලට. බඩට වඩා රට ගැන හිතමු (බ)
මේ විඩියෝ එක ගැන කියලා වැඩක් නෑ.(හේ)
මෙය රටේ එ්ඩ්ස් ව්‍යාප්තියට අත දෙනවා වගේ (බ)
අඹගස්, කොස්ගස් වැනි වටිනා ගස් වලත් පිළිල හටගනී. ලංකා මාතාවටද හටගත් එවන් පිළිල ඇත. (බ)
60/70 දශකවල ගීත අදටත් ජනප්‍රිය ඔය කියන ගීත රචනා නිසාද? එදා ගායකයාව දෙකින්නේවත් නැතුව අදටත් ඒ ගීත පවතින්නේ එදා හිටපු නියම දක්ශයෝ නිසා මෙයාලා නවීන තාක්ෂණයෙන් බිහිවුණු හිස් ගොඩවල්. නමාගන්න ඔනීම ජරාවක් කරනවා (කෞ)
ඇත්තද එහෙම වෙනසක් නම් පේන්න නෑ.(හේ)
ඕවත් සින්දුද (හේ)
මෙයා නිසා තමයි ලෝකෙම ලංකාව දන්නේ (බ)
මම සිල් බිඳ ගත්තේ ... සිඳගත්තේ කියල දැම්මා නම් අර්ථාන්විතයි (බ)
මෘදුකාංග ඇතිතාක් කල් අපි හැමෝම ගායකයෝ. (නි)
සංස්කෘතියක් ගැන, ජාතියක් ආගමක් තමන්ගේ රටක් ගැන තේරුමක් නැති, සංගීතය හරියට දන්නේ නැති අය ගැන කතාකරන එකත් මෝඩ වැඩක් (නි)
මට නම් කියන්න දෙයක් නැහැ මෙයා ගැන (නි)
මොහු ගැන කතාකරලා මට නම් වැඩක් නැහැ. අපේ රට කන්න එපා (නි)
හිතන්න එපා ඇඟිලි දෙකක් දික්කරගෙන අසභ්‍ය මට්ටමේ රූපරාමු දැම්මහම සින්දුවක් සාර්ථකයි කියලා. මේ මට්ටමේ දේවල් සින්දුවකට දැම්මහම පොඩි ළමයි එක්ක දෙමවුපියෝ ටීවී බලනකොට ඕවා පෙන්නුවොත් මොකද්ද අපි කරන්න ඕනෑ. වෙන රටවල කරන හැමදේම අපේ රටට ගැළපෙන්නේ නැති බව තේරෙන්නේ නැද්ද? (නි)
මෙහි රූප රචනාව නොතිබුනානම් මේ ගීතයෙන් කියවෙන දේ ගැන ටිකක් හරි හිතන්න තිබුණා. රූප දැක්කහම තරුණ සිත් විකෘති වෙනවා. (ම)
හිස් මිනිසුන් වැඩි වන තරමට හිස් නිර්මාණ වලට ඇති ඉල්ලුම වැඩි වෙනවනේ . (ර)
හැමෝම කරන දෙයක්, දකින දෙයක් සින්දුවක රූප රාමුවලට ගැනීම වරදක් නම් සියලු බටහිර සහ හින්දි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය පෙන්වීම නවත්වන්න. මිනිසුනේ, අවදිවන්න. අතින් නිරුවත වසාගත නොහැකි බව හිතට ගන්න (නි)
දැන් එතකොට බටහිර රටවල සිද්ධ වෙන හැම දෙයක්ම බොහොම අගේ නම් ඔයා යන්නකෝ එහෙම රටකට. මෙතන අපේ ළමයි වැඩිහිටි වෙන්න කලින් වැඩිහිටි කරන්න අපිටනම් කිසිම උවමනාවක් නැහැ . (කෞ)
කිව්වට තරහ වෙන්න එපා. ඔයාගෙ මෙලෝ රහක් නැති සිංදු ජනප්‍රිය කරගන්න ඔය වගේ මෝඩ වීඩියෝ එකක් දැම්මට ඒක දැක්කම පට්ට දුකයි (කෞ)
තමන් ඉපදුනු මව් රටේ අවමානයට පත් කරන්න එපා මේ වගේ වීඩියෝ හදල..ලිංගිකත්වය විකුණා මුදල් හම්බු කිරීම හරි ලැජ්ජයි මහත්තයෝ(ම)
තමුන්ගේ ජීවිතේ වැදගත්ම දෙය වෙන විවාහය පවා සල්ලි වෙනුවෙන් බොරුවට මාර්කට් කරපු මේ මිනිස්සුන්ට වෙන මොනවා ද තව විකුනන්න බැරි ? (ම)
මෙහෙම මිනිස්සුත් ගායකයෝ වුන රටකනේ අපි ඉන්නේ, (බ)
මේ රටේ මහා කැත විදිහට අපචාර සිද්ධවීම සම්බන්ධව ඉරාජ් ලබා දී තිබෙන පිළිතුර වශයෙන් ලිංගිකත්වය අප රටේ හංගාගෙන කරන්න යාම සහ ඒ ගැන සමාජයට කුතුහලය ලබාදීම යන කරුණු නිවැරදියි. (නි)
ඔබගේ කථාව 100%ක් අනුමත කරනවා (බ)
මුදල් හොයන්න යන ක්‍රමයක් ඇත්තෙම නැත්නම් ඔය සිංදුවට අදාළ කට්ටිය එකතු වෙලා සම්භාහණ ආයතනයක් දැම්ම නම් හරි.(කෞ)
වික්ටෝරියා සංස්කෘතිය ඔලුවට දාගෙන අපේ කියල කෑ ගැහුවට වැඩක් නෑ .. දෙතොල් සිප ගැනීම ගැන ඔට්චර බය වෙන්න එපා සිංහලුනේ !! (ම)