ඉරාජ්ගෙ “මම සිල් බිඳ ගත්තෙමි” මියුසික් වීඩියෝවෙ මුව සිප ගැනීමේ දර්ශනවලට පෙනී සිටි නිසා “නදීෂා හේමමාලි” ගැන මේ දිනවල කලා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනා කතා කරනවා. ඇය සඳැල්ල එකතු වුණෙත් ඒ ගැන කතා කරන්නයි.
නදීෂා ආයෙත් කලා ක්‍ෂේත්‍රයේ කතාබහකට ලක්වෙලා.
මං හිතන්නෙ ඉරාජ්ගෙ “මම සිල් බිඳ ගත්තෙමි” මියුසික් වීඩියෝව නිසා වෙන්න ඇති.
ඇයි සමාජ වෙබ් අඩවි ඇතුළු කලා ක්‍ෂේත්‍රයේ මෙන්ම සමාජයේ බොහෝ දෙනා මේ ගැන කතා කරනවා ඇත්තේ?
ශ්‍රී ලාංකීය මියුසික් වීඩියෝ එකකදී මීට පෙර මේ විදියට දර්ශනයකට කවුරුවත් පෙනී සිට නැහැ. ඉතින් මෙරට මියුසික් වීඩියෝ නරඹන - රස විඳින පිරිසට එය අමුතු අත්දැකීමක් වන්නට ඇති.
කෙසේ වෙතත් ඔබ මෙහෙම කරන්නෙ සමාජයේ කතා බහක් ඇති කර ගැනීමේ වුවමනාකමකින්ද?
මම කලා ක්‍ෂේත්‍රයේ කරන සෑම දෙයක්ම කරන්නෙ හොඳට හිතලා බලලයි. නිකම්ම ආවට ගියාට කිසි දෙයක් කරන්නේ නැහැ.
මේ විදියට මුව සිප ගැනීමේ දර්ශන ඇතුළත් මියුසික් වීඩියෝවට පෙනී සිටියදී සමාජයේ මේ විදියට උණුසුම් කතා බහක් ඇති වේවි කියලා හිතුවද?
කලා නිර්මාණයකට දායකවූ පසු වගේම ලෝකයේ ඕනෑම දෙයක කළු-සුදු, හොඳ නරක ආදී වශයෙන් සහ පැසසුම් වගේම විවේචනත් ලැබෙනවා. ඒවා එකිනෙකාගේ රසික මට්ටම බුද්ධි මට්ටම අනුව වෙනස්. ඒ කොයි හැටි වෙතත්, මොන විදියේ ප්‍රතිචාර ලැබුනත් මැදහත් සිතින් විඳගන්න මට පුළුවනි. මෙහිදී මට ඕනෑ වුණේ ඉරාජ්ගෙ මේ නව ගීත නිර්මාණයට නවමු රූප ජවනිකා පෙළක් ඇතුළත් නිෂ්පාදනයකට දායක වීමටයි.
මේ වගේ මුව සිප ගැනීමේ දර්ශනවලට ලංකාවේ නිළියන් පෙනී සිටීම සහ විදේශීය පෙනීසිටීම අතර වෙනස ඔබ දකින්නෙ කොහොමද?
ඇත්තටම මෙතැන ප්‍රශ්නය තියෙන්නෙ ලංකාවේ අපි දෙයක් කළොත් විතරයි. පිටරටවල සිටින ඕනෑම දර්ශනයකට පෙනී සිටින කෙනෙක් ලංකාවට එනවා කිව්වා නම්? ඉතින් පිළිගන්නෙ එයාව මඟුල් බෙර ගහලා. පාවාඩ දාලා. ඇයි ඒවා පිටරටින්නෙ. ඉතින් ඒවා ලොකු චරිත. එතැනින් එහාට හිතන දූපත් මානසිකත්වයෙන් තොර රසික පිරිසකට කළ කලාත්මක රූප රචනයක් මේක. කලාවේ මගේ භාවිතයේදී මම නිතරම හිතන්නෙ “ආනන්දයෙන් ප්‍රඥාව” කරා කියලයි.
දැන් මේ නිර්මාණය දිහා බලන්න. මෙයින් අන්තිමට කියැවෙන්නෙ තමුන්ගෙ පවුලට අවංකව හොඳ පවුල් ජීවිතයක් ගත කරමු කියලයි. එය නිර්මාණාත්මක රූප පෙළක් සමග සමාජයට හොඳ පණිවුඩයක් දෙන්නෙ. නමුත් එහි එක තැනක් විතරක් අල්ලාගෙන කතා කරනවා. එය ඇත්තටම දූපත් මානසිකත්වයයි. පෘතග්ජන මිනිස්සු ලෙස අපි අතින් වැරදි වෙනවා. ඒත් ඒ වැරදි නිවැරදි කර ගනිමු යන්න තමයි මේ ගීතයෙන් ප්‍රකාශ වන්නේ.
මේ විදියට ඉඳහිටලා ඔබ කතා බහකට යොමු වුණාට, දැන් වැඩිය රඟපාන්නෙ නැහැනෙ? ඇයි ඒ?
මේ මියුසික් වීඩියෝවට දායක වීම වසරේ මා කළ පළමු රංගනයයි. ඊළඟට සම්පත් ශ්‍රී රෝහණගෙ එමලි චිත්‍රපටයේ රූගත කිරීම්වලට සූදානම් වෙනවා.
මේ විදියට ඉඳහිට නිර්මාණයකට දායක වීම ඔබට ආර්ථිකව ප්‍රමාණවත් ද?
මගේ රංගන දායකත්වයට සුදුසු වේතනයක්, වටිනාකමක් ලැබුණොත් විතරයි බොහෝ විට මම චරිත තෝරා ගන්නේ. නමුත් සමහර අවස්ථාවලදී නිර්මාණය හොඳ නම් මුදල ගැන නොසිතා දායක වූ අවස්ථා වගේම, මුදල් නොගෙන දායක වූ අවස්ථා තිබුණා. ඒත් ඉදිරියට නම් නොමිලේ කලාවේ කිසිවකට දායක වන්නේ නැහැ. අනෙක ලංකාව ඇතුළෙ පොඩි පොඩි ප්‍රශ්නත් තියෙනවා. මොකද අපි චරිතය සඳහා ඉල්ලන මුදල නිතරම ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම පිටරටවලින් මෙහි ගෙනල්ලා ප්‍රදර්ශනය කරන නිර්මාණ නිසා මෙහි ඒවා අලෙවි කිරීමත් ප්‍රශ්නයක් වෙලා.
පසුගිය කාලයේදී ඔබ විවාහය ගැනත් කතා කර තිබුණා. දැන් කොහොමද ඊට සූදානම් ද?
ඔන්න දැන් මං ආයෙත් තනිකඩයි. ඉතින් විවාහයක් ගැන කතා කරන්නෙ කොහොමද?
ඔබ කලා ක්‍ෂේත්‍රයේ දායක වන නිර්මාණ ගැන හිතන්නෙ අධි තක්සේරුවකින් ද?
ඇත්තටම කවදත් මම නිර්මාණ තෝරාගෙන කළේ. හොඳ නිර්මාණ වගේම වෙනස් නිර්මාණවලට මම ආසයි. හොඳ නිර්මාණ සඳහා ලැබෙන රුචි-අරුචි අනුව දායක වෙනවා. සමහර විට අධ්‍යක්‍ෂකගෙ තීන්දු-තීරණ වගේම දින වකවානු ප්‍රශ්ණත් එනවා. මම කොහොමටත් මං ගැන තක්සේරු කරන කෙනෙක්. මට මං ගැන එහෙම කරන්නෙ අවබෝධයකින් මිස අධි තක්සේරුවකින් නම් නොවෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට බලයක් ලැබුනොත් ගැහැනුන්ට රගපාන එක තහනම් කරනවා. නැහැදිච්ච මිනිස්සුන්ට පෙන්න බාගෙට අඳින්න එපා. (අ)
ඔයාගේ රඟපෑම හොඳයි තව අර ෆිල්ම් එකක් කරලත් පෙන්නන්න (බ)
බිඳගන්න සිල් මැයට සිල් තිබ්බද? (ර)
මෙයා මේ "දූපත් මානසිකත්වය" කියන්නේ පුංචි රටක පුංචි ජනතාවක් අතර තියෙන දැඩි අන්‍යොන්‍ය සම්බන්ධතාවය නිසා වැරදි කරන්න සහ නරක දේවල් වලට තියෙන බියටද? (බ)
හැමෝම බලන්න කැමැති එත් ලෝකෙට පෙනෙන්න කෑ ගහනවා. මේ එ්ක රගපෑමක් පමණි කියල හිතන්න බැරි මොකෝ. ලංකාවේ නිලියෝ රගපාව වැඩිහිටියන්ට පමණි ෆිල්ම් තිරගත වෙනකොට හොරෙන් ගිහින් බලනවා. එත් ලෝකෙට පෙනෙන්න හොද මුණ පෙන්නගෙන කෑ ගහනවා.(රේ)
ඒ කාලේ නම් කවුරුවත් මේවට බැන්නෙ නැහැ. දැන් මේ වෙනස මොකක්ද? (නි)
ලිංගිකත්වය, ගණිකාවෝ සහ මිල මුදල්...(බ)
ඔය තනි වෙලා නැ අක්කි.. ඔයට තව හොදට රගපාන්න අපි සුබ පතනවා. (අ)
ඉනිමගක් තියල හරි මෙය උඩට නගින්න හදන්නේ ඔය තරම්ම ආසද(කෞ)
හොඳ දක්ෂතාවක්.(හේ)
පිටිගල ඉතාලියේ ඉඳලා පිස්සු කියවනවා (නි)
ගැහැණු කමටත් නිගාවක් කරන ගැහැණියක් (ම)
මාගේ සුභ පැතුම්.! (ර)
අපි නම් මේ අය ගැන තේරුම්ගත්තේ ගොඩක් ඉස්සර (නි)
ලංකාවේ මේකට වඩා දේවල් තියෙනවා කතා කරන්න (කෞ)
නදීෂා ඔබ මතකතියාගන්න ඔබ ඉපදුනෙත් මේ දුපතේ බව දුපත් මානසිකත්වය කියල උඩ බලාගෙන කෙල ගහන්න එපා (කෞ)
‘සිල්‘ කියන යෙදුම වෙනුවට වෙන වචනයක් යොදාගත්තා නම් හොඳයි (නි)
රංගනය කියන්නේ කලාවක් ඒ වගේම සමහර අයට වෘතියක්, කිසිම තැනක පෞද්ගලිකත්වයත් කලාවත් එක එකට සිතීම වැරදි, උගත් නුගත් බුද්ධිමත් ඕනෑම කෙනෙක් එක තේරුම් අරන් වැඩ කල යුතුයි.(කෞ)
බල්ලෝ බුරති තවලම යති (බ)
නදීෂා ඔබ දක්ෂ නිලියක් ඔබ සිපගත්ත ට ඒවා රඟ පෑමක්නේ. ඕව ගණන් ගන්න එපා. ඔබට ජය.! (ර)
මට අමරසිරි පීරිස් ගායකයාගේ "ලඳුනේ ලඳුනේ" ගීතය මතක්වුණා. ගොඩක් අය "දවල් මිගෙල් රෑ දනියෙල්" ලා. (නි)
කවුරු මොනවා කිවුවත් ඔබ සැළෙන්න එපා නගෝ (නි)
මේක මඟුල් සක්වලක්. ඉතින් මේකේ හැම දෙයක්ම ඒ කියන්නේ හැම සැපක්ම විඳින්න ඕනෑ ජීවත්වෙන ටික කාලේදී. නිකම් සංසාරේ බවේ දුකා කියාගෙන විඳවන්නේ නැතුව. නදීෂා හරි (නි)
අර නදීෂා කිස් කරපු කොල්ල ගැන කවුරුවත් කතා නැතිව ඉන්නේ ලංකාව පුරුෂ අාධිපත්‍යය නිසාද? (ම)
සල්ලි ගස්වල හැදෙ නම් , කෙල්ලෝ වදුරන්ටත් ආදරය කරයි. (ර)
කදුල ඉතින් සමාවෙයන් ගීතයේ ඔබ දැක්වූ රංගනය අදටත් සුන්දරයි . ඔබගේ ලස්සන හදවතෙත් තිබුනානම්!!(අ)
ඊළඟ වීඩියෝ එකට මීටවඩා අළුත් අදහස් දාන්න (නි)
අපේ සුමනා ගෝමස් අක්කගේ අඩුව පුරවන්න (බ)
සල්ලි ලැබෙනවානම් ඕන දෙයක් .. (ර)
අනේ පවු නේද? (නි)
තනි වෙන්නේ නැද්ද මේ වෙන දේවල් දැක්කම.(හේ)
වෙනස් නිර්මාණ කියන්නේ අඩ නිරුවතින් ඉන්න ඒවා වෙන්න ඇති. (ර)
අපේ මිනිස්සු ඉංග්‍රීසි හරි හින්දි හරි සිනමා පටයක් නරබන විට සිපගැනීමේ දර්ශන බොහොමයක් කිසිදු පැකිලීමකින් තොරව නරබා මෙම ගීතය විවේචනය කිරීම විහිළුවක්. මිට වැඩි දේවල් උනත් නරබන්නේ හොර රහසේ බැවින් මෙය හුදෙක් විහිළුවක්ම පමණි . (ර)
පව් මොනවා කරන්නද? (ර)
අනේ හැබෑට මේවාටත් හොඳයි කියන අය ඉන්නවනේ! (නි)
මනුෂ්‍ය ශරීරයේ සියලු අංග පසඟ පිහිටි තැන සහ පිහිටි ක්‍රමය ජීව විද්‍යාත්මක ඉගැන්වීම් වලදී ළමුන්ටත් උගන්වනවා. නමුත් එහෙමයි කියල නිරුවතින් සමාජයේ ගැවසෙන්නේ උන්මත්තකයින්. මෙයට කියන්න තියන්නෙත් එහෙම තමයි. (ර)
රඟපෑමක හොඳ බව රඳා පවතින්නේ එය කොපමණ තාත්විකව කරනවාද යන්න මිස ඒ දෙස සංස්කෘතික කාචයක් ඇසේ දමාගෙන බැලීමෙන් නොවේ. තත්වය මෙසේ නම් රංගනයක් අවශ්‍ය නැත. භක්ති ගීත සහ කැරොල් ගායනා පමණක් හොඳටම ප්‍රමාණවත්ය. සිප ගැනීමේ රංගනයක් ස්වාභාවික ආකාරයටද කාමුක රංගනයක් රාගය ප්‍රේක්ෂකයාට දැනෙන ආකාරයක කරගන්න බැරි කෙනා නළුවෙක් නොවේ. කෙසේ වෙතත් නදීෂා කුසලතා පිරි ශිල්පිනියක්. (බ)
එයාට හොඳ නම් අපට මොකෝ...? (ම)
අනේ මෙහෙමත් අය! (නි)
නිපුන සහ නිපුනි, දැන් කීප දවසකට උඩදී ලංකාදීපයේ පළවුනා බණ්ඩාරගම පැත්තේ නැටුම් ගුරුවරයෙක් චිත්‍රපටියකට කියලා තරුණියන් නිරුවතින් නටවන්න ගිහින් අසුවුණු හැටි. ඒ නිසා අනුන්ට තනි රකින්න කලින් එයාලගේ හයිය ගන්න කලින් තමන්ගේ යහපත ගැනත් හිතන්න. මෙතන ලියන ගොඩක් පිරිමි තමන්ටත් අම්මලා, අක්කලා නංගිලා ඉන්න බව දන්නා නිසයි මෙහෙම ලියන්නේ. නමුත් සමහරක් අයට ඒවායේ වගක් නැහැ. ඒ වගේම වලිගෙ කඩාගත්ත නරිත් අනික් අයට වලිගෙ නැතුව ඉන්න එක හොඳයි කියනවා. (නි)
ඔය වගේ දේවල් වෙනකොට කොහොමත් තනි වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි.(හේ)
මනා පළපුරුද්ද නියමෙට වැටහෙනවා. (බ)
බුද්ධ දර්ශනයේ වැදගත් වචනයක් සිල් කියන්නේ. ඕකට වෙන වචනයක් දානවා නම් අපි කැමතියි (නි)
අදහස් පළකර ඇති ගොඩක් අය හීනෙන්වත් පව් නොකරන ශාන්ත දාන්ත තීන්ත කුප්පි...... (නි)
නංගි, මිදි කන උඩ පනින නරි කියන කතා ගණන් ගන්න එපා (නි)
ගීත ප්‍රචාරය සඳහා රූප රචනා නැතුවට ගීතයේ අර්ථය හොඳ නම් එය මතකයේ රඳන ගීතයක් වේවි. පැරණි ගීත වලට රූප රචනා නොතිබුනාට අදත් රසික මනසේ රඳා පවතින්නේ එදා වගේමයි. (බ)
මේ වගේ අය ලංකාවට සුදුසු නැහැ කියන තැන තමා මම ඉන්නේ. ඒවාට වෙන රටක් තෝරාගත්තා නම් මීට වඩා හොඳයි නේද? (නි)
අක්කලා වගේ කෙල්ලෝ ඉන්න එක අපිට ලොකු හයියක් අක්කි. අපි සුබ පතනවා. (හේ)
මේ වගේ අයනේ ලංකාවේ ඉන්නේ? (නි)
අපේ රටට ගැළපෙන විදියට රඟපාන්න පොඩි ළමයිනුත් ටීවී බලන නිසා (නි)
අපේ රටට නුසුදුසු විදිහට රඟපාන අය අපි වර්ජනය කළයුතුයි. ගතමනාවට රටේ හැදියාවත් යටකරන්න දෙන්න බැහැ (නි)
ලෝකේ පැරණිම රැකියාව මට මතක් වෙනවා මෙයා දකින වාරයක් පාසා! (කෞ)
දිනේෂ් කියන විදියට අපි වැඩකරනනන්කෝ ... පව් අර අහිංසක නදීෂට අපහස කරන්න එපා. හැම කෙල්ලම එක වගේ නැ. (ර)
දියවන්නාවට යන්න සුදුසුකම් වත්ද? (කෞ)
නදීෂා කරන්නේ රඟපෑමක්නේ (නි)
සල්ලි දෙනවා කිව්වනම් මේ ගොල්ලෝ මේ ගොල්ලන්ගේ දෙවැනි ගමන වුණත් පටිගත කරලා සිංදුවකට ඇතුළත් කරයි. පස්සේ කියයි වෙනසකට කරලා බැලුවේ කියල.ඒකෙන් අපේ සාමජයට අසහනය පැතිරෙනවා කියලා මේ ගොල්ලෝ හිතන්නේ නැ. (ම)
මෙතන අදහස් දක්වපු ගොඩක් කට්ටිය "දුපත් මානසිකත්වය" කියන්නේ මොකද්ද කියල දන්නේ නේ. (අ)
නදීෂාට අපේ ලංකාව දූපත් මානසිකත්වයෙන් පිරුණු තැනක් කියලා හිතෙනවා නම් දූපතෙන් මිදිලා වෙන කොහෙටහරි ගියානම් හොඳ නැද්ද? හැබැයි ලෝකේ කොයි රටත් තිබෙන්නේ ඉතා විශාල හෝ දූපතක කියලා අමතක කරන්න එපා. හැම මහාද්වීපයක්ම සාගර මැද තිබෙන දූපත්. (නි)
බිඳගන්න සිල් මෙයට තිබුනද කියන එක තමයි ප්‍රශ්නේ ? (ර)
මමනම් කියන්න අපේ රට බුද්ධ රටක් ඒකනිසා විනයක් ඇතිව ජිවත් වනවානම් හැමදකින්ම ජය ගන්න පුළුවන්. (ර)
අනේ අපි මොකටද නිකන් වචන නාස්ති කරගන්නේ? (නි)
හොඳ නිර්මාණයක්.(හේ)
දකුණු ආසියාවේ කාන්තාව තවමත් සතුටන් යුරෝපයේ සියලු කාන්තාවෝ විදවනවා එක දැනගෙන මේ අය සමාජයම වනසනවා (ම)
මෙයාගේ සීලය සේලය හැමෝම දන්නවා (ම)
මේ ගිතයේ අර්ථය වැරදි නිවැරදි කර ගමු කියන තේමාව කියන්නේ ගිතයේ හැටියට ලංකාවෙි ගැනු හිටියොත් ලංකාව මල සොහොන් පිටිටනියක් වෙයි නේද.... (බ)
කරුමක්කාරයෝ ෆිල්ම් එකේ ගීතා රඟපාපු ඒවත් සිල්බිඳගත්තා වඩා භයානකයි (බ)
අයියෝ එයා තනිවෙලාද? (නි)
අනේ ඔය දේවල් නොකරන කෙනෙක් ඔය කමෙනටි දාපු ගොඩෙි ඉන්නවද. ඔක සාමාන්‍ය දෙයක්නේ. (ර)