IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සරසවි ඉඩමක් සංචාරක වැඩකට

(අංජුල මහික වීරරත්න)

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා විශ්ව විද්‍යාල විද්‍යායතනය සඳහා වෙන් කර ඇති ඉඩම සහ ඉදිකිරීම් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උප්පාරු ග්‍රාම නිලධාරි වසමේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු අක්කර 12ක වපසරිය සහිත උප්පාරුවත්ත ඉඩමෙහි කින්නියා විශ්ව විද්‍යාල විද්‍යායතනය ඉදිකිරීමට 2017-06-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

මේ වන විට එම විද්‍යායතනය සඳහා සිදු කරනු ලැබ ඇති ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 25.45 ක පමණ මුදලක් වැය කරනු ලැබ ඇත. පසුව පැන නැගී ඇති තත්ත්වයන් හේතුවෙන් එම විශ්ව විද්‍යාල විද්‍යායතනය සැලසුම් කළ පරිදි එම ඉඩමේ පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවට වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය (UNIVOTEC) විසින් තීරණය කරනු ලැබ ඇත.

එබැවින්, කින්නියා විශ්ව විද්‍යාල විද්‍යායතනයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු නතර කිරීමටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී යෝජනා වී ඇති පරිදි විශ්ව විද්‍යාල විද්‍යායතනය සඳහා වෙන් කර ඇති ඉඩම සහ එහි ඉදිකිරීම් සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත පැවරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.



අදහස් (0)

සරසවි ඉඩමක් සංචාරක වැඩකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 621 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site