(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ඔලුවිල් විශ්ව විද්‍යාලයේ මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන අවභාවිත කිරීමේ චෝදනාවට ලක් වු ආචාර්යවරයෙක් එජාප නවක මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සම්බන්ධව තමන් මවිත වන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය.
මෙම ආචාර්යවරයා විශ්ව විද්‍යාලයේ මුදලින් නිවාස නඩත්තු කිරීම විදුලිබිල් ගෙවීම ආදි චෝදනා මත කෝප් කමිටුව විසින් පරීක්ෂණ පවත්වන බව පැවසු අමාත්‍යවරයා ඔහුට එරෙහි විශාල චෝදනා පත්‍රයක් නිකුත් කර ඇතැයිද කීවේය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්ද මෙම තැනැත්තාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවද එවැනි පුද්ගලයකු නවක මන්ත්‍රීවරයකු ලෙස එක්සත් ජාතික පක්ෂය යටතේ දිවුරුම් දීම එම පක්ෂයේම ඇමැතිවරයකු ලෙස තමන් පුදුම වන බවද සඳහන් කළේය.
ඔලුවිල් විශ්ව විද්‍යාලය තුළ මහා මාෆියාවක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇතැම් ආචාර්යවරුන් සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම දිගින් දිගටම සිදු කරන බවද ඇමැතිවරයා කීය.
උසස් අධ්‍යාපන ඇමැති ලෙස ඔලුවිල් විශ්ව විද්‍යාලයේ පසුගියදා කළ නිරීක්ෂණ චාරිකාවකදී තමාට මෙම කරුණු අනාවරණය වු බව කී ඇමැතිවරයා ඒ අනුව පරීක්ෂණ සිදු කරන බව කීවේය.
අමාත්‍යවරයා මේ කරුණු සහන් කළේ උසස් අධ්‍යාපන හා සංස්කෘති අමාත්‍යංශය යටතේ ඉරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපටනම් මෙහි කිසිදු වැරද්දක් පෙනෙන්නට නැත. අප එසේ පවසන්නේ තක්කඩි රෑනට තව එක් තක්කඩියෙක් එකතුවීම හැර වෙන කිසිවක් නොමැත.ඉක්මනින්ම මේ හාදයාටත් මහජන සේවය කිරීම පිණිස අපේ මහජන මුදලින් ඔහුගේ අදහසින් ලක්ෂ 300-500 පමණ හෝ ඊට වැඩි රථයක් ඉක්මනින්ම ගෙන්වදීම අපේ යුතුකමයි. මක්නිසාදයත් මේ බෝබිලාටත් කොන්දේ ඇට ගැලවී තියෙන්න පුළුවන්, කොන්දේ තැටි ගෙවිලා තියෙන්න පුළුවන්. මොලේ මැරිලා තියෙන්න පුළුවන්.
ජනාධිපති නීතිඥ තුමා තවම චෝදනා ලැබුවෙකු හා වරදකරුවෙකු අතරේ වෙනස දන්නේ නැතුවා වගේ .
අපිට නම් පුදුමයක් නොවේ.
ඕක මොකක්ද ඇවන්ගාඩ් මුදලාලිගෙන් සල්ලී ගත්ත අය දැන් ඇමතිවරු වෙලා ඉන්නේ ඇමතිතුමෝ!
අලුත්ම දර්ශනය අනුව උසාවියේදී ඔප්පු කරන්න බැරි මොන අපරාධයක් කෙරුවත් එය වරදක් නොවේ.
ලංකාවේ සෑම රජයේ විශ්ව විද්‍යාලයකම ඔය ප්‍රශ්න තියනවා.
ඔබතුමත් රුපවාහිනී නඩුවලට ගිහින් කොටී ගණන් නිකරුනේ ලබාගත් බව අපි පත්තරවල දැකල තියෙනවා. තවද පිලිකා රෝහලට යන්ත්‍රයක් දීල විසි ගුණයක් අදායම් බද්දට පෙන්නුවා කියලත් අහල තියෙනවා.
හිර ගෙදර සිටිය යුතු තක්කඩි මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට වඩාත්ම සුදුසු!
අයියෝ ඕක මොකක්ද ඇමතිතුමා. මහබැංකුව කොල්ල කන්න උදව් දුන්නු අය ඔය ලොකු පුටුවල ඉන්නේ. හොරුන්ට ගිය රටක් නේ...
එ්ක කොච්චර ලොකු සුදුසුකමක්ද?
මන්ත්‍රීවීමේ ප්‍රධානම සුදුසුකම් වලින් එකක් තමයි හොර කම... අනික ජඩකම... ප්‍රසිද්දියේ ගුරුවරු දණගස්සපු, රජයේ සේවකයන් ගස් බැඳපු අයත් මන්ත්‍රී ඇමති වෙච්ච රටක මේවා කජ්ජක්ද?