විශ්ව විද්‍යාල හයක යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා රුපියල් කෝටි 170ක් වෙන් කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි.
කොළඹ, කැළණිය, සෞන්දර්ය කලා, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර, රජරට යන විශ්වවිද්‍යාල හා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිඝනක විද්‍යාතනවල ව්‍යාපෘති නවයක් සඳහා එම මුදල් අනුමත වී තිබේ.
ඉදිරි වසර තුන තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහා ද මහල් අටක පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව රජයේ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කොල්ලෝ අමාරුවේ දාන නායකයෝ මේවා දන්නේ නැතුව ඇති, මේවා කොච්චර අමාරුවෙන්ද මහජනයා දෙන්නේ කියල දැනගන්නේ එක හොඳි, අපේ කාලෙත්, ඔය කොමුනිස්ට් කියන කට්ටියත්, ජවිපෙ කියන කට්ටියත් තමා අහිංසක කොල්ලෝ අමාරුවේ දැම්මේ, ඔවුන්ගේ වචන වලින් මුලා වෙනවා (බ)
විශ්ව විද්‍යාල වලට සල්ලි දුන්නම වෙන්නෙ පීඨ සහ දෙපාර්තමේන්තු තමන්ට වෙන වෙනම රාජධානි ගොඩ නගාගන්න ඒව වියදම් කරන එක. යටිතල කියල දියුණු කරන්න ඕනෙ පොදු දේශන ශාලා, ආපන ශාලා, නේවාසික පහසුකම් දියුණු කරන එක (බ)
ලයනල්, ඔබගේ කතාවට මාත් එකගයි එකනම් ලොකු පිනක්. (ර)
කැන්ටින්වල දෙන ආහාර මිනිස්සුන්ට කන්න පුළුවන් විදියකට වැඩි ගණනක් අයකරල හරි දෙනවනම් හොඳයි විශේෂයෙන් පිටිසර ළසයින්ට කරන ලොකු පින්කමක් (රේ)
මේ හැමදේම හොඳයි. හැබැයි විශ්ව විද්‍යාලයෙන් එළියට කොල්ලන්ට කෙල්ලන්ට සරිලන රැකියා ඉපදුවේ නැත්නම් මේ දරන මුදල් අපතේ යනවා. අනික තමයි පුළුවන් තරම් ඉක්මනට නවක වදය නීතියෙන්ම තහනම් කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න (නි)
විශ්ව විද්‍යාලෙට ගත් අය පෙළපාලි යනකොට එ්වා වළක්වන්න ආරක්ෂක අංශ වලට තව කෝටි කීයක්ද දන්නෙ නැහැ. මේවා සියල්ලම ගණන් බැලුවහම, අර සුද්දෝ කරනවා වගේ කොහෙවත් රටක ඉහළින්ම ඉගෙනගත් කෙනෙක් මාසෙට ලක්ෂ අටක් දහයක් ගෙවලා රස්සාවට ගන්න එකේ පාඩුවකුත් නැහැ (නි)