සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය එකමුතුව හා උසස් අධ්‍යාපන ආයතන ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කරන සදහම් වැඩසටහන හා දානමය පිංකම නොවැම්බර් මස 1 හා 2 දෙදින මාතර උඩඅපරැක්ක මහමෙව්නාව මහා විහාරයේදී පැවැත්වීමට නියමිතය.
බෝධි වන්දනාව, දානමය පිංකම්, ස්වර්ණමාලි සෑ වන්දනාව ආදී වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. කොළඹ, නැගෙනහිර, ජයවර්ධනපුර, කැලණිය, මොරටුව, පේරාදෙණිය, රජරට, අග්නිදිග, රුහුණ, සබරගමුව, ඌව, වයඹ යන විශ්ව විද්‍යාල සමග මහනුවර හෙද විදුහලද මේ පිංකමට එක්ව සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අට්ටාල හදන ළමයින්ම තමා මේවත් කරන්නේ. ළමයි කව්රුත් නිකම් අට්ටාල හදාගෙන දගලන්නේ නෑ. (නදී)
මේවා කරන්නෙ අට්ටාල හදන අය නෙවෙයි.එයාලා මේවට කැමති නැහැ.(හේ)
ඉතාම හොඳ වැඩක්. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල සිසුනුත් මෙයට එක්වුණා නම් කොච්චර හොඳද. (නදී)
කාර්මික විද්‍යාලත් එක්වුණා නම් ඉතා හොඳයි. (නි)
අට්ටාලයට වඩා මේක කොච්චර වටිනවාද.(හේ)
පාරවල් හරස් කරගෙන අනිත් මිනිස්සුන්ට වද දෙනවට වැඩිය ඉතාමත් හොද දෙයක් . (ර)