(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සිසුන් මානව ශාස්ත්‍ර පීඨයට අයත් සිසුන් බව පොලිසිය කියයි.

මානව ශාස්ත්‍ර පීඨයේ සිසුන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ගල්පිට්ටනිය භූමිය තුළ සංවිධානය කර තිබූ විවෘත සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා පැමිණි සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකුට සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවකුට එම පහර දීම සිදුකර තිබූ බව පොලිසිය කියයි.

නවක වදයෙන් පසු සිසුන්ට ලබා දෙනු ලබන අන්වර්ථ නාමය පිළිබඳ ඇතිවූ ආරවුලක් මත පහර කෑමට ලක් වූ සිසුවකු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.