විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් විසිරුවා හැරීම සඳහා පොලිසිය මීට ටික වේලාවකට පෙර කොල්ලුපිටියේ දී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධය සංවිධානය කර තිබිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් තුසිත, බදු මුදලින් යැපෙනවා තමා. හැබැයි ඊටපස්සෙ එ්කට හරියන්න මැරෙනකන් අඩු පඩියට කඹුරනවා කියලා අමතක වුණාද. අධ්‍යාපනය තමා ඉතිහාසයෙ ඉඳලා සමාජයෙ සියලු දියුණුවන්ගෙ පෙරගමන්කරුවා. එ්ක මුදලාලිලාට කඩෙ විකුණන්න දෙන්න බැහැ. (නි)
මේ කඳුළු ගෑස් කන ළමයින් උගත් අපට වඩා උසස් විභාග සමත් ළමයින් බව සිහියේ තබාගත යුතුය. ඔවුන්ට මේ අසාධාරණය සහ ඉදිරි දැක්මක් ඇත. සයිටම් එකේ උපකුලපති මිනිස් ශරීර කොටස් හොරකම් කළ අයෙක් බව සිහියේ තබා ගත යුතුය (ම)
පිස්සන්ට එළව එළවා පහර දෙන්න (හේ)
සයිටම් විතරද ? උසස්පෙළ උපකාරක පන්ති, පුද්ගලික චැනල් සේවා , ආපන ශාලා , කර්මාන්ත , කොම්පැනි, පුද්ගලික ආදායම් මාර්ග ඔක්කොම නවත්වන්න කියන්න. එතකොට , තමුන්නහෙලට ඉගෙන ගන්න බදු ගෙවන්නේ අඟහරු ලෝකෙන් වෙන්න ඇති. (බ)
මුන්ට පිස්සු (බ)
ඉදිරියටම යමු මිතුරනේ අමාරුවෙන් ඉගෙන ගත්ත අපිට වේදනාව රජයේ සල්ලි කාල ඉස්කොලේ යනවා කියල රජයේ මුදල් කාලා කැම්පස් යන්න බැරි පොල් බූරුවන්ට මේවා තේරෙන්නේ නැ ජනතාවට තේරේවී සයිටම් එකේ හොර දොස්තරලා උන්ට කෙලවන කොට (බ)
ඔයාලා කාටහරි පේනවද මේ ඡායාරූප වල සුදු ලෝගුව ඇඳගෙන ඉන්න මෙඩිකල් ළමයි ජල ප්‍රහාර වලට, කඳුලු ගෑස් වලට ලක්වෙනවද කියලා. උන් ආට්ස් කොමස් ළමයි ෆෝම් කරල ෂේප් එකේ අයින් වෙලා ඉන්නවා. සයිටම් වහන්න ආට්ස් කොමස් ළමයි ගුටිකනවා. මේකට කියන්නෙ බළලුන් ලවා කොස් ඇට බෑවීම කියලා..(බ)
උසස් පෙළ සමත් වෙන්න බැරි අය තමා සයිටම් කඩේ යන්නේ .(අ)
දන්න දෙයක් ගැන කතා කලානම් හොඳයි යලුවනි. ඔයාලගෙ අදහස් වලින් පේන්නේ ඔයාලා වැස්සකටවත් කැම්පස් නොගිය අය බව. කැලෙ ගැන දන්නෙ කැලේට ගිය එකා. මේ ළමයි මේවා කරන්නේ සල්ලි ගෙවනවට නෙමේ. අනික කාගෙවත් අතකොලු වෙන්න මෙයාලා මෝඩයොත් නෙමේනේ. ඔයාලට නොතේරෙන දෙයක් මෙයාලට තේරෙනවා එතනයි වෙනස. (අ)
අනෙක් සියලුම දේට පුද්ගලික වියදමින් ඉගෙන ගන්න පුළුවන්නම් මේකට විතරක් අරුමයක්ද. ගුවන් යානා නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර පවා පුද්ගලික විශ්ව විද්‍යාල වලින් බුද්ධිමතුන් බිහිවන යුගයක කුහක රැල තමුන්ගේ එ්කාධිකාරය රැක ගන්න කඩේ යනවා. පිස්සන්ට එළව එළවා පහර දෙන්න (බ)
ඇයි ප්‍රයිවෙට් චැනලින් තහනම් කරනු කියලා පිකට් කරන්නෙ නැත්තෙ? (බ)
වැස්සකටවත් විශ්ව විද්යලයකට ගොඩ නොවුණ ඔයාලයි පිස්සෝ (අ)
මේ විකාර ඉවරවෙනේනේ කවදද? ගලහ හන්දියෙත් උපවාස කරන්නේ ආට්ස් කොමස් ළමයි තමයි. මෙඩිකල් ළමයි මග ඇරලා අයින් වෙලා ඉන්නවා. (අ)
ඔය ගහන වතුරට අසුචි කලවම් කරලා ගහන්න ඕනා මේ කුණු මොළ හොඳට හේදෙන්න. තව හොඳට උද්ඝෝෂණ කරපල්ලා,,, ලංකාවේ දොස්තර මුදලාලිලා උඹලට නොමිලේම බෙහෙත් දෙයි අනාගතයේදී? (අ)
ධනුෂ්ක, කල්‍යාණි, එහෙනම් කොතලාවල වෛද්‍ය උපාධියට මෙයාලා විරුද්ධ නැත්තෙ ඇයි කියලා තේරුම් කරලා දෙනවද පොඩ්ඩක්. (නි)
ඉස්සරනම් උද්ඝෝෂණයකට කඳුළු ගස් ගැහුවත් එ්කටත් වැරැද්ද පැටවුනේ මහින්දට. ඔක්කොම කුණු ගියේ මහින්දගේ ගොඩට, අැයි රතු කමිස අයියල ඇස් ලොකු කරලා කට උල් කරලා වැරැද්ද මහින්ද පිට දැම්මනේ. අනේ දැන් උද්ඝෝෂණ වලට කොච්චර ගැහුවත් වැරැද්ද කාටවත් යන්නේ නැහැ (නි)
මෙයාලට මෙහෙම මිසක් තේරුම් කරදෙන්න වෙන ක්‍රමයක් නැහැ (නි)
ඊර්ෂ්‍යාව කියන මානසික රෝගයට බෙහෙත් වලට වැඩිය අවශ්‍ය කරන්නේ කඳුළු ගෑස් සහ වතුරම තමා. (නි)
පුෂ්පකුමාර, සයිටම් වැසිය යුතුයි කියන එකට එරෙහිව තර්ක නැහැ. ප්රශ්නය නොදන්නා අය අදහස් නොදා හිටියා නම් හරි. (නි)
දන්නා දෙයක් ගැන කතා කරන්න යාලුවනේ. නුඹලාට නොතේරෙන දෙයක් මෙයාලට තේරෙනවා. (නි)
සයිටම් කියන්නේ මේ රටේ දහස් ගණන් ශිෂ්‍යයො මුලාවට පත්කළ ආයතනක්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිනොගන්නා උපාධියක් ශිෂ්‍යන්ට දෙන්න හදන ආයතනයක්. මේ සම්බන්ධයෙන් රජය නිහඬ ඇයි? (නි)
මේ අය කරන්නේ ඉතාම පහත් ක්‍රියාවක් ඉගෙනිමට කැමති අයෙකුට මුදල් ගෙවා හෝ ඉගෙනීමට නිදහස තිබිය යතුය එය මූලික මිනිස් අයිතියකි. අනෙක මොවුන් ඉගෙනීම අවසන් කළ පසු මුදල් ඉපයීම සඳහා කොපමණ පහත් අයුරින් ක්‍රියා කරනවද රාජකාරියට වාර්තා කිරීමේ වෙලාවක් සටහන් නොකරයි එම කාලය තුල පුද්ගලික අංශයේ වැඩ කර වැටුප් පමණක් නොව අතිකාල දීමනාද ලබාගනී. (බ)
විශ්ව විද්‍යාලයට ගිය වඩා උගත් යයි කියාගන්නා අයට ඇයි තේරෙන්නෙ නැත්තෙ එසේ යන්න නොලැබුණු අනිත් අයටත් මුදල් ගෙවා හෝ තමන්ට කැමති අධ්‍යාපනයක් ලබන්න අයිතියක් තියෙනව කියල. අවශ්‍ය වෙන්නෙ පුද්ගලික අධ්‍යාපන ආයතන වලත් තත්වය උසස් කරගන්න උදව් වෙනවා මිසක ඒවා වසා දැමීම නොවේ. (බ)
වැස්සකට කැම්පස් නොගිය මිනිස්සුන්ගෙන් මෙහෙම කරදරයක් නැහැ. තමන්ගේ රැකියාවක් කරගෙන රටට බරක් නොවී ජිවත් වෙනවා. විචාර බුද්ධියක් නැති උගතුන්ගෙන් රටට වැඩක් තියනවද ? අපිත් මේගොල්ලන්ගේ වැඩ ටිකට බදු ගෙවලා අපේ ළමයිනුත් අනාගතයේ බදු ගෙවනවා. අඩු ගානේ තමන්ගේ ඉගෙනීමේ වැඩටිකවත් මේළමයින් හරියට කරනවාද ? තමුන් හරියට හැදෙන්නේ නැතිව රට හදන්න යනවා. (බ)
වැස්සකට කැම්පස් නොගිය උදවියගේ බදු මුදල් වලින් ඉගෙනගන්න හොඳයි. බෝඩිමේ බෙඩ් ෂිට් එකේ සිට ළමයාගේ ජනප්‍රිය ඉස්කෝලේ දක්වා රිදී බන්දේසියක දමලා තමන්ට ලැබෙන්න ඕනෑ කියලා හිතන නුවණක්කාරයෝ ටිකනේ මේ. දියුණු රටවල් වල සිසු දරුවන් මෙහෙම විකාර කරනවාද (නි)
මේ වගේ උද්ඝෝෂණ වලට සහභාගිවන සියලු විශ්ව විද්‍යාල සිසුන්ගේ ශිෂ්යබාවය සහ මහපොළ අහෝසි කරන්න නීති වහාම ගේන්න ඕනෑ. මේ උද්ඝෝෂණ රටේ සාමාන්‍ය පුරවැසියන්ට හරිම කරදරයක්. (නි)
මෙයාලට නම් කොච්චර කිවුවත් තේරෙන්නෙ නැහැ (නි)
මේ ගොල්ලෝ ඊටපස්සේ උපාධි අරගෙන රාජ්‍ය සේවයට බැඳිලා අපේ රටේ රාජ්‍ය සේවය ලෝකෙම හොඳම රාජ්‍ය සේවය බවට පත් කරනවා. ඉස්සර අය වගේම මේ අයත් එසේමයි. ඉතින් ලංකාව දියුණුවෙන් දියුණුවට පත්වෙනවා මේ අය නිසා. මේ ඉඩෝර කාලේ බෝඩිම් වල හොස්ටල් වල වතුර අඩු නිසා හොඳට නාගෙන යන්න (නි)
මෙයාලට මේවා නොකා ඉන්න බැහැ වගෙයි (නි)