(ඩයනා උදයංගනී)
විශ්වවිද්‍යාල පද්ධතිය රැකගත හැක්කේ, විනය විරෝධී කටයුතු සිදුකරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හා පාසල් මට්ටමටත් ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
විනය විරෝධී අයුරින් කටයුතු කරන සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි තීරණවලට එළඹිය යුතු බව ද අමාත්‍යවරයා කීවේය.
විශ්වවිද්‍යාල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳවත් පුළුල් පරීක්ෂණයක් කර විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට බියෙන් හා සැකෙන් තොරව විශ්වවිද්‍යාලය තුළ ගැවසීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා මහජන ආරක්ෂක ඇමතිවරයාට හා නීතිය භාර සියලු පාර්ශවවලට දැනුම් දී ඇතැයි ද ගුණවර්ධන මහතා පැවසීය.
රුහුණු විශ්ව විද්‍යාලයේ ගැටුමට සම්බන්ධ සියලු සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බවත්, එවැනි දැඩි තීරණ නොගෙන විශ්ව විද්‍යාල පද්ධතිය බියෙන් සැකෙන් තොරව වැඩ කළ හැකි ස්ථානයක් බවට පත් කළ නොහැක බවත් හෙතෙම කීය
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සරසවි රැකගන්න විනය විරෝධී සිසුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග
janahitha Tuesday, 13 December 2022 04:29 PM
පලමුව අර්තික ඝාතකයන්ගෙන් සොරුන්ගෙන් රට බෙරා ගත යුතුය. අනතුරුව සරසවිද රැකෙනු ඇත.
sisilTuesday, 13 December 2022 06:17 PM
සරසවි රැකගන්න විනය විරෝධී සිසුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග රජය විසින් ගන්නවා සේම විස්වවිද්යල දරුවන්ගේ දෙමාපියන් විසින් සරසවි තුල සිදුවන මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් පිළිබද මාධ්‍ය තුලින් ඔවුන්ගේ අදහස් සහ විවේචනය එල්ල කල යුතුවේ. මෙම අර්බුදය විසදීම සදහා ඔවුන්ගේ ( දෙමාපියන්ගේ ) අවදිවීම වඩාත් වැදගත්වනු ඇත.
Lal Tuesday, 13 December 2022 04:55 PM
මෙය හොඳ පියවරක් ... ආහාර භාවිතා කරන්න
නිහාල් Tuesday, 13 December 2022 05:35 PM
ඔය ගමන්ම පාර්ලිමේන්තුවේ විනය රැකගන්නත් නීති ගේමු ද? බෑ නේද?
AB Wednesday, 14 December 2022 01:41 AM
සියලු සරසවි තුල 95% සිසුන් වගකීමෙන් ඔවුන්ගේ කටයුතු කරන බව පසුගියදා මහාචාර්ය වරුන්ගේ අදහස් ප්‍රකාශ මාධ්‍ය මගින් පලවිය. අක්‍රමිත තත්වයන් සහ නිති විරෝධී කටයුතු සදහා යොමුවනුයේ 5% නම් 95% සිසුන් සහ ඔවුන්ගේ වැඩිහිටියන් එක්ව "සාමකාමී පරිසරයක් තුල නිදහස් අදයපනය" වෙනුවෙන් සහ නිති විරෝධී කටයුතු නැවත්වීම වෙනුවෙන් ඉදිරිපත්ව හඩක් නැගිය යුතුවේ. සියලු සරසවි තුල අන්තවාදී 5% අබියෝගයට ලක්වන තුරු ඔවුන්ගේ දේශපාලන සහ නීතිවිරෝධී සියලු කටයුතු කරගෙන යාම සිදුකරයි.
Perera Wednesday, 14 December 2022 08:33 AM
රට රැකගන්න විනය විරෝධී ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධී ක්‍රියා වල නියැලෙන දේශපලුවන්ටත් එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ජනතාව ගතයුතු කාලය ඇවිල්ලා.
Lalith M Wednesday, 14 December 2022 11:26 AM
එතකොට උඹලාගෙන්, ට බේරගන්න එක කරන්නේ කොහොමද. ඒකත් කියපල්ල....