අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව මණ්ඩාර මහතාට කිසිදු විශ්ව විද්‍යාල පරිශ්‍රයකට ඇතුළු වීම වලක්වමින් දී ඇති නියෝගය ඉවත් කරන ලෙස නීතීඥ නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද ප්‍රතික්ෂේප කළේය.
මහජනයාට පීඩා වන අයුරින් කොළඹ කොටුවේ උද්ඝෝෂණයක් පැවැත්වීයැයි කොළඹ අපරාධ කොට්ඨාසය සංජීව බණ්ඩාරට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
ඔහු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමජිකයකු නිසා විශ්ව විද්‍යාල තුළට යෑමට අවශ්‍ය නිසා ඒ සදහා අවසර දෙන්නැයි නීතීඥ රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ ආරාධනයක් ඇතොත් පමණක් ඔහුට විශ්ව විද්‍යාලවලට යා හැකි බවයි.
ඔහු කිසිම විශ්ව විද්‍යාලයක අභ්‍යන්තර ශිෂ්‍යයකු නොවන බවට තහවුරු කරමින් අධිකරණයට කාරුණු වාර්තා වී ඇති නිසා විශ්ව විද්‍යාලවලට යෑමට අවසර දෙන ලෙස නියෝග කළ නොහැකි යැයි ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.
චෝදනා පත්‍රය කියැවීම සඳහා ජනවාරි 21 නැවත නඩුව කැඳවීමට නියමිතය.
කොළඹ අපරාධ කොට්ඨාසය පැමිණිල්ල මෙහෙවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා අධ්‍යාපනයට ගිය කලක් (දී)
එතකොට මහ ජනතාවට අවහිර කරමින් උද්ගෝෂණය කරන දේශපාලකයන්ට මොකද කරන්නේ. එයාලටත් ඔය වගේම තහනම් දැම්මොත් හොඳයි නේද ?? (ස)
පාර්ලිමේන්තුව ඇතුලේ ඒකීය රාජ්ජයකට දිවුරුම්දී පිටත බෙදුම් වාදය වපුරන අයට පාර්ලිමේන්තුවට ඇතුළුවීම තහනම් කරන්නේ කවදාද?? (ස)
බොහොම හොඳ වැඩක්. විශ්ව විද්‍යාල වලින් ජ වී පෙ ඉවත්කරන්නම ඕන. අන්තරේ කියන්නේ විශ්ව විද්‍යාල ඇතුලේ වැඩක් කරන්න නොදෙන මහා පණ්ඩිත රැලක්. මොවුන්ට අවම වශයෙන් උපාධිය වත් නැහැ. නමුත් අධ්‍යාපනේ හදන්න උපදෙස් දෙන්න එනවා. (ස)
නිදහස් අධ්‍යාපනය කියලා එකක් අද තියෙන්නේ අතීතයේ ඉදලා ශිෂ්‍යයෝ අරගල කරපු නිසා.නැත්නම් අද මේ ටිකවත් නැහැ. අද මේ මිනිස්සු නිදහස් අධ්‍යාපනය රැකගන්න පාරට බහින්නේ, අනාගත දරුවන් වෙනුවෙන් මේ කතා කරන ගොඩක් දෙනෙනකුට මේක තේරුම්ගන්න බැහැ. (නි)
නඩුකරතුමා දුන්න තීන්දුව මෙයාට විතරක් නෙමෙයි, දේශපාලනය කරන්න පිට ඉදලා ඇතුලට යන අනිත් අයවත් නවත්තන ඕනෑ.එතකොටවත් අපේ කැම්පස් කොල්ලෝ ටික දවස් 365 ම කරදරයක් නැතුව ඉගෙන ගනීවි.දුප්පත් අම්මලා තාත්තලා දහදිය මහන්සියෙන් මුදල් හම්බ කරලා කැම්පස් එවන්නේ දරුවන්ට උගන්වන්න. නැතුව ඉගෙන ගන්න එක පැත්තක දාලා ඔය සංජීවලා කියන කියන විදියට නටන්න නෙමෙයි (නි)
මම ජිවත්වන ජර්මනියේ දේශපාලන පක්ෂ ශිෂ්‍යයෝ ඒවාට ඉත්තන් කරගන්නේ නැහැ. ඔවුන් දන්නවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ තමයි රටේ අනාගත බුද්ධිමතුන් කියලා. මෙහෙ විශ්ව විද්‍යාල වල තිබෙන ශිෂ්‍ය සංගම් වලින් බොහෝවිට කෙරෙන්නේ ශිෂ්‍ය සුබසාධන කටයුතු වැනි දේවල්. ඔවුන් දේශපාලන වශයෙන් පක්ෂ වලට බෙදිලා නැහැ, උද්ගෝෂණ ,විශ්ව විද්‍යාල වැසීම වැනි දේවල් ගැන අහන්නවත් නැත.බොහෝ ශිෂ්‍යයන් යැපෙන්නේ දෙමවුපියන්ගෙන් නොවේ. ඉගෙනීමට අමතරව සුළු රැකියා කරමින් මුදලක් හම්බ කරනවා. නවකවදය වැනි දේවල් ගැන අහලවත් නැත (නි)
ඇයි මේ සංජීවට විතරක් බනින්නේ? (නි)
ලලීන්ද, එයාලගේ උපාධිය කැප කළේ අනිත් අය වෙනුවෙන් .. පරිස්සමට වාඩි වෙන කොට .. (ස)
මෙයාලට ඕන කරන්නේ කාගේ කර පිටින් ගොස් රට අස්ථාවර කිරීමත් . රටේ අනාගතය බාර ගන්න සිසුන් නොමඟ යවා රටකර වැඩක් නැති මිනිසුන් කිරීමත් . මොවුන් එදා සිට අද දක්වාම කරේ රටේ අනාගතය විනාශ කිරීමය . (ස)
සංජීව, ඔයා විශ්ව විද්‍යාලෙට යන දවසේ ඔයාගෙ දෙමුපියන්ගේ හිතේ දහසකුත් ප්‍රර්ථනා තිබුනා. දැන්වත් රැකියාවක් හොයාගෙන ඒ මහලු අම්මටයි තාත්තටයි සැනසිල්ලක් ලබා දෙන්න. විශ්ව විද්‍යාල ඇතුලේ තියෙන ප්‍රශ්න වලට විරුද්ධව සටන් කරන්න ඔයා නැති උනාට තව දහස් ගණන් අය විශ්ව විද්‍යාලය ඇතුලේ ඉන්නවා. එයාලා ඒ ගැන බලාගනී. ඔයා දැන් දෙමව්පියන් වෙනුවෙන් ඔයාගේ යුතුකම් ගැන හිතලා වැඩ කරන්න. (ස)
තමන්ට ඉගෙන ගන්න බැරි නිසාවෙන් අන් අයගේ අධ්‍යාපනයට අකුල් හෙලන්නන්ට එරෙහිව පියවර ගත යුතුව තිබුනේ කලකට පෙරදීයි. (නි)
මේ කපිල වැනි පශ්චාත් බාගයේ මොලය පිහිටපු අයට සංජිව බණ්ඩාරලා ලොකු උගත් විප්ලවකාරයෝ. අනාගතය සාක්කි දරාවි මොවුන් ගැන. අපිට අතීතයෙනුත් සාක්ෂි තියෙනවා මේ වගේ විප්ලවකාරයන් පිළිබඳව. (නි)
කපිල ඔබට අමු කැවිලා . ලංකාවේ කිසි කෙනෙක් නැහැ තමන්ගේ කිසිම දෙයක් කැප කරන තමාට වාසියක් නොමැතිව . මේ ගොල්ලෝ අනුන්ගේ ලණු කාල ඒවායින් දිගටම යැපෙන්නෙ . මුට්ටි කාසි කාරයෝ . ඉතිහාසය ගැන බලන්න ඔය කියන අය පටන් ගත්ත සටන් කාමීන් කියා ගත් කොටස අද ඉන්නේ කාගේ ඔඩොක්කුවේද . තමන්ගේ බඩ වඩා ගැනිමට මිනිසුන් සිසුන් රවටන උන් කවදාවත් කැප කිරීම් කරන්නේ නැහැ. (ස)
අන්තරේ අයිතිය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට. එහි නායකයන්ගේ පුතාලා ජිවත් වන්නේ ඉගෙන ගන්නේ පිටරට වල. (නි)
බොහොම හොද වැඩක් (නි)
වැරදි තිබුනත් අද නිදහස් අධ්‍යාපනය මේ තරමින් හරි ඉතුරු වෙලා තියෙන්නේ අන්තරේ නිසා. ඒකේ හිටපු සහෝදරයන් තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් අනෙත් අය වෙනුවෙන් කැපකළා.ඒක අපි කුහක වෙන්නේ නැතුව අගය කළ යුතු වෙනවා. (නි)
මේ රටේ දැන් මෙහෙම අය අඩුවේගන යන්නෙ. අතරින් පතර එකෙක් දෙන්නෙක් ඉන්නවා (නි)
මේගොල්ලෝ පුද්ගලික විශ්ව විද්‍යාල වලටත් විරුද්ධයි. විශ්ව විද්‍යාල තුල ශිෂ්‍යයන්ට නිදහසේ අධ්‍යාපනය කරගෙන යන්න දෙන්නේ නැහැ. උද්ගෝෂණ කරමින් අවුල් වියවුල් ඇති කරනවා. මේ විදියට ගියොත් රටට අවශ්‍ය උගතුන් බුද්ධිමතුන් බිහිකරන්න වෙන්නේ රුසියාවේ , ඉන්දියාවේ , එංගලන්තේ තිබෙන විශ්ව විද්‍යාල වලටද? කරුණාකර විශ්ව විද්‍යාල තුල කරන දේසපාලනය නිමා කරනලෙස රටේ පිළිගත් දේශපාලන පක්ෂවලින් මම ඉල්ලා සිටිනවා (නි)
කපිල, ඔබේ නොදන්නාකම හෝ අනුවණකම එසේත් නැතිනම් දැනගෙනත් නොදන්නා වාගේ සිටීම ගැන දුක්වෙනවා. (නි)
අපි නම් මේ අන්තරයේ කැඳවුම්කරුවාට සහ අන්තරයට හරි කැමතියි. මේ අය නිසා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගන්න අපි වගේ අයගේ වටිනාකම් වැඩි වෙනවා. අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනිකව වැටිලා. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ විශ්ව විද්‍යාල ඉන්නේ ඉතාම පහළ මට්ටමක. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය පවා ලංකාවේ විශ්ව විද්‍යාල පරදවලා ලංකාවේ විශ්ව විද්‍යාල උපාධියට ලෝකයේ තියන තැන නැතිවේගෙන එන්නේ. අපි නම් බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වලට ගියා. අපේ උපාධි වලට දේශීයව සහ අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් තියනවා. අපි නැවත ලංකාවට එනකොට රාජ්‍ය සහ පුද්ගලික අංශය අපිට රැකියා දෙන්න පොරකනවා. ඒත් දිස්ත්‍රික් කෝටා එකට අඩු උසස්පෙළ ලකුණු වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය ගැන නම් දුකයි. ඒ අයට අනාගතයක් නැහැ. (නි)
ඔව් අනේ! පරණ පුටු. පොල් වලිනුයි හදලා තියෙන්නේ.කූරක්වත් ඇනුනොත්? (නි)
නඩු කියන්න සල්ලියි, ආධාරකරුවොයි වැහි වැහැලා ඇති. (නි)
"සංජීව"කියන්නේ රටේ අනාගත බලාපොරෝතුවක්, එයා තෝරගත්ත දේශපාලන දැක්මේ.සැබේ අරමුණ එයාගේද? නැත්නම් වෙනෙත් පිරිසකගෙද?? දෙවරක් සිතන්න. (ස)
පෙරේරා මහත්මයා, ඔබතුමා හරියටම හරි. මොනවා කරන්නද කපිල මහත්මයා වගේ ලණු කාපු පිරිස්වලට මේවා තේරුම් ගන්න තරම් බුද්ධියක් නොමැතිවීම ගැන දුක්වෙනවා මිසක්. (ස)
කපිල, හැමදාම හැමෝමව ගොනාට අන්දන්න බැහැ. පැහැදිලිම උදාහරණය තමයි පහුගිය දින තිබුන පළාත් සභා ඡන්දය. නමුත් ඔයාලට ඒකටත් කියන්න මේඩ තර්ක නම් එමටයි. (නි)
ඔහු විශ්ව විද්‍යාලයට එනවා ඇත්තේ කාව හෝ බලන්න වෙන්න ඇති. (නි)
දම්මික පෙරේරා ; "ලංකාවේ කිසි කෙනෙක් නැහැ තමන්ගේ කිසිම දෙයක් කැප කරන තමාට වාසියක් නොමැතිව" ඔව් මම දන්නා එක් කෙනෙක් ඉන්නවා ඒ "දම්මික පෙරේරා" ... ඔයා ඒ වගේ උනාට ලංකාවේ ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා.. කැප කිරීම් කරපු ඉතිහාසය අරගෙන බලන්න. (ස)
පෙරේරා මහතා මමත් ඔබ සමඟයි. මෙයාල ශිෂ්‍යයෝ නෙවේ නම් කොහොමද අන්තරේ සබාපති වුනේ. ඒක අනියම් පත්වීමක්.ශිෂ්‍යයෙක් නොවුන හැටියේ ඒ තනතුර ඉබේම අහෝසි වෙනවා. (ස)
"එනවා ඇත්තේ කාව හෝ බලන්න වෙන්න ඇති" අනේ ඔව් නිකන් හරි දාමු පළාත් සබාවට? (නි)
මේ සංජීව බණ්ඩාර තමයි විශ්ව විද්‍යාල වලට යන දරුවන්ව විනාඔ කරන්නේ. මහේස්ත්‍රාත් තුමාට ස්තුති වන්ත වෙනවා දුන්න තීරණයට. (ස)
කපිලට හොඳටම අමු කැවිලා ...එයාගේ පුද්ගලික දේශපාලන වාසි ලබාගෙන ඉදරියට එන්න ජනතාව හොයා ගන්නයි කැම්පස් කරක් ගහන්නේ ,..දුප්පත් ළමයින්ගේ අධ්‍යාපනය බල්ලට දමලා, ආත්මාර්තකාමියා.... (ස)
මාර වැඩක්නේ. මේ රටේ ඉපදුන මිනිහෙකුට රටේ තැනකට යන්න බැරි නම් මොකද්ද තියෙනවයි කියන මහ ලොකු නිදහස? (නි)
නොමිලේ දෙන අධ්‍යාපනය නිසා වෙන් නැති මෙයාලා මේ තරම් දඟලන්නේ , අනිත් රටවල වගේ උසස් අධ්‍යාපනෙට ගෙවලා ඉගෙන ගන්න උනානම් මෙයලටත් තේරෙයි. ජනතාවගේ මුදල් වලින් නොමිලේ දෙන දේ ඉගෙන ගන්නේ නැතුව හර්තාල් කරනවට හොඳම වැඩේ... (ස)
බලාගෙන ගියාම එස්.බී.හිරේ යන්න කලින් කියපුවා හරි කියලයි හිතෙන්නෙ (නි)
මහගෙදර, ඔයා දැකලා ඇතිනේ කැට හොල්ල හොල්ල සල්ලි එකතු කරන අය. ඒ සල්ලි එකතු කරන්නේ මේ වගේ කට්ටියගේ නඩත්තු වියදම් හොයන්නයි. නඩු ගාස්තු ගෙවන්නයි. (ස)
මෙයා මේ විදියට කලබල කර කර ඉදලා කවදාහරි දේශපාලන පක්ෂයකට එකතු වෙලා , පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා ගොඩයාවි. අමාරුවේ වැටෙන්නේ මෙයා පසුපස ගිය සිසුන් සහ මේ ගොල්ලන්ගේ විකාර නිසා විනාශ වුණ ජාතික දේපල සහ ධනයයි. මේ විදියට විප්ලව කළ මිනිස්සු අද පාර්ලිමේන්තුවේ ඇමතිලා වෙලා ඉන්නවා. මාලිගාවල් හදාගෙන, පරිවාර රථ සමග ගමන් බිමන් බෙන්ස් එකේ... එහෙමත් නැත්නම් හෙලිකොප්ටරයෙන් , කොමිස් ගසන්නේ කෝටි ගණනින්... අමාරුවේ වැටුනේ මේ ගොල්ලෝ පසුපස ගිහින් අධ්‍යාපනය කඩාකප්පල් කරගත් සිසුන් (නි)
මෙයාව පාලනය කරන මෙයා සේවය කරන හාම්පුතාගේ පවුලේ ෆොටෝ එක පොඩ්ඩක් දාන්න පුලුවන්නම් ආයෙත්..ඒක නොමිලේ මුද්‍රණය කරලා කැම්පස් වල බෙදා හරින්න ඕන.සිසුන්ට වැටහෙන්න තමන්ගේ අධ්‍යාපනය විනාශ කරලා තමන් මතින් දේසපාලන අභිමතාර්ථ ඉටු කර ගන්න හදන එවුන්ගේ පවුල් පිටරට වල සුර සැප විඳින හැටි.. (ස)
දැයේ ශක්තිය ක්‍රියාකාරී විශ්ව විද්‍යාල සිසුන්මය. අතීතය, වර්තමානය සහ අනාගතය ඔවුන්මය. (නි)
කපිල,ඔබතුමා වාඩිවෙනකොට පරිස්සමෙන්! (නි)
මහේස්ත්‍රාත්තුමාට මගේ උත්තමාචාරය.! (නි)
අපේ කැම්පස් එක සංජීවලාගෙන් බේරාගනිමු. (නි)
ඔය ගොඩාක් ශ්‍රී ලාංකික විප්ලවවාදීන් කියා ගත් , බොහෝ දෙනෙක් කැනඩාවේ සරණාගත විසා ලබාගෙන බොහෝ ධනවාදී පැලැන්තියේ ජිවිතයක් ගත කරනවා. ඔවුන්ගේ ළමයින්ට සිංහලවත් කතා කරන්න බැහැ. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ ළමයින් සිංහල කතා කිරීම මදිකමක් කියා. ඔය ඔක්කොම විප්ලවවාදීන් එකතරා කාලයකට පස්සේ ඕවා තේරුම් ගන්නවා වැරදි දේවල් කියලා (නි)
මෙයා තාම කැම්පස් යනවද? මගේ හිතේ දැන් වයස අවුරුදු 40ක් විතර ඇති ! (ස)
ඇත්තටම අපිට දැන් ඉස්සර හිටිය වගේ අන් අය වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කල සහෝදරයන් හොයා ගන්න අපහසුයි. දැන් මමත්වයෙන් යුතු අය පමණයි ඉන්නේ.ඔවුන් මේ හැම දෙයකින්ම යම් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒත් ඉස්සර සහෝදරයෝ එහෙම නැහැ.අනාගතය වෙනුවෙන් නමක් තියලා කැම්පස් එකෙන් එලියට ගියේ.ඒ අයව සිහිවෙන්න අදත් නේවාසිකාගාර ඒ අයගේ නම් වලින් තියෙනවා.ඒත් දැන් අයගේ නම් නම් කවදාවත් ඒ ලෙස නම් කරන්න බැහැ නේද? (ස)
ද සිල්වා බෙර්ලින්, ඔබට මල් කලඹක් මගෙන්, සත්‍යය පැවසුවාට. මේක තේරුම් ගන්න බැරි අයයි ඉන්නේ වැඩිහරියක්. (නි)