2011 උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගන්නා ආකාරය ගැන මෝසමක් මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කළ ඉල්ලීම් දෙක සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේ.
ඇතැම් පාඨමාලා සඳහා ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටි සිසින් නියමිත සාමාර්ථ ලබා ගෙන නැතැයි කියමින් ප්‍රතිපාදන කොමිසම මෝසමක් මගින් කළ ඉල්ලීම් දෙකක් සලකා බලමින් අගවිනිසුරු මොහාන් පීරිස්, ශ්‍රී පවාන් සහ ඊවා වනසුද්නර විනිසුරුවරු මේ අවසරය ලබා දුන්හ.
ඒ අනුව ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු නිකුත් කර විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගන්නා ලෙස ද නියෝග කැරිණි.
නියමිත සාමාර්ථ ලකුණු ලබා නොගත් සිසුන් ඇතුළත් කර ගැනීම වැළැක්වීම පළමු ඉල්ලීමයි.
ඒ නිසා ඇතිවන පුරප්පාඩු පිරවීමට වෙනත් දිස්ත්‍රික්කවල සාමාර්ථ ලබා ගත් සිසුන් ඇතුළත් කර ගැනීම දෙවැනි ඉල්ලීමයි.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සරසවි පිවිසුම් අවුල ඉවරයි
චාමිකා Thursday, 07 February 2013 04:14 PM
ඇත්තටම සතුටුයි (දී)
අජිත් කරුණාරත්න Thursday, 07 February 2013 04:21 PM
මේ පාර වාණිජ ඒ තුන ගත්තු දරුවො හය දහසක් විතර ඉන්නවා. ඒකට මොකද කරන්නේ? (ත)
නිසල් කාවින්ද Thursday, 07 February 2013 04:58 PM
ඒ තුන ගත්තු අය වැඩි කරලා සරසවි යන්න බැරි වුණහම ප්‍රයිවට් කැම්පස් යවන්න තමයි වෙන්නේ. (නි)
සංජිව Thursday, 07 February 2013 06:46 PM
අධ්‍යාපනය කියන්නේ රටේ හදවතයි (දී)
ඉසුරන්දි Friday, 08 February 2013 10:30 AM
බලන බලන තැන අවුල් ජාලාවක් . මේ අවුල් වියවුල් කරගන්නේ කවදාද ? (ස)
කුමාරි Friday, 08 February 2013 12:48 PM
අනේ මන්දා, දැන් නම් රට යන්නේ කොහාටද කියලා. හැමතැනම අවුල්.(නදී)