2011 උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගන්නා ආකාරය ගැන මෝසමක් මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කළ ඉල්ලීම් දෙක සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේ.
ඇතැම් පාඨමාලා සඳහා ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටි සිසින් නියමිත සාමාර්ථ ලබා ගෙන නැතැයි කියමින් ප්‍රතිපාදන කොමිසම මෝසමක් මගින් කළ ඉල්ලීම් දෙකක් සලකා බලමින් අගවිනිසුරු මොහාන් පීරිස්, ශ්‍රී පවාන් සහ ඊවා වනසුද්නර විනිසුරුවරු මේ අවසරය ලබා දුන්හ.
ඒ අනුව ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු නිකුත් කර විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගන්නා ලෙස ද නියෝග කැරිණි.
නියමිත සාමාර්ථ ලකුණු ලබා නොගත් සිසුන් ඇතුළත් කර ගැනීම වැළැක්වීම පළමු ඉල්ලීමයි.
ඒ නිසා ඇතිවන පුරප්පාඩු පිරවීමට වෙනත් දිස්ත්‍රික්කවල සාමාර්ථ ලබා ගත් සිසුන් ඇතුළත් කර ගැනීම දෙවැනි ඉල්ලීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සතුටුයි (දී)
මේ පාර වාණිජ ඒ තුන ගත්තු දරුවො හය දහසක් විතර ඉන්නවා. ඒකට මොකද කරන්නේ? (ත)
ඒ තුන ගත්තු අය වැඩි කරලා සරසවි යන්න බැරි වුණහම ප්‍රයිවට් කැම්පස් යවන්න තමයි වෙන්නේ. (නි)
අධ්‍යාපනය කියන්නේ රටේ හදවතයි (දී)
බලන බලන තැන අවුල් ජාලාවක් . මේ අවුල් වියවුල් කරගන්නේ කවදාද ? (ස)
අනේ මන්දා, දැන් නම් රට යන්නේ කොහාටද කියලා. හැමතැනම අවුල්.(නදී)