(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාල සිසුන්ට නවක වදය දීම නවීන තාක්ෂණය ඔස්සේ ද ඉතා සූක්ෂම ලෙස සිදු කිරීමේ නව ප්‍රවණතාවයක් දැකිය හැකි යැයි විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව සඳහන් කරයි.
විශ්ව විද්‍යාලවල මෙතෙක් සිදු වූ කායික මානසික සහ ලිංගික ආකාරවලට අමතරව අලුතින් සයිබර් නවකවදය හඳුන්වාදී ක්‍රියාත්මක වන බව ද එම කමිටුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
යම් දේශපාලන අංශවල අනුබලය ලබන කණ්ඩායම්වල සාමූහික බලයෙන් සිදුකරන නවක වදය විශ්ව විද්‍යාලවල සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.
කිසිදු උපකුලපතිවරයකු නවක වදයට සමාවදීම සහායදීම හෝ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන අතර එය තරයේ හෙළාදකින බව ද උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවක වදයට සමාවක් දෙන්නම එපා. අපිත් ඔබතුමන්ලා සමග එකඟයි.
ඔබ නවක වදයට විරුද්ධ නම්, ඔවුන්ට විරුද්ධ අය අල්ලා ගන්න. නීතිමය ක්‍රියාමාර්ග ගොනු කර උසාවිය තීන්දුවක් ගන්නා තෙක් ඔවුන්ගේ පන්ති අත්හිටුවන්න. නවක වදය සාපරාධී වරදක් වන අතර VC වරුන් එම පුද්ගලයින් සඳහා නීතිමය පියවර නොගන්නේ ඇයි. මේ තවත් කතාමාලාවක්. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඊට සහාය පළ කරන නමුත් න්‍යායාත්මකව ඊට විරුද්ධ වෙති.
"සයිබර් නවකවදය" සඳහා නවක සිසුන්ගේ විද්‍යුත් තැපැල් ලිපින අවශ්‍යයි. මෙවැනි කෙනෙකුගේ පුද්ගලික දත්ත, අනිකුත් සිසුන්ට ලබා දුන්නේ විශ්ව විද්‍යාලයට අනුබද්ද ආයතනයක් විසින්මද යන්න සොයා බැලිය යුතුයි...!
මෙයාලට දැන්ද තේරුණේ... ඔයාලා නේද අරගල කරන්න දරුවන් වෙනුවෙන් පෙනී හිටින්න. තමන්ට විශ්ව විද්‍යාලවල ඉන්න ඉගෙන ගන්න වැඩිහිටියෝ තර්ජනය කරද්දී දැන් වැරැදි කියනවා. මොවුන්ට ළමයි කියන්න බෑ. වැඩිහිටි පිරිස නම හොඳයි.
අපිට එහෙම ඔය පාට් දාල අහුවෙන්න එපා .. අන්තිමට එම්බාම් කරන්නවත් මිනිය හොයාගන්න බරිවෙයි !