IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සරසවි කී‍්‍රඩා උළෙල ජනපති ප‍්‍රදානත්වයෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල 14 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන 11 වැනි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල, මොරටුව විශ්ව විද්‍යාල කී‍්‍රඩාංගණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (2 වැනිදා) ආරම්භ විය.

කී‍්‍රඩා උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති තුමා විසින් නිල ප‍්‍රකාශය ඉදිරිපත් කරන ලදී.

මෙවර මෙම කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය මොරටුව විශ්ව විද්‍යාලය විසින් දරනු ලබන අතර මැයි මස 2 වැනි දින සිට 12 වැනි දින දක්වා මොරටුව විශ්ව විද්‍යාල කී‍්‍රඩා පිටිය, සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාගාරය, දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණය, හැව්ලොක්ස් කී‍්‍රඩා පිටිය, ටොරින්ටන් කී‍්‍රඩා පිටිය ඇතුලූ කී‍්‍රඩා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් තරගාවලිය පැවැත්වේ.

මලල කී‍්‍රඩා, පාපන්දු, පැසිපන්දු, මාර්ග ධාවන තරග, බර ඉසිලීම, බැඞ්මින්ටන්, වොලිබෝල්, බේස්බෝල්, නෙට්බෝල්, පිහිනුම්, මල්ලවපොර, කරාතේ, හොකී, කැරම්, එල්ලේ, මේස පන්දු, චෙස්, ටෙනිස්, කි‍්‍රකට් හා රග්බි කී‍්‍රඩා ඇතුළත් කී‍්‍රඩා 22 ක්, ඉසව් 35 ක් මීට ඇතුලත්ය.

සමාප්ති උත්සවය මැයි මස 12 වැනිදා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ ප‍්‍රදානත්වයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

අද පැවති සමාරම්භක උත්සවයට අමාත්‍ය එස්. බී. දිසානායක මහතා සහ මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුලූ සම්භාවනීය ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

(*)

ඡයාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 

 



අදහස් (0)

සරසවි කී‍්‍රඩා උළෙල ජනපති ප‍්‍රදානත්වයෙන් ඇරඹෙයි

කුමාර. Friday, 03 May 2013 09:22 AM

31 ජුලි 2013, දින පැවැත්වෙන අපේ උපාධි ප්‍රධානොත්සවයටත් ඔබතුමා පමිනේවියි බලාපොරොත්තු වෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 3 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site