2015 උසස් පෙළ විභාග ප‍්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා අවශ්‍ය අවම කඩඉම් ලකුණු නිකුත් කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිදාන කොමිසන් සභාව පවසයි.
ඒ අනුව දිස්ත‍්‍රික් පදනම මත එක් එක් විශ්ව විද්‍යාලයන් හි උපාධි පාඨමාලා සඳහා ප‍්‍රවේශ වීමට අවශ්‍ය අවම කඩඉම් ලකුණ එහිදී ලබාගත හැකියි.
මීට අමතරව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විභාග අංකය අනුව සුදුසුකම් ලබා ඇති පාඨමාලාව හා විශ්ව විද්‍යාලය ද ලබාගත හැකි බවයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
www.ugc.lk හා www.selection.ugc.ac.lk නිල වෙබ් අඩවි වලින් ලබා ගත හැකි බව විශ්ව විද්‍යාල කොමිසන් සභාව පවසයි.
රාජ්‍ය සේවා තොරතුරු කේන්ද්‍රය මාර්ගයෙන් 1919 අංකය අමතා කඩඉම් ලකුණු ලබා ගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු අධ්‍යාපන ඇමති බන්ධුල මේ වෙනවිට හිටියනං මේකත් අච්චාරු කරලා ඇති. (බ)
ශිෂ්‍යත්වයෙන් කොළොඹ ඇවිල්ල කොළොඹ ලමයිගේ දිස්ත්‍රික් ජන අනුපාතයෙන් විශ්ව විද්‍යාලයට යන වෙනත් දිස්ත්‍රික්ක වල ළමයි නිසා කොළොඹ ඉපදුන ළමයින්ට වෙන අසාධාරණයට පිළියමක් යොදන්නේ කවදාද ? (ර)
පව් , අනෙක් ළමයි වගේම කොළොඹ ඉපදුන ළමයින්ද තමන්ගේ හැකියාව , දක්ෂකම පෙන්වල විශ්ව විද්‍යාලයට යන්න ඕනේ..කොළොඹ ළමයින්ට තියෙන පහසුකම් හද්ද පිටිසර ගම්වල ළමයින්ට තියෙනවද. (අ)
සරසවියට ඇතුල්වීමේ සාමාර්ථයක් තිබෙනේ ඕනෑම සිසුවෙක්ට විශ්වවිද්‍යාල මට්ටමේ ඉගෙනීමක් ලැබීමට අයතියක් තිබේ. රජයේ විශ්ව විද්‍යාල වල ඉඩ නැතිකම ඒ අයගේ වැඩි දුර අධ්‍යපනය නැවත්වීමට හේතුවක් නොවේ. ලංකාවේ මේ සඳහා තිබෙන එකම විසදුම වැඩියෙන් පුද්ගලික අංශයට විශ්ව විද්‍යාල අද්‍යාපනය ලබා දීමට අවසර දීමයි. (අ)
දැන්නම් අපි ඔය ලකුණු සීමා ගණන් ගන්නේ නැහැ. ප්‍රබල දේශපාලකයෙකුට කියලා ලියුමක් ගත්තාම ගොඩක් බාධක ජයගන්න පුලුවන්