IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සරසවි ඇදුරන්ගේ පර්යේෂණ-ශාස්ත්‍රීය දීමනා කපලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ සහ ශාස්ත්‍රීය දීමනා පහත හෙලා තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ඊතලවැටුණු වැවේ ඥානතිලක හිමියන්ගෙන් අහිමි කළේ ඇයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

"අධ්‍යාපන උපකරණ සඳහා වැට් බදු ඉවත් කරන බව මැතිවරණ වේදිකාවේ කිව්වා. ඒ දේ සිදු නොකළේ ඇයිදැයි මා ප්‍රශ්න කරනවා.එදා දවසේ කියූ දේවල් අද ක්‍රියාත්මක කරන ආකාරය දෙස බැලූ විට ලොකු පරස්පරතාවයක් තියෙනවා.අධ්‍යාපන මාපිය කැපකරු ක්‍රමයක් අරඹා ලොව ධනමතුන් සම්බන්ධ කරගෙන රජයේ අයවැයෙන් වෙන්වන මුදලට අමතරව අධ්‍යාපනයට තවත් මුදල් ලබා ගන්න අලුත් ක්‍රමයකට පිවිසෙන්න.

රජයෙන් වෙන් කරන මුදල් ගැනම පමණක් කතා කිරීමෙන් ඵලක් නැහැ.පාසල් උපකරණ වලින් වැට් බදු ඉවත් කිරීමට තවමත් ප්‍රමාද නැහැ. රැකියා විරහිත උපාධිධාරීන් 35000-40000 ක් පමණ ඉන්නවා.උපාධිධාරීන් 35000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න බවට මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා. නමුත් අයවැය කතාවෙන් එවැනි දෙයක් කියා නෑ යැයි අපි පක්ෂ නායකවරයා වැඩිදුරටත් කීය.



අදහස් (9)

සරසවි ඇදුරන්ගේ පර්යේෂණ-ශාස්ත්‍රීය දීමනා කපලා

Suneth Monday, 10 March 2025 01:36 PM

මේ මමත් ඉඳලා හිටලා ඉන්නවා හරිද?

:       0       15

PGPThilak Monday, 10 March 2025 02:04 PM

ඔය ආචාරිය මහාචාරියෝ ලක්ෂ පහ හය පඩි ගද්දී මොන පරියේෂණ දීමනාද? කරපු පරීක්ෂණ කරනවා කියලා කිසිම ප්‍රයෝජනවත් දෙයක් කරලා නැත! බංකොලොත් වෙලා හොම්බෙන් යද්දී ඡන්ද මංකොල්ල කන්න රෙද්දක් කියවනවා... මේ සේරම රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන් තවත් වැඩි කරමින් ඡන්ද මංකොල්ල කන්න සැරසෙන අයට එක ඡන්දයක් වත් දෙන්න එපා...!!!

:       7       12

Bolla Monday, 10 March 2025 02:07 PM

අනෙකුන්ගේ පණිවිඩ ගිරවෙක් මගින් එලිදැක්විය හැකිය.

:       0       7

දොන් සේතං Monday, 10 March 2025 02:11 PM

මේ සරසවි ඇදුරෝ ඔබතුමාට ඉගැන්නුවේ නැති එක තමයි වැරැද්ද... ඔබතුමාට ඉගැන්නුවේ ෆොරිනස්ලනේ. ඔබතුමාට තරම් මේ කට්ටියට මොලේ නැත්තේ ඒකයි. ඔබතුමා කියනවා වගේ හැමෝටම හැමදෙයක්ම නිකං දීම තමයි හරි. ඔබතුමාටත් ඉතින් එහෙමයිනේ..!

:       1       7

Karunajeewa Monday, 10 March 2025 02:29 PM

නිවැරැදි පර්යේෂණ කරපු සහ අනාගතයේ කරන්න සිටි උගත්තු තමයි, ඔහේගේ තාත්තා එලොව යැව්වේ.. දැන් බොරුවට නාහෙන් අඬනවා..

:       2       9

ජයනාත් Monday, 10 March 2025 02:32 PM

ඕවා නෙවෙයි කතා කරන්න ඕනැ . සරසවිවල කරපු පර්යේෂණ වලින් ලංකාවේ ආණ්ඩුව ගනිපු ප්‍රයෝජන මොනවාද? ... එහෙම වැදගත් පර්යේෂණ කරන බව දන්නවද?..

:       0       10

අරවින්ද මොණරවිල Monday, 10 March 2025 02:36 PM

ඕකත් හරියට දොස්තරගේ නිවාඩු දින දීමනාව වගේ කතාවක් වෙන්න ඇති. ආණ්ඩුවත් මූලික වැටුප වැඩි කරලා රාජ්‍ය සේවකයාට වැඩි හොදක් කරන්න හැදුවට වැඩක් නැහැ, ඒක අගය කරන්නවත් නොදන්න අමනයෝ ඉන්න නිසා.........

:       2       7

Asela Monday, 10 March 2025 03:55 PM

විපක්ෂ නායකයා ලෙස කටයුතු කරන මේ විකාරයා නිසා, පර්යේෂණ දීමනාව නමින් විශ්ව විද්‍යාලයේ සිදුවන වංචාවන් පිළිබඳ සම්පූර්ණ දෘශ්‍යතාවක් නොමැත. සහකාර ලේඛකාධිකාරීවරයාගේ සිට වැඩ ඉංජිනේරුවරයා දක්වා, දේශන, අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලය දක්වා, සියලුම ශ්‍රේණි වක්‍රව මෙය දීමනාවක් ලෙස ලබා ගනී. ඔබ කළ යුත්තේ පත්‍රිකාවක් හෝ ඕනෑම කුණුහරපයක් බාගත කර එය ඔබේම ලෙස ඉදිරිපත් කර සංස්කරණය කර ඉදිරිපත් කිරීමයි. එය සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාලවල දන්නා කරුණකි. විශ්ව විද්‍යාලයේ. මා ලියන මෙය මගේම අත්දැකීමෙන්. පර්යේෂණ කටයුතුවල අවංකව නියැලෙන මහාචාර්යවරුන් සිටින්නේ ඉතා ස්වල්පයක් පමණි.

:       1       6

ගමේ එකාලා Monday, 10 March 2025 07:20 PM

තමුන් දන්නේ ඉස්කෝල ගානේ ගිහින් බස් බෙදපු එකයි, ජපන් භාෂාවෙන් කතා කරපු එකයි, උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු? වෙන අහවල් දෙයක් කියලාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site