(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
විශ්වවිද්‍යාල තුළ නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පස්වරුවේ ප්‍රකාශ කළේය.
තරුණ පරම්පරාව, සරසවි සිසුන් හා පාසල් සිසුන් මත්ද්‍රව්‍ය හා මත්පැන් යනාදි අවදානම්වලින් බේරාගැනීමේ අභියෝගයක් හා ඒ සඳහා සාමූහිකව කටුයතු කිරීමේ අවශ්‍යතාවක් ද අද වනවිට රට හමුවේ ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
කොළඹ රාජකීය විද්‍යාලයේ 165 වැනි ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එම කරුණු කීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
“මේ ළඟදි මට විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයෙක් කතා කළා. විශ්ව විද්‍යාල තුළ නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරින තත්ත්වයක් ආරම්භ වෙලා තිබෙන බවට ඔහු මට කීවා. එවැනි පසුබිමක් අපේ රටේ තිබෙන බව අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා දරුවන් ආරක්ෂා කර ගැනීමේදී රටේ සියලු දෙනාටම පුළුල් වගකීමක් තිබෙනවා. සාමූහික වගකීමක් දැරිය යුතුව තිබෙනවා. රටේ දරුවන් රටේ තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලින්, මත් රකුසාගෙන්, මත් පෙතිවෙලින් බේරා ගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන්, ඒ සඳහා අපට රටක් ලෙස , ජාතියක් ලෙස, සමාජයක් ලෙස, ගුරුවරුන් හා මාපියන් ලෙස අපට සාමූහික වගකීමක් තිබෙනවා. ඒ සඳහා අද වනවිට දැඩි අවශ්‍යතාවක් මතුව තිබෙනවා” යැයි ද ජනාධිපතිවරයා තවදුරටත් කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියවනවා විතරයි... දැන ගන්න ලැබෙනවා.... හැබැයි කරන මගුලක් නැහැ....
මෙය ඉතාමත්ම ඛේදජනක පුවතක්. නමුත් සමස්ත ජන සමාජයේ මෙන් නොව, සරසවියක් වැනි කුඩා ආයතනයක් තුල, පොලිසියට මේවා බෙදා හරින්නන් පහසුවෙන්ම සොයා ගත හැකියි. පසුගියදා මා දුටු තවත් ප්‍රවෘතියක් නම්, නුදුරු අනාගතයේදී රජය බියර් වැනි මත් පානයන් සිල්ලර වෙළඳසැල් වල අලෙවි කිරීමට යනවා කියා. ලංකාව වැනි රටක වයසින් අඩු අයට මත් වතුර විකිණීම තහනම් කර පාලනය කිරීම ඉතාමත් අපහසු දෙයක් වන බැවින්, මෙවැනි දෙයකින් සිදුවන්නේ රටේ මත් වතුර සුලභ වී, පාසල් සිසුන්ගේ පටන් මුළු තරුණ පරපුරම පසුවෙන්ම මත් වතුර වලට ඇබ්බැහි වීමයි. එබැවින්, මෙවැනි දේ කිරීමට ප්‍රථම, දෙවරක් සිතන්නැයි ජනාධිපති ප්රමුඛ රජයෙන් ඉල්ලා සිටිමි.
විධායක ජනපති අපිට කියනවා මෙහෙම, ඔය තනතුර අපිට දෙන්න එක පැයෙන් ඕවා කරවන අය අල්ලා දඬු කඳේ ගහන්න. විධායක ජනපති අකාර්යක්ෂම වී ඇති බව කතාවෙන් නම් පැහැදිලියි.
ඒ කාලේ නම් සොඳුරු ගල් කාල හැරුනම මල් බෙහෙවින් භාවිතා වුනා විශ්වවිද්‍යාල තුල. හවසට අක්බාර් නේවාසිකාගාරයේ උඩට වී තරු දෙස බලා සිනහවෙන්න ඒ අය පුදුම කැමැත්තක් දැක්වුවා. අපි නම් මල් මත්ද්‍රව්‍යයක් ලෙස හැඳින්වුයේ නැහැ. නමුත් වෙනත් අස්වාභාවික මත් ද්‍රව්‍ය විශ්වවිද්‍යාලය තුලට එනවානම් එය භයානකයි.
ඇත්තටම ලංකාවේ තරුණ පරපුර ගැන ලොකු කණගාටුවක් ඇතිවෙනවා. කිසිම නිර්මාණශීලි හැකියා නෑ. උද්ඝෝෂණ කිව්වොත් වෙන දෙයක් ඕනෙම නෑ. ආවේගිශිලිව පාරවල්වල දඟලන්නේ මත්ද්‍රව්‍ය අරන්වත්ද?
රට තුලට මේවා ගෙන්වන ප්‍රධානීන් පෝරකයට යවලා බලන්න නවතින හැටි. නමුත් ඔබලා මේවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ නෑ.
පත්තරෙන් වෙන්නැති දැනගත්තේ. මෙයා වේදිකාවේ පම්පෝරිය විතරයි.
මේක උත්සවයකදී කථා කරන්න මාර්ථෘකාවක් පමණයි. එයින් ඔබ්බට කිසිම දෙයක් සිද්ධ වන්නේ නෑහෑ. කථාම කලා පමණයි. මත්වතුර, සිගරට් හා අනෙක් ද්‍රව්‍යයත් මේ අවුරුදු දෙකහමාරටම කථා කලා විතරයී. නිවාරණ ආයතනත් එහෙමයි - කරණ දෙයක් නෑහෑ. ටික කාලයටකට සෑරයක් සම්මන්ත්රණ තීයනවා. ලොකු ලොකු තනතුරු හොබවන අය ඈවිත් ලොකු ලොකු කථා කියල යනවා. දත්ත පෙන්වනවා. එච්චරයි.
මට හිතුන. මේ කට්ටිය මහ පාරවල දඟලන හැටි දැක්කම.
පුලුවන්නම් වහ ටිකක් බෙදාහරින්න
සමාවෙන්න මෙහෙම කීවට....මේවා නිකන් කාලේ නාස්ති කරන ප්‍රකාශ.... අපිව අන්දන්ට කියන කතා. ජනාදිපති තුමනි, අර හිරේ දාල අපේ සල්ලි වලින් කන්ට අඳින්න දෙන කුඩු නූර්,පොට්ට නවුෆර්, වගේ කුඩු ඔස්තාර්ලා, එකෙක් දෙන්නෙක් එල්ලලා හෝ විදුලි සර කවල හෝ මරා දමන්න බලන්න ඕව ඉබේම නවතින හැටි. ඇයි මේ කතා අපට කියන්නේ... අපි ඡන්දෙ දීලා පාලකයෝ පත් කලේ ඕව අහ අහා ඉන්නද.?
විධායක ජනපති පත්කළේ අපිට කියා කියා ඉන්න නෙමෙයි, අවශ්‍ය වෙලාවට නිවැරදි තීරණ අරගෙන රටට යහපත් දේ කරන්න.
එර්දි, පාරවල් වල දඟලන අය කෙසේ වෙතත් , මෙතනට ඇවිත් උන්මත්තකයෝ වගේ අදහස් දාන උදවිය නම් මොනාහරි අරන් ඇති බව පේනවා.
ඔව් ඉතින් ! සතොසෙන් ගෙන්නුවාට බෙදා හරින්න වැඩපිළිවෙලක් සකස් කරලා නැහැනේ ඔබතුමාගේ ඇමති තුමාලා.
ජනාදි පති තුමනි ඔබ මොනවද මේ කියන්නේ ඔබ ජනපතිබව අමතක උනාද ඔබත් ඔහොම කියල ඇග බෙරගන්නවනම් අපි මොනවකරන්නද සියලු ආරක්ෂක බලතල ඔබ යටතේ තියෙද්දී.?
ඔය නිකම් රටේ විසඳිය යුතු ප්‍රශ්න විසඳන්න බැහැ ඒවාට කෙලින් හිට ගන්න ඕන.
කුඩු මුදලාලියා යැයි සැක කරන අයට දේශපාලන ක්ෂේත්රයේ ලොකු තැන් නොදී හිටිය නං නේද හොඳ ?
කුඩු ගෙන අය අල්ලන බැරිද?
ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍ය විරෝධී කතාව නියමෙටම කට්ටියට දැනිලා තියෙනවා.
කුඩු කාරයො වද කරන්නෙ කොහොමද? එක්කෝ පොලිසියෙන් එනකොට ගිහින් බදා ගනීවි. නැත්නම් එන්න කියල ආසන සංවිධායක කම දේවි. හේතුව නම් ජනතාව දෙන්නෙ ඡන්ද විතරයි. අනිත් හැම වියදමක්ම දරන්න කවුරැ හරි එපැයි .
ඔබතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සේනාධිනායකයා. එහෙම මත්ද්‍රව්‍ය බෙදාහරිනවා කියල දන්නවනම් ඔබතුම ඊට විරුද්දව කටයුතු නොකරන්නේ ඇයි? සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපිමද එකත් කරන්න ඕනි?
2005 ට කලින් යුධ සමයේදී දේශපාලකයන් මේ වගේ එක එක කතා කියෙව්වා නමුත් යුද්දේ ඉවරකලේ කොහොමද? ඒ වගේ මේ කුඩු මත්ද්‍රව්‍ය ඉවර කරන්න අපේ රට දුපතක් නේ උවමනාව තියෙනවනම් කරන්න පුළුවන් ඔබ තුමාගේ ප්‍රකාශ වල නැහැ මේවගේ දේවල් නවත්වන්න උපාය මාර්ග. පාවිච්චිය තියෙන්නේ සැපයුම තිබුනොත් පමණයි.........
මේ වගේ පුද්ගලයෙක් මොකට ජනාධිපති වුණාද?