රාජගිරිය කලපලුවාව අඹගහ හන්දියේදී සරසවි සිසුවකු පැදවු ඩිපෙන්ඩර් රියකට හැපී පාසල් සිසුවකු (17) හා සිසුවියක (15) තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කැර ඇතැයි බව වැලිකඩ පොලීසිය කියයි.
සිසුන් දෙදෙනා බස් නැවතුමේ සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මැතිවරණ ප්‍රතිපලයක්(නදී)
ඔය ඩිෆෙන්ඩර පදවන්නේ සාමාන්‍ය පවුල් වල අය නොවේ. (ර)
මොනවද මේ කතා ? (නදී)
දෙවියනේ මොකද අපිට වෙලා තියෙන්නේ ඇත්ත හංගන්න හංගන්න අපරාද වැඩි වෙනවා. සල්මන් ඛාන් ගිය රිය පෙරහැරේදී ලු නේද මේක උනේ පොලිසිය මිට වැඩිය වැදගත් විදිහට වැඩ කලොත් නේද හොඳ. අපරාද කාරයෝ ආරක්ෂා කරන්නේ පොලිසියමනේ.. (නදී)
රුවන් කියන්න හදන දේ කියන්න බයද? අපිට හිතෙන්නේ එ්ක පොලිසියේ කවුරුවත් එලෙව්වද කියලයි. . (නදී)
ඩිෆෙන්ඩරයක් අයිති අහිංසක සරසවි සිසුවෙක්!!! (නි)
ඇයි සත්‍ය වසන්කිරීමට සමහරු උත්සාහ දරන්නේ? (නි)
ඔන්න ඕකනේ අපි හැමදාම කියන්නේ (නි)
ඩිපෙන්ඩර් රිය පැදවූ සිසුවා අත්අඩංගුවට ගත්තේ නැද්ද? ඔහුට රියදුරු බලපත්‍රයවත් තිබුනාද? (නි)
අනේ දෙවියනේ! (නි)
අපි දැක්කා සිරිසේනගේ දැන්වීම් වලත් ඩිෆෙන්ඩර් තියෙනවා . (නදී)
දැන් ඩිෆෙන්ඩර් තියෙන සාමාන්‍ය අය ඕනේ තරම් ඉන්නවා. නමුත් හැමෝම එ්වල යන්නේ අමුතු උණකින්. එ්කට වග කියන්න ඕනේ ඒවා පාවිච්චි කරන දේශපලුවොම තමයි. මම දන්නා අය ඉන්නවා පරණ ඩිෆෙන්ඩර් වල චැසි නොම්මර වලට අලුත් ඒවා ලියාපදිංචි කරපු අය. මේ ලඟදි මම පාරේදී දැක්ක අලුත්ම එකක්. එ්කේ ලියාපදිංචි අංකය අයත් වන්නේ 32 කාණ්ඩයට. මේ හැමෝම එම රථ වල පොලිසියට සමාන ලයිට් සවි කරගෙන ඒවා දාගෙන අනෙකුත් වාහන වලට වැරදි පණිවිඩයක් දීගෙන තමා යන්නේ. මේ සම්බන්ධව පොලිසිය වගකීමෙන් කටයුතු කල යුතු බවයි මම නම් හිතන්නේ. (නදී)
දෙයියෝ සාක්කි . (නදී)
මෙම "ඩිපෙන්ඩර්" රථය ගුවන් සේවා අමාත්‍යංශයට අයිති එකක්ද? (බ)
මේවායේ ඇත්ත නැත්ත දන්නෝ දනිති. (නදී)
එතකොට මුවා මැරූ සලමන් කාන් ලංකාවෙ කැම්පස් යනවද ? (නදී)
දැන් ලංකාවේ හැම ගෙදරකම පාහේ ලම්බෝගිනියක් ඩිෆෙන්ඩරයක් තියෙනවා සල්ගාදු. (නදී)
අපි පතන්නේ අර දරුවන්ට ඉක්මන් සුවය. ! (හේ)
වැලිකඩ පොලිසිය වගකීමෙන්ද මේ මාධ්‍යට මෙහෙම කියන්නේ ?(දිල්)
දැන් මොකද මේ වැලිකඩ පොලිසිය මේ ගැන විශේෂයෙන් මැදිහත් වෙන්නේ ? රාජගිරියේ සිද්ධ වුන පලවෙනි රිය අනතුර මේක නෙවෙයි නේද ? මෙතන යම් දෙයක් තිබෙනවා වගේ. (නදී)