ශ්‍රී ලංකාවේ සරසවි අධ්‍යාපනය ලබන පිරිස වැඩි කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වන පිරිස වාර්ශිකව 5% බැගින් වැඩි කිරීමටත් එසේ ඇතුලත් වන පිරිසට සරිලන ලෙස යටිතල පහසුකම් සැලසීමට 2016 වසරේ වෙන් කර ඇති රුපියල් මිලියන 1369 ක ප්‍රතිපාදන යොදාගනිමින් එම වැඩකටයුතු ආරම්භ කිරීමට කැබිනට් අනුමාතිය ලැබී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව,යාපනය, කැලණිය, කොලඹ, පේරාදෙණිය යන විශ්ව විද්‍යාල වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ඌව වෙල්ලස්ස, සබරගමුව හා අග්නිදිග යන සරසවි වල තාක්සණ විද්‍යාපීඨ ආරම්භ කිරීම මේ යටතේ සිදු කැරෙයි.
2017 හා2018 වර්ෂ සඳහා මුදල් ප්‍රතිපාදන මහාභාණ්ඩාගාරයෙන් වෙන් කර ගැනීමට ද අනුමැතිය ලැබී ඇත.
COMMENTS
යටිතල පහසුකම් කොහොම වෙතත් වීදි සටන් වදින කොල්ලන් හා කෙල්ලන්ට හොඳට සංග්‍රහ කරාවි. කඳුළු ගෑස් වලින් ඇස් දැවිල්ල හැදිලා වේදනා විඳින අයට ඇස් හෝදගන්න පොලිසියේ මහත්වරු වතුර ඉහින හැටි අපට පේනවනේ (නි)
ඒ වගේම ලකුණු ස්වල්පයකින් විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලැබීමට නොහැකි වූ අයටත් විකල්ප සැපයීමට වැඩකටයුතු අාරම්භ කරන්න. (නි)
සත්‍යා, මොනවා කළත් හරහටම කතාකරන්න එපා (නි)
සරසවි ගැන මෙතන තියෙන සමහර අදහස් තමන්ගේ දරුවෙක්වත් සරසවි නොගිය අයගේ වගේ පෙනෙන්නෙ. (නි)
ඇත්තටම සත්‍ය නිකන් අද ඊයේ ඉපදුන කෙනෙක් වගේනේ කතා කරන්නේ. (නි)
සරසවි සියළු දෙයින් අංගසම්පූර්ණ කළත් විරෝධතා නම් නැතිවෙන්නෙ නැහැ. ඒව නැතිවුණොත් එයාල මෙහෙයවන අයට කිසි ගතියක් නැහැනෙ (නි)
ඇමැතිවරුන්ගේ වාහන ගෙන්වන්න වියදම් කරන සල්ලි ටික විශ්ව විද්‍යාල වලට යෙදෙව්වා නම් සෑහෙන ප්‍රශ්න තොගයක් විසඳාගන්න පුළුවන්. ඇයි එහෙමෙ නොකරන්නේ. (ම)
ලංකාව වගේ රටකට සරසවි වැඩක් නැහැ. පිදුරු මඩු ටිකකුයි පුන්නක්කු දන්සල් ටිකකුයි තියලා තව තව මැතිවරණ වැඩි කළා නම් හරි. (නි)
රජරට සරසවියට ඔක්කොම පහසුකම් තියෙනවා වගේ පේන්නෙ. ඒකනෙ ප්‍රතිපාදන වෙන්වෙලා නැත්තේ.... (නි)