2016-07-01-ent-112

සිරස රූපවාහිනිය මගින් සංවිධානය කරන ‘‘සිරස සුපර් ස්ටාර්’’ රියැලිටි සංගීත තරගාවලියේ අවසන් මහ තරගය මෙම මස 9 වැනි දින පස්වරු 7.30ට රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වේ.

මෙම තීරණාත්මක රාත‍්‍රිය එදින සජීවී ලෙස සිරස රූපවාහිනියෙන් විකාශය කෙරේ. මෙවර ‘‘සිරස සුපර් ස්ටාර්’’ 7 වැනි අදියරේ අවසන් තරගයට තරගකරුවන් දෙදෙනෙක් හා තරගකාරියන් දෙදෙනෙක් තේරී පත්ව සිටිති.

ඒ අනුව ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන දැනට නාට්‍ය හා රංග කලා ගුරුවරියක ලෙස සේවය කරන භාෂි මධුභාෂිණී, රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ විද්‍යාර්ථියකු වන නෙල්කා, කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි සිසුවකු වන නිලාන් හා විදුර විද්‍යාලයේ ආදි සිසුවකු වන පියත් රාජපක්ෂ අවසන් වටයේදී තරග වදිති.

‘‘සිරස සුපර් ස්ටාර්’’ 7 වැනි අදියරේ කිරුළ කාටද? තීරණය 9 වැනිදා ජනතා මනාපයෙන් එළිදකී.

 

2016-07-01-ent-113