(නිමල් ජයරත්න සහ සරත් නිශ්ශංක )

දිඹුලාගල සොරිවිල වැවේ පිටවාන අසල සඟවා තිබු ටී 56 ගිනි අවියක්  අද(21) දහවල් සොයාගැනීමට හැකිවූ බව මනම්පිටිය පොලිසිය කියයි.
 
මෙම අවිය සොයාගන්නා විට මළ බැඳ තිබූ බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී. ආරියරත්න මහතා අප කළ විමසීමක දී පැවසීය.  

මෙම අවිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සමයේ, කොන්ක්‍රීට් පතුලේ සඟවන්නට ඇති බවට සැකකරන බවත්, එම අවිය පිළිබඳ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවද මනම්පිටිය පොලිසිය කියයි.