මුංහේනේ මෙත්තාරාම හිමියෝ සේරුවිල මංගල රජමහා විහාරයේ නව විහාරාධිපති ලෙස පත් කරනු ලැබ සිටිති.
අපවත්වී වදාළ සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වන මෙත්තාරාම හිමියෝ කැලණිය විශ්ව විද්‍යාලයේ කථීකාචාර්යවරයෙකි. දොඩම්පහළ චන්ද්‍රසිරි අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහ නායක හිමියන් පසුගිය දෙවැනිදා එම පත්වීම කළ බවත් එම පත්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් පිළිගන්නා ලද බවත් දායක සභාවේ සභාවේ කේ.ඒ.කුමාර මහතා කියයි.
සේරුවිල රජමහා විහාරයේ දඹගස්ආරේ සුමේධංකර විහාරාධිපතින්වහන්සේගෙන් පසුව තෙවැනි විහාරාධිපති ලෙස පත්වූ මෙත්තාරාම හිමියන් ලබන බදාදා කොළඹ සිට සේරුවිලට වැඩම කිරීමට නියමිතය. කන්තලේ සිට රථ පෙරහරකින් විහාරස්ථානයට වැඩම කරවාගෙන යන ඒ හිමියෝ මහා සෑ රදුන් අභියස පවත්වන වතාවත්වලින් පසුව විහාරාධිපති පදවියේ වැඩ ඇරඹීමට නියමිතය.
මෙත්තාරාම හිමියෝ 1972 දී පැවිදි දිවියට පත්වන මෙත්තාරාම හිමියෝ පෑලියගොඩ විද්‍යාලංකාරය, හුණුපිටිය ගංගාරාමය යන පිරිවෙන්වලින් අධ්‍යාපනය හදාරා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කාරුණික හිමි නමක්. මා ඉසිපතන සිසුවෙකුව සිටි කාලයේදී. ශිෂ්‍යන්ගේ අද්යාපනය වෙනුවෙන් ඉතාමත් හොදින් කැප ව වැඩ කටුතු කල හිමි නමක්. එසේම අප පංතියේ 6 ශ්‍රේණියේ සිටි අකුරු කියවෙමට සහ ලිවීමට නොහැකිව සිටි සිසුවෙක් ඉතාමත් දක්ෂ ලෙස නිසි මගට යොමු කරන ලදී. අද එම සිසුවා ශ්‍රී ලංකාවේ ප්‍රසිද සමාගම් විධායක නිළදාරියෙක්. (ර)
උතුම් පුජා භූමියත් උතුම් පැවිදි ජීවිතයත් වටිනා දායකයනුත් රැකගැනිමට වාසනාව ලැබේවා! (ර)